Wednesday, December 19, 2012

කැරොකි ක්ලබ් වල නාස්ති වෙන දඩබ්බර ජිවත



කැරොකි ක්ලබ් වල නාස්ති වෙන කෙල්ලන්ගේ ජිවිත වලට වග කිව යුත්තේ කවුද ? ඇග නැටවෙන සංගීතය දෙන ක්ලබ් එකේ ඩි ජේ ද ? යමින් ගමන් පස්සට තට්ටුවක් දාගෙන යන බවුන්සර්ලද ? අලුත් කෙල්ලෙක් ආවම සතියක් විතර ආතල් ගන්න ක්ලබ් එකේ බොස්ද ? ගිනි කන මිලට අරක්කු පොඩ්ඩක් බිලා අතේ තියන තුට්ටුවට කෙලව ගන්න කස්ටමර්ස්ලද? නැත,

ඔවුන්ගේ ජිවිත නාස්ති කර ගන්නේ  ඔවුන් විසින්මය, වග කිවුත්තේ ඔවුන්ගේ දඩබ්බර ජිව්තයමය, මදක් කල්පනා කර බලන්න ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි දහස්‌ ගණන් ගැනු ළමයි කොලබ විවිද ක්ලබ් වල සේවය කරයි නමුත් මොවුන්ගේ ගති ගුණ හැසිරීම ගත් කල සියලු දෙනා එකම වට්ටෝරුවකට වැටෙන උන් වෙති, සියලු කුණු එකතු වෙන්නේ කුණු ගොඩටය,
හැම කෙල්ලම
  • දඩබ්බරයන්ය
  • කැපිලා පෙන්න කැමති
  • මුරන්ඩුයි
  • විනෝදයට බරයි
  • ලැජ්ජාවක් බයක් නැත

හරි සිංහලෙන් කියනවනම් උපන් ගේ සිට කැසිල්ල තියෙන උන්ය, අහලා බලන්න මෙයාලගෙන් ඇයි ඔය රස්සාව කරන්නේ කියලා, ඔබට කියාවි දුකම දුක හිතෙන කාතාවක් මෙන්න මේ වගේ කතාවක්
  •        තාත්තට සුව කරන්න බැරි ලෙඩෙක් තියනවා නංගිලා මල්ලිලාට උගන්නන්න තමා මේක කරන්නේ,
  •          මිනිහා කුඩු ගහලා හිරේ ගියා මගේ ළමයින්ට කන්න බොන්න දෙන්න මේ රස්සාව කරන්නේ
  •          මාව රවට්ටලයි මේකට ගෙනාවේ මට අයින් වෙන්න ඕනි වුනත් අයින් වෙන්න දෙන්නේ නැ මුන් මාව මරයි .

ඔය වගේ කතාවක් වෙන වෙන වර්ෂන් වලින් අහන්න ලැබේවි පත්තර වලට ලියන අයත් මේ කතා රස කරලා ලියනවා ප්‍රශ්නේ තියෙන්නේ පත්තර කාරයොත් රැවටිලද? නැ එයාලා දන්නවා මොකද්ද වෙන්නේ කියලා එත් සතියෙන් සතියෙන් රස කතාවක ලියන්න හම්බ වෙද්දී මොකටද තව වද වෙන්නේ,

ඇයි කෙල්ලෝ මේ විදියට නාස්ති වෙන්නේ පිළිතුරක් අවශ්‍ය නම් යන්න ක්ලබ් එකකට අදුරු මුල්ලක් අල්ලාගෙන බියර් එකක් තොල ගාමින් බලා ගෙන ඉන්න උන්ගේ චරියාව බලන් ඉන්න උන්ගේ කියුම්  කෙරුම් , ඔවුන්ගේ ආත්මයකට එබී බැලුවොත් ඔබට වැටහේවි සියල්ල මුල සිට බොහෝ විට ගමේ සිටි විසේකාරම කෙල්ලය. සෑම විටම කැපී පෙන්නේ කැමති මෙම ජාතියේ කෙල්ලන් කුඩා කල සිටම නාහෙට අහෙන් නැති දුර දිග නොබලා වැඩ කරන දඩබ්බරකම් කම් වලින් පිරිච්ච උන්ය බොහොමයක් ඒකියන් පාසල් සමයේ ප්‍රේම සම්බන්දතා නිසා පාසල් අධ්‍යාපනය කඩා කප්පල් කර ගනී, අඩු වයසෙන්ම ගෙදර විරෝදය නොතකා විවාහ වී ගෙදරරින් පැන ගිය උන් වෙති, කාගේ හෝ වරදින් විවාහයද කඩා කප්පල් කර ගනී.

අවසානයේ උන් කෙසේ හෝ ක්ලබ් එකේ නතර වේ එතන තමයි උන්ට තැන ඔවුන්ට එය දිවිය ලෝකයකි, හිතේ හැටියට විච්චුරන ඇදුම් ආයිත්තම් වලින් සැරසිය හැක තහංචිය කිසිවක්  නැත ඇග පෙන්නන තරමට ආකරශ්නය වැඩිය, හිතේ හැටිය නැටිය හැක නටන තරමට කස්ටමර්ලා වට වෙනවා වැඩිය, දවසින් දවස පිරිමි මාරු කල හැකිය බාල මහලු තරුණ නාකි ලස්සන කැත විවිද පිරිමි තමන්ගේ පස්සෙන්ම වැටි වැටි එන හැටි බලන්ඩ අපුරුයි, දැලි ගාගෙන කුස්සිය මුල්ලට වී බත් තම්බ තම්බා එක එකාට කන්න දෙන්න අවශ්‍ය නැත, ක්ලබ් එකේ සෙට් වෙන හොද දතක් දවල්ට ගෙන්වා ගත්තොත් සියලු සැප ලැබේ පොඩ්ඩක් ගණන් උස්සන්න විතරයි තියෙන්නේ, ඒ සියල්ලටම වඩා මේ සියලු දේවල් කරනවට අත පිරෙන්න ගතමනාවද ලැබේ, ඉතින් සියල්ල සපිරි සුපරි ජීවිතය දමා යන්නේ කුමටද ? සමාජෙන් ලැබෙන අවමානෙන් ගැලවීමට දුක හිතෙන කතාවක් ගොතා ගෙන ආතල් එකේ ඉන්න තමා තියෙන්නේ නමුත් මොවුන් අමතක කරන එක් කාරණාවක් තිබේ සියල්ල ලැබෙන්නේ ඔවුන්ව  කෙල්ලන් ලෙස හදුන් වන්න පුළුවන් වන කාලේ  තිබෙන තුරු පමණි එහෙං මෙහෙන් ඇග වැහි රෙද්දී, සෙන්ට පවුඩර් මේක අප් වලට නාකි පෙනුම වහන්න බැරි වෙද්දී ඔවුන් වැලේ වැල් නැති දිරා පත් වෙන්න වෙර දරන කසල ගොඩක් පමණි.

