Tuesday, December 4, 2012

බැංකොක් සවාරිය



මේ දවස් වල ප්‍රොමෝෂන් ප්‍රයිස් එකට ගොඩක් අය බැංකොක් යන හින්දා පොඩි ගයිඩ් එකක් දාන්න හිතුවා මමත් ඊයේ පෙරේදා තමා ගිහින් අවේ, යන්න කලින් විසා ගන්න එපයි බලමු කොහමද විසා ගන්නේ කියලා.

විසා සදහා අවශ්‍ය දේවල්

1. අඩුම මාස 6ක් වත් වලංගු පාස්පෝර්ට් එකක් 
2. රුපියල් 90000 කට වඩා තියන බව ඔප්පු කරන්න බැංකු පොතක් 
3. කොහේ හරි වැඩ කරනවානම් යන දවස් වලට නිවාඩු දුන්නා කියලා ඔෆිස් එකෙන් ලියුමක් 
4. පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්
5. බැංකොක් යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක් 
6. විසා අයැදුම් කිරීමේ ගාස්තුව 4700 

මෙහෙමයි අපිටම එම්බසි එකට ගිහින් වැඩේ කරගන්න පුළුවන් එත් ඔයා ටිකට් එක ගන්න ඒජන්සි එකෙන්ම විසා වැඩ ටික කර ගන්න රුපියල් 500ක් වැඩිපුර ගනී, එක ගොඩක් පහසුයි , යන්න දවස් තෝරා ගද්දි සති අන්තයක් තෝරා ගන්න, තවත් දෙයක් ඔයා පලවෙනි පාරට නම් ෆ්ලයි කරන්නේ. බැංකොක් යන්න දවල් වෙලාවක් තොර ගන්න අපහු කොලබ එන්න රැ ෆ්ලයිට් එකක් දා ගන්න, එතකොට තමයි දවල් රැ දෙකේම ලස්සන බලා ගන්න පුළුවන් , ඊළගට හොටෙල් එක කලින්ම බූක් කර ගෙන යන්න www.agoda.com එකෙන් බූක් කරන්න හොද ඔෆ්ර්ස් තියනවා USD 30 කට අඩුවෙන් 3 ස්ටාර් හොටෙල් එකක් උදේ කෑමත් එක්ක බූක් කර ගන්න පුළුවන් මතක ඇතුව Bed and breakfirst එක්ක හොටෙල් එක බුක් කරන්න. ෂොපින් කරන්න යනවනම් pratunam අවට හොටෙල් එකක් බූක් කර ගන්න එතකොට ලේසි Pratunam First Hotel එක මන් රෙකම්න්ඩ් කරනවා . 
ගෙනියන්න ඕනි දේවල්.
ඔයා ගොඩක් ෂොපින් කරන්න බලාගෙන යනවනම් ගොඩක් දේවල් අරන් යන්න එපා ලොකු හිස් බෑග් එකක් අරන් යන්න බඩු අරන් එන්න අපිට ගෙන්න පුළුවන් කිලෝ 30ක් හින්දා ගොඩක් බර දේවල් අරන් ගියොත් අපිට පාඩුයි, මගේ ලිස්ට් එක මෙන්න 

1. අදින්න ඇදුම් 
2. ඇවිදින්න පහසු සෙරෙප්පු ජෝඩුවක් (ගොඩක් ඇවිදින්න තියනවා)
3. පෙනඩෝල් කාර්ඩ් එකක්
4. කල් තියා ගන්න පුළුවන් කෑමක් (මාළු අබුල් තියල්, සිනි සම්බෝල් )

