Saturday, September 15, 2012

නොගැලෙපෙන කතාව- 10 කොටස


"හෙලෝ"

"ආ එන්න හිටපු යාළුවා ආවේ නෑලු නේද පව් වැඩේ කොල්ලට දුකද?"

"එව්වා ඔයාට වැඩක් නැනේ ඇයි ඔයා දුක්ගන්නා රාලද? "
හිතට ආපු දුකයි කේන්තියක් එක්ක අමුතු විදියට මගේ වචන පිටවෙන්නේ,

"ඕනි නම් මට දුක්ගන්නාරාළ වෙන්නත් පුළුවන්?"

"මට පාඩුවේ ඉන්න දෙන්න මට වැඩක් තියනවා" මං ෆෝන් ඒක කට් කරා ජිවිතෙන්ම පරාද වෙලා වගේ මුසල හැගීමක් හිතේ තියෙන්නේ සිගරට් එකක් බොන්න කියලා හිතා ගෙන මං කඩයක් ඇතුලට ගියා. ටික වෙලාවකින්  ෆෝන් එකට SMS අවා ?

oyage mokadda ane maha loku wade............mata num class eka boring appa....aparade apitath arayalath ekka yanna thibbe neda.......iduni

මෙයා මේ මොකටද එන්න හදන්නේ සුවර් එකට ප්‍රදීප් මෙයාට කතා කරලා කියන්න ඇති විස්තරේ.

mata mokuth wadak na....mama mood out hitiyee.......class eka boring num gedara yannako ithin..... මගේ කේන්තිය ටිකක් අඩු කරගෙන  මැසේජ් එකට රිප්ලයි කරා ,

අනිත් පැත්තට රිප්ලයි එකත් ආවා

gedara yanna oni num oyaata kia kia innawada moodayooo...man oyage mood eka fix karannam.....api ude hitapu thanatama enna puluwanda?

මම දෙලොවක් අතර තනි වුනා පබා එනවා කියලා ආවෙත් නෑ හිතත් හොදටම රිදිලා මම මෙසෙජ් එකක් ගැහුවා එන්නම් කියලා ඒත් යනවද නැද්ද කියලා තාම හිතනවා කමක් නෑ මම යනවා අඩු ගානේ මේ මගේ හිත රිදෙන එකවත් අඩු වෙයිනේ මම එතන්ට යනකොට ඉදුනිල් හිනා වෙවි ඉන්නවා මේකී කලු වුනාට මාර ලස්සනයි මාර සෙක්සි පිස්සු හැදෙනවා


"අපෝ මෙයා මාර කොල්ලෙක් තමා මෙයාගේ මාර ගෑස්නේ"

"එහෙම එකක් නෑ හලෝ මං කීවනේ මුඩ් අවුට් කියලා"

"හරි හරි මොකද්ද ඉතින් මුඩ් යන්න තරම් වුන ප්‍රශ්නේ .....කියන්නකො බලන්න"

"ඒක කීවට වැඩක් නෑ ඔයාට මොකුත් කරන්න බෑ"
"හරි හරි කියන්න බැරි නම් නොකියා ඉන්න මට මෙතන ඉන්න බෑ අනේ ඔක්කොම අපි දිහා
බලනවා..යන්කෝ කොහේ හරි."

"බලන අය බලපු දෙන් හලෝ බැලුවා කියලා මොකද වෙන්නේ ඉතින් ........දැන් ඔයාට කොහෙද යන්න ඕනී ඉතින්............."

"අපි බීච් එක පැත්තටවත් යමු "

කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු මේ මොකද්ද මේ වෙන්න යන්නේ,
"අපි දෙන්නා බීච් ගිහින් මොනවා කරන්නද?" මම පුදුමෙකුත් එක්කම ඇහුවා,

"නිකන් මුහුද දිහා බලන් ඉමු අනේ එනවද කියන්නකෝ,"

"හා එහෙනම් යමුකෝ " 

"මොනාද අනේ කන්න වගේ බලන්නේ බඩ ගින්නේද ඉන්නේ"

"බඩගිනි නම් තමයි ඒ වුනාට එල හරක් මස් කන එක පව්නේ "මමත් මේකිත් එක්ක ගේම මයි ඉල්ලනේ
එත් එක පාරට කෙල්ලගේ මුණ වෙනස් වුනා

"මොකද්ද අනේ මම ඔයා පව් කියලා ආවම මට පල් පාට් දානවා මොකද මාත් එක්ක මෙච්චර තරහින් කතා කරන්නේ" අමුතු හුරතල් ගතියක් අරන් මෙකි මගේ මගේ පැත්තට හැරිලා කිව්වා.