Tuesday, December 11, 2012

පරාටා රසට කන්නේ කොහමද


පරාටා


මනුස්ස ඉතිහාසය පුරාවටම මිනිස්සු ධාන්‍ය වලින් හෝ අල වර්ග වලින් ලබා ගන්නා පිටි වලට විවිද දේ මිශ්‍ර කරාලා විවිද ආහාර වර්ග හැදුවා ඒ විදියට පරිනාමය වෙච්ච ආහාරයක් තමයි පාරාට කියන්නේ. පාරටා නොකාපු කට මොකටයි හි හි පාරටා කියන්නේ හැමෝම කන කෑම ජාතියක්නේ මේක ඉන්දියාවෙන් ලංකාවට ලැබිච්ච කෑමක් වුනාට ලෝකේ පුරාම විවිද පාරාටා වර්ග විවධ විදියට මිනුස්සු ආහාරයට ගන්නවා , වැඩි පුරාම ජනප්‍රිය දකුණු ආසියාව තුල කිව්වොත් නිවැරදි , පාරාට වර්ග 50 ක් පමණ ලෝකයම පුරාම කුස්සි  වල දිනපතා පිසෙනවා ,ලංකාවේ අපි කන්නේ  දකුණු ඉන්දියාවෙ හුරුවට හදන පරාටා, ගොඩක් රට වල පාරටා කියන්නේ උදෑසන ආහාරයක් ඒ වුනාට ලංකාවේ නම් රෑටත් ගොඩක් අය පරාටා කනවා ඉතින් දීර්ග ඉතිහාසයක් තියන මේ රසවත් ආහාර වර්ගය රසවත් විදියට ආහාරයට ගන්නේ කොහමද කියලා බලමු,
සමහර රට වල නම් රේඩි මේඩ් පාරටා සුපර් මාර්කට් වල ගන්න තියනවා දැන් ලංකාවෙත් ඇති ඒවා නම් කෙලින්ම ගෙනාවා පොඩ්ඩක් රත් කරා කෙලින්ම කෑවා , ඒ වුනාට වැඩි දෙනා පාරට කන්නේ හන්දියේ තියන නයිට් කඩේකින් නේ, එහෙම ගිහින් පාරට කනකොට කඩේ මුදලාලි අහනවනේ පරාටා කපලා දෙන්නද නිකන් දෙන්නද කියලා නේද ? ඔයාලා කොහමද කන්නේ ?

ඔයිට වඩා පාරටා කන්න රස ක්‍රමයක් තියනවා කියලා දන්නවද ? ගොඩක් අය දන්නවා ඇති එත් එහෙම කෑවම පාරටා රස වෙන්නේ ඇයි කියලා දන්නවද ? ඔන්න මම කියලා දෙන්නම්
සමහරු කරන්නේ පාන් කනවා වගේ පාරාටා එක අතේ තියාගෙන කෑල්ල කෑල්ල කඩලා හොදි වල ඔබන් කන එක ඊටත් වඩා රස ක්‍රමයක්‌ තමා මේක  

මොකද්ද මේ ක්‍රමේ ඒක තමයි පාරාටා අතින් පොඩි කෑලි වලට කාඩා ගෙන හොදි දාලා විනාඩියක් විතර තියලා කන ඒක, ඇත්තටම පාරටා ගොඩක් රස්නේ වුනාම කොහම කෑවත් රස නැ කට පිච්චෙනවා විතරයි හොද්ද තමයි සැරට රස්නෙට  තියෙන්නේ ඕනා, මද රස්නෙට තියන පාරාට තුනකට හොද කිරි දාලා හදපු පරිප්පු පොඩ්ඩක් දාලා දුම් දාන සැරම සැර මස් හොදි ටිකක් දාලා ගත්තාම ම්ම්ම් කොහමද රස,
කට්ටියගේ කටවල් අවුස්සන්නෙ නැ මම අපි බලමු කොහමද පාරට කපලා කනවට වඩා අතින් කදුවාම රස ඇයි කියලා,

ඔයාලා දැකලා ඇතිනේ පාරට හදන්න කලින් පිටි ගුලි කරලා ටිකක් වෙලා තියනවා පිපෙන්න කියලා , එහෙම තියලා පාරටා හැදුවාම පාරටා එක ඇතුලේ පුංචි කුහුර වගේ ඇති වෙනවා තැටියෙන් පාරටා ටික බාපු ගමන් පාරට ටික එක ගොඩේ තියලා හතර පැත්තට අත් දෙකෙන් ගහනවා එතකොට පාරට ඇතුලේ කුහර වල තියන වාතය එලියට ඇවිල්ලා තෙල් ඇතුලට ගිහින්  පාරට එක තවත් මෙලෙක් වෙනවා ඒ වගේම පාරටා එක වේලෙන ගතිය අඩු වෙනවා, ඉතින් අපි මේ පරාටා  ඉල්ලුවාම පාරට දෙකක් හරි තුනක් හරි එකට තියලා කපනවනේ එතකොට අර ඉස්සල්ලා මම කියපු කුහුර තද වෙලා වැහෙනවා ඒ කපපු කැලි වලට හොදි දැම්මම හොදි ටික ඇතුලට උරා ගන්නේ නැ  ඇතුලේ තියන තෙල් ගතිය හින්දා හොදි ටික උඩින් ගැවෙනවා විතරයි අපි පාන් කනවා වගේ පාරට කද්දීත් අපි හොදි තුලට ඔබන පරාටා කැල්ල ගොඩක් වෙලා හොද්ද තුල ඔබන් ඉන්නේ නැති හින්දා හරියට හොද්දේ රස පරාටා එකට එන්නේ නැ, දැන් බලමු අතින් කෑලි කඩලා හොදි දැම්මම එච්චර රස ඇයි කියලා පාරටා එක අතින් කඩනකොට ඇදෙනවා එතකොට අර කුහර හොදට විවුර්ත වෙනවා ඊට පස්සේ ඒක උඩට හොදි දැම්මාම හොදට පාරටා කෑලි ඇතුලට හොද්දේ තියන රස ගමන් කරන නිසා අපිට දැනෙන රස වැඩි, මේ විදියට පාරටා රස විදින්න හරි විදියට යිස්ට් නොදා හදන පරාට සහ රස හොද්දක් තියෙන්නෙම ඕනි, 



Monday, December 10, 2012

බැංකොක් සවාරිය 2



කලින් පොස්ට් ඒක බැලුවේ නැති අය මෙතනින් ගිහින් පල වෙනි පොස්ට් ඒක බලලා එන්න 

බැංකොක් සවාරිය 1

අඩුවට තියෙන්නේ මොනවද ?

