Monday, August 5, 2013

බෙල්ලන්විල පන්සල


සෙනසුරාදාවක් හන්දා හුගක් දෙනා අද පන්සල් ඇවිත් කාර් පාර්ක්‌ එකත් පිරෙන්න සෙනග ඉඩ ඇති තැනක් බලලා අලුත ගත්ත මගේ කාර් පොඩ්ඩ පාර්ක්‌ කරේ බොහොම පරිස්සමින් මටත් වඩා තාත්තා ගොඩක් පරිස්සම් කාර් එක වටේ වටයක් කැරකුණ තාත්තා විදුරුව අස්සෙන් වාහනේ අතුල බැලුවේ මම හෑන්ඩ් බ්රේක් එක ඇදලද කියලා ඉන්පස්සේ හිනා පිරිච්ච් මුනෙන් මාවත් එක්කගෙන පුජා වට්ටි විකුනන කඩ අසලට ගියා.කඩ දෙක තුනක් පහුකරලා ගිහිං හොදට පිරෙන්න වට්ටි වලට පලතරු දාලා තිබ්බ කඩයක් ලග නැවතිලා විපරම් කරා.

"මල්ලි මේ පුජා වට්ටි කියද ?"

"350 සර් අලුත් පලතුරු තියෙන්නේ"

"තුනක් දෙන්න කතරගම දෙයියන්ට එකයි, සුනියම් දෙවියන්ට එකයි, ගණ දෙවියන්ට එකයි"

කඩේ හිටපු කොල්ලා දඩ බඩ ගාලා ඉටි මල් මලා එහෙ මෙහෙ කරලා අපිට පුජා වට්ටි ටික සකස් කරලා දෙද්දී තාත්තා බුදුන් වදින්න අවශ්‍ය මල්,හදුන් කුරු , පහන් තිර ආදියත් මිලිදී ගත්තා ඉන්පස්සේ මම පුජා වට්ටි දෙකක් අත්දෙකට ගත්තා තාත්තා එක වට්ටියක් සහ අනිත් කළමනා ටික අරගෙන පන්සල පැත්තට පාර පනිනකොට මගේ හිතේ තිබ්බ නෝක්කාඩුව තාත්තට කිව්වා.

"අම්මත් ආවනම් හොදයි නේ ?"

"අද කැන්ටිමේ ලොකු ඔඩරයක්නේ අම්මා ආවනම් මට එන්න වෙන්නේ නැනේ සුදු මහත්තයා"