මම කෑම අරන් යන්න කියන්නේ සමහර අයට එහෙ කෑම කන්න බෑ පට්ට ගදයි ආසාවට එක පාරක් කන්න පුළුවන් එත් ඊට පස්සේ බලන්නවත් හිතෙන් නැ, උදේට හොටේල් එකෙන් දෙන්නේ ඇමරිකන් බ්‍රෙක්ෆස්ට් එකක් එක කන්න පුළුවන් අවුලක් නැ , දවල්ටත් ඔය අවිදින්න් ගියාම KFC එකෙන් වගේ කන්න රැට බඩගිනි වුනාම සුපර්මාර්කට් එකෙන් පාන් ගෙඩියක් අරන් ගෙනියපු එකත් එක්ක කන්න, ඒ වගේම ඉන්දිං පකිස්තාන් කඩ තියනවා එත් පට්ට ගණන් , සල්ලි ගොඩක් අරන් යනවනම් අවුලක් නැ ,

හරි දැන් ඔක්කොම ලෑස්ති කර ගෙන යන්න විතරනේ තියෙන්නේ , පැය තුනක් විතර කල් ඇතුව එයාර් පොර්ට් එකට යන්න තව දෙයක් දැන් ඔයාලට ඔන්ලයින් චෙක් ඉන් වෙන්න පුළුවන් හින්දා ගෙදර ඉදන්ම ඔයාලා යන්න කැමති සිට් එක සෙලෙක්ට් කර ගන්න පුළුවන් , කොල්ලෝ සෙට් එකක් නම් යන්නේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් බෝතලයක් අර ගෙන යන්න, එහෙ ටිකක් ගණන් එක් කෙන්ක්ට බෝතලයක් අරගෙන යන්න පුළුවන්, හරි දැන් ඔයාලා වැඩ ටික කරගෙන බැංකොක් ස්වර්ණ බුමි එයාර් පොර්ට් එකෙන් බැස්සා කියමුකෝ 

හරි අපි බැස්සට පස්සේ එහෙ ඉමිග්රේෂන් එකෙන් අපේ විසා චෙක් කරලා සිල් එකක් ගහලා එලියට දානවා ඩිපාචර් එකෙන් එලියට එනකොට ඉන්නේ ටැක්සි සර්විස් අයයි සල්ලි මාරු කරන අයයි සිම් විකුණන කට්ටියයි මතක ඇතුව ලංකාවෙන් යද්දී ඔයාලගේ සල්ලි ඩොලර්ස් වලට මාරු කරන් යන්න , ඔයාලා එහේ එයාර් පොර්ට් එකෙන් ගොඩක් සල්ලි මාරු කර ගන්න එපා ඩොලර් 100ක් විතර මාරු කර ගන්න ඉතුරු ටික සිටි එකට ගිහින් මාරු කරගන්න එත කොට පොඩ්ඩක් ලාබයි වැඩේ. මොකද බැංකු වලට වඩා එළියේ පොඩි පොඩි එක්ස්චේන්ග් වල රේට් එක හොදයි, එයාර් පොර්ට් ඉදලා හොටෙල් එකට යන්න වැන් එකක් බාත් 1200ක් ගන්නවා ඔයාලා 4 දෙනෙක්ට වැඩි පුර ඉන්නවනම් අනිවා වැන් එකක් අරන් යන්න ඒ වුනාට 1200ක් ගණන් වැඩි බොරු වැඩක් කරන්න දෙයක් නැ, ඔයාල 4 දෙනෙක් හරි අඩුවෙන්නෙම් ඉන්නේ කෙලින්ම් යන්න පල්ලෙහම තට්ටුවට (ලිෆ්ට් එකක් හොයාගෙන ගිහින් නැගලා බි 1 එකට යන්න ) එතනින් කාර් ටැක්සි එකක් හොයා ගන්න පුළුවන් 450 කට විතර. මතක ඇතුව බය නැතුව බාර්ගෙන් කරන්න ඕනි මෙයාලා මුලින්ම 600ක් විතර කියනවා 400 යමුද අහන්න අන්තිමට කියයි 450 ට යමු කියලා , ඩ්‍රයිවර් ට හොටෙල් එකේ කාර්ඩ් එක දුන්නම පොර ගිහින් දායි , හොටෙල් එකට ගියාම ඔයාලගේ බඩු ටික බෙල් බෝයි ඇතුලට අරන් යයි බෑග් ටික ඔක්කම තියනවද කියලා චෙක් කරන්න, හැම හොටෙල් එකක්ම් බාත් 500 ක ඩිපොසිට් එකක් ඉල්ලනවා එක යනකොට දෙනවා එක හින්ද බය නැතුව දෙන්න, උබලා රූම් එකට ගිහින් වොෂ් එකක් එහෙම දාලා කෙලින්ම එලියට බහින්න් මොකද දවස් දෙකක් නැත්නුම් තුනක් නේ උපරිම ඉන්නේ එක හින්දා රෙස්ට් කරන්න ගොඩක් වෙලා ගන්න එපා, මතක ඇතුව පාස් පොර්ට් කොපි එකක් අතේ තියා ගෙන පාර්ස් පොර්ට් එක රුම් එකේ තියන සේෆ් එකට දාන්න වටිනා බඩු මොකුත් තියනවනම් ඔක්කම සේෆ් එකට දන්නා එළියේ තියලා යන්න එපා, මොකද රුම් එක ක්ලීන් කරන්න එන අය සුවර් නැ .