ඉස්සර වගේ බැංකොක් වල බඩු ගොඩක් ලාබ නැ අපේ රජ තුමා රුපියල උඩ දැම්ම හින්දා අපිට පිටරටින් බඩු ගද්දි ගොඩක් ආවසි, ඒ වුනාට එහේ කඩ වලට ගියාම පිස්සු හැදෙනවා තොර ගන්න දේවල් වැඩි, ලෝකේ තියෙන හැම ට්‍රෙන්ඩ් එකක්ම හැම ෆැෂන් එකක්ම එහේ තියනවා මට මතක හැටියට මම බඩු වල ගණන් දාන්නම බාත් එකක් රුපියල් 4.19 උබලා ගණන් හදා ගනින් මම බාත් වලින් දාන්නම

• පිරිමි ටි ෂර්ට් බාත් 100 සිට ඉහලට (කොලර් නැති එව්වා තමයි ගොඩක් තියන්නේ මාර ඩිසයින් තියෙන්නේ, බාත් 300කට විතර සුපිරි පහරවල් ගන්න පුළුවන් මතක තියා ගන්න මේ ඇදුම් වල කොලිට් එක සුපුරි හොදේ ) 

• පිරිමි ඩෙනිම් බාත් 350 සිට ඉහලට 

• ගැනු බ්ලවුස් බාත් 100 සිට ඉහලට (කෙල්ලෙක් නම් එක්ක යන්න එපා උබලව විකිනෙයි උන්ට මාර කලෙක්ෂන් තියන්නේ )

• ගවුම් බාත් 200 සිට ඉහලට

• ගෑනු සහ පිරිමි පර්ස් 100 සිට ඉහලට (දෙකකට වඩා ගන්නවානම් 75 යි )

• හෑන්ඩ් බැග් (හොද කොලටි එව්වා බාත් 150 සිට ඉහලට )

• පිරිමි සපත්තු (බාත් 300 සිට ඉහලට සුපුරි පහරවල් මෙලෝ රහක් නැති එව්වා බාත් 200 ටත් තියනවා )

• ගෑනු සපත්තු (බාත් 100 සිට ඉහලට තොග ගන්නවානම් එකම පාටින් එක ඩිසයින් එකෙන් කෑලි 6ක් වත් ගන්න ඕනි නැත්නුම් හොද සෙරප්පු දෙකක 250ක් විතර වෙනවා )

• බෙල්ට් 100 සිට ඉහලට ලෙදර් එව්වා 250 සිට ඉහලට 

• මේකප් බඩු බාත් 20 ඉදලා තියනවා

• සෙල්ලම් බඩු රිමෝට් කාර් 250 සිට ඉහකට රිමෝට් හෙළි 500 සිට ඉහලට

• සන් ග්ලාස් 100 සිට ඉහලට 50 ටත් තියනවා එච්චර හරි නැ සන් ග්ලාස් ගද්දි තව 100ක් දීලා පවුච් එක කුත් ගනින් ඊට පස්සේ ඉතින් ඔරිගනල් තමා 

• ඔරලෝසු ( තෑගි දෙන්න හොද එව්වා 10ක් ගත්තොත් 650 ක් වෙනවා ටිකක් සාටර් ඔරලෝසු හොද තත්වයේ එව්වා 250 න් උඩ )

• ෆෝන් සහ ඉලොක්ට්‍රොනික් (ගොඩක් තියෙන්නේ හොද තත්වයේ ඩුප්ලිකේට් බඩු 2000 ඉදන් උඩට තියනවා, එක ගැනියෙක් මට s3 එකක් විකුනන් හැදුව යකෝ මන් හිතුවෙම ඔරිගන්ල් කියලා පිස්සු හැදෙනවා එක ගාව තියන ඔරිගනල් එක අරන් කොම්පරේ කරලා පෙන්නුවා හොයන්න බැ ලොවෙත් 6500ක් කිව්වා 

ඔයාලා ලංකාවේ ප්‍රයිස් එකත් කොම්පරේ කරද්දී බලන්න මේ බඩු වල කොලිට්ය් එක හොදයි අරහෙන් මෙහෙන් නුල් එල්ලන් ඇදුම් නැ 100 ට තියෙන්නෙත් හොද බඩු , 

බැංකොක් වල අනිත් විස්තරත් තියනවා එව්වා ඉස්සරහට දාන්නම්  ;D

බොහම අමාරුවෙන් බ්ලොග් ඒක මේකට රිංගව ගත්තේ 

Sunday, December 9, 2012

සුනාමි ළමයා



වෙලාව උදේ 7.30 නයිට් ශිෆ්ට් එක කරලා චාටර් වෙලා හිටපු මම වෙලාව බැලුවා තව පැයක් තියනවා ඔෆ් වෙන්න  කම්මැලි කම යන්නත් එක්ක සිගරට් එක්ක බොන්න එලියට ගියා, දොර ලග හිටපු සිකිරුටි ඔෆිසර් අදුරු හමක් තියන එච්චර උස නැති අංකල් කෙනෙක්, මම යනකොටම කට පුරා හිනා වෙලා ගුඩ් මොර්නිග් සර් කියලා කිව්වා. මම හිනාවක්‌ නැතුවම ගුඩ් මොර්නින්ග් කිව්වා. මම මහන්සි වෙලා හිටියේ පාඩුවේ සිගරට් එක බොන්නයි ඕනි වෙලා තිබුනේ, එත් අංකල් බලෙන්ම කතාවට වැටුනා,

"අදත් හවසට වහි නේද සර්"

"ඔව් වහි සමහර විට"

"අපේ පැත්තෙනම් හැමදාම පොදයක් හරි ගහනවනේ සර් "

"ආ එහෙමද කොහෙද ගම"

"මම කෑගල්ලනේ සර් හැමදාම වහිනවා, හැන්දවට වතුර ටිකක් බොන්නවත් බැ සීතලයි සර් නානවා තියා හිතන්නවත් බැ,"

"ආ එහෙමද , ඒ වුනාට හුරු වුනාම ගාණක් නෑනේ"

"මම ඉතින් ඒ දවස් වල ඉදලා කොලබ තමයි හිටියේ ඒක හින්දා මට එච්චර හුරු නැහැ  සර්."

