Wednesday, March 31, 2010

නොගැලෙපෙන කතාව- 8 කොටස


ඔක්කම කලමනා ටික ලැස්තී කර ගෙන මායි ප්‍රදීපුයි මාතර යන්න ලැස්තී වුනා..
අම්මටයි තාත්තටයි වැදලා.......අපි ගෙදරින් පිටත් වුනා........
"පරිස්සමින් යන්න පුතේ වැව් වල එහෙම නාන්න යන්න එපා"..........අම්මා මට මගින් මගටම කීවා...........අපි බම්බලපිටිය හංදියෙන් මාතර බස් එකක් අර ගත්තා.........එච්චර සෙනග හිටියේ නෑ...අන්තිම සීට් එකේ වාඩි වෙලා මෙන්ටොස් එකකුත් කටේ දාගෙන මං පාර දිහා බලාගෙන කල්පනා කරකර ගියා......කිසිම වගකීම නැතුව නිදහසේ මේ වගේ ගමනක් යනකොට පුදුම සැහල්ලුවක් හිතට දැනෙන්නේ.........මං පබාට තැගී දෙන්න රූපියල්දෙදහකට ෆොන් එකකුත් ගත්තා....නැත්තනම් ඒකී මට කතා කරන්නේ කොයින් බොක්ස් වලින් නේ....... ඒකී මට පැලෙන්න ආදෙරෙයි.......මාත් එයාට ඇත්තටම ආදරෙයිද?...... නැත්තනම් මේක කොලු කමට කරන ලව් එකක්ද?......මට ඒකට හරි උත්තරයක් හොයගන්න බැරි වුනා.....දන්නෙම නැතුව අපි ගොඩක් දුරඇවිල්ලා බස් එක තේ බොන්න නැවත්තුවා....අම්බලංගොඩ හරියේ කඩෙකින්........අපි දෙන්න ත්ගිහින්......බිත්තර රොටියක් කාලා කොකා කොලා එකක් බීවා.....බිත්තර රොටිය නම් දවස් ගානකට කලින් පුරුදු වෙන්න හදපු එකක්ද කොහෙද............කොහම හරි බස් එක ආපහු ගමන් පටන්ගත්තා.....සුනාමියේ නටබුන් දිහා
බලා ගෙන යද්දී පුදුම මූසල හැගීමක් හිතට දැනෙන් නේ....තාම සුනාමිය ඇවිත් ගිහින් වැඩි දවසක් නැති හිංදා බස් එකේ හැමොම බිය මුසු බැල්මකින් මුහුද දිහා බලාගෙන යන්නේ ඒක නිස වෙන්න ඇති.....මට නම් ඒක එච්චර ගානක් වුනේ නෑ......බලපිටිය හරියෙදි මගේ එහා පැත්තේ හිටපු ප්‍රදීප් පොඩ්ඩක් එහෙටමෙහෙට දගලන්න ගත්තා......
"මොකද බං ටිපි ටිප් කාපු කුකුලා වගේ දගලන්නේ"
"නෑ සුදු මහත්තයා පොඩි සීන් එකකට එන්ටර් වේගන යන්නේ" මං කොච්චර එපා කීවත් ප්‍රදීප් මතකතා කරන්නේනෙම සුදු මහත්තයා කියලා....... මං ඉතින්බොස් ගෙ පුතානේ
"මොකද්ද බන් සීන් එක උබට බොකක් වත් සෙට් වෙලාද.......පිස්සු නම් කෙලින්න හදන්න එපා බස් එකේ......සුනාමි ආවට වඩා හපන් හරිද"
"නෑ නෑ අර අතන ඉන්න කෙල්ල පොඩ්ඩක් මීටර් වේගන එන්නේ වගේ මං දිහා බලනවා"
අනේ මේ පැනි අබලයා ඇබරෙන්නේ 2 ක වසරේ කොල්ලෙක් හනීමුන් ගියා වගෙනේ
"අම්මට සිරි කැල්ලනම් හොදයි වගේ යාලුවෙක් එක්ක නේද ඉන්නේ ...............හිටපන් අපි කතාකරලා සීට් එක දෙමු......."
ප්‍රදීපයා ලැජ්ජවේ ඇබෙරනවා මං ඌව ජනේලේ ලග සීට් එකට දාලා ටික වෙලාවකින් අපිට ටිකක් ඇතින් හිටපු ඒ කෙල්ලො දෙන්නට කතා කරා ඉදගන්න එන්න කියලා..... එතකොට මං ලගම හිටගෙන හිටපු අංකල් මං දිහා කන්න වගේ බැලුවා........මොනා කරන්නද අංකල් පෙර කරපු පවකට.....ඩිකියයි බොනට් එකයි මොඩිෆයි කරලා තියන මේ වගේ ගැනු දැරුවෙක් වුනා නම් අංකල්ටත් යස අගේට ඉදගෙන යන්න තිබ්බා......මං හිතින් එහෙම කීවත් වචන පිට වුන් නෑ............බබා නලලා ප්‍රින්ට් කරලා තිබිලද කොහෙද ගෑනු ලමයි දෙන්නා පොඩ්ඩක් ඇබරි ඇබරිම ලගට අවා...... ප්‍රදීප් ගේ ග්‍රහයා වාඩි වුනා මෑන්ස් ලගම ...............පොරට පට්ට හැපී සං‍තෝසේ පිටාර ගලනවා හෝ ගාලා............ඊට පස්සේ ඉතින් මිනිහා පෙරපු පැනි ‍තෝගේ එකතු කරා නම් මී මැස්සන්ට විකුනලාම ගොඩ යන්න තිබ්බා.......

