Saturday, September 15, 2012

නොගැලෙපෙන කතාව- 10 කොටස


"හෙලෝ"

"ආ එන්න හිටපු යාළුවා ආවේ නෑලු නේද පව් වැඩේ කොල්ලට දුකද?"

"එව්වා ඔයාට වැඩක් නැනේ ඇයි ඔයා දුක්ගන්නා රාලද? "
හිතට ආපු දුකයි කේන්තියක් එක්ක අමුතු විදියට මගේ වචන පිටවෙන්නේ,

"ඕනි නම් මට දුක්ගන්නාරාළ වෙන්නත් පුළුවන්?"

"මට පාඩුවේ ඉන්න දෙන්න මට වැඩක් තියනවා" මං ෆෝන් ඒක කට් කරා ජිවිතෙන්ම පරාද වෙලා වගේ මුසල හැගීමක් හිතේ තියෙන්නේ සිගරට් එකක් බොන්න කියලා හිතා ගෙන මං කඩයක් ඇතුලට ගියා. ටික වෙලාවකින්  ෆෝන් එකට SMS අවා ?

oyage mokadda ane maha loku wade............mata num class eka boring appa....aparade apitath arayalath ekka yanna thibbe neda.......iduni

මෙයා මේ මොකටද එන්න හදන්නේ සුවර් එකට ප්‍රදීප් මෙයාට කතා කරලා කියන්න ඇති විස්තරේ.

mata mokuth wadak na....mama mood out hitiyee.......class eka boring num gedara yannako ithin..... මගේ කේන්තිය ටිකක් අඩු කරගෙන  මැසේජ් එකට රිප්ලයි කරා ,

අනිත් පැත්තට රිප්ලයි එකත් ආවා

gedara yanna oni num oyaata kia kia innawada moodayooo...man oyage mood eka fix karannam.....api ude hitapu thanatama enna puluwanda?

මම දෙලොවක් අතර තනි වුනා පබා එනවා කියලා ආවෙත් නෑ හිතත් හොදටම රිදිලා මම මෙසෙජ් එකක් ගැහුවා එන්නම් කියලා ඒත් යනවද නැද්ද කියලා තාම හිතනවා කමක් නෑ මම යනවා අඩු ගානේ මේ මගේ හිත රිදෙන එකවත් අඩු වෙයිනේ මම එතන්ට යනකොට ඉදුනිල් හිනා වෙවි ඉන්නවා මේකී කලු වුනාට මාර ලස්සනයි මාර සෙක්සි පිස්සු හැදෙනවා


"අපෝ මෙයා මාර කොල්ලෙක් තමා මෙයාගේ මාර ගෑස්නේ"

"එහෙම එකක් නෑ හලෝ මං කීවනේ මුඩ් අවුට් කියලා"

"හරි හරි මොකද්ද ඉතින් මුඩ් යන්න තරම් වුන ප්‍රශ්නේ .....කියන්නකො බලන්න"

"ඒක කීවට වැඩක් නෑ ඔයාට මොකුත් කරන්න බෑ"
"හරි හරි කියන්න බැරි නම් නොකියා ඉන්න මට මෙතන ඉන්න බෑ අනේ ඔක්කොම අපි දිහා
බලනවා..යන්කෝ කොහේ හරි."

"බලන අය බලපු දෙන් හලෝ බැලුවා කියලා මොකද වෙන්නේ ඉතින් ........දැන් ඔයාට කොහෙද යන්න ඕනී ඉතින්............."

"අපි බීච් එක පැත්තටවත් යමු "

කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු මේ මොකද්ද මේ වෙන්න යන්නේ,
"අපි දෙන්නා බීච් ගිහින් මොනවා කරන්නද?" මම පුදුමෙකුත් එක්කම ඇහුවා,

"නිකන් මුහුද දිහා බලන් ඉමු අනේ එනවද කියන්නකෝ,"

"හා එහෙනම් යමුකෝ " 

"මොනාද අනේ කන්න වගේ බලන්නේ බඩ ගින්නේද ඉන්නේ"

"බඩගිනි නම් තමයි ඒ වුනාට එල හරක් මස් කන එක පව්නේ "මමත් මේකිත් එක්ක ගේම මයි ඉල්ලනේ
එත් එක පාරට කෙල්ලගේ මුණ වෙනස් වුනා

"මොකද්ද අනේ මම ඔයා පව් කියලා ආවම මට පල් පාට් දානවා මොකද මාත් එක්ක මෙච්චර තරහින් කතා කරන්නේ" අමුතු හුරතල් ගතියක් අරන් මෙකි මගේ මගේ පැත්තට හැරිලා කිව්වා.

