Tuesday, December 11, 2012

පරාටා රසට කන්නේ කොහමද


පරාටා


මනුස්ස ඉතිහාසය පුරාවටම මිනිස්සු ධාන්‍ය වලින් හෝ අල වර්ග වලින් ලබා ගන්නා පිටි වලට විවිද දේ මිශ්‍ර කරාලා විවිද ආහාර වර්ග හැදුවා ඒ විදියට පරිනාමය වෙච්ච ආහාරයක් තමයි පාරාට කියන්නේ. පාරටා නොකාපු කට මොකටයි හි හි පාරටා කියන්නේ හැමෝම කන කෑම ජාතියක්නේ මේක ඉන්දියාවෙන් ලංකාවට ලැබිච්ච කෑමක් වුනාට ලෝකේ පුරාම විවිද පාරාටා වර්ග විවධ විදියට මිනුස්සු ආහාරයට ගන්නවා , වැඩි පුරාම ජනප්‍රිය දකුණු ආසියාව තුල කිව්වොත් නිවැරදි , පාරාට වර්ග 50 ක් පමණ ලෝකයම පුරාම කුස්සි  වල දිනපතා පිසෙනවා ,ලංකාවේ අපි කන්නේ  දකුණු ඉන්දියාවෙ හුරුවට හදන පරාටා, ගොඩක් රට වල පාරටා කියන්නේ උදෑසන ආහාරයක් ඒ වුනාට ලංකාවේ නම් රෑටත් ගොඩක් අය පරාටා කනවා ඉතින් දීර්ග ඉතිහාසයක් තියන මේ රසවත් ආහාර වර්ගය රසවත් විදියට ආහාරයට ගන්නේ කොහමද කියලා බලමු,
සමහර රට වල නම් රේඩි මේඩ් පාරටා සුපර් මාර්කට් වල ගන්න තියනවා දැන් ලංකාවෙත් ඇති ඒවා නම් කෙලින්ම ගෙනාවා පොඩ්ඩක් රත් කරා කෙලින්ම කෑවා , ඒ වුනාට වැඩි දෙනා පාරට කන්නේ හන්දියේ තියන නයිට් කඩේකින් නේ, එහෙම ගිහින් පාරට කනකොට කඩේ මුදලාලි අහනවනේ පරාටා කපලා දෙන්නද නිකන් දෙන්නද කියලා නේද ? ඔයාලා කොහමද කන්නේ ?

ඔයිට වඩා පාරටා කන්න රස ක්‍රමයක් තියනවා කියලා දන්නවද ? ගොඩක් අය දන්නවා ඇති එත් එහෙම කෑවම පාරටා රස වෙන්නේ ඇයි කියලා දන්නවද ? ඔන්න මම කියලා දෙන්නම්
සමහරු කරන්නේ පාන් කනවා වගේ පාරාටා එක අතේ තියාගෙන කෑල්ල කෑල්ල කඩලා හොදි වල ඔබන් කන එක ඊටත් වඩා රස ක්‍රමයක්‌ තමා මේක  

මොකද්ද මේ ක්‍රමේ ඒක තමයි පාරාටා අතින් පොඩි කෑලි වලට කාඩා ගෙන හොදි දාලා විනාඩියක් විතර තියලා කන ඒක, ඇත්තටම පාරටා ගොඩක් රස්නේ වුනාම කොහම කෑවත් රස නැ කට පිච්චෙනවා විතරයි හොද්ද තමයි සැරට රස්නෙට  තියෙන්නේ ඕනා, මද රස්නෙට තියන පාරාට තුනකට හොද කිරි දාලා හදපු පරිප්පු පොඩ්ඩක් දාලා දුම් දාන සැරම සැර මස් හොදි ටිකක් දාලා ගත්තාම ම්ම්ම් කොහමද රස,
කට්ටියගේ කටවල් අවුස්සන්නෙ නැ මම අපි බලමු කොහමද පාරට කපලා කනවට වඩා අතින් කදුවාම රස ඇයි කියලා,

