Wednesday, March 17, 2010

නොගැලෙපෙන කතාව-3 කොටස


පබාගෙන් සමු අරගෙන මං හීමිට පල්ලම් බැස්සා ටවුන් එක දිහාවට....මං පොලෙවේ ඇවිදගෙන ආවට මනෝ ලොකේ ඉදගෙන තමා හිටියේ. මොන මගුලද විනාඩි 10 ක් කතා කරලා කිස් එකක් අරන් යන්න ආපු දුරක්..අනේ මං වගේ හරකෙක් මට වෙලාවකට එහෙමත් හිතෙනවා..අන්තිමට කොහම හරි මං බස් එකක් ගන්න ආවා බස් ටැන්ඩ් එකට. ස්විටර් ඇදගත්තු එක එක ජාතියෙ මිනුස්සු අතරේ දැක්කා අදුරන ඩයල් එකක්.........
අප්පට සිරි අපෙ මේ මංජූනේ......... අපේ අයියෙගේ යාලුවෙක් මගෙත් හොදම ‍ෆිට් එකක් මූ එල කොල්ලෙක් ඒත් මූ මොකද නුවර කරන්නේ..මං වගේම කෑල්ලක් බලන්න ආවද...වෙන්න බැරි වැඩක් මොකද මූ නංගි මල්ලි ඩයල් එක..කෙල්ලෙක් වගේමයි කතාකරන්නේ.....මූට කැමති වෙන්නේ ඉතින් කං බීරි අලිච්චියෙක් තමා
ඉස්සර මං පබාලගේ ගෙදරට කතා කරන්නේ මූට කියලා තමා... ෆෝන් එකෙන් කොහමත් හොයන්න බෑ කට හඩ වෙනස් කරලා කතා කරන්නේ කියලා...
අඩෝ KK ඔයා මොකද මෙහේ කරන්නේ....
මන් මේ කැල්ලව බලන්න අවා බං....
මොකක් ඒකී දැන් මෙහෙද ඉන්නේ.. අපිට උබලා කොල් එකක් වත් දෙන් නෑ නෑනේ ඉතින්...මූ නලව නලව මගේ අතේ එල්ලීලා කියනකොට එතනින් යන එන මිනුස්සූ මං දිහා බලනවා..මට සිමෙන්ති පොලොව පලා ගෙන යන්න හිතුනා ඒත් එහෙම කරන්න බෑ අලුතින් හදපු බ්ස් ටැන්ඩ් එකනේ මිනිස්සු පව් කියලා නිකං හිටියා..
හරි හරි බං ඒක නේමේ උබ මොකද මෙහෙ කරන්නේ..................
මං Trip එකක් ආවා බන් යාලුවො සෙට් එකක් එක්ක ඒත් එ #%%#%පුතාලා ටික මාව බයිට් කරන්න ගත්තා මට මල පැනලා මං බැහලා අවා ගෙදර යනවා කියලා...අදම ආපහු ගෙදර යන්නත් බෑ මාර ලෑජ්ජාව අනේ...... මූ කියගෙන යනවා....මට හාල් ගෝනියක් කන්න බඩ ගිනි උදේට කාලත් නෙම්නේ ආවේ මූ කියවද්දීම මං මූවත් ඇදගෙන ගියා ලග තිබ්බ කෑම කඩේකට...කන ගමං මූ කියනවා.......
KK මචං අද අපි ගෙදර යන් නැතුව මෙහේ රවුමක් එහෙම දාලා උදේට යමුද?
මං ටග් ගාලා උගේ බත් එක දිහා බැලුවා ඌ බත් වෙනුවට අබින් කාලද කියලා?
මොකද යකෝ මගේ බත් එක දිහා බලන්නේ මෙකේ ලබ්බක් තියනවද?
කාපු බත් කට හිර වෙන්න ගිය හිංදා මගේ කටට ආපූ කුනු හරප එකක් වත් පිට වුන් නෑ........මං වතුර ටිකක් බීවා..
මේ මංජු උබට පිස්සූ වුනාට මට පිස්සූ නෑ. මං ගෙදරට කීවෙත් නෑ අනික රෑට කොහෙද නවතින්නේ...........
මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා මෙහේ.. බය වෙන්න එපා නවතින තැන මං බලා ගන්නම් මොකද කියන්නේ.....
මූ කියවන විදියට මටත් පොඩි ගොන් ආතල් එකක ආවා නුවර එලි බලන්න ඕනී කියලා..ඒත් ගෙදරට කියන බොරුව මොකද්ද?..............
කාලා ඉවර වෙලා එලියට එනකොටම දැක්කා.බැබලි බැබලි තියන මරන පෝස්ටරයක් ඔය තියෙන්නේ බඩු කියමු මලගෙදරක් කියලා....ගත්තා කොල් එකක් අම්මට....
හෙලෝ අම්මේ මං.......
කොහෙද සුදු මහත්තයා උදේම නැගිටලා ගියේ ස්කොලේ යන්න තමයි අපි කෑ ගහලා නැගිට්වන්න ඕනි.....අම්මා බනින්න ගන්නවා ඉතින්...හැම දාම අහන බැනුම හින්දා එච්චර ගානක් නෑ අම්මගෙන් බැනුමක් ඇහුව ගමන් තමයි මගේ බඩත් හොදටම පිරුනේ.....
නෑ අම්මෙ මං මේ ස්කොලේ වැඩකට තාමා උදේම අවේ..මාර වැඩෙනේ අම්මේ මේ යාලුවෙක්ගේ සීයා කෙනක් නැති වෙලානේ හදිසියෙම..අපි මේ මල ගෙදර ඇවිත් වැඩ ටික කරනවා..
