Wednesday, March 20, 2013

CCTV ගෙදරදීම හයි කරමු

අද මම කියලා දෙන්න යන්නේ හරියට වැඩේ අල්ල ගත්තොත් නියමෙට හම්බ කරන්න පුළුවන් වැඩ කැල්ලක් ගැන, මම කිසිම ගුරු මුෂ්ටියක් නැතිව දන්නා හැම දේම කියලා දෙන්නම් වැරදි අඩු පාඩු තියනවනම් පෙන්නලා දෙන්න.
හරි හැමෝම දන්නවනේ ලංකාවේ මේ දවස් වල හොර හතුරු කරදර තියනවා ව්‍යාපාරයක් එහෙම කරන අයට සැහෙන වෙලාවක් වෙන් කරන්න වෙනවා තමන්ගේ ව්‍යාපාරය පරිස්සම් කරන්නම ඉතින් ඒ වගේ වෙලාවට තමා අපි නවීන තාක්ෂනය බාවිතා කරලා අපේ කාලයත් මුදලුත් ඉතුරු කරගන්න ඕනි. මේ වගේ දෙයක් කරන්න යම් මුදලක් ආරම්භයේදී වැය වුනත් මෙයින් වෙන ප්‍රයෝජන ඊට වඩා බොහම වැඩි. 


මොකද්ද මේ CCTV කියන්නේ 

විකි එකේ තියන විදියට නම් Closed-circuit television (CCTV) is the use of video cameras to transmit a signal to a specific place, on a limited set of monitor ඔන්න ඕක තමයි තේරුම.



CCTV පද්ධතියක අඩංගු මොනවාද



• කැමරාවක් හෝ කිහිපයක්,

• DVR (Digital Video Recorder) මේකට සිංහලෙන් කියන නම නම් දන්නේ නැ මේ ගැජට් එකට තමා සිස්ටම් එකේ සියලුම කැමරා සම්බන්ද වෙලා රෙකොර්ඩ් වෙන්නේ ඒ වගේම මොනිටර් ඒක සම්බන්ද වෙන්නෙත් මේකට.


CCTV පද්ධතියක තිබීමේ වාසි කවරේද.

• සොර සතුරන්ගෙන් ආරක්ෂාව.

• සවි කරන ස්ථානයේ සිදුවන සියලුම දේවල් පටිගත වීම.

• දුරස්ථ ස්ථානයක සිට වුවද තම දේපල විමර්ශනය කිරීමේ හැකියාව (Remote monitoring)

කොච්චර වියදමක් යයිද

මේකනේ ඉතින් හැමෝම අහන පලවෙනි ප්‍රශ්නේ , මම දැනට පිට කොටුවේ යන මිල ගණන් දාන්නම් මේවා ඉතින් පොඩ්ඩක් එහේ මෙහෙ වෙන්න පුළුවන් . මුලින්ම ප්‍රධාන ගැජට් ඒක වන DVR එකේ ගාන බලමු. DVR එන්නේ පොර්ට් 4 එව්වා පොර්ට් 8 එව්වා පොර්ට් 16 ඔය වගේ නම්බර්ස් වලින් මේකේ තේරුම තමයි කැමරා කීයක්‌ හයි කරන්න පුලුවන්ද කියන ඒක පොර්ට් 4 එකට කැමරා 4 යි. සාමාන්‍ය තැනකටම නම් කැමරා 4 තමා හයි කරන්නේ උපරිම ගන්නේ පොර්ට් 8 ඒක , ලොකු බිල්ඩින් වලට තමා ඊට වඩා ලොකු එව්වා යන්නේ. ඊලගට DVR එ කේරෙකොර්ඩ් වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකක් උඩනේ ඒ හාර්ඩ් ඒක අපි වෙනම ගන්න ඕනි සාමන්යෙන් 500 GB හාර්ඩ් එකකින් කැමරා 4 ක් මාස තුනක් රෙකොර්ඩ් කරන්න පුළුවන්. පල්ලෙහින් දාල තියෙන්නේ DVR ගාන විතරයි හාර්ඩ් එකට වෙනම සල්ලි යනවා.


