Friday, July 5, 2013

සිංගප්පූරුවේ කාපු චාටර් 2


කාපු චාටරේ ගැන පහු ගිය ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලලා එන්ඩලා පහු ගිය ලිපිය ඉවර වුනේ අපි පොලොසියට කතා කරාට පස්සනේ කෝල් කරලා මිනිත්තු පහක් ගියේ නැහැ මෙන්න තොරණ වගේ ලයිට් පත්තු වේවි පොලිස් කාර් එක ආවා එකෙන් බැස්සේ චීන ජාතික පොලිස් මහත්මයෙක් සහ මැලේ ජාතික පොලිස් මහත්මයෙක් මෙන් දෙන්නා ආවා අපි ලගට කාගේත් හොදට ඉංග්‍රීසියෙන් වෙච්ච දෙබස මම සිංහලෙන් දාන්නම් හොදේ චීනා මම ලගට ඇවිල්ලා ඇහුවා සර් මොකද්ද ප්‍රශ්නේ කියලා එහෙම තමා එහෙ පොලිසියෙන් හැමෝටම සර් කියලා කතා කරන්නේ මම පැහැදිලි කරලා දෙන්න හදද්දීම අර ලෝයර් ඉන්දියන් කාරයා මැදට පැනලා කියෝගන කියොගන ගියා චීනා පොර දිහා අතින් සන් කරා කතා කරන එක නතර කරන්න කියලා අරු බල්ලා වගේ කටවහත්තා සර් මම මෙයාගෙන් ප්‍රශ්නේ අහලා ඔයා ලගට එන්නම් ඔයාගේ ප්‍රශ්නේ අහන්න පොඩ්ඩක් ඉවසන්න මුන් ඔක්කොම කතා කරන්නේ කැඩිච්ච ඉංග්‍රීසි ඕන යකෙට්ට තේරෙනවා ඒ බාසාව ඉතින් ආපහු චීනා මං පැත්තට හරුනට පස්සේ මම බොහම දුක හිතෙන විදියට අපේ කතාව කිව්වා ඊට පස්සේ අරුන් ලගට ගිහින් උන්ගේ කතාවත් ඇහුවා.
                                                                 ඇත්තම බැලුවොත් වැරැද්ද අපෙනේ ඒක මට චීන පොලිස් අයියා පැහැදිලි කරලා කිව්වා ඉන්පස්සේ  අරුන්ට කිව්වා මෙයාලා දැන් අමාරුවේ වැටිලා ඉන්නේ ඔයාලා උදව් කරන්න කැමතිද කියලා ඇහුවා අර බුරුවා ගත් කටටම බැහැ කිව්වා උන්ගේ වෙච්ච පාඩුවට ඩොලර් 1000 ක්ම ඕනිලු ඒ පාර නැවත චීන පොලිස් ටිකක තදින් කිව්වා මෙයාලා ස්ටුඩන්ට් ලා මේ වෙලාවේ හැටියට ඩොලර් 1000 ක් ගන්න එක අසාධාරණයි ගාන අඩු කරන්න කියලා අර බුරු ඉන්දියන් ලෝයර් පොලෝසිය එක්කත් ගේම ඉල්ලනවා නීති කතා කරලා අන්තිමට බෝකර් ගේ සහ අයිතිකරුගේ මැදිහත් වීමෙන් එයාලට වෙච්ච පාඩුව හැටියට ඩොලර් 500 ක් ගෙවන්න සිද්ද වුනා අපෙන් උන්ට වෙච්ච පාඩුව මොකද්ද අපි හින්දා පැය 7 ක් රස්තියාදු වීම සහ ලෝයර් ගාස්තු විතරයි ඕකට තමා 500 ක් ඉල්ලුවේ එත් ඒ වෙලාවේ හැටියට අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ අපේ අතෙනේ වැරැද්ද.
                                            අපි ගාස්තු ගෙව්වට පස්සේ බෝකර් සහ අයිතිකරු ලෝයර් එක්කම යන්න ගියා පොලිසිය අපෙන් ඇහුවා දැන් ඔයාලා කොහෙද යන්නේ කියලා අපි කිව්වා අපි යාලුව්ක්ගේ ගෙදර යනවා කියලා ඉන් පස්සේ උනුත් ගියා අපි එහෙම කිව්වට අපිට යන්න තැනක තිබ්බේ නැහැ අපි ගෙදරට ගත්ත ඇදවල් සෝෆා මේස අපේ ඇදුම් බෑග් එක්ක අපි ෆ්ලැට් එකක් යට තනි වුනා වුනේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ ඒ මදිවට මැරෙන්න තරම් බඩගිනි මුලින්ම අපි කරේ කිරි පැකට් ගෙනල්ලා බීපු එක ඉන්  පස්සේ අපේ ෆෝන් වල සල්ලි ඉවර වෙනකම් අපි දන්නා අදුනන යාලුවන්ට කතා කරා නවත්නින්න තැනක් හොයාගන්න කලින් පාර සල්ලි ඉල්ලන කතා කරපු හින්දා ගොඩක් අය ෆෝන් ආන්සර් කරේ නැහැ ඔන්න නමුත් ඒ අය පස්සේ මුනට හම්බවුනාම නම් කිව්වේ අඩෝ මට ඇහුනේ නැහැනේ නැත්නම් අපේ ගෙදර ගෙන්න ගන්නවනේ කියලා ඔන්න ඔහොමයි යාළුවො කොහෙමෙන් කොහම හරි අපි දැන ගත්තා අපිට අද ඉන්න තැනක් නැහැ කියලා ඊට