බලන්න යන්න ඕනි තැන්

• Dream world them park
• Prathunam market
• Chatuchak weekend market (cheap closthes, handcrat items )
• China town (whole sale hand bags)
• MBK shoping center
• Floating market

මේවට යද්දී ටුක් ටුක් එකක් අරන් යනවනම් පොඩ්ඩක් පරිස්සමින් මචන් , හොදට ගණන් අඩු කරලා හරියට කොන්ෆොර්ම් කරන් නැගපන්, අනිත් එක මුන් හෙන අඩු ගානක් කියලා කියයි උබට යන්න ඕනි තැනට කලින් පොඩ්ඩක් කඩේක නතර කරනවා මොකුත් ගන්න ඕනි නැ විනාඩි 10ක් බලන්න කියලා බැම කියලා කියපන් බැරි වෙලාවත් ගියොත් උබව සුද්ද කරනවා ලස්සනට එක හින්ද අරහේ මෙහෙ යද්දී කාර් ටැක්සි එක්ක යන්න පොඩි ගනනක් වෙනස් වෙන්නේ හැබැයි සැපට පරිස්සමින් යන්න පුළුවන්, උන් ලග මීටර් තියනවා හැබැයි මීටරේ දැම්මොත් වටේ කරකවනවා එක හින්දා ගණන් වාහන දෙක තුනකින් අහලා ගණන් කතා කරන් පලයන්. බැංකොක් වල පට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. එක හින්දා පාරට රස්තියාදුව වැඩි මචන්, ගොඩක් වෙලාවට ඇවිදින්න තමයි තියන්නේ weeknd market eke විතරක් කඩ 15000 ක් තියනවා කකුල් රිදෙනකම් අවිදපන් හැම කදෙකින්ම ගණන් අහන්න කිසම දෙයක් හෙට්ටු කරන් නැතුව ගන්න එපා බෝර්ඩ් ගහලා තිබ්බත් ගණන් අඩු කරපන්, කැලි තුනක් වත් ගන්නවානම් ගණන් අඩු කරනවා පට්ට විදියට, දවසම ඇවිදලා හොටෙල්ට ගිහින් හොද වොෂ් එකක් එහෙම දාලා හොටෙල් එකේම තියන ස්පා එකෙන් බාත් 200ල් දීලා ෆුට් මසාජ් එකක් දා ගනින් අම්මෝ සැප අමාරුව කොහෙන්ද ගියේ කියලා හිතා ගන්න බැ ඊලග පොස්ට් එකෙන් මොනාද ගණන් අඩු බඩු කියලා දාන්නම් 



7 comments:

Amila Chathuranga said...

තෑන්ක්ස් මචං දැන් මටත් බැංකොක් ගියා වගේ ලොකු ටෝක්ස් දෙත හැකි....