ඒත මෑන් පැනී පෙරනවා විතරයි කතා කරන්නෑ.........පොඩ්ඩක් කෙල්ල දිහා බලනවා මොනාද කියන්න හදනවා ආපහු අහක බල ගන්නවා..මෙහම බලන් ඉදලා හරි යන් නෑ කියලා මට හිතුනා.......මට එහා පැත්තෙන් හිටගෙන හිටපු කෙල්ලත් මොකකට හරි එනවා කියලා මගේ ඇන්ටනාවට නිකං ලාවට වගේ අහු වුනා......ඒත් පොඩි කොස්ස්කට තියෙන්නේ එයාට අවුරුදු 24ක් 25ක් පේනවා ඒ වුනාට..........ඇහට කනට පේන.......අතට පයට අහුවෙන ගැජට් තියෙන කෙල්ල
ඔයාලා කොහෙටද යන්නේ........." ස්ටාර්ට් වෙන ඇන්ගිමක් වගේ හීමීට මම ඇහුවා ඒ කෙල්ලගෙන්"
"අපි මාතර යන්නේ" ආන්සර් එක ගින්දර වගේ පොසිටිව් හිංදා මගේ හිතේ තිබ්බ චකිතය එහෙහම වාස්ප වෙලා ගියා
"මාතර යන්නේ ඇයි ගෙවල් එහෙද..........?"
"මොකටද අහන්නේ" මාව පිච්චිලා යන විදියේ සෙක්සි ලුක් එකකුත් දාලා මේකි කීවනේ මට පිස්සු හැදිලා ආපුහු හැදුනා....මේ මොකද්ද වෙන්න යන්නේ....ඒ පාර මල්සරා හේඩ් ශොට් එකක්ම දීලද කොහෙද......මාත් ෆුල් ඩම් එක දාලා ගැම්ම අරගෙන මන් උත්තර දෙනවා
"අවොත් මොනවද දෙන්නේ.............."
"ඉල්ලන දෙයක් දෙන්නම්........."
"කියන විදියට බයත් හිතෙනවනේ........."
"අපි මාතර යන්නේ කලාස් එකකට.........බැංකිං එක්සැම් එකකට........"
"එලනේ.........බැංකුවට ගියාම අපිටත් ලොන් පාරක් දා ගත් තැකි නේද..."
"දෙන්නම් දෙන්නම්........ඒක නෙම අච්චර දුර හිටපු අපිට කතා කරලා ශිට් දුන්නේ ඇයි..........."
"අපි ශිට් දුන්නේ ඔයාලා පව් හිංදා එපා නම් ඉතින් නැගිටලා යන්න" මාත් පොඩ්ඩක් ගනන් උස්සලා දුන්නා මේ දවස් වල හැම දේම ගනන් නේ
"තැන්ක්ස් තැන්ක්ස් අපි ඉතින් හැම දාම හිට ගෙන තමා යන්නේ සෙනසුරදායි ඉරිදයි දෙකෙම ක්ලාස් යනවනේ......."
"එහෙමද එල එල ................" අපි දෙන්න කතා කරන්න ගත්තාම ප්‍රදිපුත් වැඩේ කොහම හරි ගොඩ දාගෙන කෙල්ලත් එක්ක හෝ ගාලා චැට දාගෙන යනවා......අපි සැහෙන දේවල් කතා කර කරම මාතරට ආවා....එයාගේ නම ඉදුනිල් අවුරුදු 24 යි............හයි ස්පිඩ් ස්පොර්ට් කාර් එකක් කියලා මට කතා කරපු ටිකෙන් තේරුනා කොහම හරි අපි ෆොන් නම්බර්ස් පවා හුවමාරු කරගත්තා.....අපි මාතරින් බැහලා එයාලටත් ටාටා බායි කියලා ප්‍රදීප් ලගේ ගෙදර ගියා.............
ප්‍රදීප් ලගේ ගෙදරුනුයි සැහෙන සැලකිලි මට .........මම වොශ් එකක් එහෙම දාල ෆුල් ‍ෆ්‍රී එකේ පබා ගෙන් කොල් එක එනකම් බලන් ඉද්දි...මගේ ෆොන් එක රිංග් වුනා
