දැන් වැඩ කරන කොම්පැනියේ අවුරුදු උත්සවේ සහ රගර් තරගාවලියක් පහු ගිය දවසක තිබුනා නමුත් එදා මට වැඩ කරන්න සිද්ද වුන නිසා උත්සවයට සහබාගි වුනේ මගේ ශිෆ්ට් එක ඉවරවුනාට පස්සේ මම යනකොට ඔක්කොම අවුරුදු ක්‍රීඩා ඉවර වෙලා තිබුනේ නමුත් බිම සහ නැටීම යන තරග පටන් අරගෙන තිබුනේ, අනේ ඉතින් අසරණ මමත් ශේප් එකේ පොඩි ෂොට් එකක් එහෙම දාගෙන එනකොට දැක්කා උදේ පොඩි එවුන්ට සෙල්ලම් කරන්න ගෙනල්ලා තිබුණු බවුන්සි කාසල් ටික වයසක අන්කල් කෙනෙක් බොහම අමාරුවෙන් අකුලනවා ඒක දැක්කට පස්සේ මගේ මතකේ අවුරදු 3 ක් විතර පස්සට ගියා මේක ගැන කොහම හරි පොස්ට් එකක් දාන්න ඕනි කියලත් හිතුනා මුලුන්ම බවුන්සි කාසල් කියන්නේ මොකද්ද කියලා දන්නැති අය බලා ගන්නකො
මම සහ මගේ අතිජාත මිත්‍රයෙක් වෙච්ච් රාජා සින්ගපුරු වලට ගියපු දවස් වල මුලින්ම කරේ පාර්ට් ටයිම් ජොබ් හොයපු එක ලංකාවේ ඩයල් එකක් හම්බ වුනොත් අනේ අයියේ මොකක් හරි ජොබ් කට්ටක් හොයලා දෙන්ඩකෝ කියලා නාහෙන් අඩන්න පුරුදු වෙලා හිටියේ අපි ගියේ ඉගන ගන්න නිසාත් ප්‍රයිවට් කැම්පස් වල ඉගන ගන්න අයට ජොබ් කරන නීතියෙන් තහනම් නිසා පාර්ට් ටයිම් එකක් හොයාගන්න එක සෑහෙන අමාරු වුනා, කොහම හරි අපේ අදෝනා වලට පින් සිද්ද වෙන්න පහු වෙද්දී ජොබ් ගොඩක් හම්බ වුනා මේ හම්බ වෙච්ච් එකක් ගැන විස්තරයක් ,
සිකුරුදා හවස් වරුවක මට කෝල් එකක් එනවා අදුරන අයියා කෙනෙක් ගෙන්
" කේ කේ මල්ලි හෙට වැඩක් තියනවා එනවද ?"
" බුදු අයියේ කැ ගහගෙන එනවා වැලේ වැල් නැතුව ඉන්නේ "
"හරි එහෙනම් හෙට එන්ඩ පරක්කු වෙන්න බැ කලින් යන්න බැ පට්ට කට්ට පැයට ඩොලර් 6 යි හරිද ?"
"හරි හරි මොකක් හරි කමක් නැ මම එන්නම් "
වැලේ වැල් නැතුව හිටපු මට දෙයියෝ බැලුවා යන තැන ඇඩ්රස් එකත් අහගෙන දහසක් බලාපොරත්තු තියාගෙන උදේම කෝච්චියේ නැගලා මම කියපු තැනට ගියා MRT එකෙන් බැහැලා බස් එකෙත් යන්න තිබුන හින්දායි තැන හොයාගන්න අමාරු වුන හින්දයි මම යද්දී පැය බාගයක් පරක්කුයි ඔන්න ඔහොමයි මේ ජොබ් එක පටන් ගත්තේ.
