Tuesday, July 9, 2013

සිංගප්පූරු අනාථ සිහින 2


"මල්ලි තාම ලොක්කා ඇවිල්ලා නැහැලු ආවම ඔක්කොම කියලා දෙයි දැන් පොඩ්ඩක් එහෙ මෙහෙ බලාගන්නකෝ"

"හොදයි අයියේ අපිට මොනාද කරන්නේ තියෙන්නේ"

"ඔය තියන වැඩක් කරන්න තමා මල්ලි බය වෙන්න එපා ඒක නෙමේ මල්ලි සල්ලි ටික තියනවා නේ ලැස්ති කරගන්නකො"


අද එතැන් සිට.

"අපිට පොඩ්ඩක්වක් සැක හිතුනේ නැහැ අයියේ ලංකාවේදී අපේ සල්ලි ටික අරගෙන රට සල්ලි වලට මාරු කරලා ආපහු අපේ අතටම දුන්නනේ"

"අනික අපි සිහින මාලිගාවක අතර මං වෙලා හිටියේ අපේ ඌව දැක්කේ දෙයියෙක් වගේ අපි අහන්න කලින්ම සල්ලි ටික දුන්නා"

"දැන් නම් ඕකව අහුවුනොත් කම්බස්‌ කරනවා මූ  ටික වෙලාවක් කැරකි කැරකි ඔරලෝසුව දිහා බලන් හිටියා මල්ලි මං මුද්දරයක් අරං එන්නම් කියලා පල්ලෙහාට ගියා අනේ ගියා ගියාම තමා අයියේ බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන අපි දොර ලගට ගියා එතනත් පැය දෙකක් හිටියා බැරිම තැන අරු කතා කරපු සික්කා ලගට ගිහිං පුළුවන් විදියට අපිත් එක්ක ආපු කෙනා කෝ කියලා ඇහුවාම මගේ අතේ තිබ්බ ප්ලාස්ටික් කැල්ල උදුරගෙන අපේ බෑග් ටික අපිට ආපහු දුන්නා  අපි කියවපුවා එකක් වත් ඌට තේරුනේ නැහැ බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන තමා අයියේ ඇඩුනේ  එතකොට තමා ඔයාලව හම්බ වුනේ "

  මුන්ව රැවටිලා තියන විදිය ඇහුවාම මට අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බැරි වුනා පව් වැඩේ මුන් මෙච්චර මෝඩ හින්දා තමා මෙච්චර ගොන් විදියට රවට්ටලා තියෙන්නේ මොනවා කරන්නද දැන් බලමු ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා

"මල්ලි ඔයාලා ඔහොම රැවටිච්චී පලවෙනි සෙට් එක නෙමේ අන්තිම සෙට් එකත් නෙමේ ඒක හින්දා හොදට කල්පනා කරලා වැඩ කරන්න. ඔයාලා පොලිසියට ගියා කියලා ලොකු වැඩක් වෙන්නේ නැහැ ඔයාලා ගාව සාක්ෂි මොකුත් නැහැනේ අනික ජොබ් කරන්න ආවා කිව්වා ගමන් පොලිසියෙන් එවුන් බලන්නේ ඔයාලව ඉක්මනටම ලංකාවට යවන්න"

"ඔයාලට කරන්නේ තියෙන්නේ ක්‍රම දෙකයි එකක් පොලිසි ගිහිං ඇන්ට්‍රි එකක් දාලා අනිත් පැත්තට ලංකාවට ගිහිං එහෙත් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා අර අදුරනවා කිව්වා අයියා හරහා අරුව හොයා ගෙන සල්ලි ටික ගන්න උත්සහ කරන එක.  ඒක බැරි වුනත් එකෙන් අරුට ආපහු උබලා වගේ කොල්ලොන්ව අමාරුවේ දාන්න බැරි වෙයි"

"අනිත් ක්‍රමේ තමා ආපු වලෙන්ම ගොඩ එන්න කියලා හිතාගෙන මෙහෙ ඉන්න එක උබලගේ දැන් ඔය විසා එක ඉවර වෙන්න කලින් ඉන්ටෙර්නෙට් එක හරහා තව මාසයක් විසා දික් කරගන්න පුළුවන් ඊට පස්සේ මැලේසියා බොර්ඩර් ක්‍රොස් කරලා ආය ආවම තව මාසයක් හම්බ වෙනවා ඊටත් පස්සේ ඉතින් මල්ලි හිටියොත් උබලට ඉන්න වෙන්නේ හොරෙන් විසා නැතුව තමා ඒකට කියන්නේ පුසා වෙනවා කියලා  හොරෙන් ඉදලා පොලිසියට අහුවුනොත් පුකට කස පාරක් තුනක් ගහලා හිරෙත් ඉදලා තමා ලංකාවට යන්න වෙන්නේ එකට කියන්නේ පුසා ලේනා වෙනවා කියලා.උබලට පිගන් හෝදන රස්සාවක් හරි කර ගන්න පොඩ්ඩක් හරි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනි අඩුම ගානේ මුන් කියන එකේ තේරෙන්න හරි ඕනි. මං ඔය කිව්වා විසා දික් කරගන්න වැඩ ටික කරගන්න වෙන්නේ උබලට තනියම තමා. මල්ලි මෙහෙ උබලව බලා කියාගන්න උදව් කරන්න කවුරුත් නැහැ හැමෝම ගේම ගහගන්නේ බොහම අමාරුවෙන්. ඔය ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන් වුනත් උබලා දවසට පැය 15 ක් වැඩ කරත් උබලට ලංකාවේ සල්ලි වලින් ලක්ෂයක් විතර තමා මාසෙටම හොයන්න වෙන්නේ කෑම බිම ඉදුම් හිටුම් වලට අඩුවෙන්ම වියදම් කරලා   විසා වැඩ වලටත් ගියාම උබලට පිච්චියක්වත් ඉතුරැ වෙන්නේ නැහැ බන් උබලට තේර්නවනේ මම කියන දේ උබලගේ හොදට කියන්නේ කල්පනා කරලා තීරණයක්‌ ගනින්"