"හෙලේ KK අයියේ කොහෙද ඉන්නේ"
"මං ප්‍රදීප් ලගේ ගෙදර ඉන්නේ ඔයා හෙට එනවා නේද කීයටද එන්නේ"
"ක්ලාස් එක පටන් ගන්නේ උදේ 9ට 3 වෙනකම් තියනවා......මාව මාම ඇවිල්ලා ක්ලාස් එක ගාවට දානවා "
"එතකොට කොහමද අපි හම්බ වෙන්නේ"
"ඔයා ක්ලාස් එක ගාවට එන්න මම පිටි පස්සෙ ගෙට්‍ටුවෙන් එලියට එන්නම්.........හැබයි ඒ හරියෙනම් ඉන්න බෑ අයියේ...... ඔක්කෝම මාව දන්නවා"
"එහෙනම් කොහෙද යන්නේ නංගි මං ප්‍රදීප් එක්ක කතා කරලා තැනක් හොයා ගන්නම් ඔයාව ක්ලාස් ඉවර වෙන වෙලාවට ක්ලාස් එක ලගට ගෙනත් දාන්නම් හොදද........."
"හරි කවුරුත් නැති තැනකට යමු අයියේ........හැබයි පොරොන්දු වෙන්න මාව පරිස්සමට ආපහු ඇරලවනවා කියලා"
"මං පොරොන්දු වෙන්නම් නංගි ඔයාට මාව විශ්වාසයි නේද?"
"මට ඔයාව විශ්වාසයි අයියේ මගේ ජිවිතේටත් වඩා.....එහෙනම් හෙට උදේ 9මයට එන්න ක්ලාස් එක ලගට මම තියන්නම් පරිස්සමට එන්න රත්තරන්......"
"හරි නංගි පරිස්සමට එන්න බුදු සරනයි...."
මං ෆොන් එක තියලා ගොඩක් වෙලා කල්පනා කරා හෙට කොහෙද යන්නේ කියලා ....ඊට පස්සෙ ප්‍රදීප් ව හොයද්දී මිනිහත් අද සෙට් වුන කැල්ලත් එක්ක මලක් කඩනව............. ඒක කඩලා ඉවර වෙනකම් ඉදලා මන් මිනිහට විස්තරේ කීවා
"මේ පැත්තේ කොලබ වගේ ඇවිදින්න තැන් නෑ සුදු මහත්තයා......."
"එහෙම කියලා බැ බන්..........මොකක් හරි කරපන්කෝ"
"එහෙනම් මෙහෙම කරමු මගේ යාලුවෙක්ගේ ගෙයක් තියනවා එහේ කවුරුත් නෑ...... එහේ එක්කන් යන්න....අපේ අයියගේ ත්‍රිවීල් එකේ එක්ක එමු."
ටිකක් වෙලා කල්පනා කරලා වෙන කරන්න දෙයක් නැති හිංදා මං ඒකට කැමති වුනා........එයා මං කියන ඕනී තැනකට එයි.......ඒත් මං එයාට වුන පොරොන්දුව.........නෑ එහෙම වෙන්න දෙන් නෑ මං.......හිතින් හිතා ගත්තා මං........ඒ අස්සේ ප්‍රදීප් ගේ වැඩෙත් හරි ගිහින්.......එයත් හෙට එන්න කීවලු මාතර ටවුන් එකට හම්බ වෙන්න............
මං නිදා ගද්දී ‍රැ 3ටත් කිට්‍ටුයි....... ෆොන් එක දිහා ආපහු පාරක් බලද්දී ..........අද බස් එකේදි හම්බ වුන ඉදුනිල් ගෙනුත් මිස් කොල් තිබ්බා........වැඩක් නෑ මම පබාට විතරයි ආදරේ වෙන අය මට ඕනී නෑ..............හෙට මොකක් වෙයිද............මාස ගානකට පස්සේ මං පබාව හම්බ වෙන්නේ