ගැනුන්ගේ මායමක් කියලා දැන දැනත් මම එකට අහු වුනා
"සොරි සොරි මං ඉතින් විහුලුවටනේ කිව්වේ "

එත් එක්කම කෙල්ල ආය හුරතල් හිනාව දාලා මගේ අතින් ඇද ගෙන ගියා වෙරල පැත්තට, මට හිතා ගන්න බැරුව හිටියේ මම මොකද්ද කරන්නේ කියාලා මමත් කියලා අතපය තියන කොල්ල්ක්නේ මටත් එක එක එව්වා හිතෙනවා  දැනෙනවා , අපි දෙන්නා බීච් එක පැත්තට යද්දී බීච් එකේ ඉන්න කපල් සෙට් එකම පොලිසියෙන් එලවනවා අපි ඒක නොදැක්ක ගානට  එහෙමම යු ටර්න් එකක් ගහ ගෙන  ආපස්සට ආවා,
"හරි වැඩේනේ කේ කේ දැන් අපි මොකද කරන්නේ "
මට දෙන්න උත්තරයක් තිබ්බේ නැ මම මේ මාතර ටවුන් එකේ ඉන්න තැන්  දන්නෙත් නැ එහෙම හිත හිත උඩ බලද්දී දැක්කා SK ෆිල්ම් හෝල් එක.
මොකද්ද දුවපු ෆිල්ම් එක කියලත් බැලුවේ නැ මම ඇහුවා ඉදුනිල් ගෙන්
"අපි ෆිල්ම් එක බලමුද කියලා?"
මේකත් ගත් කටටම කිව්වා හා කියලා
එහෙමම අපි  10.30 බලන්න පෝලිමට සෙට් වුනා, මාතර කොල්ලෝ කෙල්ලෝ ෆිල්ම් බලන්න පුදුම කැමත්තක්නෙ නේ තියෙන්නේ ඔක්කොම ඉන්නේ කපල්, ඔක්කොම එක ගොඩේ ගුලි වෙලා තුරුල් වෙලා ටික වෙලාවක් යද්දී අපි දෙන්නත් ලං වෙලා ටිකක් නෙමේ ගොඩක්, එයාගේ කම්මුල් වලට මගේ හුස්ම වැදිලා ආපහු එනවා මට තේරෙනවා  මම හිමිට එයාගේ ඉන වටේ අත දාලා තවත් ටිකක් ලගට ගත්තා එයාගේ මුණ දිහා බලන ගමන්, පුසී වගේ මගේ ලගටම වෙලා එයත් තුරුල් වුනා, ඊට පස්සේ ටිකට් දෙන්න පටන් ගත්තා කවුන්ටරේ ලගට යනකොට   මම දැක්කො හැමෝම වගේ ගන්නේ බොක්ස් මටත් සාමන්‍ය විදියට කරුමෙට වගේ  මහා වල් හිතක් පහල වුනා ඒ වෙලාවේ මම හැරිලා  එයාගෙන් ඇහුවා 
"බොක්ස් ගමු?"   ඉදුනිල් ඔලුව වනලා කැමැත්ත ප්‍රකාශ කළා,  දෙයියනේ මොකද්ද මේ වෙන්ඩ යන්නේ ?

