Wednesday, March 27, 2013

CCTV ගෙදරදීම හයි කරමු 2


ගිය වර පාඩමේදී CCTV කියන්නේ මොකද්ද ඒ වගේම ඒ වගේ මිල ගණන හදුන්වා දුන්නනේ දැන් අපි සිස්ටම් එකක් හයි කරන විදිය බලමු  මේකේ පල වෙනි පාඩම බැලුවේ නැත්නුම් ඒක මෙතනින් ගිහිල්ලා බලලා එන්න 

CCTV ගෙදරදීම හයි කරමු 1

පලවෙනි පාඩමට සහයෝගය දුන් හැමෝටම ස්තුති කරලා මම දෙවැනි ඒක පටන් ගන්නම් පටන් ගන්න කලින් කලිං පුංචි දෙයක් කියන්න තියනවා සිස්ටම් හයි කරන රස්සාවක් විදියට කරන අයට මේකෙන් පාඩුවක් වුනානම්  ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා , මගේ දැනුම මට පුලවන් විදියට හැමොත් එක්කම බෙදා ගන්නයි මම උත්සහ කරන්නේ හරි එහෙනම් වැඩේට බහිමු.



වැඩේ කරන්න කලින් පටන් ගත්ත දෙයක් ඉවර කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියාගෙන වැඩේට බහිමු. මුලින්ම සිස්ටම් ඒක හයි කරන්න ඕනි ස්ථානය හොදින් විමර්ශනය කරන්න කොතනටද වැඩි පුර ආවරණයක් අවශ්‍ය වන්නේ කොතන කැමරා හයි කරෝත්ද වැඩිම ප්රශදේශයක් ආවරණය වෙන්නේ කියලා තීරණය කරන්න, ඊට පස්සේ DVR ඒක සහ මොනිටර් ඒක සවි කරන්නේ කොතනටද කියලා තීරණය කරන්න . අපි පාවිච්චි කරන කැමරා වල ලෙන්ස් රේන්ජ් දෙකක් එනවා එකක් 3.6mm මෙක්දී මේකට කවර් වෙන ඒරියා ඒක වැඩි ඒ කිව්වේ පුළුල් ප්‍රදේශයක් ආවරණය වෙනවා අනික 6mm මේකෙදි ආවරණ වෙන ප්‍රදේශයක් අඩුයි ඒ වුනාට සූම් ඒක වැඩි ඒ කිව්වේ ටිකක් ලං වෙලා පේනවා, හයි කරන තැන තෝරද්දී මේ ගැනත් සැලකිලීමත් වෙන්න.

හරි මෙතනින් එහාට වෙන වැඩ ටික එක එක අය එක එක විදියට කරනවා ඉතින් මම කරන විදිය ලියන්නම් කියවලා බලලා ඔයාලාට ලේසි විදියකට වැඩේ කරන්න කොහම කරත් එකයි, මෙන්න සිම්පල් ඩයග්‍රේම් එක 



මුලින්ම මම කරන්නේ කැමරා හයි කරන තැන් වලට කැමරා එකේ ස්ටෑන්ඩ් එක හයි කරගන්නවා . හරි විදියට කරනවානම් බිත්තිය ඩ්රිල් කරලා වෝල් ප්ලග් දාලා බෝල්ට් වලින් ස්ටෑන්ඩ් එක හයි කරන්න ඕනි, ඒ වුනාට තමන්ගේ ගෙදර ඩ්රිල් එකක් නැත්නම් එච්ච‍ර හිතන්න එපා හරියට තැන බලලා කොන්ක්රීට් ඇන වලින් හයි කරන්න අවුලක් වෙන්නේ නැ ආපහු ගලවාගන්න ඕනි වෙලා ගලවා ගන්න බැරි වුනත් අලුත් කැමරා ස්ටෑන්ඩ් එකක් රුපියල් 150 ක් විතරයි වෙන්නේ, 




හරි ඊට පස්සේ ස්ටෑන්ඩ් එක හයි කරාට පස්සේ වයරින් එක. කැමරාව ලගට වයර් දෙකක් එනවා එකක් වීඩියෝ වයර්(coaxial cable) එක අනිත එක පවර් එක මෙකිදී වීඩියෝ වයර් එක කෙලින්ම කැමරා එක ලග ඉදන් DVR එක ලගටම යන්නම ඕනි එත් පවර් යන වයර් එක ෂෙයාර් කරන්න පුළුවන් ඒ කිව්වේ වයර් එක යන අතර මගදී වෙන කැමරා එකකට යන පවර් වයර් එකකට මේක සම්බන්ද කරන්න පුළුවන්.

