Saturday, September 15, 2012

නොගැලෙපෙන කතාව- 10 කොටස


"හෙලෝ"

"ආ එන්න හිටපු යාළුවා ආවේ නෑලු නේද පව් වැඩේ කොල්ලට දුකද?"

"එව්වා ඔයාට වැඩක් නැනේ ඇයි ඔයා දුක්ගන්නා රාලද? "
හිතට ආපු දුකයි කේන්තියක් එක්ක අමුතු විදියට මගේ වචන පිටවෙන්නේ,

"ඕනි නම් මට දුක්ගන්නාරාළ වෙන්නත් පුළුවන්?"

"මට පාඩුවේ ඉන්න දෙන්න මට වැඩක් තියනවා" මං ෆෝන් ඒක කට් කරා ජිවිතෙන්ම පරාද වෙලා වගේ මුසල හැගීමක් හිතේ තියෙන්නේ සිගරට් එකක් බොන්න කියලා හිතා ගෙන මං කඩයක් ඇතුලට ගියා. ටික වෙලාවකින්  ෆෝන් එකට SMS අවා ?

oyage mokadda ane maha loku wade............mata num class eka boring appa....aparade apitath arayalath ekka yanna thibbe neda.......iduni

මෙයා මේ මොකටද එන්න හදන්නේ සුවර් එකට ප්‍රදීප් මෙයාට කතා කරලා කියන්න ඇති විස්තරේ.

mata mokuth wadak na....mama mood out hitiyee.......class eka boring num gedara yannako ithin..... මගේ කේන්තිය ටිකක් අඩු කරගෙන  මැසේජ් එකට රිප්ලයි කරා ,

අනිත් පැත්තට රිප්ලයි එකත් ආවා

gedara yanna oni num oyaata kia kia innawada moodayooo...man oyage mood eka fix karannam.....api ude hitapu thanatama enna puluwanda?

මම දෙලොවක් අතර තනි වුනා පබා එනවා කියලා ආවෙත් නෑ හිතත් හොදටම රිදිලා මම මෙසෙජ් එකක් ගැහුවා එන්නම් කියලා ඒත් යනවද නැද්ද කියලා තාම හිතනවා කමක් නෑ මම යනවා අඩු ගානේ මේ මගේ හිත රිදෙන එකවත් අඩු වෙයිනේ මම එතන්ට යනකොට ඉදුනිල් හිනා වෙවි ඉන්නවා මේකී කලු වුනාට මාර ලස්සනයි මාර සෙක්සි පිස්සු හැදෙනවා


"අපෝ මෙයා මාර කොල්ලෙක් තමා මෙයාගේ මාර ගෑස්නේ"

"එහෙම එකක් නෑ හලෝ මං කීවනේ මුඩ් අවුට් කියලා"

"හරි හරි මොකද්ද ඉතින් මුඩ් යන්න තරම් වුන ප්‍රශ්නේ .....කියන්නකො බලන්න"

"ඒක කීවට වැඩක් නෑ ඔයාට මොකුත් කරන්න බෑ"
"හරි හරි කියන්න බැරි නම් නොකියා ඉන්න මට මෙතන ඉන්න බෑ අනේ ඔක්කොම අපි දිහා
බලනවා..යන්කෝ කොහේ හරි."

"බලන අය බලපු දෙන් හලෝ බැලුවා කියලා මොකද වෙන්නේ ඉතින් ........දැන් ඔයාට කොහෙද යන්න ඕනී ඉතින්............."

"අපි බීච් එක පැත්තටවත් යමු "

කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු මේ මොකද්ද මේ වෙන්න යන්නේ,
"අපි දෙන්නා බීච් ගිහින් මොනවා කරන්නද?" මම පුදුමෙකුත් එක්කම ඇහුවා,

"නිකන් මුහුද දිහා බලන් ඉමු අනේ එනවද කියන්නකෝ,"

"හා එහෙනම් යමුකෝ " 

"මොනාද අනේ කන්න වගේ බලන්නේ බඩ ගින්නේද ඉන්නේ"

"බඩගිනි නම් තමයි ඒ වුනාට එල හරක් මස් කන එක පව්නේ "මමත් මේකිත් එක්ක ගේම මයි ඉල්ලනේ
එත් එක පාරට කෙල්ලගේ මුණ වෙනස් වුනා

"මොකද්ද අනේ මම ඔයා පව් කියලා ආවම මට පල් පාට් දානවා මොකද මාත් එක්ක මෙච්චර තරහින් කතා කරන්නේ" අමුතු හුරතල් ගතියක් අරන් මෙකි මගේ මගේ පැත්තට හැරිලා කිව්වා.