Monday, September 10, 2012

නොගැලෙපෙන කතාව- 9 කොටස



උදේ පාන්දර කුකුලෙක් කැ ගහද්දීම ගැස්සිලා අහුරුනේ ලොකු හීනයක්‌ අතරමගදී. ඇදෙ ඉදගෙනම මොනාද හීනේ දැක්කේ කියලා කල්පනා කරද්දී මට එක එකපාරට දැකපු  හීනේ අමතක වෙලා ගියා මහා අමුතු හැගීමක්. මන් නැගිටිනකොට ප්‍රදීප් නැගිටලා මට තේක්කුත් ගෙනල්ලා.
ප්‍රදීප් වෙලාව කීයද බන් ?
හතට දහයක් විතර ඇති සුදු මහත්තයා ඉක්මනට ලෑස්ති වුනා නම් හරි අපි ටවුන් එකට යමු මගේ එක්කනා 8 අට වෙනකොට එනවලු
හරි ප්‍රදීප් ලෑස්ති වෙන්නකෝ පබා දැන් කෝල් කරයි ,
ඊට‍ පස්සේ මන් කෝට්ටේ යට තිබ්බ ෆෝන් එක අරගෙන ෆෝන් එක දිහා බලන් හිටිය එත් කෝල් එකක් අවේ නැ.
ඕනි දෙකට ලෑස්ති වෙනවා කියල හිතාගෙන මම ලෑස්ති වෙනකොට ප්‍රදීප් ලගේ අම්ම ඇවිත් කෑම කන්න කතා කරා, කෑම ටික නම් පංකාදු පහයි, කැකුළු බත් උයලා වෙල් මාලු මිරිසට හදලා පොල් ගාපුවත් එක්ක , බඩපිරෙන්න කාලා එහෙම මාතර ටවුන් එකට අවා, පිස්සු හැදෙනවා මාතර ටවුමේ ගැල්ලමයි පිරිලා කොලබ ඉන්නේ මොන කෙල්ලොද කියලා හිතුනා, කොහොම හරි අපි යද්දී ඊයේ බස් එකේ සෙට් වුන ඩබල ස්ටෑන්ඩ් එකට ඇවිත් හිටියේ .
ප්‍රදීප් දත් තිස් දෙකම පෙන්න හිනාවක් දාගෙන උගේ අලුත සෙට් වුන කෙල්ල එක්ක කතාව, අර මොඩිෆයි කරපු සපෝර්ට් කාර් එක මන් ලගට අවා නැලවී නැලවී,
ගූඩ් මොර්නින්ග්,
ගුඩ් මොර්නින්ග් ඉතින් කොහමද අදත් ක්ලාස්ද?
ඔව් අනේ ඒ වුනාට මට අද තනියම තමයි යන්න වෙන්න අර දෙන්නා හනිමුන් යන්නනේ හදන්නේ,
අනේ අම්මේ මාව කොර වෙලා ගියා මේකිගේ හැකර කට, මන් හිනා වෙලා නිකන් හිටියා මගේ ඔලුව තිබ්බේ පබාගේ කෝල් එක එනකම්,
එක නෙමේ ඔයා මොකද කරන්නේ අරදෙන්නගේ පස්සෙන් යන්න එපා එයාලා පව් නේ,
නැ මං පහන් අල්ලන්න යන් නැ මට ඊට වඩා වැඩ තියනවා කියලා කියවුනා අරකිගේ මුණ නිකන් කලු වෙලා රතු වෙලා කොච්චි කරලක් වගේ වුනා,
අනේ මෙයාගේ ගැස් හරියට නිකම් මම මෙයාව එක්ක යන්න හැදුවා වගේනේ මම යනවා බායි කියාගෙන එකී අරුන් දෙන්නටත් කියලා යන්න ගියා,
මොකද්ද ඒ හරුප කතාවේ තේරුම මට හිතා ගන්න බැරි වුනා,
සුදු මහත්තය අරයා කීයටද එන්නේ ප්‍රදීප් මට කිට්ටු කරලා ඇහුව,
දැන් එයා කෝල් කරයි මම එතකං අයියගේ කඩේට වෙලා ඉන්නම් ඔයාලා යන්න අවුලක් නැ,