මතු සම්බන්ධයි...........

Sunday, March 28, 2010

නොගැලෙපෙන කතාව- 7 කොටස


" පුතාලා බැහලා අයිඩෙන්ටි එක ගන්න බලන්න"

" අංකල්ට මොන අයිඩෙන්ටි එකද ඕනී" අපෙ එකෙක් වැනී වැනී අහපු විදියටම රාලහාමි අංකල්ට මල පැන්නා"

"උබලට අයිඩින්ටි හැටක් තියනවද යකෝ....ගනින් උබලගේ ජාතික් හැදුනම්පත"

මට තේරුනා දැන් වැඩේ හරි යන් නෑ කියලා..........මං ශේප් එකේ අංකල් ලගට ගිහින් අඩන්න පටන් ගත්තා....

"අංකල් අපි මේ යාලුවෙක්ගේ පාර්ටියකට ගිහින් එන ගමන් අරයා පොඩ්ඩක් බියර් වීදුරුවක් බීලා පොඩ්ඩක් වැඩි වෙලා............"

"මුංගේ වයසේ හැටියටද වැඩ..........අද කට්ටියම දානවා ඇතුලට උදේට අම්මලා තාත්තලා ඇවිත් එක්ක යයිනේ................."

"අපේ ගෙදරින් නම් එන් නෑ සුවර්..... තාත්තාට මාව එපා වෙලා තියෙන්නේ....හැම දාම කියනවා "මේ ගොන් නාම්බව ගෙදරින් එලියට දැම්මොත් හැදෙයි ලු".......කුලයටත් කට වහගෙන ඉන්න බැරුවට .......අංකල්ට 94000 මල පැනලා.....

අස්සේ එතන හිටපු වෙන පොලිස් අංකල් කෙනෙක් අපි ලගට ආවා.......

"පුතාව හොදට දැකලා පුරුදුයි.....ඔය ලමයා මේ ලගද"

හුටා කෙලවෙන්නයි යන්නේ.....අපේ කඩෙන් කැම කන්න එන පොරක් .......මාව අදුරගෙන අපේ තාත්තට එහෙම කීවොත් අද ගෙදර ගිහිල්ල ඉවරයි..........

මම නෑ කියන්න හදනකොටම

" ඔව් අංකල් අර අතන හොටලේ මුදලාලිගේ පුතානේ මේ ඉන්නේ.....බලන්නකෝ මූන තාත්තා වගේමයි නේද...."මෙන්න අපේ එකෙක් පැනපු ගමන් කියපි.............ශිකේ මේ හරක් පැටව් එක්ක මුකුත් කරන්න බැරි......හෙට ඉදලා උබලද යකෝ මට කන්න දෙන්නේ......

