Sunday, January 6, 2013

නොගැලෙපෙන කතාව- 11 කොටස

හැමෝම වගේ ගන්නේ බොක්ස් මටත් සාමන්‍ය විදියට කරුමෙට වගේ  මහා වල් හිතක් පහල වුනා ඒ වෙලාවේ මම හැරිලා  එයාගෙන් ඇහුවා 
"බොක්ස් ගමු?"   ඉදුනිල් ඔලුව වනලා කැමැත්ත ප්‍රකාශ කළා,  දෙයියනේ මොකද්ද මේ වෙන්ඩ යන්නේ ?

අද එතැන් සිට




ටිකට් ගත්තට පස්සේ අපි දෙන්නව පෝලිමේ තල්ලු වෙලා ඉස්සරහටම ගියා, දොර ලග හිටපු පොර මගේ අතේ තිබ්බ ටිකට් දෙක උදුරලා අරගෙන ටිකට් දෙක දිහා බලලා ආපහු අපි දිහා ඔරවලා වගේ බැලුවා  චරාස් ගාලා ටිකක් දෙකම එකට තියලා ඉරුවා, මට හිතුනා ඉරිසියාවට වෙන්න ඇති කියලා අපිව අයෙත් තල්ලු වුනා  හෝල් එක ඇතුලටම ලයිට් දෙක තුනක් පත්තු වෙලා තිබුනත් හෝල් එක අදුරුයි යන්න පැත්තක හිතා ගන්න බැරුව මම නතර වුනා, එත් එක්කම ඉදුනිල් මගේ අතින් ඇදගෙන දකුණට හැරුනා මෙයාට නම් හොදට ඇවිල්ලා පුරුදුයි වගේ, මම එයාගේ පස්සෙන්ම ගිහින් ලෑලි පෙට්ටියක් ඇතුලේ වාඩි වුනා, තද කුෂන් තියන කැඩිච්ච පුටු දෙකක් තිබුනේ, එහෙනම් මේක තමයි මහා ලොකු බොක්ස් කියන්නේ මට තනියම හිනා යනවා,

"මොකද මෝඩයෙක් වගේ තනියම හිනා වෙන්නේ"

"නැ මං කවදාවත් බොක්ස් එකකට ඇවිල්ලා නෑ එකයි"

"ආ එහෙමද මාත් පලවෙනි පාර අනේ" අමුතු හිනාවකුත් දාලා හුරතල් විදියට මුණ ඇද කරන් මෙකි කියනවා

මාත් මෝඩයා වගේ ඔලුව වනලා හිනා වුනා, විනාඩි 10 ක් විතර යනකොට ලයිට් එකින් එක ඔෆ් වෙලා ඉදුනිල් කඩයක් ඇරලා වගේ කියවනවා මට මොකුත් තෙරුන් නැ හ්ම්ම් ගැවා විතරයි, එත් එක්කම ශ්‍රී ලංකා කොඩිය පෙන්නලා ජාතික ගිය පටන් ගත්තා මම දඩාස් ගලා නැගිට්ටා,

"මෙහෙ වාඩි වෙනවා මෝඩයෝ" ඉදුනිල් මගේ අතින් අදිනවා  මම වට පිට බැලුවා සමහරු නැගිටලා සමහරු වාඩි වෙලා එත් එක්කම ජාතික ගීය ඉවර වුනා පොඩි කැල්ලක් නේ දැම්මේ, මම වාඩි වුනා හෝල් එකම කට්ට  කළුවර වුනා මොකුත්ම පෙන් නැ. ඉදුනිල් මගේ අත අරන් කර වටේ දා ගත්තා, ම්යුසික්‌ දෙනකොට සින්දු නොකියා ඉන්න බැනේ, මම එයාව මගේ පැත්තට ඇදලා ගත්තා එයා මගේ ඇස් දෙක දිහා බලන් ඉන්නවද කොහෙද එත් කළුවර හින්දා මට එයාව පෙන් නෑනේ අනිත් අතින් අතගාලා එයාගේ මුණ හොයාගෙන මං එයාට තව ලං වුනා එයාගේ හුස්ම මට දැනුනා දෙපාරක් හිතන් නැතුවම මම තොල දෙක ලං කරා, කරුමෙක මහතා තොල් දෙක තිබ්බේ එයාගේ නහයේ කළුවරට පෙන් නැනේ දෙයියනේ, ඉදුනිල් ආපහු හිනා වෙනවා, මම ගේම අත ඇරියේ නැ ආය ට්‍රයි කරලා එයාගේ තොල් දෙක හොයා ගත්තා.ඉන් පස්සේ................................

ඔරලෝසුව මහා හයියෙන් රේස් එකක් දුවනවා  හති දාගෙන එත් අපි දෙන්නට මහන්සි නැ හති නැහැ එත් එක්කම හෝල් එකේ අදුර කපාගෙන බෙල් සද්දයක් එහෙනවා පුංචි ලයිට් දෙක තුනකුත් පත්තු වුනා හිත පිරිලා නැතත් අපි දෙන්නව ආපහු පුටු දෙකට විසි වුනේ ඉබේටම ඉන්ටවල් එකද කොහෙද  මම ඉදුනිල් දිහා බැලුවා බලන්න ආස හිතෙන තරමට අමුතු විදුලියක් එයාගේ ඇස් දෙකෙන් විහිදෙනවා.

"ඔයාට බොන්න මොනා හරි ඕනිද ? " මම අමාරුවෙන් වචන ගලපගෙන ඇහුවා

"මාව මෙතන තනියම දාල කොහෙවත් යන්න එපා බබෝ " එහෙම කියන ගමන් මගේ කොන්ඩේ අස්සෙන් එයාගේ ඇගිලි යවලා මාව ලගට අරන් කම්මුලට සිතල උම්මා එකක් දුන්නා. එත් එක්කම මගේ කලිසම අස්ස දෙදරන්න ගත්තා මාව හොල්මන් වෙලා ගියා මම අත දාලා බැලුවා මගේ ෆෝන් එක රිං වෙනවා මාතර ෆික්ස් නොම්මරේකින් කෝල් එකක් මම දෙපාරක් හිතන් නැතුව ආන්සර් කරා හෝල් එකේ මිනුස්සු කැ ගහන අස්සේ මට ෆෝන් එකෙන් පබාගේ යාන්තමට ඇහෙනවා

"කේ කේ අයියේ 5 ක් දාලා කෝල් එකක් ගන්නේ මම තව විනාඩි 10 කින් මාතර බෝධිය ලගට එනවා කවුරුත් දකින්න කලින් ඉක්මනට මාව ගන්න එන්න " බීප් බීප් ෆෝන් එක කට් වුනා මට වචනයක් වත් කියන්න ලැබුනේ නැ.