මේ සුදුමහත්තයා කාවද රවට්ටන්න හදන්නේ ඉන්න තැනකින් ගෙදර එනවා ‍රැ වෙන්න කලින්.....අම්මා මගේ හැටි දන්න හිංදා අම්මට බොරු කියන්නත් මාර ගේමක් දෙන්න ඕනී..
නෑ අම්මෙ ඇත්තමයි කියන්නෙ මට විතරක් එන්න බෑනේ අම්මේ යාලුවෝ අද ‍රැ ඉන්න හදන්නේ මල ගෙදර..........
හරි එහෙනම් දෙනවා ඔය ලමයගේ අම්මට මං කතා කරලා අහන්නම් ඇත්තද බොරුද කියලා..
පිස්සුද අම්මේ ඒ ඇන්ටී මේ පෙරලි පෙරලි අඩනවා දේ පාරක් සිහියත් නැති වුනා..එයාට කොහමද කතා කරන්නේ....මං ඕනී නම් අංකල්ට කියන්නම් කතා කරන්න කියලා ඒත් දැන් අංකලුත් වල කපන තැනට ගිහින්... එහෙම අහන එක හරි නෑ නේ අම්මේ....
හරි එහෙනම් පරිස්සමට ඉන්න ඕනී හරිද මං පැයෙන් පැයට කතා කරනවා.....‍රැට කොහෙවත් යන්න එපා යාලුවොත් එක්කම ඉන්න හරිද?
හරි අම්මේ මං එහෙනම් තියන්නම් දැන් මේ තේ බිස්කට් බෙදන්න යන්න තියනවා කට්ටිය පිරිලා
බුදු සරනයි......කියලා මං ෆොන් එක තිබ්බා අම්මා ඔහම කීවට පැයෙන් පැයට කතා කරන් නෑ කියල මං දන්නවා වැඩිම වුනොත් එක පාරක් කතා කරයි..මට බොරු කියන්න අයිඩියා එක දුන්න පොස්ටරේ හිටපු සීයටත් නිවන් සුව පතලා............. අරූ දිහා බලද්දි
ඌ තද කරන් හිටපු හිනාව එලියට දැම්මා නාලා ගිරි ඇතා රා බීලා වමනේ දැම්මා වගේ..........අප්පා මූගේ සද්දේ හිතා ගන්නකෝ කෙල්ලෙක් වගේ කොල්ලෙක් මහ හයියෙන් හිනා වෙනවා..මට මේ හරකත් එක්ක යක්ශයා කේන්ති .....මොකද යකෝ උඩගුවා වගේ හිනා වෙන්නේ මං ‍තෝ හිංදා නේද අම්මට බොරු කීවේ..දැං යමං ඉතින් නුවර එලි සිරි නරබන්න එක්ක පලයන්කෝ දැන් මාව ‍තෝගේ නුවර එලිය පෙන්නන්න.........
පාර්ක් එකේ රවුම් ගහලා ටවුන් එකේ ඇවිද්දා මිසක් බලන්න වෙන කීසිම දෙයක් තිබුනේ දැන් වෙලාව රෑ 10 ට විතර ඇති මංජු මූනත් ඇබුල් කරං එක එකාට කොල්ස් ගන්නවා...මං දැන ගත්තා වැඩේ හරි කියලා.......
ඇයි බං මොකද...
මාර වැඩේ බං මගේ යාලුවෝ සෙට් එකම කොලබලු ඉන්නේ.. අපිට අද ‍රැට ඉන්න තැනක් නෑ බන්......
මට මට එක පාරට මතක් වෙනව මුගේ මෑනියන්ට පින් දෙන හැටි........දැන් උබට ආසව හරිනේ නුවර බැලුවා යමං දැන් ගෙදර බලපන් තොගේ ගොං වැඩ හිංදා වුන දේ......ගොන් හරකා මෝඩ මූසලයා..
මං මුගේ හතර වරිගෙටම පිං දී දී ගියා බස් ටැන්ඩ් එකට............හුටා කිරි අප්පව කොටියා කාපි බස් ටැන්ඩ් එකේ හිටපු අංකල් කියපි පුතා දැන් කොලබ යන්න බස් නෑ පාන්දර 4ට ...වැලිමඩ ඉදලා බස් එකක් එනවා එකේ තමයි යන්න වෙන්නෙ කියලා......දැන් කාපන්කෝ සුපිරි කට්ටක් නිකං ටීෂර්ට් කෑල්ලක් විතරක් ඇදගෙන මේ සීතලේ උදේ වෙනකන් මොන ලබ්බක් කරන්නද? අම්මලට බොරූ කියන අපි වගේ කාල කන්නිට මෙහම වෙලා මදි....අර බූරුවා හිංදා තමා ඔක්කොම දෙන්නම් උබට ටොපිය කියලා හිතාගෙන මූ හිටපු පැත්තට මං හැරුනා

මතු සම්බන්ධයි.

6 comments:

චතුරංග රූපසිංහ said...

shooooooooooooooook

kkroxc said...

thanku thanku

SL Tech Express said...

මරු මරු... ඉතින් මොකෑ වුනේ

kkroxc said...

ඉවසන්න සහොදරයා හැම දාම එක කොටසක් පල කරනවා, ස්තූතියි මේ පැත්තේ ආවට

Anonymous said...

පට්ටා talks ටික

prabuddha said...

එල මචො... හරියට ෆිල්ම් එකක් වගේ පට්ටට තියනවා

Post a Comment

කැමතිනම් විතරක්