මේ වගේ හොද ගමනක් තාත්තා නැතුව යන්න අම්මා ඉඩ තියෙන්නේ නැහැ කියලා මම දන්නවා ඒකයි එයාට එන්න බැරි වුනත් තාත්තව එව්වේ මම මටම හිතින් කියා ගත්තා ඒ වුනාට මම බෙල්ලන්විල එන්න කැමති අම්මත් එක්ක මොකද මේ පන්සලේ අම්මටයි මටයි ගොඩක් මතක හිටින සිදුවීම් තියනවා තාත්තා පහන් පත්තු කරන අතරේ මිට අවුරුදු 13 කට විතර කලින් වෙච්ච දේවල් එකින් එක මතක් වෙන්න ගත්තා කොච්චර අමාරු කාලයක්ද ?
                          නොහිතපු වෙලාවක වුන අකරතැබ්බයක් නිසා එතෙක් අම්මා තාත්තා මහන්සි වී ගොඩනගපු ව්‍යාපාර මෙන්ම අපේ සැපවත් ජිවිතත් අත ඇරලා තාත්තගේ ගම වෙච්ච කොලබට අපි හැමෝටම එන්න වුනා. සියල්ල දමා ආවේ අප නිවාඩුව ගත කිරීමට ප්‍රිය කරන තාත්ත්තගේ නෑදැයෝ අතරට හින්දා  මුල් මාස කීපය අයියටයි මටයි අක්කටයි ලොකු වෙනසක් දැනුනේ නැහැ එත් මාස කීපයකින් ගෙදර තිබ්බ සල්ලි ටික ඉවර වෙද්දී රත්තරං බඩු  එකින් එක බැංකුවට යද්දී අපි මේ ගත කරන්නේ නිවාඩුවක් නෙමේ කියලා අපිට තේරුනා.ජිවිත කාලයම ගොඩ නගපු සියලු දේවල් අහිමි වෙලා නොදන්නා රටක ආදායම් මාර්ගයක් හොයන්න තාත්තා  වෙහෙසෙද්දී සමහර නෑදෑයන්ගේ ඈත් වීම අපිට ටිකෙන් ටික දැනේනේ ගත්තා. අපි තුන් දෙනාව ගමේ ස්කොලෙන් අයින් කරන කොලබ ස්කෝලෙට දැම්මට පස්සේ ජිවත් වීම තවත් අමාරු වුන බව අපිට දැනුනේ බස් මුදලාලි කෙනෙක් විදියට හිටපු තාත්තා අපේම බස් එකේ කොන්දොස්තරකමට යද්දී. ලිපේ ඉදෙන ව්‍යංජන ගණන අඩු වෙලා අන්තිමට කෑම වෙල් ගණනත් අඩු වුනේ කඩෙන් නයට බඩු දෙන එක නතර කරාට පස්සේ. මට අද වගේ මතකයි බඩු ලිස්ට් එකක් අරන් ගිය මට කඩේ මුදලාලි සැර දාලා බැනලා එලෙව්ව හැටි ඒ මගේ ජිවිතේ අදුරුම අත්දැකීමක්. මේ සියල්ල වෙන අතරේ අම්මා ගෙදර ඉදං සැහෙන්න දුක් වේවි හිටියේ එයා කොච්චර හිත හයිය ගැනියෙක් වුනත් ඒ ලැබිච්ච දුක් කන්දරාව දරාගන්න ගොඩක් අමාරුයි ඔහොම ඉද්දි අම්මට කියලා තිබ්බා කවුරු හරි ඔය සේරම කරදර දුරු වෙන්න කියලා හිතාගෙන බෙල්ලන්විල පන්සලට ගිහිං බෝධිපූජාවක් තියන්න කියලා එල්ලෙන්න පිදුරුගහක් වත් තිබ්බේ නැති වෙලාවේ එකවත් කරලා බලන්න ඕනි කියලා අම්මා මාවත් එක්කගෙන බෙල්ලන්විල ආවා. දෙතුන් දෙනකගෙන් පාර අහගෙන බස් දෙක තුනක ඇවිල්ලා අපි දෙන්නා මහන්සියෙන් පන්සල ඇතුලට ගියපු විදියට මට අදටත් හොදට මතකයි. අම්මයි මමයි ප්ලාස්ටික් කල වලට වතුර පුරවගෙන බෝධිය වටේ ගිහිං බෝධිය නාවලා බුදුන් වැන්දා,
                             වැදලා ඉවර වුනාට පස්සේ එතන තිබ්බ සුනියම් දේවාලේ ලගට අම්මා ගියේ පිහිට ඉල්ලන්න වෙන්න ඇති  උදේට හරි කෑමක් අපි දෙන්න කාලා හිටියේ නැහැ පුදුම බඩගින්නකින් හිටපු මට දේවාලේ තිබ්බ පලතුරු දිහා බැලුනේ ඉබේටම ඔය අතර මං දිහා බලන් හිටපු දේවාලේ කපු මහත්තයා මට කොමඩු කැල්ලක් දුන්නා ඒ වෙලාවේ මම අම්මා දිහා බැලුවා අම්මා කදුළු පිරිච්ච ඇස් දෙකෙන් කිව්වා කන්න පුතේ කියලා එසැනින් කොමඩු කැල්ල අතට අරන් කටේ දාගත්තේ විදුලි වේගෙයන් මගේ නහර පුරා දැනිච්ච ඒ මිහිරි රස මට අදටත් මතක් වෙනවා එදා ඉදං අද වෙනකම් මම කොමඩු කන්න පුදුම පෙරේත කමක් තියෙන්නේ අපේ අම්මා පලතුරු ගෙනාවොත් අනිවා මට කොමඩු ගෙඩියක් ගේන්නේ ඔය සිද්දිය හන්දා. කොහම හරි කොමඩු කැල්ල කාපු විදියට කපු මහත්තයට දුක හිතිලා මට තව කැල්ලක් දුන්නා ඒ අතර අම්මගෙන ඇහුවා

"මොකද දරුවෝ කරදරයක්ද?"

