Tuesday, March 23, 2010

නොගැලෙපෙන කතාව-5 කොටස


පබාව බලන්න නුවර එලි ගිහින් ඇවිත් සතියකුත් ගෙවුනා.....අද වෙනකම් මට එයා කතා කරේ නෑ.....ඒ කෙල්ලට මොකක් වෙන්න ඇතිද? ..ෆොන් එක දිහා බලන් හිටපු එක ඇරෙන්න මේ සතියටම කිසිම වැඩක් කරේ නෑ......ගෙදරටම වෙලා ඉන්න මාර කම්මැලියි.....ස්කොලේ කියලා එකකුත් තියනවා නේද ..හද දකිනකොට නරියට හූ කියන්න මතක් වෙනවා වගේ මටත් මෙසේ උඩ තියන පොත් දැක්කාම .ස්කොලේ මතක් වෙනවා......මෙහම ඉදලා හරි යන් නෑ හෙටවත් ස්කොලේ යන්න ඕනි කියලා හිතාගෙන මං නිදා ගත්තා කලින්ම........උදේම අම්මාගෙ සුමිහිරි කාහල නාදය මැද මං අහැරුනා.........
"ස්කොලේ යන්න නැගිටනවා සුදු මහත්තයා මෙතන නිද ගෙන ඉන්නවා මොකෙද්ද එකෙක් වගේ..."අම්මා උදේම අහැරිලා මාවත් ඇහරවලා ගියා...........
ටිකක් වෙලා නිදාගෙන හිටපු මම ඇහරුනා.........අම්මපා මං අධ්‍යපන ඇමති වුනානම්......හවසට ස්කොලේ පටන් ගන්න ක්‍රමයක් හදනවා......එතකොට අපි වගේ අසරන ලමයින්ටත් ඉගෙන ගන්න පුලුවන්නේ ඒකනේ ඉතින් සමාන අයිති වාසකම් කියනේ......කොහම හරි මං ලස්සනට ලෑස්ති වෙලා එහෙම මං ස්කෝලේ ගියා.......යකෝ ගේට්‍ටුවෙන් ඇතුල් වෙච්ච වෙලාවේ ඉදලා හැම එකාම මං දිහා බලනවා........අමුතු සතෙක් දිහා බලනවා වගේ..........
"අඩෝ මෙන්න KK ස්කොලේ ඇවිල්ලා අද අපේ වද පුංචිත් බඩ වෙයිද දන් නෑ "
"එක්ක පලයංකෝ මාව අද උබලගේ ගෙදර..මං උබලගේ වද පුංචිවත් බඩ කරලා පෙන්නනම්" ඇයි යකෝ අපි වගේ අහිංසකයන්ට ස්කොලේ එන්නත් බැරිද....
මං ස්කොල්ට යන කොට පරක්කූ වෙල එන එවුන්ට දෙන පනිෂ්මන්ට් එකත් දීලා ඉවරයි ඒක හින්දා කරදරයක් නැතුව පංත්තියේ ගිහින් වාඩී වුනා..........
"හරිම යසයි ලමයි ස්කොලේ එන වෙලාව" ඒ පාර ටීචර්ත් මට නක්කලේ දානවා
"ඌ ලමයෙක් නෙමෙනේ මිස් ලමයන්ගේ තාත්තා කෙනෙක් " පංත්තියෙ ඉන්න එවුන් කැගහනවා.. අපේ එවුන්ගේ කටවල් වලින් එන වචන මී පැනී වලටත් වඩා පැනි රස හිංදා මිස් කට වහගෙන පාඩම පටන් ගත්තා........
ඉන්ටර්වල් එක වෙද්දී.....හැමෝම සෙට් වෙනවා කැන්ටිම ගාවට .....මගේ අතිජාත කල්්‍යාන මිත්‍රයෝ ගොඩක් ඉන්නවා.............හැම එකාම බොක්කෙන් තමා ඉන්නෙ.........බොක්කෙ කොච්චරද කීවෝත්... කැන්ටිමෙන් කවුරු හරි රෝල් එකක් ගත්තොත්...........20 ක් විතර එක කනවා එකෙට්ට හම්බ වෙන කෑල්ලක සයිස් එක හොයා ගන්න නාසා එකෙන් අන්වීක්ශ ගේන්න වෙනවා.........බැරි වෙලා සුද්දෙක් එහෙම දැක්කොත්.......ඌ NGO එකක් දාලා ආධාර හොයා ගෙන අපිට කන්න දෙනවා..........ඔය අස්සේ කුලේ මගේ ලගට ඇවිල්ලා කියනවා.........