දැන් වයරින් එක පටන් ගමු වීඩියෝ වයර් එකේ කැමරාව පැත්තට දාන කොනට BNC ජැක් එක හයි කර ගන්න(ඇන්ටෙනා ජැක් එක හයි කරනවා වගේ වැඩක් ) TT වයර් එකටත් DC ජැක් එක හයි කරගන්න



ඊට පස්සේ එතන ඉදන් DVR එක තියන තැනට වයර් දෙකම බිත්තිය දිගේ වයරින් ක්ලිප් බාවිතා කරලා සුදුසු විදියට අදින්න, වයර් එක බිත්තිය දිගේ නිකම්ම ගෙනියනවා වෙනුවට කේබල් හවුසින් එකක් දිගේ ගෙනිච්චනම් වැඩේ තවත් පිළිවෙලයි ආරක්ෂාවත් හොදයි හැබැයි එකට අමතර වියදමක් යනවා , මම පැහැදිලි කර විදියට කැමරා හයි කරන තැන ඉදලා DVR එක ලගට වයර් ඇද ගත්තට පස්සේ රෝලෙන් වයර් එක වෙන් කරන්න 

ඊට පස්සේ අනිත් කැමරා එක ලග ඉදලා ආපහු ඒ විදියටම අදින්න, මම කියපු විදියට වයර් ටික ඇදලා ඉවර කර ගත්තට පස්සේ DVR එක පැත්තට ආපු වීඩියෝ වයර් වලටත් BNC jack හයි කර ගන්න TT වයර් වලට මොකුත් කරන්න ඕනි නැ දැන් සැහෙන වැඩ කොටසක් ඉවරයි,

දැන් අපි DVR එකට හාර්ඩ් ඩිස්ක් එක හයි කරමු මේක නිකම් කජු කනවා වගේ වැඩක් DVR වටේ තියන ඇන ටික ගලවලා DVR එකේ හවුසින් එක ගලවන්න ඊට පස්සේ ඔයාලට සාටා කේබල් එක දකින්න පුළුවන් ලේසියෙන්ම සාටා කේබල් එක ගහලා එතන තියන බේ එකට හර්ඩ් ඩිස්ක් එක හයි කරන්න DVR එකත් එක්කම හාර්ඩ් එක හයි කරන්න ඇන හම්බ වෙනවා හරි දැන් කෙසින් එකත් වහගන්න ඔන්න එකත් හරි .



ඊට පස්සේ අර කැමරා වල ඉදන් ආපු BNC ජැක් හයි කරගත්ත වීඩියෝ කේබල් ටික DVR එකේ පිටි පස්සට හයි කර ගන්න එක නිකන් ටීවී එකේ ඇන්ටනා ජැක් එක ගහනවා වගේ, ඊට පස්සේ මොනිටර් එකත් DVR එකට ප්ලග් කරගන්න ඔයාලා ටීවී එකට නම් DVR සෙට් කරන්නේ BNC to AV කේබල් එකක් ගන්න වෙනවා හරි දැන් ඒ ටික හරිනේ හැබැයි තවම කිසිම දෙකට පවර් දෙන්න එපා නිකන් වයර් හයි කර ගන්නවා විතරයි හරිද ,

ඊට පස්සේ කැමරා ටිකත් ස්ටෑන්ඩ් එකට හයි කරලා එකේ එන වයර් ජැක් වලට අපි හයි කරපු ජැක් ටික ෆිට් කරන්න 

දැන් අපි කැමරා වලට පවර් දෙන්න හදන්නේ ඔය කැමරා වලට වෙනම පවර් පැක් පාවිචිචි කරලා පවර් දෙන්නත් පුළුවන් නමුත් අපි පාවිචිචි කරන්නේ තනි පවර් පැක් එකක්, හරි දැන් අපේ පවර් පැක් එක ගත්තාම එකේ වයර් හයි කරන්න ස්ලොට් 5ක් තියනවා දෙකක් 230 v පවර් ඉන් එක ඒ කිව්වේ අපි කරන්ට් එක දෙන්නේ මෙතනින් මේකට වයර් එකක් දෙකක් හයි කරලා අනිත් පැත්තට ප්ලග් එකක් හයි කර ගන්න අනිත් ස්ලොට් දෙක DC අවුට් එක මේකට අර කැමරා වලින් ගෙනාපු TT වයර් ටික සම්බන්ද කරන්න අනිත් ස්ලොට් එක earth එක .