"ගොඩක් කල්ද  මේ ජොබ් එකට ඇවිත්?"

"නැ සර් මම කලින් වැඩ කලේ ආර්පිකෝ ෆැක්ට්‍රි එකේ වන්දි ක්‍රමේට අයින් වුනා. දුවලා එහෙම ඉගන ගන්න හින්දා මම සල්ලි අරන් අයින් වුනා සර් ,"

"ආ එහෙමද එයාලා කොහෙද ඉගන ගන්නේ"

“දුවලා තුන් දෙනෙක් ඉන්නවා තුන්දෙනාම පේරාදෙණිය කැම්පස් එකේ ලොකු දුව දැන් කැම්පස් එකේම උගන්නනවා අනිත් දෙන්නා තාම උපාදිය ඉගන ගන්නවා” අංකල් හිනාවකින් මුණ පුරෝගෙන හෙන ආඩම්බරෙන් කියන්නේ."

"අංකල්ට හෙන සතුටයි නේද ළමයි තුන් දෙනාම කැම්පස් නේ,"

"තුන් දෙනෙක් කිව්වට සර් මට දුවලා දෙන්නයි හිටියේ අනිත් එක්කනා සුනාමි ළමයෙක්."

"ඒ කිව්වේ,"

"ඒ ළමයා අපේ පොඩි දුවගේ යාලුවෙක් සර් එකට කාමරේ හිටියේ ඒ දවස් වල ඉදලාම අපේ ගෙදර ආවා ගියා ගාල්ලේ ළමයෙක්, සුනාමියට දුවගේ අම්මයි තාත්තයි අය්යායි ගිහින්, ඒ ළමයා අපේ ගෙදර හිටියේ සුනාමි ආවා කියලා ආරංචි වුනාම අඩ අඩ හිටියා දවස් දෙක තුනකට පස්සේ අපි  ගියා එයාගේ අම්මලාව හොයාගෙන , එයාලගේ ගෙදර ගල් කැටයක් වත් ඉතුරැ වෙලා තිබ්බේ නැ සර් ගෙදර අයත් එක්කම ගේත් මුහුදට ගිහින්, කෙල්ල හොදටම ඇඩුවා ගෙදර අයගේ මිනි ටිකවත් හම්බ වුනේ නැ, ඊට පස්සේ අපි ලමයව අපේ දුවෙක් වගේ හදා ගත්තා අපිට අම්මා තාත්තා කියලා තමා දැන්  කතා කරන්නේ සර්."

මේ ටික ඇහුවාම මම හොල්මන් වෙලා ගියා මම හාරලා තව විස්තර ඇහුවා
"ඉතින් එයාගේ නෑදැයෝ කවුරුත් නැද්ද"

"ඉන්නවා සර් ඒ කවුරුත් ළමයට ආදරේ නැ දේපල වලට තමයි ඇහැ ගහ ගෙන ඉන්නේ. හොද වෙලාව ඔප්පු තිරප්පු ටික මහා ගෙදර තිබ්බේ, අපි ගාලු ගිහින් ඒ දේපල ඔක්කොම මේ ළමයාගේ නමට හදලා දුන්නා, පවුලේ අයට පින්කම් ටිකත් හරියට කරා අපි කවදාවත් මේ ලමයව තනියම ගාලු යවන්නේ නැ දැන් කාලේ කියන්න බැ බයයිනේ සර්. ඉදලා හිටලා කට්ටියම  ගිහින් ඉඩම එහෙම බලලා එනවා.මම මේ ජොබ් ඒක කරන්නෙත් ගෙදර නිකම් ඉන්න බැරි කමට සර් දුවලා මට කියනවා ගෙදර ඉන්න කියලා මට හිත දෙන් නැ,"

හ්ම්ම් මට එතනින් එහාට කියන්න වචන ඉතුරු වෙලා තිබ්බේ නැ මම යන්නම් කියලා ඔෆිස් ඒක ඇතුලට ආවා, ටික වෙලාවක් කල්පනා කර කර ඉදලා තමයි ලියන්න ගත්තේ, සමහර විට මගේ භාෂා  හැසිරවීම ලස්සන නැතුව ඇති, එත් ඒ පුංචි මනුස්සයාගේ කතාවෙන් මාව අමුතුම කෝණයකට අරන් ගියා,  සුනාමියට මැරුණු අයගේ මිනි වැලි රත්තරන් බඩු උන් මරනු අයගේ ඉඩම් අල්ල ගත්ත මිනිසුන් අතරේ කිසිම වාසියක් නැතුව මේ වගේ පින් අතේ වැඩ කරන මිනුස්සුත් ඉන්නවා කියලා හිතුනාම හිතට සතුටකුත් දැනුනා

Tuesday, December 4, 2012

බැංකොක් සවාරිය



මේ දවස් වල ප්‍රොමෝෂන් ප්‍රයිස් එකට ගොඩක් අය බැංකොක් යන හින්දා පොඩි ගයිඩ් එකක් දාන්න හිතුවා මමත් ඊයේ පෙරේදා තමා ගිහින් අවේ, යන්න කලින් විසා ගන්න එපයි බලමු කොහමද විසා ගන්නේ කියලා.

විසා සදහා අවශ්‍ය දේවල්

1. අඩුම මාස 6ක් වත් වලංගු පාස්පෝර්ට් එකක් 
2. රුපියල් 90000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් 
3. කොහේ හරි වැඩ කරනවානම් යන දවස් වලට නිවාඩු දුන්නා කියලා ඔෆිස් එකෙන් ලියුමක් 
4. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්
5. බැංකොක් යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක් 
6. විසා අයැදුම් කිරීමේ ගාස්තුව 4700 