පස්සේ අපි හෙව්වේ බඩු ටික දාන්න තැනක් අර මනේ කියන පොරගේ මල්ලි හිටියෙත් එහෙමයි උන් දෙන්නා තරා හින්දා වෙනම හිටියේ කොහම හරි මම කියලා කියලා මනෙට කියලා මල්ලිට කතා කරලා උන්ගේ ගෙදරට අපේ ඇදුම් බෑග් ටික විතරක්  දාගන්න කතා කරගත්තා, ඌ හිටපු කාමරේට අපේ අඩුම බෑග් ටික දැම්මෙත් බොහම අමාරුවෙන් මල්ලි හිටපු  කාමරේ තිබ්බේ ගේලන්ග් කියන පැත්තේ ඒ පුංචි කාමරේ  හැරෙන්නත් ඉඩ මදි එත් 8 දෙනක් නිදා ගන්නවා මාරුවෙන් මාරුවට තමා නිදා ගන්නේ ඔන්‍න‍ ඔහොමයි එහෙ ජිවිතේ.
                             අපි අමාරුවෙන් එකතු කරගත්ත අපේ බඩු ටීකා දාලා අපේ ඇදුම් විතරක් අරන් ගියේ හිතේ බොහොම දුකෙන් හෙට උදේට එනකොට මේ ටික නැහැ කවුරු හරි අරන් යයි එත් ඉතින් මොනා කරන්නද අපේ ඇදුම් ටිකත් අරගෙට දැම්මට පස්සේ අපි අපිට නවත්නින්න තැනක් හෙව්වා මුලින්ම කතා වුනේ හොටෙල් එක්ක නතර වෙන්න ඊට පස්සේ අපි කල්පනා කරා අපි ලග තියෙන්නේ දැන් ඩොලර් 1000ක් විතරයි අපි හෙට කොහමත් ඉන්න කාමරයක්  හොයාගෙන එකට ඩිපොසිට් දෙන්නත් ඕනි ඇත්තටම අරුන් තුන්දෙනවා දාලා මගේ ඩොලර් 1000 අරන් මට කාමරයක් හොයාගන්න තිබ්බේ එත් එකට කාපු බීපු එවුන්ව එහෙම දාලා යන්න මට බෑ ඒක හින්දා අපි තීරණය කරා සල්ලි ඉතුරු කරගන්න පාරේ හරි ඉමු කියලා දැන් වෙලාව 10 ට විතර ඇති කෙලින්ම අපි ගියේ කෑම කඩේකට ගිහිල්ලා ඩොලර් 2 කේ බත් 4 ක් කෑවා ඉන් පස්සේ අපි කොහේ හරි පාර්ක්‌ එක්ක නිදා ගන්නවා කියලා හිතාගෙන පාර්ක්‌ එකක් හොයාගෙන ඔහේ ඇවිද්දා අපේ කරුමෙට ඒ හරියේ පාර්කුත් නැහැ ඇවිදිනකොට අපිට එහෙ නැෂනල් ස්ටේඩියම් එක ලගින ගියා අපි දැක්ක ඒ හරියේ කවුරුත් හිටියේ නැහැ දෙපාරක් හිතන් නැතුව ස්ටේඩියම් එකට ලගින අලි පඩි තාවකාලික ඇද කරගන්නවා කියලා හිතා ගත්තා.
                                                      හිතේ අමාරුවටයි ඇගේ අමාරුවටයි පඩිය උඩ දිග ඇදුනට නින්ද අහලවත් තිබ්බේ නැහැ කට්ටිය සද්ද නැතුව මොකද්ද මේ අපිට වුනේ කියලා කල්පනා කරා අපිට ගොඩක් තැන් වල වැරදුනා මොකද කවදාවත් නැතුව ඉන්දියන් හැත්තව විස්වාස කරා අනික අන්තිම මොහත වෙනකම්ම් බලන් හිටියා මෙව්වා කලින් කරගන්න තිබ්බ කොච්චර හිතුවත් පුදුම දුකක් තරහක් හිතේ තිබුනේ වෙනදට ක්ලබින් ගිහින් ආරහේ මෙහෙ ගිහින් කොච්චි පටන් ගන්නකන් ස්ටේෂන් වල නිදාගත්තට යන්න එන්න තැනක් නැතුව හිගන්නෝ වගේ මෙහෙම නිදා ගෙන ඉද්දි එන හැගීම පුදුම වේදනාවක් දෙන්නේ අන්තිමට පාන්දර 4 ට විතර පොඩ්ඩක් නින්ද ගියා එත් පැයබාගයක් නිදා ගන්න වුන්නේ නැහැ එලිය වැටිලා එහෙමම අපි එතන ස්ටේෂන් එකෙන් මුණ කට හොද ගෙන ලිටිල් ඉන්ඩියා පැත්තට ගිහින් ඉන්න තැනක් හෙව්වා අන්තිමට අපිට එලොවටත් නැති මෙලොවටත් නැති කොල්ලෝ 30 ක් විතර ඉන්න මකුණෝ පිරිච්ච ගරා වැටිච්ච බිල්ඩිමක අපාර්ට්මන්ට් එකක් හම්බ වුනා ඒ වෙලාවේ හැටියට දිවියලෝකයක් හම්බ වුනා වගේ අරුන් තුන් දෙනා ලගම සල්ලි නැති හින්දා මම උන්ටත් එක්ක ඩිපොසිට් දුන්නේ පස්සේ දවසක උන් ගෙදරින් සල්ලි ගෙන්නාගෙන මට සල්ලි දුන්නා නමුත් අදටත් මම උන්ට කරපු උදව් අමතක නැහැ ඒක ලොකු සතුටක් මට ඔන්න ඔහොමයි සින්ගපුර් ජීවතේ, අපි මේ කරදරේ වැටිලා ඉද්දිත් කරපු හොද වැඩක් ගැන ඊලග පොස්ට් එකෙන් දාන්නම් අදට නවතිමි.