"මේ ළමයි සැපට හැදුනේ කපු මහත්තයෝ අපිට පුංචි පුංචි කරදර ටිකක් වෙලා තියෙන්නේ" අම්මා කෙටියන් කපු මහත්තයාට වෙච්ච දේවල් කිව්වා ඉන් පස්සේ ඔහු අපිට කිව්වා කොච්චර අමාරුවෙන් හරි තව දවස් 6 යක් ඇවිල්ලා බෝදිපුජා තියන්න කියලා ඒ වගේම තියන කරදර මිදිලා පවුලේ හැමෝටම හොදක් වෙන්න කියලා හිතාගෙන සුනියම් දෙවියන්ට බාරයක් වෙන්න කිව්වා කරදර ඉවර වුනාම පුජා වට්ටියක් පුජා කරන්නත් පොරොන්දු වෙන්න කියලා කිව්වා  ඊට පස්සේ ගාථා වගයක් කියලා මොනර පිහාටු වලින් අපේ ඔලුවට තට්ටු කළා"
                     අපි නැවත ගෙදර ආවේ හිතේ යම් තරමක සහනයෙන් පුංචි මට ඕවා තේරුනේ නැති වුනාට අම්මගේ මුනේනේ මං ඒක දැක්කා එත් තව අලුත් ප්‍රශ්නයක් අපිට ආවා තවත් දවස් 6 ක් බෙල්ලන්විල යන්න අපිට සල්ලි ඕනි නේ කන්න බොන්නත් අග හිග කම් තිබ්බ අපිට ඒ වගේ පුංචි ගානකුත් හොයා ගන්න අමාරු වුනා අපේ ගෙදර තිබ්බා පරණ කාසි දාපු බෝතලයක් ඔකේ පරණ 10 කාසි පරණ දෙකේ කාසි එහෙම තිබ්බා අපි ඒවා දීලා කොහම හරි පන්සල ගියා ඔහොම දවස් 5 ක් ගියාම අන්තිම දවසේ අපිට සල්ලි තිබ්බේ බස් එකේ යන්න විතරයි එන්න සල්ලි තිබ්බේ නැහැ එත් අම්මා සැලුනේ නැහැ කාගෙන් හරි ඉල්ලං හරි එමු කියලා හිතාගෙන අපි බෙල්ලවන්විල ගියා යනකොට හරි අපුරු වැඩක් වුනා බස් එකේදී මට බිම තිබිලා රුපියල් 50 ක් හම්බ වුනා ඒ වෙලාවේ හැටියට අපිට රටක් රාජ්ජයක් හම්බුනා වගේ අම්මා කිව්වේ දෙයියෝ බුදුන් අපි ගැන තාම බලනවා පුතේ කියලා අපි එදත් බොධි පුජාව තියලා බුදුන් වැදලා ගෙදර ආවා.
                                       ඉන් ටික කාලෙකට පස්සේ සැහෙන දුක් කරදර විදලා ඉන්න හිටින්න තැන් නැති වෙලා කොටින්ම අපේ ගෙදර තිබ්බ පිත්තල පහනේ ඉදලා ටීවී එක දක්වා සියලුම දේවල් උකස්‌ තියන්න සිද්ද වුනා එත් අම්මගෙන් තාත්තාගෙන් මහන්සියෙන් අපි නැවත තැනකට ආවා අපි දිහා බලන් හිටපු අය පුදුමයට පත්කරමින් අපේ අලුත් ව්‍යාපාරය නැගිටලා ආවා කොලබින් ඉන්න හිටින්න ගෙවල් ගත්තා අම්මලා අපි තුන් දෙනාටම හොදට ඉගැන්නුවා රට රටවල් වල යැව්වා. ඒ දවස් වල වෙච්ච් දේවල් කටුක මතකයන් විතරක් නෙමේ අපේ ජිවිත වලට ලොකු අත්දැකීම් සහ පාඩම් කියලා දුන්නා.
             අද තාත්තයි මායි බෙල්ලන්විල ආවේ මං අලුතින් ගත්ත ගෙදර ගණ දෙවියන්ට බාර කරන්නයි ඊයේ පෙරේදා ගත්ත මගේ පලවෙනි කාර් එක කතරගම දෙවියන්ට බාර කරන්නයි සුපුරුදු පරිදි බෙල්ලන්විල එන හැම වාරයකදීම සුනියම් දෙවියන්ට පුජා වට්ටියක් පුජා කරනවා. මේ දේවල් ගැන මිශ්‍ර විශ්වාසයක් මගේ හිතේ තිබුනත් අපට සිදු වුනු දේවල් එක්ක මේවා ඇත්ත කියලා විශ්වාස කරන්න මගේ හිත කැමතියි අපි දෙවියන්ගෙන් පිහිට ඉල්ලුවා කියලා එවෙලම අපිට මොකුත් මවලා දුන්නේ නැහැ අපි ගොඩක් මහන්සි වෙලයි මේ දේවල් ලබා ගත්තේ නමුත් එහෙම මහන්සි වෙන්න ශක්තියක් දහිරියක් ලබා ගත්තේ අපි මේ දේවල් කරලා. මිරිස් කරල එක්ක දෙහි ගෙඩි තුනක් කාර් එකේ එල්ලලා සුදු පාට පුංචි බුදු පිලිමෙකුත් ඩෑෂ් බෝඩ් එකේ අලවාගෙන තුන් පාරක් ස්ටිරින් එකට වැදලා කාර් පාර්ක්‌ එකට රුපියල් 20 කුත් ගෙවලා පාරට වාහෙනේ දානකොට හිතුවා මේක ගැන පොස්ට් එකක් දානවා කියලා ඔන්න එහෙනම් දැම්මා. තව ලියන්න දේවල් ගොඩක් තියනවා හිමිට‍ ලියන්නම්.
 ජය වේවා 