ගැනුන්ගේ මායමක් කියලා දැන දැනත් මම එකට අහු වුනා
"සොරි සොරි මං ඉතින් විහුලුවටනේ කිව්වේ "

එත් එක්කම කෙල්ල ආය හුරතල් හිනාව දාලා මගේ අතින් ඇද ගෙන ගියා වෙරල පැත්තට, මට හිතා ගන්න බැරුව හිටියේ මම මොකද්ද කරන්නේ කියාලා මමත් කියලා අතපය තියන කොල්ල්ක්නේ මටත් එක එක එව්වා හිතෙනවා  දැනෙනවා , අපි දෙන්නා බීච් එක පැත්තට යද්දී බීච් එකේ ඉන්න කපල් සෙට් එකම පොලිසියෙන් එලවනවා අපි ඒක නොදැක්ක ගානට  එහෙමම යු ටර්න් එකක් ගහ ගෙන  ආපස්සට ආවා,
"හරි වැඩේනේ කේ කේ දැන් අපි මොකද කරන්නේ "
මට දෙන්න උත්තරයක් තිබ්බේ නැ මම මේ මාතර ටවුන් එකේ ඉන්න තැන්  දන්නෙත් නැ එහෙම හිත හිත උඩ බලද්දී දැක්කා SK ෆිල්ම් හෝල් එක.
මොකද්ද දුවපු ෆිල්ම් එක කියලත් බැලුවේ නැ මම ඇහුවා ඉදුනිල් ගෙන්
"අපි ෆිල්ම් එක බලමුද කියලා?"
මේකත් ගත් කටටම කිව්වා හා කියලා
එහෙමම අපි  10.30 බලන්න පෝලිමට සෙට් වුනා, මාතර කොල්ලෝ කෙල්ලෝ ෆිල්ම් බලන්න පුදුම කැමත්තක්නෙ නේ තියෙන්නේ ඔක්කොම ඉන්නේ කපල්, ඔක්කොම එක ගොඩේ ගුලි වෙලා තුරුල් වෙලා ටික වෙලාවක් යද්දී අපි දෙන්නත් ලං වෙලා ටිකක් නෙමේ ගොඩක්, එයාගේ කම්මුල් වලට මගේ හුස්ම වැදිලා ආපහු එනවා මට තේරෙනවා  මම හිමිට එයාගේ ඉන වටේ අත දාලා තවත් ටිකක් ලගට ගත්තා එයාගේ මුණ දිහා බලන ගමන්, පුසී වගේ මගේ ලගටම වෙලා එයත් තුරුල් වුනා, ඊට පස්සේ ටිකට් දෙන්න පටන් ගත්තා කවුන්ටරේ ලගට යනකොට   මම දැක්කො හැමෝම වගේ ගන්නේ බොක්ස් මටත් සාමන්‍ය විදියට කරුමෙට වගේ  මහා වල් හිතක් පහල වුනා ඒ වෙලාවේ මම හැරිලා  එයාගෙන් ඇහුවා 
"බොක්ස් ගමු?"   ඉදුනිල් ඔලුව වනලා කැමැත්ත ප්‍රකාශ කළා,  දෙයියනේ මොකද්ද මේ වෙන්ඩ යන්නේ ?