10 comments:

Praසන්ன said...

දන්න රටේ කොහේ හරි ගිහිල්ල ඔය වගේ දෙයක් උනාම එපාවෙන එකේ නොදන්න රටක විච්චහම අනාතයි තමයි.

Lahiru Palihawadana said...

උබල මාර ඩයල් නෙ... පට්ට කරුමයක් වෙලා තියෙන්නෙ... යකො ඉන්දියන් හැත්ත විශ්වාස කරන්නනම් එපා.. උන මහ ජරා බල්ලො

Unknown said...

මචන් ඔය ඉන්දියන් කියන්නේ ජරාම ජාතියක්.හොදයි කියල හිතෙන උන ඉන්නවා.හැබැයි උන්ට වාසියක් වෙනකොට උන් ගැන විතරයි බලන්නේ..

Anonymous said...

keep it up brother, being on your attitude one day you will realize every difficult time help your goals congratz

Anonymous said...

ඊයා සිකේ පුංහල නේ ලියලා තියෙන්නේ. එන්ඩලා කියන්නේ මැන්ඩෙලා ගේ කවුද? යකෙට්ට කියන්නේ හැට්ට ජාතියක්ද? බෝකර් කියන්නේ පෝකර් ගහන කෙනෙක්ද? බඩු ටීකා දාලා. ඒ මෝකා වේලා තීයා නාවා? කවුද පාර්කුත් කියන්නේ ඔයාගේ ගමේ එක්කෙනෙක්ද?

එල ද බ්‍රා මෙන්ඩා said...

ඔය ඉන්දීයන් පරොයෝ විස්වාශ කරන්න එපා

මාරයාගේ හෝරාව said...

ලියන්නම ඕන කතා මෙච්චර කාලයක් නොලියා හිටිය එකනං වරදක් පුතෝ...

Niගම්බූ කොලුවා said...

පොලීසිය නම් සිරා තමයි එහේ, මේ ලඟදි මටත් ටැබ් එකක් ගන්න ගිහින් ලෝක හොරෙක්ට අහුවෙලා පොලෝසියේ පිහිට පතන්න උනා, අපරදේ කියන්න බෑ
ආපු පොඩි උන් 3න් දෙනා වැඩේ ගොඩදාගන්න සෑහෙන්න උදව් කලා
තව පොඩ්ඩෙන් ඩොලර් 915 වැඩේට 1800ක් ගෙවන්න වෙනවා

kkroxc said...

නියම කලු සිංහලයෙකුත් ඇවිත් ඉන්නේ අවුලක් නැ කියවන්න බැරි නම් කියවන්න එපා මචං....මේ පැත්තේ ආපු හැමෝටම ස්තුතිය

nuwan said...

ela ela kk parkku karan natiwa ikmanata anikath dapan

Post a Comment

කැමතිනම් විතරක්