මෙහෙමයි අපිටම එම්බසි එකට ගිහින් වැඩේ කරගන්න පුළුවන් එත් ඔයා ටිකට් එක ගන්න ඒජන්සි එකෙන්ම විසා වැඩ ටික කර ගන්න රුපියල් 500ක් වැඩිපුර ගනී, එක ගොඩක් පහසුයි , යන්න දවස් තෝරා ගද්දි සති අන්තයක් තෝරා ගන්න, තවත් දෙයක් ඔයා පලවෙනි පාරට නම් ෆ්ලයි කරන්නේ. බැංකොක් යන්න දවල් වෙලාවක් තොර ගන්න අපහු කොලබ එන්න රැ ෆ්ලයිට් එකක් දා ගන්න, එතකොට තමයි දවල් රැ දෙකේම ලස්සන බලා ගන්න පුළුවන් , ඊළගට හොටෙල් එක කලින්ම බූක් කර ගෙන යන්න www.agoda.com එකෙන් බූක් කරන්න හොද ඔෆ්ර්ස් තියනවා USD 30 කට අඩුවෙන් 3 ස්ටාර් හොටෙල් එකක් උදේ කෑමත් එක්ක බූක් කර ගන්න පුළුවන් මතක ඇතුව Bed and breakfirst එක්ක හොටෙල් එක බුක් කරන්න. ෂොපින් කරන්න යනවනම් pratunam අවට හොටෙල් එකක් බූක් කර ගන්න එතකොට ලේසි Pratunam First Hotel එක මන් රෙකම්න්ඩ් කරනවා . 
ගෙනියන්න ඕනි දේවල්.
ඔයා ගොඩක් ෂොපින් කරන්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් අරන් යන්න එපා ලොකු හිස් බෑග් එකක් අරන් යන්න බඩු අරන් එන්න අපිට ගෙන්න පුළුවන් කිලෝ 30ක් හින්දා ගොඩක් බර දේවල් අරන් ගියොත් අපිට පාඩුයි, මගේ ලිස්ට් එක මෙන්න 

1. අදින්න ඇදුම් 
2. ඇවිදින්න පහසු සෙරෙප්පු ජෝඩුවක් (ගොඩක් ඇවිදින්න තියනවා)
3. පෙනඩෝල් කාර්ඩ් එකක්
4. කල් තියා ගන්න පුළුවන් කෑමක් (මාළු අබුල් තියල්, සිනි සම්බෝල් )

මම කෑම අරන් යන්න කියන්නේ සමහර අයට එහෙ කෑම කන්න බෑ පට්ට ගදයි ආසාවට එක පාරක් කන්න පුළුවන් එත් ඊට පස්සේ බලන්නවත් හිතෙන් නැ, උදේට හොටේල් එකෙන් දෙන්නේ ඇමරිකන් බ්‍රෙක්ෆස්ට් එකක් එක කන්න පුළුවන් අවුලක් නැ , දවල්ටත් ඔය අවිදින්න් ගියාම KFC එකෙන් වගේ කන්න රැට බඩගිනි වුනාම සුපර්මාර්කට් එකෙන් පාන් ගෙඩියක් අරන් ගෙනියපු එකත් එක්ක කන්න, ඒ වගේම ඉන්දිං පකිස්තාන් කඩ තියනවා එත් පට්ට ගණන් , සල්ලි ගොඩක් අරන් යනවනම් අවුලක් නැ ,

හරි දැන් ඔක්කොම ලෑස්ති කර ගෙන යන්න විතරනේ තියෙන්නේ , පැය තුනක් විතර කල් ඇතුව එයාර් පොර්ට් එකට යන්න තව දෙයක් දැන් ඔයාලට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන් හින්දා ගෙදර ඉදන්ම ඔයාලා යන්න කැමති සිට් එක සෙලෙක්ට් කර ගන්න පුළුවන් , කොල්ලෝ සෙට් එකක් නම් යන්නේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් බෝතලයක් අර ගෙන යන්න, එහෙ ටිකක් ගණන් එක් කෙන්ක්ට බෝතලයක් අරගෙන යන්න පුළුවන්, හරි දැන් ඔයාලා වැඩ ටික කරගෙන බැංකොක් ස්වර්ණ බුමි එයාර් පොර්ට් එකෙන් බැස්සා කියමුකෝ 

හරි අපි බැස්සට පස්සේ එහෙ ඉමිග්රේෂන් එකෙන් අපේ විසා චෙක් කරලා සිල් එකක් ගහලා එලියට දානවා ඩිපාචර් එකෙන් එලියට එනකොට ඉන්නේ ටැක්සි සර්විස් අයයි සල්ලි මාරු කරන අයයි සිම් විකුණන කට්ටියයි මතක ඇතුව ලංකාවෙන් යද්දී ඔයාලගේ සල්ලි ඩොලර්ස් වලට මාරු කරන් යන්න , ඔයාලා එහේ එයාර් පොර්ට් එකෙන් ගොඩක් සල්ලි මාරු කර ගන්න එපා ඩොලර් 100ක් විතර මාරු කර ගන්න ඉතුරු ටික සිටි එකට ගිහින් මාරු කරගන්න එත කොට පොඩ්ඩක් ලාබයි වැඩේ. මොකද බැංකු වලට වඩා එළියේ පොඩි පොඩි එක්ස්චේන්ග් වල රේට් එක හොදයි, එයාර් පොර්ට් ඉදලා හොටෙල් එකට යන්න වැන් එකක් බාත් 1200ක් ගන්නවා ඔයාලා 4 දෙනෙක්ට වැඩි පුර ඉන්නවනම් අනිවා වැන් එකක් අරන් යන්න ඒ වුනාට 1200ක් ගණන් වැඩි බොරු වැඩක් කරන්න දෙයක් නැ, ඔයාල 4 දෙනෙක් හරි අඩුවෙන්නෙම් ඉන්නේ කෙලින්ම් යන්න පල්ලෙහම තට්ටුවට (ලිෆ්ට් එකක් හොයාගෙන ගිහින් නැගලා බි 1 එකට යන්න ) එතනින් කාර් ටැක්සි එකක් හොයා ගන්න පුළුවන් 450 කට විතර. මතක ඇතුව බය නැතුව බාර්ගෙන් කරන්න ඕනි මෙයාලා මුලින්ම 600ක් විතර කියනවා 400 යමුද අහන්න අන්තිමට කියයි 450 ට යමු කියලා , ඩ්‍රයිවර් ට හොටෙල් එකේ කාර්ඩ් එක දුන්නම පොර ගිහින් දායි , හොටෙල් එකට ගියාම ඔයාලගේ බඩු ටික බෙල් බෝයි ඇතුලට අරන් යයි බෑග් ටික ඔක්කම තියනවද කියලා චෙක් කරන්න, හැම හොටෙල් එකක්ම් බාත් 500 ක ඩිපොසිට් එකක් ඉල්ලනවා එක යනකොට දෙනවා එක හින්ද බය නැතුව දෙන්න, උබලා රූම් එකට ගිහින් වොෂ් එකක් එහෙම දාලා කෙලින්ම එලියට බහින්න් මොකද දවස් දෙකක් නැත්නුම් තුනක් නේ උපරිම ඉන්නේ එක හින්දා රෙස්ට් කරන්න ගොඩක් වෙලා ගන්න එපා, මතක ඇතුව පාස් පොර්ට් කොපි එකක් අතේ තියා ගෙන පාර්ස් පොර්ට් එක රුම් එකේ තියන සේෆ් එකට දාන්න වටිනා බඩු මොකුත් තියනවනම් ඔක්කම සේෆ් එකට දන්නා එළියේ තියලා යන්න එපා, මොකද රුම් එක ක්ලීන් කරන්න එන අය සුවර් නැ .