ඔයාලා දැකලා ඇතිනේ පාරට හදන්න කලින් පිටි ගුලි කරලා ටිකක් වෙලා තියනවා පිපෙන්න කියලා , එහෙම තියලා පාරටා හැදුවාම පාරටා එක ඇතුලේ පුංචි කුහුර වගේ ඇති වෙනවා තැටියෙන් පාරටා ටික බාපු ගමන් පාරට ටික එක ගොඩේ තියලා හතර පැත්තට අත් දෙකෙන් ගහනවා එතකොට පාරට ඇතුලේ කුහර වල තියන වාතය එලියට ඇවිල්ලා තෙල් ඇතුලට ගිහින්  පාරට එක තවත් මෙලෙක් වෙනවා ඒ වගේම පාරටා එක වේලෙන ගතිය අඩු වෙනවා, ඉතින් අපි මේ පරාටා  ඉල්ලුවාම පාරට දෙකක් හරි තුනක් හරි එකට තියලා කපනවනේ එතකොට අර ඉස්සල්ලා මම කියපු කුහුර තද වෙලා වැහෙනවා ඒ කපපු කැලි වලට හොදි දැම්මම හොදි ටික ඇතුලට උරා ගන්නේ නැ  ඇතුලේ තියන තෙල් ගතිය හින්දා හොදි ටික උඩින් ගැවෙනවා විතරයි අපි පාන් කනවා වගේ පාරට කද්දීත් අපි හොදි තුලට ඔබන පරාටා කැල්ල ගොඩක් වෙලා හොද්ද තුල ඔබන් ඉන්නේ නැති හින්දා හරියට හොද්දේ රස පරාටා එකට එන්නේ නැ, දැන් බලමු අතින් කෑලි කඩලා හොදි දැම්මම එච්චර රස ඇයි කියලා පාරටා එක අතින් කඩනකොට ඇදෙනවා එතකොට අර කුහර හොදට විවුර්ත වෙනවා ඊට පස්සේ ඒක උඩට හොදි දැම්මාම හොදට පාරටා කෑලි ඇතුලට හොද්දේ තියන රස ගමන් කරන නිසා අපිට දැනෙන රස වැඩි, මේ විදියට පාරටා රස විදින්න හරි විදියට යිස්ට් නොදා හදන පරාට සහ රස හොද්දක් තියෙන්නෙම ඕනි, 



8 comments:

Anonymous said...

ඒකත් නරකම නැ . ඒ උනාට මම කැමති බ්ත්තර ‍රොටී වලට

මාරයාගේ හෝරාව said...

ටොප් ලිපියක්... මෙහෙ තියෙනවා රජරට බත් කඩේ කියලා පොට් එකක්... බිත්තර රොටී පරාට එහෙම ඔය කියන විදියට කපලා පරිප්පුයි මස් හොඳියි දාලා දෙනවා... ගින්දර ටිකට කෑහැකි... මාත් ඔය අතින් කඩලා කෑමට කැමතියි.. ඒත් කපලම දෙද්දී ආයේ මොකට කරදර විඳිනවද.. රොටී වලට හොඳි අල්ලනකල් ටිකක් වෙලා පත්තරෙ බලනවා...

kkroxc said...

දැවැන්තයෝ දෙන්නෙක් ආපු ඒක ගැන සතුටුයි

සුදීක said...

මම ඒත් කල්පනා කර කර හිටියේ මොකක්ද මේ උණු උණුවෙම අත් දෙකෙන් ගහල කරන්නේ කියලා. ඒත් ඕක කරන මිනිහා දන්නේ නැතිව ඇති අයි එහෙම කරන්නේ කියල. මම නම් ආස කදෙන්ම කපල හොදි දාලා ගෙනත් කන්න. සමහර දවස් වලට මම එන ගමන් ඒක එක එක අතට පෙල්ල පෙල්ල එනවා හොඳට කලවම් වෙන්න. හොදි උරා ගත්තම තමයි රස.

kkroxc said...

රොටි ගහන මනුස්සයනම් දන්නේ නැ තමා පොර ගෙන් ඇයි කියලා ඇහුවොත් කියන්නේ මෙලෙක් වෙන්න මහත්තයෝ කියලා :p

Praසන්ன said...

මාත් ඔය හතරපැත්තට ගහන වැඩේනං දැකල තිබුණට ඒක කරන්නෙ මොකටද කියල දැනගෙන හිටියෙ නෑ.

අපිත් ඉතිං කඩේදි කෑවොත් කපල හොදි දාල තමයි කන්නෙ.

Pathum Herath said...

අපිත් ලේසියට කඩෙන් ම කපාගෙන එනව.. ඊළඟ දවසේ මේ විදියට කරල බලමු..

කතන්දර Kathandara said...

පරාටා නිකනුත් කන්න පුළුවනි මට නං!

Post a Comment

කැමතිනම් විතරක්