හරි මොනා හරි තිබ්බොත් කෝල් එකක් දෙන්නකෝ අපි ලග පාත ඉන්නේ එහෙම කියලා ප්‍රදීප් ගියා එයාගේ කෙලි පොඩ්ඩත් එක්ක. මම මාතර ටවුන් එක මැද තනි වුනා, ෆෝන් එක දිහා පිස්සෙක් වගේ බලන් හිටියා කොච්චර වෙලා ගියාද දන් නැ,
එක පාරටම ෆෝන් එක රිංග් වුනා මම බලන් හිටපු කෝල් එක,
අයියේ ඔය කොහෙද ඉන්නේ පබාගේ සුකිරි වොයිස් එක මට අනිත් පැත්තෙන් ඇහෙනවා,
නංගි මම ටවුන් එකේ ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ මම එන්නද දැන් ක්ලාස් එක ලගට මගෙන් ප්‍රශ්න වැලක් ,
අනේ සොරි මගේ රත්තරන් අද අම්මට සැක හිතිලා මන් දන් නැ ඇයි කියලා, එයාමයි මාව ක්ලාස් එකට එක්කන් අවේ, මන් හිතුවේ මාව දාලා එයා ගෙදර යයි කියලා එත් එයා තාම ගේට් එක ලග ක්ලාස් ඉවර වෙනකම් ඉන්නවලු , මන් මොකොද අයියේ කරන්නේ අද මට එන්න බැරි වෙයි වගේ ඔයා තරහද රත්තරන්,
මෙයා රත්තරන් ගැන කතා කරනවා මට අසු හරධාහට නැග්ග, මන් කොලබ ඉදන් මෙච්චර කට්ටක් කාගෙන අවා මෙයා දන් මගුලක් කතා කරනවා, හිත කේන්තියෙන් පිරුණට පබාට මොකුත් කියන්න හිත දුන්නේ නැ,
කමක් නැ පබා මොනා කරන්නද ඔයාට මම ෆෝන් එකකුත් ගේනවා ඒක දෙන්න විදියකුත් නැනේ මට දුකයි කමක් නැ,
අයියේ ක්ලාස් ඒක පටන් ගන්න හදන්නේ මන් ඉවර වෙලා කෝල් එකක් දෙන්නම් තරහා වෙන්න එපා රත්තරන්,
එත් එක්කම කෝල් එක කට් වුනා, මට දරා ගන්න බැරි දුකකුත් තනිකමකුත් දැනුනා මෙච්චර සෙනගක් අස්සේ  මට මෙහෙම දැනෙන් නේ ?. කර ගන්න දෙයක් හිතා ගන්න බැරි වුනා කොහේ හරි කරටි කැඩෙන්න බොන්න තියනවනම්, කල්පනා කර කරම මම ඔහේ ඇවිද්දා, මන් ප්‍රදීප් ට කෝල් එකක් ගත්තා,
ප්‍රදීප් පබාට එන්න විදියක් නෑලු බන් මට හෙන අවුල,
සුදු මහත්තයා කොහෙද ඉන්නේ ඔහොම ඉන්න මම එන්නම්” මගේ වොයිස් එකෙන්ම පොරට තේරෙන්න ඇති මට අවුල් කියලා ,
එපා එපා ප්‍රදීප් මම හිතුනොත් මෙහෙමම කොලබ බස් එකේ නගිනවා අවුලක් නැනේ , ඔයාලා හිමිට ඉදලා එන්න,
හරි සුදු මහත්තයා කැමති දෙයක් කරන්න හැබැයි පරිසමින් මතකනේ  මැඩම් එනකොට කියපුවා,
හරි හරි මම කෙලින්ම ගෙදර යන්නේ මන් ගිහින් කෝල් එකක් දෙන්නම් “ ෆෝන් එකත් කට් කරලා සාක්කුවේ දාගෙන මම ආපහු ස්ටෑන්ඩ් ඒක දිහාවට ඇවිද්දා, කොලබ බස් එකට නැගලා අන්තිම සිට් එකේ වාඩි වුනා, එතකොටම මගේ ෆෝන් ඒක රිංග වෙනවා ඒ පාර  කවුද ඉදුනිල් අර මොඩිෆයි කාර් ඒක මට මොකටද කෝල් කරන්නේ, මම ආන්සර් කරා,