සිංගප්පූරු වල හැමතැනම තියෙන්නේ තට්ටු නිවාස හොදටම සල්ලි තියන සහ මුල් පුරවැසියන්ට විතරයි අපේ වගේ තනි ඉඩම් වල නිවාස තියෙන්නේ ඔන්න මම වැඩට ගිය තැනත් එහෙම තැනක් අයිතාකරයා චීන මැඩම් කෙනෙක් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරනවා එයාගේ බිස්නස් එක තමා ඔය බවුන්සි කාසල් කුලියට දෙන එක සෙනසුරාදා සහ ඉරිදා විතරක් පාර්ට් ටයිම් කරන අපි දෙන්නෙක්ට අමතරව මැලේ ජාතික රියදුරෙක් සහ තවත් මැලේ ඩයල් එකක් අපිත් එක්ක වැඩ කරා උන් දෙන්නා ෆුල් ටයිම් එතන වැඩ කරනවා සතියේ දවස් වල ඔර්ඩර් අඩු නිසා උන් දෙන්නා තනියම වැඩ කරනවා එහෙමත් දවසක සතියේ දවස් වලත් අපිට කැදවීම ලැබුනා, සෙනසුරාද උදේම ගිය ගමන් අපිට එදාට දාන්න තියන ඔර්ඩර් ටික කියනවා ඉතින් අපි අදාළ බවුන්සි කාසල් ටික වැන් එකක පටවාගෙන ගිහින් හයි කරන්න තමා තියෙන්නේ
ඔය ලොකු කාසල් එකක් අඩි 4 ක් විතර උස අඩි 3 ක් විතර පළල සිලින්ඩරයක් විදියට ඔතලා තියෙනෙන් දෙන්නෙක් එකතු වෙලත් උස්සනවා කියන්නේ හොද ගණන්, කාසල් ටික සහ එව්වට අවශ්‍ය බ්ලොවර් ටික පටවාගෙන අපිත් ලොරිය පිටි පස්සෙම නැගලා යනවා ලොකු හයි වේ වලින් එහෙං මෙහං ගිහින් අදාළ තැනට ඩ්‍රයිවර් අපිව එක්කන් යනවා අනිත් මැලේ කාරය මැනේජර් වගේ ගිහින් තැන බල්ලා අපිට බඩු අරන් එන්ඩ කියලා අතින් සන් කරනවා,
අපි මුලින්ම කරන්නනේ කාසල් එක අරන් යනවා ලිෆ්ට් එකක් එහෙම තිබ්බේ නැත්නම් දෙවි පිහිටයි නමුත් ගොඩක් වෙලාවට එළිමහනක තමා හයි කරන්න තියෙන්නේ කාසල් එක උස්සගෙන ගියාට පස්සේ එක්කෙනක් ඒක දිග අරින අතරේ අනිකා ගිහින් වාහෙනෙන් ඉතුරු බඩු ටික ගෙන්න ඕනි ඊට පස්සේ නියමිත විදියට තියාගත්ත කාසල් එකට බ්ලොවර් එකක් හයි කරනවා එකෙන් කෙරෙන්නේ කාසල් එකට හුලං සපයන එක ඔන්න බ්ලොවර් එක ගහලා ටික වෙලාවකින් කාසල් එකට ටික ටික පන එනවා ඒ වුනාට බ්ලොවර් එක ගල වන් නැ කාසල් එක පාවිව්වි කරන කම්ම එක ගහලා තියෙන්නේ ඕනි නැත්නම් කාසල් එක පන නැතිව වැටෙනවා කොහම හරි කාසල් එකට හොදට පන ආවට පස්සේ එකෙක් නැගලා උඩ පැනලා බලනවා කොහෙන් හරි හුලං යනවද කියලා එහෙම හුලං යනවනම් ගහනවා අපි එකට ටේප් ඊටත් පස්සේ පොඩි වැකුම් ක්ලිනර් එකක් අරගෙන ප්ලේ ඒරියා තියෙන පොඩි වැලි කැට එහෙම සුද්ද කරනවා ඊට පස්සේ එතන වැඩ ඉවරයි.උදේ වරුවේදී කාසල් පහක් හයක් හයි කරනවා හයි කරලා ඉවර වෙද්දී අපිව දවල් කෑමට එක්ක යනවා අර මැලේ කාරයා තමා අපේ දවල් කෑමට ගෙවන්නේ කෑමත් කාලා ඉවර වුනාට පස්සේ නැවත අපිව මුලස්ථානෙට එක්ක යනවා
