Wednesday, April 17, 2013

මම කරපු රස්සා 2

ඔන්න දෙයියනේ කියලා මම කරපු රස්සා අංක 2 පොස්ට් එක ලියන්නයි යන්නේ මේකේ අංක 1 බැලුවේ නැත්නුම් මෙන්න මෙතනින් ගිහින් බලලා ආවනම් හරි දැන් මේ කියන්න හදන රස්සාව හම්බ වුනෙත් සිංගප්පූරු ගිය අලුත්ම තමා කලින් කතාවේ කිව්වා වගේ අපේ පාර්ට් ටයිම් ඉල්ලා කෙදිරි ගෑමේ ප්‍රතිපලයක් විදියට තමයි මේකත් හම්බ වුනේ  මම සින්ගපුරු ගියේ මගේ අතිජාත් මිත්‍ර රාජාත් එක්කනේ ඉතින් අපි ගාව ගොඩක් සල්ලි තිබ්බ හන්දා අපි දෙන්නට තිබ්බෙත් එක ෆෝන් එකයි අපි දෙන්නා කැම්පස් එකේ ඉන්න වෙලාවක අපේ ෆෝන් එක අඩන්න ගත්තා මම තමා ආන්සර් කරේ,

"හෙලෝ"

"හෙලෝ ආ මල්ලි මේ කේ කේ ද ? රාජද ?"

"මම කේ කේ "

"දෙන්න ගෙන් කවුරු වුනත් කමක් නැ උබලා දෙන්නම එකයි නේ DJ එකක් තියනවා ගහනවද ?"

"එල කිරි හැබැයි මම මිට කලින් DJ ගහලා නම් නැ"

"අවුලක් නැ මල්ලි මැනුවල් DJ එකක් තියෙන්නේ ජපන් රෙස්ටුරන්ට් එකක හවස 5 ඉදන් 10 වෙනකම් ගහන්න තියෙන්නේ පැයට ඩොලර් 6 දෙනවා කැමතිද ?"

"හරි හරි කොහම හරි මම ගේම ගහ ගන්නම්"

" හැබැයි මල්ලි වැඩි දවසක් වැඩ නැ මම ලංකාවට ගිහින් එනකම් ඇදන් පලයන් අවුලක් නැනේ ?"

"අවුලක් නැ අයියේ වෙලාවේ හැටියට ලොකු දෙයක් කවද්ද කොහෙටද එන්න ඕනි"

"අද බන් අද 5 වෙද්දී ගේ Kallang MRT ස්ටේෂන් එකට 4.20 වෙද්දී වරෙන් මම ඇවිත් ඉන්නම්"

"හරි අයියේ මම වෙලාවට ඇවිත් එන්නම් "

අදවත් බඩ කට පිරෙන්න කෑම ටිකක් කන්න පුළුවන් වෙයිනේ කියලා හිතාගෙන මම රාජයි සතුටින් ගෙදර ගියා ඉන් පස්සේ මම ඔන්න DJ එක ගහන්න ලෑස්ති වෙලා දකුණු කකුල පෙරට තියලා වෙලාවටත් කලින් අර අයියා කියපු තැනට ගියා ටික වෙලාවකින් මිනිහත් ආවා.

"ආහ කේ කේ මල්ලි වෙලාවට ඇවිල්ලා නේද ? හරි අපි යමු " මිනිහා බස් එකට නගින්න යන ගමන් රස්සාවේ හැටි කියනවා

"මට ලංකාවට යන්න බැරිව මල්ලි හිටියේ නිවාඩු දාන්න විදියක් නැ බංගලි කාරයෙක් ජොබට ඇහැ ගහගෙන ඉන්නේ උබ හරියට ගේම ගහපන් හරිද සමහර දවස් වලට ක්‍රවුඩ් එක එනවා පැලෙන්න එතකොට තමයි බන් DJ කෙරුවාවත් එපා වෙන්නේ ජපන් රෙස්ටුරන්ට් DJ තමා ගහන්න අමාරුම ඒ වුනාට මොනා කරන්නද ගහන්නම එපයි ඉතින් ජිවත් වෙන්න  එතන ඉන්නේ මැනේජර් කෙනෙක් එයා කියන විදයට වැඩ ටික කරපන් හරිද "

බස් එකෙන් බැහැලා පයින් යනගමුනුත් තොර තෝංචියක් නැතුව ජපන්  DJ එක ගහන හැටි මට කියලා දුන්න පොර ඊලග දවසේ එද්දී තැන හොයා ගන්න ලේසි වෙන්න ලෑන්ඩ් මාර්ක් ටිකකුත් පෙන්නුවා, රෙස්ටුරන්ට් එක ඇතුලට ගිහින් මැනේජර් ට මාව අදුන්වලා දීලා පොර යන්න ගියා.
                                                        පිස්සු හැදෙනවා ලස්සන චීන අක්කා කෙනෙක් තමා මැනේජර් සින්ගපුරු චීන එවුන්ගේ පෙනුමෙන් වයස කියන්න හරිම අමාරුයි එත් මැනේජර් අක්කට 30 ක් විතර ඇති එයා මාවත් එක්කගෙන DJ එක ගහන තැනට එක්කන් ගියා ඉන් පස්සේ ඒප්‍රන් එකක් දුන්නා ඇදගන්න කියලා ඔක්කොම අතින් තමයි කියන්නේ කතා කරන්නේ නෑ ඉංග්‍රීසි බැරුව ඇති

හෝව් හෝව් පිංවතුනි ඒප්‍රන් එකක් මොකටද DJ ගහන්න අනේ පිංවතුනි දන්නැත්නම් දැන ගන්න සින්ගපුරුවල ඉගනගන්න  ලංකාවේ කොල්ලෝ DJ ගහනවා කියන්නේ මෙන්න මේකට

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

මතු සම්බන්ධයි.



9 comments:

මාරයාගේ හෝරාව said...

මලා... :D

මං ඒත් කල්පනා කලා මෙහෙම හදිසියේ ඩීපේ කාලරයෙක් වෙන්න ඇහැකිද කියලත්... ආයේ හිතුනා ඕකේ ඇති මහ වැඩකුත් නැහැනේ බොරුවට අත පය හොලෝනවයි හූ කියනවයි ඇර කියලා.. බැලින්නං ඒ රෙද්දේ ඩීජේ වගේයෑ මේ සුපිරි ඩීජේ එක...

ඔහොම දිගටම ලියාගෙන යං...

kkroxc said...

මේ ඩි ජේ ගහද්දිත් අත පය හොල්ලන්න තමා තියෙන්නේ හැබයි හු කිය කියා නෙමේ අඩ අඩ

Unknown said...

හිහ් හිහ් හිහ් ...

මේ ක්‍රමේට පිඟන් හේදිල්ල අමාරු නැතුව ඇති.

Praසන්ன said...

ඩීජේ ගහන්න ගිහිල්ල පිඟන් කීයක් විතර බින්දද?

kkroxc said...

ඊලග පොස්ට් එකෙන් බලමු පිගන් කියක් බිදුනද කොච්චර ලේසිද මේ වැඩේ කියලා

nuwan said...

aiyooooooooooooo salliiiiiiiiiiiii

Purmerend said...

මාරු DJ ගැහිල්ල මේකනම්...

Unknown said...

මරු මැනුවල් DJ එක :D

එල ද බ්‍රා මෙන්ඩා said...

digatama liyana..oyage post walin apita yamak iganagana.
Jayawewa

Post a Comment

කැමතිනම් විතරක්