අපේ තාත්තා ගැන දැන ගත්ත ගමන් පොලිස් අංකල් පොඩ්ඩක් සැරෙන්ඩර් වුනා.......මොකද මම වගේ නෙමෙනේ අපේ තාත්තා නම ගම තියාගෙන.........වැදගත් විදියට ඉන්න මනුස්සයනේ......

"චිකේ මුදලාලිගේ පුතා කියලා කියන්නත් ලැජ්ජයි.........ඔහමද ලමයා හැදෙන්නේ ........" අංකල් මට නක්කලේ දානවා.........අපේ එවුන් මට හිනා වෙනවා හෝ ගාලා................මට උන්ව මරාගෙන කන තරමටම මල පැනලා......ඒත් මන් නරි මස් කන් නැති හිංදා නිකං හිටියා........

"හරි හරි දැන් එහෙනම් යනවලා ගෙවල් වලට.........මීට පස්සෙවත් තමන්ගේ වයසේ හැටියට වැඩ කරන්න ඉගනගන්නවලා........" අපි මේ ආතල් එකේ ඉන්න වෙලාවට අංකල් තව බන කියන්නත් එනවා

"අංකල් අපේ තාත්තර කියන්න එපා අංකල්.....මාව ගෙදරින් පන්නයි..."

"හරි හරි මං කියන් නෑ දැන් යනවලා............."

කොහම හරි පොලීසියවත් ගොඩින් ශේප් කරගත්ත අපි.....ගොල් ෆේස් එකට ගියා..........

ගෝල් ෆේස් එකට අපි සෙට් එක ගිහින් ඉද ගත්තා විතරයි......මගේ ෆොන් එක රිංග් වුනා.කවුද මේ මහ රෑ කොල් කරන්නේ.......මං නම්මරේ බැලුවා මාතර නොම්මරයක්....මං ඕන දෙයක් ප්‍රිතී වෙසක් කියලා හිතාගෙන ආන්සකරා

"හෙලෝ KK අයියේ"

මාව උඩ ගිහින් බිම වැටුනා හැමදාම මාව අතරමං කරන සෙක්සි වොයිස් එක පබා

"පබා නංගි මොකද වුනේ....කොහෙන්ද මේ මහ රෑ කතා කරන්නේ"

"ගොඩක් දේවල් වුනා අයියෙ......මං දැන් ඉන්නෙ මාතර ආච්චිලගේ ගෙදර බොහම අමරුවෙන් මහ රෑ නැගිටලා ඔයාට කොල් කරන්නේ..........ඔයාට කොහමද........?

"මං හොදින් පබා..ඔයාව ගොඩක් මතක් වෙනවා.....ඔයා කොයි වෙලාවේ හරි කොල් කරයි කියලා බලන් හිටියේ"

"මං දන්නවා රත්තරන්...........මටත් මතක් වෙනවා"

"ඔයාලගේ තාත්තා ඔයාව ලෝකේ වටේ කොහෙට අරන් ගියත් මං ඔයා ලගට එනවා ඇත්තමයි"

"මං ගැන හිතන්න එපා අයියේ ඔච්චර.............මාව අමතක කරන් නැතුව ඉන්නකො ඇති මට........දැන් එක්සැම් එකට පාඩම් කරන්වා නේද ඔයා..................."

" මේ ඔව් මේ දැනුත් පාඩම් කර කර හිටියේ නංගා......ඒත් ඔයාව මට මතක් වෙනවා.....පාඩම් කරන්න හිත දෙන්නෙම නෑ.........."

"එහෙම කරන්න එපා පාඩම් කරන්න අයියේ තව මාස දෙකයිනේ තියෙන්නේ......අයියේ දැන් ගෙදර කට්ටිය ඇහෙරෙයි මං තියනවා.....පස්සේ කතා කරන්නම් මං ඔයාට ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරනයි............."