DVR

ගණන් අඩුම DVR ඒක රුපියල් 8000 මේකට කැමරා 4 ක් වෙනකම් හයි කරන්න පුළුවන්, නෙට්වර්ක් කරන්නත් පුළුවන්, හැබැයි මේක ටිකක් බේසික් DVR එකක් කොලිටි එකත් එච්ච්චර හොද නැහැ, ඔයාලා පිට කාට හරි කියලා කර ගත්තොත් මේක තමා දාන්නේ, මම මේකට එච්චර කැමති නැහැ,
මම සාමන්යෙන් පාවිච්චි කරන්නේ 12000 ට තියනවා පොර්ට් 4 ටිකක් හොද DVR එකක් මේකේ විශේෂාංගය තමා මේකට ඩොන්ගල් ගහන්න පුළුවන් ඒ කියන්නේ SLT නැති තැනක වුනත් ඩොන්ගල් එකෙන් මේක නෙට්වර්ක් කරන්න පුළුවන්. ඒ වගේම ටිකක් මේකේ ඇඩ්වාන්ස් වැඩ කෑලි ටිකක් තියනවා ඒ ටික ඉස්සරහට කියලා දෙන්නම් 


කැමරා 

කැමරා කොලිටි කිහිපයකින් කැමරා වර්ග කිහිපයක් තියනවා ඒවා ගැන දීර්ඝ විස්තරයක් කරන්න මට වෙලාව මදි පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බැලුවනම් පැහැදිලි විස්තරයක් ගන්න පුළුවන්, රුපියල් 3000 ඉදලා උඩට කැමරා වර්ග තියනවා, මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සෝනි චිප්සෙට් තියන 6mm බුලට් කැමරා ඒක ඒක රුපියල් 4500 ට විතර ගන්න පුළුවන් මේක අවුට්ඩොර් හයි කරන්නත් පුළුවන් , කැමරා කඩේකට ගියාම එයාලා ලග තියනවා එව්වා ගහලා පෙන්නවා දෙක තුනක් බැලුවාම මොකද්ද හොද කියලා ඔයාලට තේරෙනවා මම කැමරා වල මිල ගණන ටිකක් සදහන් කරන්නම් 

1. CMOS CAM 3000-4000/= up

2. VGA CAM Sharp chip set with night vision 4000/= up

3. VGA CAM SONY chip set with night vision 4500/= up

4. 720 CAM 8000/= up ( මෙන්න මේවා තමා දැනට පෙටා වල තියන හොදම කැමරා කොලිටි ඒක හොදයි)
අමතර උපාංග

ඕනි වෙන දේවල් වල මිල ලැයිස්තුවක් මෙන්න මෙන්න කැමරා ක සිස්ටම් එකකට යන දල වියදම අදහසක් ගන්න විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්.

4 Ports DVR 12000
Hard Disk 500GB 8000
4 Cameras 4500*4 18000
8 BNC jacks 60*8 480(කැමරාවට වීඩියෝ කේබල් හයි කරන්නේ මේ ජැක් එකෙන්)
4 DC jacks 30*4 120 කැමරා වලට යන පවර් කේබල් එකට හයි කරන්න )
5amp Power pack 1100
Video Wire 1800 වයර් රෝලක්ම යන්නේ නැ ඒ වුනාට ගන්න වෙනවනේ )
TT wire 1800 

Total 43300

හරි ඕක තමයි දෙන්න පුළුවන් කෙටි හැදින් වීම දැන් අපි වැඩේ කරන්න යමු කොමෙන්ට් වැටෙන විදියට ඊලග පොස්ට් ඒක දාන්නම්, 
ප ලි .
මේක මම මුලින්ම ලියන්නේ එළකිරි එකට ඊට පස්සේ මගේම බ්ලොග් එකට දානවා, කවුරු හරි උපුට ගන්නවානම් පොඩ්ඩක් දැනුම දෙන්න ප්ලීස් ගොඩක් මහන්සි වුනා

39 comments:

Anonymous said...

very good

පන්සල් හංදිය said...

සෑහෙන්න වැදගත් ලිපියක්. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්න. ස්තුති.

amila said...

kaalinawa ithaa watinaa deyak,
godak wadagath venne api danuwath vena eka, nathnam pitin enaun monawa hayikarala kiyak kadaa ganida? bohoma sthuthiyi,

Anonymous said...

ඇත්තමයි ගොඩක් වටිනවා

mahen said...

ඉතාම වෑදගත් බොහොම ස්තුතිය්.

mahen said...

ඉතාම වෑදගත් බොහොම ස්තුතිය්.

Anonymous said...

Niyamay Bro,, Thanks for sharing your knowledge.

Sagara said...

නියමයි

Anonymous said...

VERY GOOD VERY GOOD KEEP UP YOUR WORK

Praසන්ன said...

වැදගත් විස්තරයක්. දිගටම ලියන්න.

Prabuddha said...

patta KK ... valuable post ekak. keep it up

Anonymous said...

macho godak watina post ekak kohoma hari , network karala internet haraha cctv cam eken balanna puluwan nam e gana hodata pahadili karala kiyanna thanks again (y)
@shiwantha

Anonymous said...

මචන්, battery backup ඕනේ වෙන්නේ නැද්ද? හොරෙක් ගෙදරට එන්න කලින් light කපල අවොත්??