"KK හෙට ඉංඩියාවත් එක්ක ෆයිනල් තියනවා බලන්න යමුද" ඉදලා ඉදලා ස්කොලෙ ආවා ඉගෙන ගන්න කියලා හිතාගෙන ඔන්න මුං කියන කතා..මටත් ඉතින් ඕවට බෑ කියලා පුරුදු නෑනේ අනික ඕවට බෑ කියලා පව් පුරවගන්න පුලුවන්ද ගත් කටටම කීවා
"අඩෝ මං බෑ කියනවද බන් ඕවට යමන් තව කවුද එන්නේ.....අවුල තියෙන්නෙ සල්ලි තමා ඉතින් "
"දේශානුයි පියුමාලුයි එනවා කීව අපි හතර දෙනා යමන්...ටිකට් එක 100 නෙ බන් ඉතුරු ඒවා මොකක් හරි කරගමු"
මැච් එක බලන්න යන්න කතා කර ගත්තූ අපි .....පංති වලට ගියා.......ටීචර් ඇවිත් පාඩම පටන් ගත්ත සැනින්....අපේ පංතියට පොඩි එකෙක් දුවගෙන ආවා
"ටීච්ර් ටීචර්............... රත්නායක සර්ට ලමයෙක් හම්බ වෙන්න ඕනී කීවා"
"එහෙනම් සර්ව කාසල් එකට එක්ක යන්න මල්ලී අපේ පංතීයේ වින්නබු කම් කරන අය නෑ"පංතියේ හිටපු පොරක් කීවේ මුලු පංතියම හිනසමින්
"කට වහනවා ලමයි! " ටීචර් කැ ගහනවා
"කාවද හම්බ වෙන්න ඕනී කීවේ පුතේ" මිස් ඇහුවා පොඩි එකාගෙන්
"KK කියලා අයියා කෙනෙක්ව" හුටා බාගෙට නින්දක් දාන් හිටපු මම දඩස් ගාලා ඇහරුනේ පු‍ටුවෙන් වැටෙන්න ගිය හන්දා...............
මගේ කටේ කෙල හිදුනා පපුව ගැහෙන්න ගත්තේ ඉරාකේ බොම්බ පුපුරනවා වගේ.............දත් සට සට ගාල ගැහෙනවා..........
"KK ඒ පාර මොකද්ද කරපු මගෝඩී වැඩේ යනවා ගිහින් හොදට ගුටි කාලා එනවා මුංට ගහලා මදි".........මිස් මට දෙස් දෙවොල් තියන්නේ මං මිස් ගේ දුවත් එක්ක පැනලා යන්න හදනවා වගේනේ........මිස් ගේ දුව දැක්කාම යමයත් රෑට හීනෙන බය වෙලා චූ කර ගන්නවලූ............මං විකාර හිත හිත වයිසා රත්නායකගේ කාමරේ ලගට ගියා.....මොකටද පොර මට එන්න කීවේ........තාප්පෙන් පැනපු එකක් වත් මාට්‍ටු වෙලාද දන් නෑ.........ඔහම ටික වෙලාවක් ඉද්දී පොර මට කතා කලා
"පුතා මොකද ඔයා ස්කොලේ එන් නැත්තේ ගෙදර මොකක් හරි කරදරයක්ද"
"නෑ නෑ සර් මට පොඩ්ඩක් සනීප නැති වුනා........ඔලුව කැකුමයි බඩ රිදෙනවා කකුල් ඉදිමිලා ඇස් රතු වෙලා....." ඒක අහපු ගමන් පොර බය වුනා
"එහෙනම් ඕක ලෙඩක් පුතා ඔයාට හොද සිංහල වෙද මහත්යෙක් කියන්නද"
මං කියන බොරු වලට වයිසා හොදටම ඇන්දීලා පොර එක එක ජාතියේ බෙහෙත් කියනවා.......මාත් හරි හරි කියලා අහං හිටියා.......අංතිමෙදී මට අහං ඉන්න බැරිම තැන මං ඇහුවා
"සර් මට එන්න කීවේ ඇයි කියලා........"
ආ මේ ඔයාගේ ශිෂ්්‍යාධර සල්ලී ටික අවුරුදු 4කින් අරගෙන නෑ නේ........ඇයි මේ නිකං දෙන ඒවා ගන් නෑත්තේ ඔයාලට සල්ලී වැඩි වෙලාද?......
සරූත් අහන කතා මේ මේ එල්ලෙන්න වැලක් තියා රෙදි ටික එල්ල ගන්නවත් වැලක් නැතිව ඉන්නවා.....මං ස්කොලෙ එන් නැති හිංදා මට මේක අමතක වෙලයි තිබුනේ..........
