Monday, March 15, 2010

අරක්කු වලට කරන ප්‍රනාමය

ඔල්ඩ් රිස්ව් පුරවලා අයිස් කැටයි සෝඩයි දාලා

සැරට හදපු රසට හැපෙන මස් කෑල්ලක් එක්ක

ඒ කාලේ කරපු රස කතාවක් රස කර කර

අපි බොන්නේ දුකට නෙමේ පොඩි සොමියක් ගන්න

ශොට් එක දෙක යද්දි බ්‍රෙක් නැතුව කියවන්නේ

වාචාල කමට නෙම් අරක්කු වල තියන ෆන් ගතියට

හිතේ තියෙන හැගිම් හරි ලස්සන විදියට

ගලපන්නේ නතුවම වචන වලින් පිට කරන හින්දා

වෙරි වෙලා හරි ලස්සන සංගීත රාවයක් ඇහෙද්දි

හරි ලස්සන පාද එහෙ මෙහෙ තියලා නටන්නෙ

කප් ගහපු නැට්‍ටුක් කාරයෙක් හින්දා නෙවයි

අරක්කු වලින් හිත හරි සුන්දර විදියට සැහල්ලු වෙන හින්දා

ඉතින් මේ හරි ලස්සන අරක්කු හරි ලස්සන විදියට බීලා

හරි ලස්සන විදියට තමන්ගේ හැගිම් ප්‍රකාශ කරලා

කාටවත් කරදරයක් නොවෙන හරි ලස්සන විදියට ඉන්න එක

හරි ලස්සන අරක්කු වලට කරන හරි ලස්සන ප්‍රනාමයක්


2 comments:

මාරයාගේ හෝරාව said...

අඩ අදුරයි. සිහිල් සුළගයි.හීනි සංගීතයයි.. මෙ ටිකත් ඔන

Anonymous said...

Maxxa composition eka..

Post a Comment

කැමතිනම් විතරක්