අනේ අම්මේ ඊට පස්සේ තමා කට්ට කලින් දවස් වල රෙන්ට් කරලා ගෙනාපු කාසල් ටික ක්ලින් කරන්න තියෙන්නේ එකත් එසේ මෙසේ ක්ලින් කිරිලක් නෙමේ මුලින්ම ස්ටෝරුවේ තියන කාසල් එක මිදුලට උස්සගෙන එන්න ඕනි එක දිග ඇරලා බ්ලොවර් එකක් ගහලා හුලං ගහනවා ඊට පස්සේ හුලං එහෙම යන පොට් තියනවනම් මහන්න දාන්න ඕනි ඊට පස්සේ ඔන්න කෙමිකල් එකක් දාලා හෝදනවා හැම මුල්ලකම හොදින් අතුල්ලන්න ඕනි පුංචි හරි වැරද්දක් තිබුනොත් ඊලග දවසේ වැඩ හම්බ වෙන්නේ නැ ඉතින් අපි දාගෙන අතුල්ලනවා අන්තිමට හොදට වතුරෙනුත් හෝදලා ඉවර වුනාට පස්සේ හොදට අව්වේ දාලා වේලනවා එකක් වෙලේනකම් අපි තව එකක් හෝදනවා කොම හරි වතුර බින්දුවක්වත් නැති වෙන්නේ කාසල් ටික වියලුනාට පස්සේ ආපහු හෙන නිට් එකට ඔතන්න ඕනි මෙහම ලියනවා වගේ ලේසි නැ කාසල් මහලා තියන ප්ලාස්ටික් රෙදි පුදුම බරක් තියෙන්නේ රැල්ලක් වත් නැති වෙන්න ඔතන්න හොද ප්‍රැක්ටිස් එකක් තියෙන්නේ ඕනි බාගෙට ඔතපු එකක් දාන්න හදනවා මැඩම් දැක්කොත් ආය ඉතින් ඉදලා ඉවරයි හැම එකම ඇගිලි ගහ ගහ බලනවා.
කොහම හරි ඔය වැඩ ටික ඉවර වුනාට පස්සේ අපිට හම්බ වෙන කුල් ඩ්‍රින්ක් එකක් එහෙම බිලා ලොරියේ නැගලා අපි යනවා උදේ හයි කරපු ටික ගලවාගෙන එන්න බුදු කට්ටක් කාලා ඔය ටික ගලවන්න ඕනි සමහර තැන් වල කාසල් පොඩි උන්ගේ අතින් හිල් වෙලා එහෙම තිබුනොත් ඒවා මාර්ක් කරලා පෙන්නන්න ඕනි ඒවාට චාර්ජ් කරනවා මැලේ කාරයට තමා ගනුදෙනු බෙරන්නේ හැමතැනින්ම වාගේ හොද ටිප් එකක් හම්බ වෙනවා නමුත් එක අපේ අතට හම්බ වෙන්නේ නැ අරු මාටියා ගහනවා අපිට දෙන්නේ පොඩි ගානක් ඕවා ගැන අහන්න ගියොත් තියන එකත් නැති වෙන හින්දා පාඩුවේ ඉන්නවා, අපි බඩු ටික නැවත මුලස්තානෙට ගෙනල්ලා බෑවට පස්සේ අපේ වැඩ ඉවරයි. වැඩ කරපු පැය ගානට මැඩම් අපිට ගණන් බේරනවා හම්බ වෙච්ච සොචමත් අරගෙන නැවත ගෙදර බලා යන්නේ ඊලග දවසෙත් වැඩට එන්න බලාගෙන
අයියෝ සල්ලි
13 comments:
මුලින් කටු කාපු එවුන් තමයි පස්සේ සැප විදින්නේ ......
r u at MIT malabe now?
mama tika dawsak waiter wadak kara (Lankaway).
Jayawewa.
ඔය තියෙන්නේ සුපිරි කතා මටනං...
උඹ ලියන්නේ යලට මහට උනේ නැත්තං කොයි තරං අපූරුද..?
රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා පිළිතුරු දෙන්න ඉඩ
රමේෂාට පිළිතුරු
ට්‍රයි ඇන් ට්‍රයි...වන්ඩේ යූ කැන් ෆ්ලයි ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
@Prabu Thanks
@nidhahasa YES
@මාරයා ජය වේවා දිගටම ලියන්න උත්සහ කරන්නම්
@රජෝ අවසරයි දේවයන් වහන්ස
me also MIT. Dev
@ nidhahasa search my mail ID in MiMax u will find me :)
අදයි මෙතනට ගොඩ වැදුනේ.......කතාව නම් පන්කාදුයි........
maxxa machan
godak hondai
Bouncing = බවුන්සින්
Post a Comment
කැමතිනම් විතරක්