Wednesday, March 31, 2010

නොගැලෙපෙන කතාව- 8 කොටස


ඔක්කම කලමනා ටික ලැස්තී කර ගෙන මායි ප්‍රදීපුයි මාතර යන්න ලැස්තී වුනා..
අම්මටයි තාත්තටයි වැදලා.......අපි ගෙදරින් පිටත් වුනා........
"පරිස්සමින් යන්න පුතේ වැව් වල එහෙම නාන්න යන්න එපා"..........අම්මා මට මගින් මගටම කීවා...........අපි බම්බලපිටිය හංදියෙන් මාතර බස් එකක් අර ගත්තා.........එච්චර සෙනග හිටියේ නෑ...අන්තිම සීට් එකේ වාඩි වෙලා මෙන්ටොස් එකකුත් කටේ දාගෙන මං පාර දිහා බලාගෙන කල්පනා කරකර ගියා......කිසිම වගකීම නැතුව නිදහසේ මේ වගේ ගමනක් යනකොට පුදුම සැහල්ලුවක් හිතට දැනෙන්නේ.........මං පබාට තැගී දෙන්න රූපියල්දෙදහකට ෆොන් එකකුත් ගත්තා....නැත්තනම් ඒකී මට කතා කරන්නේ කොයින් බොක්ස් වලින් නේ....... ඒකී මට පැලෙන්න ආදෙරෙයි.......මාත් එයාට ඇත්තටම ආදරෙයිද?...... නැත්තනම් මේක කොලු කමට කරන ලව් එකක්ද?......මට ඒකට හරි උත්තරයක් හොයගන්න බැරි වුනා.....දන්නෙම නැතුව අපි ගොඩක් දුරඇවිල්ලා බස් එක තේ බොන්න නැවත්තුවා....අම්බලංගොඩ හරියේ කඩෙකින්........අපි දෙන්න ත්ගිහින්......බිත්තර රොටියක් කාලා කොකා කොලා එකක් බීවා.....බිත්තර රොටිය නම් දවස් ගානකට කලින් පුරුදු වෙන්න හදපු එකක්ද කොහෙද............කොහම හරි බස් එක ආපහු ගමන් පටන්ගත්තා.....සුනාමියේ නටබුන් දිහා
බලා ගෙන යද්දී පුදුම මූසල හැගීමක් හිතට දැනෙන් නේ....තාම සුනාමිය ඇවිත් ගිහින් වැඩි දවසක් නැති හිංදා බස් එකේ හැමොම බිය මුසු බැල්මකින් මුහුද දිහා බලාගෙන යන්නේ ඒක නිස වෙන්න ඇති.....මට නම් ඒක එච්චර ගානක් වුනේ නෑ......බලපිටිය හරියෙදි මගේ එහා පැත්තේ හිටපු ප්‍රදීප් පොඩ්ඩක් එහෙටමෙහෙට දගලන්න ගත්තා......
"මොකද බං ටිපි ටිප් කාපු කුකුලා වගේ දගලන්නේ"
"නෑ සුදු මහත්තයා පොඩි සීන් එකකට එන්ටර් වේගන යන්නේ" මං කොච්චර එපා කීවත් ප්‍රදීප් මතකතා කරන්නේනෙම සුදු මහත්තයා කියලා....... මං ඉතින්බොස් ගෙ පුතානේ
"මොකද්ද බන් සීන් එක උබට බොකක් වත් සෙට් වෙලාද.......පිස්සු නම් කෙලින්න හදන්න එපා බස් එකේ......සුනාමි ආවට වඩා හපන් හරිද"
"නෑ නෑ අර අතන ඉන්න කෙල්ල පොඩ්ඩක් මීටර් වේගන එන්නේ වගේ මං දිහා බලනවා"
අනේ මේ පැනි අබලයා ඇබරෙන්නේ 2 ක වසරේ කොල්ලෙක් හනීමුන් ගියා වගෙනේ
"අම්මට සිරි කැල්ලනම් හොදයි වගේ යාලුවෙක් එක්ක නේද ඉන්නේ ...............හිටපන් අපි කතාකරලා සීට් එක දෙමු......."
ප්‍රදීපයා ලැජ්ජවේ ඇබෙරනවා මං ඌව ජනේලේ ලග සීට් එකට දාලා ටික වෙලාවකින් අපිට ටිකක් ඇතින් හිටපු ඒ කෙල්ලො දෙන්නට කතා කරා ඉදගන්න එන්න කියලා..... එතකොට මං ලගම හිටගෙන හිටපු අංකල් මං දිහා කන්න වගේ බැලුවා........මොනා කරන්නද අංකල් පෙර කරපු පවකට.....ඩිකියයි බොනට් එකයි මොඩිෆයි කරලා තියන මේ වගේ ගැනු දැරුවෙක් වුනා නම් අංකල්ටත් යස අගේට ඉදගෙන යන්න තිබ්බා......මං හිතින් එහෙම කීවත් වචන පිට වුන් නෑ............බබා නලලා ප්‍රින්ට් කරලා තිබිලද කොහෙද ගෑනු ලමයි දෙන්නා පොඩ්ඩක් ඇබරි ඇබරිම ලගට අවා...... ප්‍රදීප් ගේ ග්‍රහයා වාඩි වුනා මෑන්ස් ලගම ...............පොරට පට්ට හැපී සං‍තෝසේ පිටාර ගලනවා හෝ ගාලා............ඊට පස්සේ ඉතින් මිනිහා පෙරපු පැනි ‍තෝගේ එකතු කරා නම් මී මැස්සන්ට විකුනලාම ගොඩ යන්න තිබ්බා.......