ගැනුන්ගේ මායමක් කියලා දැන දැනත් මම එකට අහු වුනා
"සොරි සොරි මං ඉතින් විහුලුවටනේ කිව්වේ "

එත් එක්කම කෙල්ල ආය හුරතල් හිනාව දාලා මගේ අතින් ඇද ගෙන ගියා වෙරල පැත්තට, මට හිතා ගන්න බැරුව හිටියේ මම මොකද්ද කරන්නේ කියාලා මමත් කියලා අතපය තියන කොල්ල්ක්නේ මටත් එක එක එව්වා හිතෙනවා  දැනෙනවා , අපි දෙන්නා බීච් එක පැත්තට යද්දී බීච් එකේ ඉන්න කපල් සෙට් එකම පොලිසියෙන් එලවනවා අපි ඒක නොදැක්ක ගානට  එහෙමම යු ටර්න් එකක් ගහ ගෙන  ආපස්සට ආවා,
"හරි වැඩේනේ කේ කේ දැන් අපි මොකද කරන්නේ "
මට දෙන්න උත්තරයක් තිබ්බේ නැ මම මේ මාතර ටවුන් එකේ ඉන්න තැන්  දන්නෙත් නැ එහෙම හිත හිත උඩ බලද්දී දැක්කා SK ෆිල්ම් හෝල් එක.
මොකද්ද දුවපු ෆිල්ම් එක කියලත් බැලුවේ නැ මම ඇහුවා ඉදුනිල් ගෙන්
"අපි ෆිල්ම් එක බලමුද කියලා?"
මේකත් ගත් කටටම කිව්වා හා කියලා
එහෙමම අපි  10.30 බලන්න පෝලිමට සෙට් වුනා, මාතර කොල්ලෝ කෙල්ලෝ ෆිල්ම් බලන්න පුදුම කැමත්තක්නෙ නේ තියෙන්නේ ඔක්කොම ඉන්නේ කපල්, ඔක්කොම එක ගොඩේ ගුලි වෙලා තුරුල් වෙලා ටික වෙලාවක් යද්දී අපි දෙන්නත් ලං වෙලා ටිකක් නෙමේ ගොඩක්, එයාගේ කම්මුල් වලට මගේ හුස්ම වැදිලා ආපහු එනවා මට තේරෙනවා  මම හිමිට එයාගේ ඉන වටේ අත දාලා තවත් ටිකක් ලගට ගත්තා එයාගේ මුණ දිහා බලන ගමන්, පුසී වගේ මගේ ලගටම වෙලා එයත් තුරුල් වුනා, ඊට පස්සේ ටිකට් දෙන්න පටන් ගත්තා කවුන්ටරේ ලගට යනකොට   මම දැක්කො හැමෝම වගේ ගන්නේ බොක්ස් මටත් සාමන්‍ය විදියට කරුමෙට වගේ  මහා වල් හිතක් පහල වුනා ඒ වෙලාවේ මම හැරිලා  එයාගෙන් ඇහුවා 
"බොක්ස් ගමු?"   ඉදුනිල් ඔලුව වනලා කැමැත්ත ප්‍රකාශ කළා,  දෙයියනේ මොකද්ද මේ වෙන්ඩ යන්නේ ?

2 comments:

Anonymous said...

මේක මාර රහයි , ඊලගට කොටු කොටු සීන් එකත් දානවද

"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන කන්දෙවිදානෙ

Anonymous said...

අනේ බුදු මචං Please මේකේ ඊලග කොටස දාපන් බං PLEASE!!!!!!!!!!

මට දැන් මේක කියවන්නේ නැතිව SICK එක වගේ.........

Post a Comment

කැමතිනම් විතරක්