Anonymous said...

elanga kotasa ekmanata dandooo api balana ennawoooo......

Anonymous said...

ela wedak,well done

sumith said...

digatama liyanna wadagath lipiyak thanks

දුකා said...

නියම පෝස්ට් එකක්. ඒත් මම නම් කියන්නේ ඒ ඒ ට්‍රේඩ් එකට ඒ ඒ ප්‍රොෆෙෂනල්ස්ලගේ සේවය ලබා ගන්න එක තමා හොඳම දේ කියලා.

යමක් ඉගෙන ගන්න ඕන කමට කලාට කමක් නෑ එත් රකියාවක් විදිහට ඒ රැකියාව ඉගෙන ගත්තු අයගේ බඩේ පාර ගහන එක නම් හරි නෑ .

ඒ නිසා මම නම් කවුරු හරි ලව්වා කරවන්න වැඩේ ගෑන් දනුම ලබා ගත්තා විතරයි ඕන් . .

itnishantha said...

එල එල දිගටම යන්

Anonymous said...

ela wedak,well done

Anonymous said...

Hard Disk 500GB Ebay eken gennaganna danata pavichchi karanna hoda Hard Disk ekak kiyanna

Anonymous said...

ඔය වැඩේ තව ටිකක් ලාබෙට කරගන්න පුලුවන් විදිහක් තියෙනවා. එකක්, ගේ ඇතුලෙ නම් වෙබ් කැමරා පවිච්චි කරන්න පුලුවන්, DVR එක වෙනුවට වෙනම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. නිකන් පොඩි කොම්පුටර් එකකට දාන්න පුලුවන්. පෙන්ටියම් 4 එකක් කිසි අවුලක් නැතුව භාවිතා කරන්න පුලුවන් ඒකට. ඒ ඇප් එකේ තිබ්බ අවුල තමා රෙකෝඩින් එක කට් කරන්න බෑ. එකදිගට සතියක් උනත් යනවා. අලුත් ඇප් හොයලා බලන්න. සමහර විට හොඳ එකක් ලැබෙයි.
බුදුසරණයි..

Anonymous said...

Thanks machan ... godak useful article ekak ... digatama liyanna

Anonymous said...

Thanks

sri lanka hotels said...

mama meka mulinma dakke elakiri eke mama hituwa meka horen ussala kiyala report karana haduwe...
me parts ganna place ekak kiyanawada ?

Anonymous said...

හුගක් අය නොහිතන පැත්ත දැන් කියන්නම් ... මම දැකලා තියෙනවා CCTV හයි කිරීම වෙළදාමක් වශයෙන් කරන අය ... ඇත්තටම කිව්වොත් එලම බිස්නස් එක ... මහා දෙයක් කරන්නත් නැ ... හැබැයි අවදානම් ... හේතුව තමයි ඔයා මේ විදියට හයි කරපු CCTV එකකින් කවර නොවුන ප්‍රදේශයකදී මිනීමැරුමක් උනා කියලා හිතන්න ... අන්න එතකොට මුලින්ම අල්ලන් යන්නේ CCTV හයි කරපු කෙනාව ... ඊට පස්සේ උසාවියට technically පැහැදිලි කරන්න වෙනවා ඇයි ඒ කොටස ඔයාගේ security system එකෙන් ආවරණය නොවුනේ කියලා ... අන්න ඒ වගේ ගැටළු ගොඩාක් තව මේ field එකේ තියෙනවා ... ඒ නිසා බිස්නස් එකක් විදියට කරන්න බලාපොරොත්තු වෙනවනම් ටිකක් හොයලා බලලා වැඩේ පටන් ගන්න ... මෙහෙම වෙලා තියෙන නිසයි කියන්නේ අදුරන අයෙකුට ... :D

Unknown said...

Godak Wadagath Aiye Aiye Mekata mail Ekak Dannako Dharshamald@gmail.com

SilentSahan said...

machan sahenna wadagath...digatama liyanna..

Anonymous said...

nice great work.

Anonymous said...

Godak hondai kolla.mata oyalath ekka join wenna oni.

Anonymous said...

niyamay dear

Anonymous said...

ගොඩක් හොදයි i p addras දාල නෙට්වක් කරන විදිය දමන්න.

Unknown said...

Ethakota kohomada remote krla video eka ape phone eken balanna hadaganne

Unknown said...

Ethakota kohomada remote krla video eka ape phone eken balanna hadaganne

Unknown said...

superrr



Unknown said...

superrr



Unknown said...

machan ela digatama yan

Unknown said...

machan ela digatama yan

Unknown said...

Niyami bro

Unknown said...

Niyami pehidili

Post a Comment

කැමතිනම් විතරක්