බලන්න යන්න ඕනි තැන්

• Dream world them park
• Prathunam market
• Chatuchak weekend market (cheap closthes, handcrat items )
• China town (whole sale hand bags)
• MBK shoping center
• Floating market

මේවට යද්දී ටුක් ටුක් එකක් අරන් යනවනම් පොඩ්ඩක් පරිස්සමින් මචන් , හොදට ගණන් අඩු කරලා හරියට කොන්ෆොර්ම් කරන් නැගපන්, අනිත් එක මුන් හෙන අඩු ගානක් කියලා කියයි උබට යන්න ඕනි තැනට කලින් පොඩ්ඩක් කඩේක නතර කරනවා මොකුත් ගන්න ඕනි නැ විනාඩි 10ක් බලන්න කියලා බැම කියලා කියපන් බැරි වෙලාවත් ගියොත් උබව සුද්ද කරනවා ලස්සනට එක හින්ද අරහේ මෙහෙ යද්දී කාර් ටැක්සි එක්ක යන්න පොඩි ගනනක් වෙනස් වෙන්නේ හැබැයි සැපට පරිස්සමින් යන්න පුළුවන්, උන් ලග මීටර් තියනවා හැබැයි මීටරේ දැම්මොත් වටේ කරකවනවා එක හින්දා ගණන් වාහන දෙක තුනකින් අහලා ගණන් කතා කරන් පලයන්. බැංකොක් වල පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. එක හින්දා පාරට රස්තියාදුව වැඩි මචන්, ගොඩක් වෙලාවට ඇවිදින්න තමයි තියන්නේ weeknd market eke විතරක් කඩ 15000 ක් තියනවා කකුල් රිදෙනකම් අවිදපන් හැම කදෙකින්ම ගණන් අහන්න කිසම දෙයක් හෙට්ටු කරන් නැතුව ගන්න එපා බෝර්ඩ් ගහලා තිබ්බත් ගණන් අඩු කරපන්, කැලි තුනක් වත් ගන්නවානම් ගණන් අඩු කරනවා පට්ට විදියට, දවසම ඇවිදලා හොටෙල්ට ගිහින් හොද වොෂ් එකක් එහෙම දාලා හොටෙල් එකේම තියන ස්පා එකෙන් බාත් 200ල් දීලා ෆුට් මසාජ් එකක් දා ගනින් අම්මෝ සැප අමාරුව කොහෙන්ද ගියේ කියලා හිතා ගන්න බැ ඊලග පොස්ට් එකෙන් මොනාද ගණන් අඩු බඩු කියලා දාන්නම් 



Saturday, September 15, 2012

නොගැලෙපෙන කතාව- 10 කොටස


"හෙලෝ"

"ආ එන්න හිටපු යාළුවා ආවේ නෑලු නේද පව් වැඩේ කොල්ලට දුකද?"

"එව්වා ඔයාට වැඩක් නැනේ ඇයි ඔයා දුක්ගන්නා රාලද? "
හිතට ආපු දුකයි කේන්තියක් එක්ක අමුතු විදියට මගේ වචන පිටවෙන්නේ,

"ඕනි නම් මට දුක්ගන්නාරාළ වෙන්නත් පුළුවන්?"

"මට පාඩුවේ ඉන්න දෙන්න මට වැඩක් තියනවා" මං ෆෝන් ඒක කට් කරා ජිවිතෙන්ම පරාද වෙලා වගේ මුසල හැගීමක් හිතේ තියෙන්නේ සිගරට් එකක් බොන්න කියලා හිතා ගෙන මං කඩයක් ඇතුලට ගියා. ටික වෙලාවකින්  ෆෝන් එකට SMS අවා ?

oyage mokadda ane maha loku wade............mata num class eka boring appa....aparade apitath arayalath ekka yanna thibbe neda.......iduni

මෙයා මේ මොකටද එන්න හදන්නේ සුවර් එකට ප්‍රදීප් මෙයාට කතා කරලා කියන්න ඇති විස්තරේ.

mata mokuth wadak na....mama mood out hitiyee.......class eka boring num gedara yannako ithin..... මගේ කේන්තිය ටිකක් අඩු කරගෙන  මැසේජ් එකට රිප්ලයි කරා ,

අනිත් පැත්තට රිප්ලයි එකත් ආවා

gedara yanna oni num oyaata kia kia innawada moodayooo...man oyage mood eka fix karannam.....api ude hitapu thanatama enna puluwanda?

මම දෙලොවක් අතර තනි වුනා පබා එනවා කියලා ආවෙත් නෑ හිතත් හොදටම රිදිලා මම මෙසෙජ් එකක් ගැහුවා එන්නම් කියලා ඒත් යනවද නැද්ද කියලා තාම හිතනවා කමක් නෑ මම යනවා අඩු ගානේ මේ මගේ හිත රිදෙන එකවත් අඩු වෙයිනේ මම එතන්ට යනකොට ඉදුනිල් හිනා වෙවි ඉන්නවා මේකී කලු වුනාට මාර ලස්සනයි මාර සෙක්සි පිස්සු හැදෙනවා


"අපෝ මෙයා මාර කොල්ලෙක් තමා මෙයාගේ මාර ගෑස්නේ"

"එහෙම එකක් නෑ හලෝ මං කීවනේ මුඩ් අවුට් කියලා"

"හරි හරි මොකද්ද ඉතින් මුඩ් යන්න තරම් වුන ප්‍රශ්නේ .....කියන්නකො බලන්න"

"ඒක කීවට වැඩක් නෑ ඔයාට මොකුත් කරන්න බෑ"
"හරි හරි කියන්න බැරි නම් නොකියා ඉන්න මට මෙතන ඉන්න බෑ අනේ ඔක්කොම අපි දිහා
බලනවා..යන්කෝ කොහේ හරි."