Anonymous said...

එල එල මමත් ලබන අවුරුද්දේ යන්න හිතන් ඉන්නේ, උබලගෙන් මෙහෙම හරියටම දැනගෙන ගියාම ලේසියි, ඔක්කොම විස්තර ටික දාපන් යාළුවා, මසාජ් එකක් එහෙම දැම්මේ නැතෙයි?

Anonymous said...

එනකොට බඩු ටිකක් වැඩිපුර ගෙන්න ක්‍රමයක් නැද්ද? කාගෝ දාන්න විදියක් හරි

ඉෂාන් said...

ටිකට් වලට කියක් විතර යයිද? මට අහන්න ඕනේ වුන අනිත් ප්‍රශ්නේ ඇනෝ කෙනෙක් අහලා.

මාටියා said...

මම අදමයි මේ පැත්තට ආවෙ.. පට්ට ලිපිය, මම Bangkok ගිහින් අත්දැකපු දේවල් ඒ විදියටම උබ ලියල තියෙනවා...

1)www.agoda.com ගැන දාල තිබුනට ස්තූතියි... මොකද, මම වැඩ කරන්නේ Agoda Sri lankan office එකේ...

2)මසාජ් නම් පට්ටයි..

3)තව දෙයක්, පුළුවන් නම් එහේ clubbing පලයල්ලා... ගොඩක් වල පිරිමින්ට entrance free මෙහේ වගේ නෙමෙයි.Minimum bill amount 500 Bath.පාන්දර 3-4 වෙනකම් ඉන්න පුලුවන් නම්, කෑල්ලක් අදින එක සිම්පල්... :D

4)මම ගියෙ sri lankan airlines උන් 30 KG වෙනකම් ලිමිට් දෙනවා.අනික hand luggage උන් කිරන්නේ නෑ.මට ගියෙ 31000 rs .පුළුවන් නම් ticket එක online book කරන්න, එතකොට උබලට කැමති seat එකක් reserve කරන්න පුළුවන්...

Anonymous said...

බුදු අම්මියෝ බන් මේ ලංකාව ලගින්ම තියෙනන රටට යන්නත් බැංකු පොතේ රුපියල් 90,000 ක් පෙන්නන්න ඕනිද?? අනික බන් ඔච්චර ගානක් පොතේ තියාගෙන ඉන්නකොට ආදායම් බදු වලට මාට්ටු වෙන්නේ නැද්ද???

මචං කියල දෙන්න පුලුවන්ද වෙන රටකට ටුවර් එකක් දාන්න ගිහිං එන්න කෝමද කරන්න ඕනි කියලා...australiya,russia,france,poland,norway වගේ රටවල් වලට ටුවර් එකක් දාලා එන්න කරන්න ඕනි මොකක්ද??මේවටත් තමන්ගේ බැංකු පොත් වල ලක්ෂයක්වත් පෙන්නන්න වෙයිද??..අනික මෙතන සඳහනක් නැති රටවල් වලට අනික් රටවල් වලට යන්න නං මොකද කරන්න ඕනි...එම්බසි එකට ගිහිං ට්‍රැවලින් වලට යන්නේ කිවුවට වීසා දෙයිද....

ලොකු උදවුවක් මචං..පුලුවන්නං උත්තරයක් දියං

Anonymous said...

බොට පිස්සුද යකෝ.. රුපියල් 90,000ක් කියන්නෙ ආදායම් බදු ගහන්න තරම් ගානක් කියල හිතුවද ?

උබ හිතුවද Australiya,russia,france,poland,norway රටවල් වල ටුවර් යන්න Bangkok යනව වගෙ ලේසියි කියලා. දවස් 3ක් විතර Australiya,russia,france,poland,norway වල ඉන්නවනම් ලක්ශ 5කට වඩා පෙන්නන්න ඕනා.

Post a Comment

කැමතිනම් විතරක්