Monday, September 10, 2012

නොගැලෙපෙන කතාව- 9 කොටස



උදේ පාන්දර කුකුලෙක් කැ ගහද්දීම ගැස්සිලා අහුරුනේ ලොකු හීනයක්‌ අතරමගදී. ඇදෙ ඉදගෙනම මොනාද හීනේ දැක්කේ කියලා කල්පනා කරද්දී මට එක එකපාරට දැකපු  හීනේ අමතක වෙලා ගියා මහා අමුතු හැගීමක්. මන් නැගිටිනකොට ප්‍රදීප් නැගිටලා මට තේක්කුත් ගෙනල්ලා.
ප්‍රදීප් වෙලාව කීයද බන් ?
හතට දහයක් විතර ඇති සුදු මහත්තයා ඉක්මනට ලෑස්ති වුනා නම් හරි අපි ටවුන් එකට යමු මගේ එක්කනා 8 අට වෙනකොට එනවලු
හරි ප්‍රදීප් ලෑස්ති වෙන්නකෝ පබා දැන් කෝල් කරයි ,
ඊට‍ පස්සේ මන් කෝට්ටේ යට තිබ්බ ෆෝන් එක අරගෙන ෆෝන් එක දිහා බලන් හිටිය එත් කෝල් එකක් අවේ නැ.
ඕනි දෙකට ලෑස්ති වෙනවා කියල හිතාගෙන මම ලෑස්ති වෙනකොට ප්‍රදීප් ලගේ අම්ම ඇවිත් කෑම කන්න කතා කරා, කෑම ටික නම් පංකාදු පහයි, කැකුළු බත් උයලා වෙල් මාලු මිරිසට හදලා පොල් ගාපුවත් එක්ක , බඩපිරෙන්න කාලා එහෙම මාතර ටවුන් එකට අවා, පිස්සු හැදෙනවා මාතර ටවුමේ ගැල්ලමයි පිරිලා කොලබ ඉන්නේ මොන කෙල්ලොද කියලා හිතුනා, කොහොම හරි අපි යද්දී ඊයේ බස් එකේ සෙට් වුන ඩබල ස්ටෑන්ඩ් එකට ඇවිත් හිටියේ .
ප්‍රදීප් දත් තිස් දෙකම පෙන්න හිනාවක් දාගෙන උගේ අලුත සෙට් වුන කෙල්ල එක්ක කතාව, අර මොඩිෆයි කරපු සපෝර්ට් කාර් එක මන් ලගට අවා නැලවී නැලවී,
ගූඩ් මොර්නින්ග්,
ගුඩ් මොර්නින්ග් ඉතින් කොහමද අදත් ක්ලාස්ද?
ඔව් අනේ ඒ වුනාට මට අද තනියම තමයි යන්න වෙන්න අර දෙන්නා හනිමුන් යන්නනේ හදන්නේ,
අනේ අම්මේ මාව කොර වෙලා ගියා මේකිගේ හැකර කට, මන් හිනා වෙලා නිකන් හිටියා මගේ ඔලුව තිබ්බේ පබාගේ කෝල් එක එනකම්,
එක නෙමේ ඔයා මොකද කරන්නේ අරදෙන්නගේ පස්සෙන් යන්න එපා එයාලා පව් නේ,
නැ මං පහන් අල්ලන්න යන් නැ මට ඊට වඩා වැඩ තියනවා කියලා කියවුනා අරකිගේ මුණ නිකන් කලු වෙලා රතු වෙලා කොච්චි කරලක් වගේ වුනා,
අනේ මෙයාගේ ගැස් හරියට නිකම් මම මෙයාව එක්ක යන්න හැදුවා වගේනේ මම යනවා බායි කියාගෙන එකී අරුන් දෙන්නටත් කියලා යන්න ගියා,
මොකද්ද ඒ හරුප කතාවේ තේරුම මට හිතා ගන්න බැරි වුනා,
සුදු මහත්තය අරයා කීයටද එන්නේ ප්‍රදීප් මට කිට්ටු කරලා ඇහුව,
දැන් එයා කෝල් කරයි මම එතකං අයියගේ කඩේට වෙලා ඉන්නම් ඔයාලා යන්න අවුලක් නැ,