"මතක තියාගනින් මචං මේ සේරම කරදර අස්සේ දුක් විදලා හොදට හම්බ කරන එවුනුත් ඉන්නවා ඒ වගේ එකෙක් තමා උබලව ඔය ගෙනල්ලා අතරමං කරෙත් බාග වෙලාවට ඌත් උබලා වගේ ඇවිල්ලා අතරමං වෙච්ච් එකෙක් වෙන්න ඇති අනේ මන්දා බන් මේ මිනිස්සු උබලටත් කාගේ හරි බෙල්ලක් මිරිකලා සල්ලි හම්බ කරන්න පුලුවන්නම් නතර වෙයන් "  අපි බොහොම පැහැදිලිව උන් තුන්දෙනාට කරනු කාරනා පැහැදිලි කරලා දීලා එතන තිබ්බ ෆුඩ් කොර්ට් එකට එක්ක ගිහිං කන්න අරන් දුන්නා මුන් කන ගමනුත් බොහොම දුකෙන් මුණු මුණු ගානවා අපිට මෙයාලව මෙතන දාලා යන්නත් බැහැ පව් වැඩේනේ"

"අයියේ අපිට ලංකාවට කෝල් එකක් ගන්න විදියක් නැද්ද"

මම බොහොම දුකෙන් මගේ ෆෝන් එක දුන්නේ මමනේ දන්නේ රිලෝඩ් එකක් දාගත්ත අමාරුව. උන්ගේ ගෙදරට විස්තරේ කිව්වට පස්සේ මුන්ට නැවත ලංකාවට එන්න කියලා කිව්වලු එත් හිටපු එක මල්ලි කෙනෙක් ආපහු යන්න කැමති නැහැ තාත්තා වැඩ කරන කුබුර උගස්‌ තියලා තමා  මිනිහා මෙහෙ ඇවිත් තියෙන්නේ අනේ අයියේ මොනවා හරි උදව්වක් කරන්න කරලා දෙන්න කියලා අපිට ඇවිටිලි කරනවා

"අපිට කරන්න පුළුවන් දේ තමා මල්ලි මේ කරන්නේ වෙන එවුන් නම් මෙච්චර කරන්නෙත් නැහැ උබලට පොලිසිය ලගට ගිහිං දාලා යයි යන්න නවතින්න තැනක් හොයාගන්නවත් උබ ගාව සල්ලි නැහැනේ "

"මට ආපහු යන්න බැහැ අයියේ ඊට වඩා හොදයි බෙල්ලේ වැල දාගෙන මැරෙනවා අපිට තිබ්බ එකම කුබුර අයියේ මට රට එන්න උගස්‌ තිබ්බේ "