ඒත මෑන් පැනී පෙරනවා විතරයි කතා කරන්නෑ.........පොඩ්ඩක් කෙල්ල දිහා බලනවා මොනාද කියන්න හදනවා ආපහු අහක බල ගන්නවා..මෙහම බලන් ඉදලා හරි යන් නෑ කියලා මට හිතුනා.......මට එහා පැත්තෙන් හිටගෙන හිටපු කෙල්ලත් මොකකට හරි එනවා කියලා මගේ ඇන්ටනාවට නිකං ලාවට වගේ අහු වුනා......ඒත් පොඩි කොස්ස්කට තියෙන්නේ එයාට අවුරුදු 24ක් 25ක් පේනවා ඒ වුනාට..........ඇහට කනට පේන.......අතට පයට අහුවෙන ගැජට් තියෙන කෙල්ල
ඔයාලා කොහෙටද යන්නේ........." ස්ටාර්ට් වෙන ඇන්ගිමක් වගේ හීමීට මම ඇහුවා ඒ කෙල්ලගෙන්"
"අපි මාතර යන්නේ" ආන්සර් එක ගින්දර වගේ පොසිටිව් හිංදා මගේ හිතේ තිබ්බ චකිතය එහෙහම වාස්ප වෙලා ගියා
"මාතර යන්නේ ඇයි ගෙවල් එහෙද..........?"
"මොකටද අහන්නේ" මාව පිච්චිලා යන විදියේ සෙක්සි ලුක් එකකුත් දාලා මේකි කීවනේ මට පිස්සු හැදිලා ආපුහු හැදුනා....මේ මොකද්ද වෙන්න යන්නේ....ඒ පාර මල්සරා හේඩ් ශොට් එකක්ම දීලද කොහෙද......මාත් ෆුල් ඩම් එක දාලා ගැම්ම අරගෙන මන් උත්තර දෙනවා
"අවොත් මොනවද දෙන්නේ.............."
"ඉල්ලන දෙයක් දෙන්නම්........."
"කියන විදියට බයත් හිතෙනවනේ........."
"අපි මාතර යන්නේ කලාස් එකකට.........බැංකිං එක්සැම් එකකට........"
"එලනේ.........බැංකුවට ගියාම අපිටත් ලොන් පාරක් දා ගත් තැකි නේද..."
"දෙන්නම් දෙන්නම්........ඒක නෙම අච්චර දුර හිටපු අපිට කතා කරලා ශිට් දුන්නේ ඇයි..........."
"අපි ශිට් දුන්නේ ඔයාලා පව් හිංදා එපා නම් ඉතින් නැගිටලා යන්න" මාත් පොඩ්ඩක් ගනන් උස්සලා දුන්නා මේ දවස් වල හැම දේම ගනන් නේ
"තැන්ක්ස් තැන්ක්ස් අපි ඉතින් හැම දාම හිට ගෙන තමා යන්නේ සෙනසුරදායි ඉරිදයි දෙකෙම ක්ලාස් යනවනේ......."
"එහෙමද එල එල ................" අපි දෙන්න කතා කරන්න ගත්තාම ප්‍රදිපුත් වැඩේ කොහම හරි ගොඩ දාගෙන කෙල්ලත් එක්ක හෝ ගාලා චැට දාගෙන යනවා......අපි සැහෙන දේවල් කතා කර කරම මාතරට ආවා....එයාගේ නම ඉදුනිල් අවුරුදු 24 යි............හයි ස්පිඩ් ස්පොර්ට් කාර් එකක් කියලා මට කතා කරපු ටිකෙන් තේරුනා කොහම හරි අපි ෆොන් නම්බර්ස් පවා හුවමාරු කරගත්තා.....අපි මාතරින් බැහලා එයාලටත් ටාටා බායි කියලා ප්‍රදීප් ලගේ ගෙදර ගියා.............
ප්‍රදීප් ලගේ ගෙදරුනුයි සැහෙන සැලකිලි මට .........මම වොශ් එකක් එහෙම දාල ෆුල් ‍ෆ්‍රී එකේ පබා ගෙන් කොල් එක එනකම් බලන් ඉද්දි...මගේ ෆොන් එක රිංග් වුනා
"හෙලේ KK අයියේ කොහෙද ඉන්නේ"
"මං ප්‍රදීප් ලගේ ගෙදර ඉන්නේ ඔයා හෙට එනවා නේද කීයටද එන්නේ"
"ක්ලාස් එක පටන් ගන්නේ උදේ 9ට 3 වෙනකම් තියනවා......මාව මාම ඇවිල්ලා ක්ලාස් එක ගාවට දානවා "
"එතකොට කොහමද අපි හම්බ වෙන්නේ"
"ඔයා ක්ලාස් එක ගාවට එන්න මම පිටි පස්සෙ ගෙට්‍ටුවෙන් එලියට එන්නම්.........හැබයි ඒ හරියෙනම් ඉන්න බෑ අයියේ...... ඔක්කෝම මාව දන්නවා"
"එහෙනම් කොහෙද යන්නේ නංගි මං ප්‍රදීප් එක්ක කතා කරලා තැනක් හොයා ගන්නම් ඔයාව ක්ලාස් ඉවර වෙන වෙලාවට ක්ලාස් එක ලගට ගෙනත් දාන්නම් හොදද........."
"හරි කවුරුත් නැති තැනකට යමු අයියේ........හැබයි පොරොන්දු වෙන්න මාව පරිස්සමට ආපහු ඇරලවනවා කියලා"
"මං පොරොන්දු වෙන්නම් නංගි ඔයාට මාව විශ්වාසයි නේද?"
"මට ඔයාව විශ්වාසයි අයියේ මගේ ජිවිතේටත් වඩා.....එහෙනම් හෙට උදේ 9මයට එන්න ක්ලාස් එක ලගට මම තියන්නම් පරිස්සමට එන්න රත්තරන්......"
"හරි නංගි පරිස්සමට එන්න බුදු සරනයි...."
මං ෆොන් එක තියලා ගොඩක් වෙලා කල්පනා කරා හෙට කොහෙද යන්නේ කියලා ....ඊට පස්සෙ ප්‍රදීප් ව හොයද්දී මිනිහත් අද සෙට් වුන කැල්ලත් එක්ක මලක් කඩනව............. ඒක කඩලා ඉවර වෙනකම් ඉදලා මන් මිනිහට විස්තරේ කීවා
"මේ පැත්තේ කොලබ වගේ ඇවිදින්න තැන් නෑ සුදු මහත්තයා......."
"එහෙම කියලා බැ බන්..........මොකක් හරි කරපන්කෝ"
"එහෙනම් මෙහෙම කරමු මගේ යාලුවෙක්ගේ ගෙයක් තියනවා එහේ කවුරුත් නෑ...... එහේ එක්කන් යන්න....අපේ අයියගේ ත්‍රිවීල් එකේ එක්ක එමු."
ටිකක් වෙලා කල්පනා කරලා වෙන කරන්න දෙයක් නැති හිංදා මං ඒකට කැමති වුනා........එයා මං කියන ඕනී තැනකට එයි.......ඒත් මං එයාට වුන පොරොන්දුව.........නෑ එහෙම වෙන්න දෙන් නෑ මං.......හිතින් හිතා ගත්තා මං........ඒ අස්සේ ප්‍රදීප් ගේ වැඩෙත් හරි ගිහින්.......එයත් හෙට එන්න කීවලු මාතර ටවුන් එකට හම්බ වෙන්න............
මං නිදා ගද්දී ‍රැ 3ටත් කිට්‍ටුයි....... ෆොන් එක දිහා ආපහු පාරක් බලද්දී ..........අද බස් එකේදි හම්බ වුන ඉදුනිල් ගෙනුත් මිස් කොල් තිබ්බා........වැඩක් නෑ මම පබාට විතරයි ආදරේ වෙන අය මට ඕනී නෑ..............හෙට මොකක් වෙයිද............මාස ගානකට පස්සේ මං පබාව හම්බ වෙන්නේ