හරි මොනා හරි තිබ්බොත් කෝල් එකක් දෙන්නකෝ අපි ලග පාත ඉන්නේ එහෙම කියලා ප්‍රදීප් ගියා එයාගේ කෙලි පොඩ්ඩත් එක්ක. මම මාතර ටවුන් එක මැද තනි වුනා, ෆෝන් එක දිහා පිස්සෙක් වගේ බලන් හිටියා කොච්චර වෙලා ගියාද දන් නැ,
එක පාරටම ෆෝන් එක රිංග් වුනා මම බලන් හිටපු කෝල් එක,
අයියේ ඔය කොහෙද ඉන්නේ පබාගේ සුකිරි වොයිස් එක මට අනිත් පැත්තෙන් ඇහෙනවා,
නංගි මම ටවුන් එකේ ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ මම එන්නද දැන් ක්ලාස් එක ලගට මගෙන් ප්‍රශ්න වැලක් ,
අනේ සොරි මගේ රත්තරන් අද අම්මට සැක හිතිලා මන් දන් නැ ඇයි කියලා, එයාමයි මාව ක්ලාස් එකට එක්කන් අවේ, මන් හිතුවේ මාව දාලා එයා ගෙදර යයි කියලා එත් එයා තාම ගේට් එක ලග ක්ලාස් ඉවර වෙනකම් ඉන්නවලු , මන් මොකොද අයියේ කරන්නේ අද මට එන්න බැරි වෙයි වගේ ඔයා තරහද රත්තරන්,
මෙයා රත්තරන් ගැන කතා කරනවා මට අසු හරධාහට නැග්ග, මන් කොලබ ඉදන් මෙච්චර කට්ටක් කාගෙන අවා මෙයා දන් මගුලක් කතා කරනවා, හිත කේන්තියෙන් පිරුණට පබාට මොකුත් කියන්න හිත දුන්නේ නැ,
කමක් නැ පබා මොනා කරන්නද ඔයාට මම ෆෝන් එකකුත් ගේනවා ඒක දෙන්න විදියකුත් නැනේ මට දුකයි කමක් නැ,
අයියේ ක්ලාස් ඒක පටන් ගන්න හදන්නේ මන් ඉවර වෙලා කෝල් එකක් දෙන්නම් තරහා වෙන්න එපා රත්තරන්,
එත් එක්කම කෝල් එක කට් වුනා, මට දරා ගන්න බැරි දුකකුත් තනිකමකුත් දැනුනා මෙච්චර සෙනගක් අස්සේ  මට මෙහෙම දැනෙන් නේ ?. කර ගන්න දෙයක් හිතා ගන්න බැරි වුනා කොහේ හරි කරටි කැඩෙන්න බොන්න තියනවනම්, කල්පනා කර කරම මම ඔහේ ඇවිද්දා, මන් ප්‍රදීප් ට කෝල් එකක් ගත්තා,
ප්‍රදීප් පබාට එන්න විදියක් නෑලු බන් මට හෙන අවුල,
සුදු මහත්තයා කොහෙද ඉන්නේ ඔහොම ඉන්න මම එන්නම්” මගේ වොයිස් එකෙන්ම පොරට තේරෙන්න ඇති මට අවුල් කියලා ,
එපා එපා ප්‍රදීප් මම හිතුනොත් මෙහෙමම කොලබ බස් එකේ නගිනවා අවුලක් නැනේ , ඔයාලා හිමිට ඉදලා එන්න,
හරි සුදු මහත්තයා කැමති දෙයක් කරන්න හැබැයි පරිසමින් මතකනේ  මැඩම් එනකොට කියපුවා,
හරි හරි මම කෙලින්ම ගෙදර යන්නේ මන් ගිහින් කෝල් එකක් දෙන්නම් “ ෆෝන් එකත් කට් කරලා සාක්කුවේ දාගෙන මම ආපහු ස්ටෑන්ඩ් ඒක දිහාවට ඇවිද්දා, කොලබ බස් එකට නැගලා අන්තිම සිට් එකේ වාඩි වුනා, එතකොටම මගේ ෆෝන් ඒක රිංග වෙනවා ඒ පාර  කවුද ඉදුනිල් අර මොඩිෆයි කාර් ඒක මට මොකටද කෝල් කරන්නේ, මම ආන්සර් කරා,