අවසානයේදී ඒ මල්ලි තීරණය කරා කොහම හරි ඉන්නවා කියලා අපිට ඉතින් ඊට වඩා කියන්නත් බැහැනේ අරුන් දෙන්නව එතන ලග තිබ්බ පොලිස් ස්ටේෂන් එකට එක්ක ගිහිං ඇන්ට්‍රියක දම්මලා ඉන් පස්සේ එයාර් ලයින් එකට කතා කරලා වෙච්ච් සිද්දිය පැහැදිලි කරලා සති දෙකකට පස්සේ දිනයක තිබ්බ රිටර්න් ටිකට් එක ඊලග දවසට හදා ගත්තා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හන්දා හොදා. එදා රැ මුන්ට ඉන්න තැනක් තිබ්බ නැති හින්දා අපි තාවකාලිව නතර වෙලා  හිටපු ගෙදරක්  කරන අයියට විස්තරේ කිව්වාම එක දවසක් ඉන්න කියලා අවසර දුන්නා අර නතර වෙන මල්ලි නාහෙන් අඩලා දවස් දෙක තුනක් ඉන්න අවසර ගත්තා අපේ කරදර ඊලග දවසවෙත් ඉවර වුනේ නැහැ මුන්ගේ අතේ තිබ්බ ලංකාවේ සල්ලි ටික මාරු කරවලා මෙයාලව එයාර්පොර්ට් එකට ටැක්සිය පිටත් කරා ගුවන් තොටුපලේ නම් ලංකාවේ අය ඕනි තරම් ඉන්න හින්දා කරදරයක් නැතුව අහගෙන කර ගෙන යන්න පුළුවන් අර නතර වුන මල්ලිට නම් මොනවා වුනාද දන්නේ නැහැ. අපි මෙයාලට උදව් කරේ අපි ආමාරුවේ වැටුන වෙලාවේ අපි කොච්චර අසරණ වුනාද කියලා අපි හොදින්ම දන්නා හින්දා.
                   ඔන්න ඔහොමයි පිටරටවල තත්වේ සින්ගපුරුවේ විතරක් නෙමේ මැලේසියාවෙත් මේ සෙල්ලම බරටම වෙනවා මැලේසියාවේ නම් නීති එච්චර තද නැති හින්දා ගොඩක් එන අය නතර වෙනවා පහුගිය දවසක මැලේසියාවේදී ඔහොම අතරමං කරපු කොල්ලෝ සෙට් එහෙකට අවුරුදකට විතර පස්සේ මුන්ව ගෙනාපු පොරව නයිට් ක්ලබ් එකක් ඇතුලෙදි හම්බ වෙලා ආය මොන කතාද වට වෙලා නෙලලා. හොදට ගුටි ගුටි කාලා පොලිසියෙන් එද්දී අරු මැරිලලු පිස්සු හැදෙනවා නේ. ඔයාලගෙත් දන්නා අයව මේ පිළිබද දැනුවත් කරන්න රට රස්සා දෙනවා කියන මිනිස්සුන්ගෙන් සීයට අනුනමයක්ම ඉන්නේ බොරු කාරයෝ. ලංකාවේ මහා කොමසාරිස් කාර්යාලයක් එහෙ තිබුනට මෙව්වා ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැහැ ඔව්වා ගැන කතාකරලා වැඩක් නැහැ දේශපාලනික දේවල්නේ  එහෙනම් මම නවතිනවා.
 ජය වේවා.

9 comments:

Praසන්ன said...

දැං පත්තරවල තියෙන හැටියට ඔය වගේ මිනිස්සුන්ගෙන් සල්ලි අරං අතරමං කරන බොහෝ දෙනෙක් ඉන්නව.
රජයේ ආයතනවලින් හරි දැනුවත් කිරීමක් කරන්නෙ නැති එක තමයි වරද. අහුවෙන්න එපා කිවුවට විතරක් මදි නීත්‍යානුකූලව ඒ වැඩ කරගන්නෙ කොහොමද කියලත් මිනිස්සුන්ට වටහල දෙන්න ඕන.

Anonymous said...

ela machn ela 1am the first nalini

එල ද බ්‍රා මෙන්ඩා said...

මේ ලිපි පෙල මාර වටිනවා

samakayawate said...

උඔලගේ මනුස්සකමට හද පිරි තුති.
Samakaya Wate නලින්

itnishantha said...

පිස්සුද ප්‍රසන්නයෝ අපේ එවුන් හිතන්නේ මොනවා හරි දෙයක් ගැන හරි විස්තරයක් දෙනවා කියන්නේ උන්ගේ ජොබ් එක නැති වෙන්න මුලක් කියලයි. බලපන් ඉස්පිරිතාලෙකට ගිහින් තමන්ට තියන ලෙඩේ මොකක්ද කියලවත් අහගන්න පුලුවන්ද කියලා. තව ඉතින් අනිත් ඒවා ගැන කවර කතාද ?

Niගම්බූ කොලුවා said...

හරි ආසාවෙන් කියවනවා මචන් ඔයාගේ සිංගප්පුරූ ලිපිටික

මාරයාගේ හෝරාව said...

කොච්චර වැඩ වැඩි උනත් මේ ලිපිවල තියෙන වටිනාකම හින්දා කියෙව්වා කියලවත් කොටලා යන එක යුතුකොමක් හින්දා ඔන්න මාත් ආවා කියලා කියලා යනවා... දිගටම මේ වගේ කතා ලියමු...

kkroxc said...

ස්තුතියි ආපු හැමෝටම

Ravi said...

මිනිස්සුන්ගෙ තණ්හාව කියන එක තියනකල් මේ වගෙ අකටයුතු නවතින්නෙ නෑ මල්ලි, අපි දැනුවත්වෙලා මේ වගෙ වංචනිකයින්ට අහුනොවෙන එක විතරයි කරන්න පුළුවන්. ඒත් ඔය කොච්චර කිව්වත් හෙටත් අනිද්දත් ලබන සුමානෙත් ලබන මාසෙත් ඔය වගෙ හොරුන්ට අහුවෙන අහිංසකයො ඕන තරම් ඉඳී. ඒක වළක්වන්න බෑ කොහොමවත්ම...:(

Post a Comment

කැමතිනම් විතරක්