මතු සම්බන්ධයි...........

Sunday, March 28, 2010

නොගැලෙපෙන කතාව- 7 කොටස


" පුතාලා බැහලා අයිඩෙන්ටි එක ගන්න බලන්න"

" අංකල්ට මොන අයිඩෙන්ටි එකද ඕනී" අපෙ එකෙක් වැනී වැනී අහපු විදියටම රාලහාමි අංකල්ට මල පැන්නා"

"උබලට අයිඩින්ටි හැටක් තියනවද යකෝ....ගනින් උබලගේ ජාතික් හැදුනම්පත"

මට තේරුනා දැන් වැඩේ හරි යන් නෑ කියලා..........මං ශේප් එකේ අංකල් ලගට ගිහින් අඩන්න පටන් ගත්තා....

"අංකල් අපි මේ යාලුවෙක්ගේ පාර්ටියකට ගිහින් එන ගමන් අරයා පොඩ්ඩක් බියර් වීදුරුවක් බීලා පොඩ්ඩක් වැඩි වෙලා............"

"මුංගේ වයසේ හැටියටද වැඩ..........අද කට්ටියම දානවා ඇතුලට උදේට අම්මලා තාත්තලා ඇවිත් එක්ක යයිනේ................."

"අපේ ගෙදරින් නම් එන් නෑ සුවර්..... තාත්තාට මාව එපා වෙලා තියෙන්නේ....හැම දාම කියනවා "මේ ගොන් නාම්බව ගෙදරින් එලියට දැම්මොත් හැදෙයි ලු".......කුලයටත් කට වහගෙන ඉන්න බැරුවට .......අංකල්ට 94000 මල පැනලා.....

අස්සේ එතන හිටපු වෙන පොලිස් අංකල් කෙනෙක් අපි ලගට ආවා.......

"පුතාව හොදට දැකලා පුරුදුයි.....ඔය ලමයා මේ ලගද"

හුටා කෙලවෙන්නයි යන්නේ.....අපේ කඩෙන් කැම කන්න එන පොරක් .......මාව අදුරගෙන අපේ තාත්තට එහෙම කීවොත් අද ගෙදර ගිහිල්ල ඉවරයි..........

මම නෑ කියන්න හදනකොටම

" ඔව් අංකල් අර අතන හොටලේ මුදලාලිගේ පුතානේ මේ ඉන්නේ.....බලන්නකෝ මූන තාත්තා වගේමයි නේද...."මෙන්න අපේ එකෙක් පැනපු ගමන් කියපි.............ශිකේ මේ හරක් පැටව් එක්ක මුකුත් කරන්න බැරි......හෙට ඉදලා උබලද යකෝ මට කන්න දෙන්නේ......

අපේ තාත්තා ගැන දැන ගත්ත ගමන් පොලිස් අංකල් පොඩ්ඩක් සැරෙන්ඩර් වුනා.......මොකද මම වගේ නෙමෙනේ අපේ තාත්තා නම ගම තියාගෙන.........වැදගත් විදියට ඉන්න මනුස්සයනේ......

"චිකේ මුදලාලිගේ පුතා කියලා කියන්නත් ලැජ්ජයි.........ඔහමද ලමයා හැදෙන්නේ ........" අංකල් මට නක්කලේ දානවා.........අපේ එවුන් මට හිනා වෙනවා හෝ ගාලා................මට උන්ව මරාගෙන කන තරමටම මල පැනලා......ඒත් මන් නරි මස් කන් නැති හිංදා නිකං හිටියා........

"හරි හරි දැන් එහෙනම් යනවලා ගෙවල් වලට.........මීට පස්සෙවත් තමන්ගේ වයසේ හැටියට වැඩ කරන්න ඉගනගන්නවලා........" අපි මේ ආතල් එකේ ඉන්න වෙලාවට අංකල් තව බන කියන්නත් එනවා

"අංකල් අපේ තාත්තර කියන්න එපා අංකල්.....මාව ගෙදරින් පන්නයි..."

"හරි හරි මං කියන් නෑ දැන් යනවලා............."

කොහම හරි පොලීසියවත් ගොඩින් ශේප් කරගත්ත අපි.....ගොල් ෆේස් එකට ගියා..........

ගෝල් ෆේස් එකට අපි සෙට් එක ගිහින් ඉද ගත්තා විතරයි......මගේ ෆොන් එක රිංග් වුනා.කවුද මේ මහ රෑ කොල් කරන්නේ.......මං නම්මරේ බැලුවා මාතර නොම්මරයක්....මං ඕන දෙයක් ප්‍රිතී වෙසක් කියලා හිතාගෙන ආන්සකරා

"හෙලෝ KK අයියේ"

මාව උඩ ගිහින් බිම වැටුනා හැමදාම මාව අතරමං කරන සෙක්සි වොයිස් එක පබා

"පබා නංගි මොකද වුනේ....කොහෙන්ද මේ මහ රෑ කතා කරන්නේ"

"ගොඩක් දේවල් වුනා අයියෙ......මං දැන් ඉන්නෙ මාතර ආච්චිලගේ ගෙදර බොහම අමරුවෙන් මහ රෑ නැගිටලා ඔයාට කොල් කරන්නේ..........ඔයාට කොහමද........?

"මං හොදින් පබා..ඔයාව ගොඩක් මතක් වෙනවා.....ඔයා කොයි වෙලාවේ හරි කොල් කරයි කියලා බලන් හිටියේ"

"මං දන්නවා රත්තරන්...........මටත් මතක් වෙනවා"

"ඔයාලගේ තාත්තා ඔයාව ලෝකේ වටේ කොහෙට අරන් ගියත් මං ඔයා ලගට එනවා ඇත්තමයි"

"මං ගැන හිතන්න එපා අයියේ ඔච්චර.............මාව අමතක කරන් නැතුව ඉන්නකො ඇති මට........දැන් එක්සැම් එකට පාඩම් කරන්වා නේද ඔයා..................."