ඔන්න දැන් අපේ වැඩ ටික ඉවරයි දැන් ඉතින් සුබ මොහිතින් මේ ටික ඕන කරන්න තියන්නේ ඊට කලින් අපහු සේරම හරියට සවි කරලද කියලා ඩබල් චෙක් කරන්න දැන් DVR එකට මවුස් එකක් හම්බ වෙනවා එකත් ගහගෙන මොනිටර් එකයි පවර් පැක් එකයි ප්ලග් කරලා ඔන් කරන්න සේරම ටික හරියට හයි කාරානම් බීප් එකක් හෝ දෙකක් එක්ක DVR වැඩ කරන්න පටන් අරන් මොනිටර් එකට අවුට්පුට් එක එයි

හරි මෙතනින් එහාට DVR එකේ වැඩ කැලි ටිකයි නෙට්වර්ක් කර ගන්න හැටියි පාඩම මම ඊලග පොස්ට් එකෙන් දාන්නම් මොනා හරි ප්‍රශ්න තියනවනම් ත්‍රෙඩ් එකෙන්ම අහන්න මම පුළුවන් විදියට උත්තර දෙන්නම් සහයෝගය දුන්න හැමෝටම ජය වේවා 

ප ලි .
මේක මම මුලින්ම ලියන්නේ එළකිරි එකට ඊට පස්සේ මගේම බ්ලොග් එකට දානවා, කවුරු හරි උපුට ගන්නවානම් පොඩ්ඩක් දැනුම දෙන්න ප්ලීස් ගොඩක් මහන්සි වුනා

Wednesday, March 20, 2013

CCTV ගෙදරදීම හයි කරමු

අද මම කියලා දෙන්න යන්නේ හරියට වැඩේ අල්ල ගත්තොත් නියමෙට හම්බ කරන්න පුළුවන් වැඩ කැල්ලක් ගැන, මම කිසිම ගුරු මුෂ්ටියක් නැතිව දන්නා හැම දේම කියලා දෙන්නම් වැරදි අඩු පාඩු තියනවනම් පෙන්නලා දෙන්න.
හරි හැමෝම දන්නවනේ ලංකාවේ මේ දවස් වල හොර හතුරු කරදර තියනවා ව්‍යාපාරයක් එහෙම කරන අයට සැහෙන වෙලාවක් වෙන් කරන්න වෙනවා තමන්ගේ ව්‍යාපාරය පරිස්සම් කරන්නම ඉතින් ඒ වගේ වෙලාවට තමා අපි නවීන තාක්ෂනය බාවිතා කරලා අපේ කාලයත් මුදලුත් ඉතුරු කරගන්න ඕනි. මේ වගේ දෙයක් කරන්න යම් මුදලක් ආරම්භයේදී වැය වුනත් මෙයින් වෙන ප්‍රයෝජන ඊට වඩා බොහම වැඩි. 


මොකද්ද මේ CCTV කියන්නේ 

විකි එකේ තියන විදියට නම් Closed-circuit television (CCTV) is the use of video cameras to transmit a signal to a specific place, on a limited set of monitor ඔන්න ඕක තමයි තේරුම.



CCTV පද්ධතියක අඩංගු මොනවාද



• කැමරාවක් හෝ කිහිපයක්,

• DVR (Digital Video Recorder) මේකට සිංහලෙන් කියන නම නම් දන්නේ නැ මේ ගැජට් එකට තමා සිස්ටම් එකේ සියලුම කැමරා සම්බන්ද වෙලා රෙකොර්ඩ් වෙන්නේ ඒ වගේම මොනිටර් ඒක සම්බන්ද වෙන්නෙත් මේකට.


CCTV පද්ධතියක තිබීමේ වාසි කවරේද.

• සොර සතුරන්ගෙන් ආරක්ෂාව.

• සවි කරන ස්ථානයේ සිදුවන සියලුම දේවල් පටිගත වීම.

• දුරස්ථ ස්ථානයක සිට වුවද තම දේපල විමර්ශනය කිරීමේ හැකියාව (Remote monitoring)

කොච්චර වියදමක් යයිද

මේකනේ ඉතින් හැමෝම අහන පලවෙනි ප්‍රශ්නේ , මම දැනට පිට කොටුවේ යන මිල ගණන් දාන්නම් මේවා ඉතින් පොඩ්ඩක් එහේ මෙහෙ වෙන්න පුළුවන් . මුලින්ම ප්‍රධාන ගැජට් ඒක වන DVR එකේ ගාන බලමු. DVR එන්නේ පොර්ට් 4 එව්වා පොර්ට් 8 එව්වා පොර්ට් 16 ඔය වගේ නම්බර්ස් වලින් මේකේ තේරුම තමයි කැමරා කීයක්‌ හයි කරන්න පුලුවන්ද කියන ඒක පොර්ට් 4 එකට කැමරා 4 යි. සාමාන්‍ය තැනකටම නම් කැමරා 4 තමා හයි කරන්නේ උපරිම ගන්නේ පොර්ට් 8 ඒක , ලොකු බිල්ඩින් වලට තමා ඊට වඩා ලොකු එව්වා යන්නේ. ඊලගට DVR එ කේරෙකොර්ඩ් වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකක් උඩනේ ඒ හාර්ඩ් ඒක අපි වෙනම ගන්න ඕනි සාමන්යෙන් 500 GB හාර්ඩ් එකකින් කැමරා 4 ක් මාස තුනක් රෙකොර්ඩ් කරන්න පුළුවන්. පල්ලෙහින් දාල තියෙන්නේ DVR ගාන විතරයි හාර්ඩ් එකට වෙනම සල්ලි යනවා.