"මෙන්න මෙතන අත්සන් කරන්නකො" කියලා මට චෙක් කොලයක් අතට දීලා මාව යැව්වා.........මාව නිකං කරකවලා අත ඇරියා වගේ ......දෙන දෙයියෝ අපේ ගෙදර ගිහින් මං නැති හිංදා ස්කොලෙටම ඇවිල්ලා දීලා ගිහින්.....දැන් ඉතින් මැච් එක බලන්න ගිහින් පට්ට ෆන් එකක් ගන්න පුලුවන්
********************************
මම මරදානෙන් බැහලා අරුන්ට කොල් කරා.....කතා කර ගත්ත විදියට මන් උන්ට ඉන්න කීවේ ‍තෝසේ කඩේ ලග
"හෙලො කුලේ කොහෙද බන් ඉන්නේ"
"KK මං ‍තෝසේ කඩයක් හැම තැනම හෙව්වා බන් හම්බ වුනේ නෑ ඊට පස්සෙ චයිනීස් එකක් තියනවා දැක්ක අපි එතනට වෙලා ඉන්නවා.......‍" අප්පා මුන්ට අලයක් තරම් වත් මොලයක් නැති හැටි
"යකෝ තොසේ කඩේ ලගට එන්න කීවම චයිනිස් එකක් ලගට හරියනවද බන්"
උබලා වගේ එවුන් එක්ක කොහමද යකෝ වැඩක් කරන්නෙ කමක් නෑ දැන් ඔතන්ට එන පාර කියපන්" අරු කියපු විදියට මං පාර හොයා ගත්තේ එකම තැන 10 පාරක් විතර කැරකිලා.......තුන් ‍ටුක් ‍ටුක් එකක නැග්ග අපි ග්‍රවුන්ඩ් එක ගාවට ගියා.........අයියෝ අපි ලයිට් කනුවකට නැග්ගොත් එකෙත් දෙබලක් ........ග්‍රවුන්ඩ් එකම පිරිලා ඇතුලට යන්න බැරුව මහ ගොඩක් එලියේ..............
"මල්ලී අද නම් ග්‍රවුන්ඩ් එක කිට්‍ටු කරන්නවත් වෙන් නෑ" ත්‍රිවීල් එකේ අයියා කියනවා
"බලපංකො බන් ඉදලා ඉදලා ආත්ල් එකේ මැච් එකක් බලන්න ආවා අපිට ඇයි බන් මෙහමම වෙන්නේ "......දේශාන් අඩන්න වගේ කියනවා
"මල්ලී මර දානේ හොද රෙස්‍ටුරන්ට් එකක් තියනවා එකේ අර ලොකු ටීවි එකක් තියෙන්නෙ
එකට ගිහින් මැච් එක බලන්න"
අරු අඩනවා බලන් ඉන්න බැරිම තැනද කොහෙද කීවේ ..............උන්නත් 1000යි මලත් 1000යි හිංදා ගියා අපි එතනට..........
"යකෝ මේක බාර් එකක්නේ බලපන් ටීවි එකේ සයිස් එක"
"අඩෝ මෙතන නිකං ඉන්න බෑ බන් ........මේකෙන් මොනා හරි ගන්න වෙයි......."
"බාර් එකේ මොනාද බන් ගන්න තියෙනේ අරක්කූ ඇර"...........................
"KK මොකද කියන්නෙ සල්ලීත් අතේ තියන එකේ අපි බොමුද?...........
මතු සම්බන්ධයි

8 comments:

Anonymous said...

ela. You write in a freestyle. Keep it up.
Me community eke inna prabudda shravakayo nam wadiya comment karanna nathi wei :-)
Anyway good to see a openly written blog.

kkroxc said...

thanks for the valuable comment u raised me up

Anonymous said...

මැක්සා talks ටික මචන්

Beetle said...

මම නොවරදවා මේ කතාව කියවනවා... දිගටම ලියන්න... all the best...

Unknown said...

CONTINUE UR WRITING.CONDRAGES

kkroxc said...

thanku thanku

kasun0777 said...

නියමයි මචන්.. තව ලියපන්

හාමු said...

ha ha ela ela! Ko KULE???

Post a Comment

කැමතිනම් විතරක්