" මේ ඔව් මේ දැනුත් පාඩම් කර කර හිටියේ නංගා......ඒත් ඔයාව මට මතක් වෙනවා.....පාඩම් කරන්න හිත දෙන්නෙම නෑ.........."

"එහෙම කරන්න එපා පාඩම් කරන්න අයියේ තව මාස දෙකයිනේ තියෙන්නේ......අයියේ දැන් ගෙදර කට්ටිය ඇහෙරෙයි මං තියනවා.....පස්සේ කතා කරන්නම් මං ඔයාට ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරනයි............."

"බුදු සරනයි ඔයත් පරිස්සමින් ඉන්න...............මාත් ඔයාට ආදෙරෙයි"

පබා ෆොන් එක කට් කරේ බොහොම හිමින් සද්දයක් වත් නැති වෙන්න......... වුනාට මගේ වෙරි ඔක්කම බැහලා..........මං හිටපු සුරංගනා ලොකෙන් බිමට වැටුනා O/L ගැන මතක් කරාම………….එ අස්සේ අපේ එවුන් දෙන්නා රන්ඩු වෙනවා උන්ගේ සෙරෙප්පු වලට.....බිම පෙරලගෙන ගහ ගන්නවා මට දැන් වෙරි බැහලා හිංදා......මං ගිහින් වලිය බේරූවා........විසදුමේ වුනේ.........සෙරෙප්පු කුට්ටම් දෙකෙන් එක ගානේ දෙන්නම දා ගත්තු එක..............කොහම හරි අයිස් ක්රිම කලා..........වෙරි බස්සගෙන අපි ගෙවල් වලට ගියා.......උදේ නැගිටලා බලනකොට අපි මැච් එකත් දිනලා..............ලාවට වගේ මතකයි ඊයේ රෑ කරපු විකාර ටික........ඒත් අන්තිමට හිත නතර වුනේ O/L Exam ලග දැන් පිස්සු කෙල කෙල ඉදලා හරි යන් නෑ කියලා තේරුනා..........පාඩම් කරන්න පටන් ගන්න ඕනී ඒත් කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන් නෑ...කිසිම නොට් එකක් නෑ මං ලග අඩු ගානේ අච්චූ පොත් ටිකවත් මං අරගෙන නෑ....10 වසරෙ ඉදලාම පිස්සූ කෙලියා මිසක...........කිසිම දෙයක් කරේ නෑ නේ.......... මං ගැනම ලොකු කේන්තියකින් හිත පිරුනා මොනවා කරන්නද මේකට විසදුමක් තියෙන්නත් එපයි.........මේ වගේ වෙලාවට මගේ පිහිටට ඉන්න මගේ බොක්කෙම ෆිට් එක ප්‍රබුද්ධධයි උගේ නිවුන් සහෝදරයා ප්‍රබොදවයි මතක් වුනා.........උන් දෙන්නට අඩලා අඩලා...........අපේ ගෙදර ගෙන්න ගත්තා පාඩම් කරන්න.......උන් දෙන්නා දන්න හැම දේම මට කියලා දුන්න..........මං පාඩම් කරෙත් උන්ගේ පොත් වලින්..........උන් දෙන්නා හොදට පාඩම් කරලා තිබ්බේ හිංදා අවුලක් වුන් නෑ..........විභාගේ ටික ටික ලං වුනා.................ඔය අතරින් පතර දවස් වල පබා මට කතා කරා......ඒකී නම් මට පැලෙන්න ආදෙරෙයි වගේ......ඒකිට මං හිංදා පොඩි කාලේ ඉදන් ගිය ස්කොලෙ නැති වුනා.......යාලුවො නැති වුනා.................එත් තාමත් මේකී මට ආදරෙයි............මට හිතා ගන්න බැ ඇයි කියලා.........

OL හොදට ඉවර වුනා.........යන්තමින් හරි පාස් වෙයි කියලා හිතුන හිංදා හිත හදා ගත්තා............Exam ඉවර වුන හිංදා මාත් අපේ කඩේ ගිහින් නතර වෙලා අම්මටයි තාත්තටයි උදව් කරා.....කඩේ වැඩ කර කර ඉන්නකොට අපේ කඩේ වැඩකරපු කොල්ලෙක්ෆිට් වුනෙ... මාතර පොරක් නම ප්‍රදීප්.....මිනිහා සැහෙන තාත්තගේ හිත දිනා ගෙන හිටියේ.............මං විස්තර හොයලා බලද්දී පබා දැන් ඉන්න පැත්තෙමයි ප්‍රදීප් ලගේ ගෙවල් තියෙන්නේත්.......මටත් ඉටිත් ඉහටත් උඩින් මගුල් මිනිහා මාසේ අන්තිමට ගමේ යන්න හදනකොට මාත් ඌත් එක්ක මාතර යන්න සෙට් වුනා පබාව බලන්න යන්න...........කඩේ හිටපු හිංදා මාටියා ගහපු සල්ලීත් තිබ්බා ඇති වෙන්න.....ඒත් යන්න හදන ගමන ගොඩක් දුර දිග යයි කියලා මං හීනෙකින් වත් හිතුවේ නෑ.

මතු සම්න්ධයි