13 comments:

හාමු said...

(Y)

Lahiru Rukshan said...

Life Changes it Self. only you have to give it a little Push.. Bless you KK.

Sameera said...

Subha...!

Chinthaka alwis said...

Nice one macho...Thatz life buddy..Many more to come...T ripple gem bless u...

amila chathuranga said...

සා මරු කතාවක්.

itnishantha said...

මමත් නැගිටින නැගිටින වෙලාවට වැටෙන්නේ කිසිම දෙයක් පිලි නොගන්න මගේ නරුම අදහස් හින්දද කියලාත් වෙලාවකට හිතෙනවා.

Damith Tharanga said...

ලස්සන ඇත්ත කතාවක් නේද? වර්තමානයයි අතීත සිද්ධියි අතරේ කතාව මාරු කරමින් ගලපලා තියෙන හැටි නම් බොහොම අපූරුයි. දුක් විඳපු හිතක් කවදාවත් නොපිට පෙරලෙන් නැලු. ඩය ටැඹ හොයන් යනවලු. එක හුස්මට කියෙව්වා ඕං..

සාගර said...

විඳවපු කාලය ඉවරයි, දැන් ඉතින් ජීවිතය විඳින්න. සුභපැතුම්.

Podi Shan said...

හොද කතාවක්. ජය වේවා!

Anonymous said...

බොරු පොර ටෝක් දෙන්න එපා ඩෝ...උඹට ඕනෙ උනේ උඹ කාර් එකක් ගත්ත බවයි...ගෙයක් ගත්ත බවයි අනිත් උන්ට කියන්න නේද...

Prabuddha said...

ubawa podi kaale idan danna lagama yaluwek widiyata mata uba gena godak adambarai KK... uba kawadawath thaniyama budu wenna hithuwe nehe.ubage lagin inna hema ekawama goda daagena goda yanna try karana nisa ubata kawamadakawath waradinne ne KK....e wage anith ewun gena ada uba hithanne eda uba me wage katta kapu nisai... jaya wewa !!!!!!!!!

ජය බිම said...

බෙල්ලන්විල පන්සල ගැන ඔබගේ අත්දැකීම් හා සමාන අත් දැකීම් මටද තිබේ
ඉලියන්ත වයිට් ඉස්සර දෙවියන්ගෙන් බෙහෙත් ලබා ගන්න උදේ පාන්දරම
යනවා දැකලා තියෙනවා. උදේ පාන්දර තියන බෝදි පූජා හරිම සාර්තකයි.
මගේ ජීවිතය ජයගත් ජය බූමිය බෙල්ලන්විලයි. ඔබට ජය සහෝ.

Niගම්බූ කොලුවා said...

හරිම සතු‍ටුයි මචන් උඹගැන (Y)

Post a Comment

කැමතිනම් විතරක්