"බලන අය බලපු දෙන් හලෝ බැලුවා කියලා මොකද වෙන්නේ ඉතින් ........දැන් ඔයාට කොහෙද යන්න ඕනී ඉතින්............."

"අපි බීච් එක පැත්තටවත් යමු "

කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු මේ මොකද්ද මේ වෙන්න යන්නේ,
"අපි දෙන්නා බීච් ගිහින් මොනවා කරන්නද?" මම පුදුමෙකුත් එක්කම ඇහුවා,

"නිකන් මුහුද දිහා බලන් ඉමු අනේ එනවද කියන්නකෝ,"

"හා එහෙනම් යමුකෝ " 

"මොනාද අනේ කන්න වගේ බලන්නේ බඩ ගින්නේද ඉන්නේ"

"බඩගිනි නම් තමයි ඒ වුනාට එල හරක් මස් කන එක පව්නේ "මමත් මේකිත් එක්ක ගේම මයි ඉල්ලනේ
එත් එක පාරට කෙල්ලගේ මුණ වෙනස් වුනා

"මොකද්ද අනේ මම ඔයා පව් කියලා ආවම මට පල් පාට් දානවා මොකද මාත් එක්ක මෙච්චර තරහින් කතා කරන්නේ" අමුතු හුරතල් ගතියක් අරන් මෙකි මගේ මගේ පැත්තට හැරිලා කිව්වා.

ගැනුන්ගේ මායමක් කියලා දැන දැනත් මම එකට අහු වුනා
"සොරි සොරි මං ඉතින් විහුලුවටනේ කිව්වේ "

එත් එක්කම කෙල්ල ආය හුරතල් හිනාව දාලා මගේ අතින් ඇද ගෙන ගියා වෙරල පැත්තට, මට හිතා ගන්න බැරුව හිටියේ මම මොකද්ද කරන්නේ කියාලා මමත් කියලා අතපය තියන කොල්ල්ක්නේ මටත් එක එක එව්වා හිතෙනවා  දැනෙනවා , අපි දෙන්නා බීච් එක පැත්තට යද්දී බීච් එකේ ඉන්න කපල් සෙට් එකම පොලිසියෙන් එලවනවා අපි ඒක නොදැක්ක ගානට  එහෙමම යු ටර්න් එකක් ගහ ගෙන  ආපස්සට ආවා,
"හරි වැඩේනේ කේ කේ දැන් අපි මොකද කරන්නේ "
මට දෙන්න උත්තරයක් තිබ්බේ නැ මම මේ මාතර ටවුන් එකේ ඉන්න තැන්  දන්නෙත් නැ එහෙම හිත හිත උඩ බලද්දී දැක්කා SK ෆිල්ම් හෝල් එක.
මොකද්ද දුවපු ෆිල්ම් එක කියලත් බැලුවේ නැ මම ඇහුවා ඉදුනිල් ගෙන්
"අපි ෆිල්ම් එක බලමුද කියලා?"
මේකත් ගත් කටටම කිව්වා හා කියලා
එහෙමම අපි  10.30 බලන්න පෝලිමට සෙට් වුනා, මාතර කොල්ලෝ කෙල්ලෝ ෆිල්ම් බලන්න පුදුම කැමත්තක්නෙ නේ තියෙන්නේ ඔක්කොම ඉන්නේ කපල්, ඔක්කොම එක ගොඩේ ගුලි වෙලා තුරුල් වෙලා ටික වෙලාවක් යද්දී අපි දෙන්නත් ලං වෙලා ටිකක් නෙමේ ගොඩක්, එයාගේ කම්මුල් වලට මගේ හුස්ම වැදිලා ආපහු එනවා මට තේරෙනවා  මම හිමිට එයාගේ ඉන වටේ අත දාලා තවත් ටිකක් ලගට ගත්තා එයාගේ මුණ දිහා බලන ගමන්, පුසී වගේ මගේ ලගටම වෙලා එයත් තුරුල් වුනා, ඊට පස්සේ ටිකට් දෙන්න පටන් ගත්තා කවුන්ටරේ ලගට යනකොට   මම දැක්කො හැමෝම වගේ ගන්නේ බොක්ස් මටත් සාමන්‍ය විදියට කරුමෙට වගේ  මහා වල් හිතක් පහල වුනා ඒ වෙලාවේ මම හැරිලා  එයාගෙන් ඇහුවා 
"බොක්ස් ගමු?"   ඉදුනිල් ඔලුව වනලා කැමැත්ත ප්‍රකාශ කළා,  දෙයියනේ මොකද්ද මේ වෙන්ඩ යන්නේ ?