DVR

ගණන් අඩුම DVR ඒක රුපියල් 8000 මේකට කැමරා 4 ක් වෙනකම් හයි කරන්න පුළුවන්, නෙට්වර්ක් කරන්නත් පුළුවන්, හැබැයි මේක ටිකක් බේසික් DVR එකක් කොලිටි එකත් එච්ච්චර හොද නැහැ, ඔයාලා පිට කාට හරි කියලා කර ගත්තොත් මේක තමා දාන්නේ, මම මේකට එච්චර කැමති නැහැ,
මම සාමන්යෙන් පාවිච්චි කරන්නේ 12000 ට තියනවා පොර්ට් 4 ටිකක් හොද DVR එකක් මේකේ විශේෂාංගය තමා මේකට ඩොන්ගල් ගහන්න පුළුවන් ඒ කියන්නේ SLT නැති තැනක වුනත් ඩොන්ගල් එකෙන් මේක නෙට්වර්ක් කරන්න පුළුවන්. ඒ වගේම ටිකක් මේකේ ඇඩ්වාන්ස් වැඩ කෑලි ටිකක් තියනවා ඒ ටික ඉස්සරහට කියලා දෙන්නම් 


කැමරා 

කැමරා කොලිටි කිහිපයකින් කැමරා වර්ග කිහිපයක් තියනවා ඒවා ගැන දීර්ඝ විස්තරයක් කරන්න මට වෙලාව මදි පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බැලුවනම් පැහැදිලි විස්තරයක් ගන්න පුළුවන්, රුපියල් 3000 ඉදලා උඩට කැමරා වර්ග තියනවා, මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සෝනි චිප්සෙට් තියන 6mm බුලට් කැමරා ඒක ඒක රුපියල් 4500 ට විතර ගන්න පුළුවන් මේක අවුට්ඩොර් හයි කරන්නත් පුළුවන් , කැමරා කඩේකට ගියාම එයාලා ලග තියනවා එව්වා ගහලා පෙන්නවා දෙක තුනක් බැලුවාම මොකද්ද හොද කියලා ඔයාලට තේරෙනවා මම කැමරා වල මිල ගණන ටිකක් සදහන් කරන්නම් 

1. CMOS CAM 3000-4000/= up

2. VGA CAM Sharp chip set with night vision 4000/= up

3. VGA CAM SONY chip set with night vision 4500/= up

4. 720 CAM 8000/= up ( මෙන්න මේවා තමා දැනට පෙටා වල තියන හොදම කැමරා කොලිටි ඒක හොදයි)
අමතර උපාංග

ඕනි වෙන දේවල් වල මිල ලැයිස්තුවක් මෙන්න මෙන්න කැමරා ක සිස්ටම් එකකට යන දල වියදම අදහසක් ගන්න විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්.

4 Ports DVR 12000
Hard Disk 500GB 8000
4 Cameras 4500*4 18000
8 BNC jacks 60*8 480(කැමරාවට වීඩියෝ කේබල් හයි කරන්නේ මේ ජැක් එකෙන්)
4 DC jacks 30*4 120 කැමරා වලට යන පවර් කේබල් එකට හයි කරන්න )
5amp Power pack 1100
Video Wire 1800 වයර් රෝලක්ම යන්නේ නැ ඒ වුනාට ගන්න වෙනවනේ )
TT wire 1800 

Total 43300

හරි ඕක තමයි දෙන්න පුළුවන් කෙටි හැදින් වීම දැන් අපි වැඩේ කරන්න යමු කොමෙන්ට් වැටෙන විදියට ඊලග පොස්ට් ඒක දාන්නම්, 
ප ලි .
මේක මම මුලින්ම ලියන්නේ එළකිරි එකට ඊට පස්සේ මගේම බ්ලොග් එකට දානවා, කවුරු හරි උපුට ගන්නවානම් පොඩ්ඩක් දැනුම දෙන්න ප්ලීස් ගොඩක් මහන්සි වුනා