"බුදු සරනයි ඔයත් පරිස්සමින් ඉන්න...............මාත් ඔයාට ආදෙරෙයි"

පබා ෆොන් එක කට් කරේ බොහොම හිමින් සද්දයක් වත් නැති වෙන්න......... වුනාට මගේ වෙරි ඔක්කම බැහලා..........මං හිටපු සුරංගනා ලොකෙන් බිමට වැටුනා O/L ගැන මතක් කරාම………….එ අස්සේ අපේ එවුන් දෙන්නා රන්ඩු වෙනවා උන්ගේ සෙරෙප්පු වලට.....බිම පෙරලගෙන ගහ ගන්නවා මට දැන් වෙරි බැහලා හිංදා......මං ගිහින් වලිය බේරූවා........විසදුමේ වුනේ.........සෙරෙප්පු කුට්ටම් දෙකෙන් එක ගානේ දෙන්නම දා ගත්තු එක..............කොහම හරි අයිස් ක්රිම කලා..........වෙරි බස්සගෙන අපි ගෙවල් වලට ගියා.......උදේ නැගිටලා බලනකොට අපි මැච් එකත් දිනලා..............ලාවට වගේ මතකයි ඊයේ රෑ කරපු විකාර ටික........ඒත් අන්තිමට හිත නතර වුනේ O/L Exam ලග දැන් පිස්සු කෙල කෙල ඉදලා හරි යන් නෑ කියලා තේරුනා..........පාඩම් කරන්න පටන් ගන්න ඕනී ඒත් කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන් නෑ...කිසිම නොට් එකක් නෑ මං ලග අඩු ගානේ අච්චූ පොත් ටිකවත් මං අරගෙන නෑ....10 වසරෙ ඉදලාම පිස්සූ කෙලියා මිසක...........කිසිම දෙයක් කරේ නෑ නේ.......... මං ගැනම ලොකු කේන්තියකින් හිත පිරුනා මොනවා කරන්නද මේකට විසදුමක් තියෙන්නත් එපයි.........මේ වගේ වෙලාවට මගේ පිහිටට ඉන්න මගේ බොක්කෙම ෆිට් එක ප්‍රබුද්ධධයි උගේ නිවුන් සහෝදරයා ප්‍රබොදවයි මතක් වුනා.........උන් දෙන්නට අඩලා අඩලා...........අපේ ගෙදර ගෙන්න ගත්තා පාඩම් කරන්න.......උන් දෙන්නා දන්න හැම දේම මට කියලා දුන්න..........මං පාඩම් කරෙත් උන්ගේ පොත් වලින්..........උන් දෙන්නා හොදට පාඩම් කරලා තිබ්බේ හිංදා අවුලක් වුන් නෑ..........විභාගේ ටික ටික ලං වුනා.................ඔය අතරින් පතර දවස් වල පබා මට කතා කරා......ඒකී නම් මට පැලෙන්න ආදෙරෙයි වගේ......ඒකිට මං හිංදා පොඩි කාලේ ඉදන් ගිය ස්කොලෙ නැති වුනා.......යාලුවො නැති වුනා.................එත් තාමත් මේකී මට ආදරෙයි............මට හිතා ගන්න බැ ඇයි කියලා.........

OL හොදට ඉවර වුනා.........යන්තමින් හරි පාස් වෙයි කියලා හිතුන හිංදා හිත හදා ගත්තා............Exam ඉවර වුන හිංදා මාත් අපේ කඩේ ගිහින් නතර වෙලා අම්මටයි තාත්තටයි උදව් කරා.....කඩේ වැඩ කර කර ඉන්නකොට අපේ කඩේ වැඩකරපු කොල්ලෙක්ෆිට් වුනෙ... මාතර පොරක් නම ප්‍රදීප්.....මිනිහා සැහෙන තාත්තගේ හිත දිනා ගෙන හිටියේ.............මං විස්තර හොයලා බලද්දී පබා දැන් ඉන්න පැත්තෙමයි ප්‍රදීප් ලගේ ගෙවල් තියෙන්නේත්.......මටත් ඉටිත් ඉහටත් උඩින් මගුල් මිනිහා මාසේ අන්තිමට ගමේ යන්න හදනකොට මාත් ඌත් එක්ක මාතර යන්න සෙට් වුනා පබාව බලන්න යන්න...........කඩේ හිටපු හිංදා මාටියා ගහපු සල්ලීත් තිබ්බා ඇති වෙන්න.....ඒත් යන්න හදන ගමන ගොඩක් දුර දිග යයි කියලා මං හීනෙකින් වත් හිතුවේ නෑ.

මතු සම්න්ධයි