Monday, September 10, 2012

නොගැලෙපෙන කතාව- 9 කොටස



උදේ පාන්දර කුකුලෙක් කැ ගහද්දීම ගැස්සිලා අහුරුනේ ලොකු හීනයක්‌ අතරමගදී. ඇදෙ ඉදගෙනම මොනාද හීනේ දැක්කේ කියලා කල්පනා කරද්දී මට එක එකපාරට දැකපු  හීනේ අමතක වෙලා ගියා මහා අමුතු හැගීමක්. මන් නැගිටිනකොට ප්‍රදීප් නැගිටලා මට තේක්කුත් ගෙනල්ලා.
ප්‍රදීප් වෙලාව කීයද බන් ?
හතට දහයක් විතර ඇති සුදු මහත්තයා ඉක්මනට ලෑස්ති වුනා නම් හරි අපි ටවුන් එකට යමු මගේ එක්කනා 8 අට වෙනකොට එනවලු
හරි ප්‍රදීප් ලෑස්ති වෙන්නකෝ පබා දැන් කෝල් කරයි ,
ඊට‍ පස්සේ මන් කෝට්ටේ යට තිබ්බ ෆෝන් එක අරගෙන ෆෝන් එක දිහා බලන් හිටිය එත් කෝල් එකක් අවේ නැ.
ඕනි දෙකට ලෑස්ති වෙනවා කියල හිතාගෙන මම ලෑස්ති වෙනකොට ප්‍රදීප් ලගේ අම්ම ඇවිත් කෑම කන්න කතා කරා, කෑම ටික නම් පංකාදු පහයි, කැකුළු බත් උයලා වෙල් මාලු මිරිසට හදලා පොල් ගාපුවත් එක්ක , බඩපිරෙන්න කාලා එහෙම මාතර ටවුන් එකට අවා, පිස්සු හැදෙනවා මාතර ටවුමේ ගැල්ලමයි පිරිලා කොලබ ඉන්නේ මොන කෙල්ලොද කියලා හිතුනා, කොහොම හරි අපි යද්දී ඊයේ බස් එකේ සෙට් වුන ඩබල ස්ටෑන්ඩ් එකට ඇවිත් හිටියේ .
ප්‍රදීප් දත් තිස් දෙකම පෙන්න හිනාවක් දාගෙන උගේ අලුත සෙට් වුන කෙල්ල එක්ක කතාව, අර මොඩිෆයි කරපු සපෝර්ට් කාර් එක මන් ලගට අවා නැලවී නැලවී,
ගූඩ් මොර්නින්ග්,
ගුඩ් මොර්නින්ග් ඉතින් කොහමද අදත් ක්ලාස්ද?
ඔව් අනේ ඒ වුනාට මට අද තනියම තමයි යන්න වෙන්න අර දෙන්නා හනිමුන් යන්නනේ හදන්නේ,
අනේ අම්මේ මාව කොර වෙලා ගියා මේකිගේ හැකර කට, මන් හිනා වෙලා නිකන් හිටියා මගේ ඔලුව තිබ්බේ පබාගේ කෝල් එක එනකම්,
එක නෙමේ ඔයා මොකද කරන්නේ අරදෙන්නගේ පස්සෙන් යන්න එපා එයාලා පව් නේ,
නැ මං පහන් අල්ලන්න යන් නැ මට ඊට වඩා වැඩ තියනවා කියලා කියවුනා අරකිගේ මුණ නිකන් කලු වෙලා රතු වෙලා කොච්චි කරලක් වගේ වුනා,
අනේ මෙයාගේ ගැස් හරියට නිකම් මම මෙයාව එක්ක යන්න හැදුවා වගේනේ මම යනවා බායි කියාගෙන එකී අරුන් දෙන්නටත් කියලා යන්න ගියා,
මොකද්ද ඒ හරුප කතාවේ තේරුම මට හිතා ගන්න බැරි වුනා,
සුදු මහත්තය අරයා කීයටද එන්නේ ප්‍රදීප් මට කිට්ටු කරලා ඇහුව,
දැන් එයා කෝල් කරයි මම එතකං අයියගේ කඩේට වෙලා ඉන්නම් ඔයාලා යන්න අවුලක් නැ,
හරි මොනා හරි තිබ්බොත් කෝල් එකක් දෙන්නකෝ අපි ලග පාත ඉන්නේ එහෙම කියලා ප්‍රදීප් ගියා එයාගේ කෙලි පොඩ්ඩත් එක්ක. මම මාතර ටවුන් එක මැද තනි වුනා, ෆෝන් එක දිහා පිස්සෙක් වගේ බලන් හිටියා කොච්චර වෙලා ගියාද දන් නැ,
එක පාරටම ෆෝන් එක රිංග් වුනා මම බලන් හිටපු කෝල් එක,
අයියේ ඔය කොහෙද ඉන්නේ පබාගේ සුකිරි වොයිස් එක මට අනිත් පැත්තෙන් ඇහෙනවා,
නංගි මම ටවුන් එකේ ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ මම එන්නද දැන් ක්ලාස් එක ලගට මගෙන් ප්‍රශ්න වැලක් ,
අනේ සොරි මගේ රත්තරන් අද අම්මට සැක හිතිලා මන් දන් නැ ඇයි කියලා, එයාමයි මාව ක්ලාස් එකට එක්කන් අවේ, මන් හිතුවේ මාව දාලා එයා ගෙදර යයි කියලා එත් එයා තාම ගේට් එක ලග ක්ලාස් ඉවර වෙනකම් ඉන්නවලු , මන් මොකොද අයියේ කරන්නේ අද මට එන්න බැරි වෙයි වගේ ඔයා තරහද රත්තරන්,
මෙයා රත්තරන් ගැන කතා කරනවා මට අසු හරධාහට නැග්ග, මන් කොලබ ඉදන් මෙච්චර කට්ටක් කාගෙන අවා මෙයා දන් මගුලක් කතා කරනවා, හිත කේන්තියෙන් පිරුණට පබාට මොකුත් කියන්න හිත දුන්නේ නැ,
කමක් නැ පබා මොනා කරන්නද ඔයාට මම ෆෝන් එකකුත් ගේනවා ඒක දෙන්න විදියකුත් නැනේ මට දුකයි කමක් නැ,
අයියේ ක්ලාස් ඒක පටන් ගන්න හදන්නේ මන් ඉවර වෙලා කෝල් එකක් දෙන්නම් තරහා වෙන්න එපා රත්තරන්,
එත් එක්කම කෝල් එක කට් වුනා, මට දරා ගන්න බැරි දුකකුත් තනිකමකුත් දැනුනා මෙච්චර සෙනගක් අස්සේ  මට මෙහෙම දැනෙන් නේ ?. කර ගන්න දෙයක් හිතා ගන්න බැරි වුනා කොහේ හරි කරටි කැඩෙන්න බොන්න තියනවනම්, කල්පනා කර කරම මම ඔහේ ඇවිද්දා, මන් ප්‍රදීප් ට කෝල් එකක් ගත්තා,
ප්‍රදීප් පබාට එන්න විදියක් නෑලු බන් මට හෙන අවුල,
සුදු මහත්තයා කොහෙද ඉන්නේ ඔහොම ඉන්න මම එන්නම්” මගේ වොයිස් එකෙන්ම පොරට තේරෙන්න ඇති මට අවුල් කියලා ,
එපා එපා ප්‍රදීප් මම හිතුනොත් මෙහෙමම කොලබ බස් එකේ නගිනවා අවුලක් නැනේ , ඔයාලා හිමිට ඉදලා එන්න,
හරි සුදු මහත්තයා කැමති දෙයක් කරන්න හැබැයි පරිසමින් මතකනේ  මැඩම් එනකොට කියපුවා,
හරි හරි මම කෙලින්ම ගෙදර යන්නේ මන් ගිහින් කෝල් එකක් දෙන්නම් “ ෆෝන් එකත් කට් කරලා සාක්කුවේ දාගෙන මම ආපහු ස්ටෑන්ඩ් ඒක දිහාවට ඇවිද්දා, කොලබ බස් එකට නැගලා අන්තිම සිට් එකේ වාඩි වුනා, එතකොටම මගේ ෆෝන් ඒක රිංග වෙනවා ඒ පාර  කවුද ඉදුනිල් අර මොඩිෆයි කාර් ඒක මට මොකටද කෝල් කරන්නේ, මම ආන්සර් කරා,