Sunday, March 28, 2010

නොගැලෙපෙන කතාව- 7 කොටස


" පුතාලා බැහලා අයිඩෙන්ටි එක ගන්න බලන්න"

" අංකල්ට මොන අයිඩෙන්ටි එකද ඕනී" අපෙ එකෙක් වැනී වැනී අහපු විදියටම රාලහාමි අංකල්ට මල පැන්නා"

"උබලට අයිඩින්ටි හැටක් තියනවද යකෝ....ගනින් උබලගේ ජාතික් හැදුනම්පත"

මට තේරුනා දැන් වැඩේ හරි යන් නෑ කියලා..........මං ශේප් එකේ අංකල් ලගට ගිහින් අඩන්න පටන් ගත්තා....

"අංකල් අපි මේ යාලුවෙක්ගේ පාර්ටියකට ගිහින් එන ගමන් අරයා පොඩ්ඩක් බියර් වීදුරුවක් බීලා පොඩ්ඩක් වැඩි වෙලා............"

"මුංගේ වයසේ හැටියටද වැඩ..........අද කට්ටියම දානවා ඇතුලට උදේට අම්මලා තාත්තලා ඇවිත් එක්ක යයිනේ................."

"අපේ ගෙදරින් නම් එන් නෑ සුවර්..... තාත්තාට මාව එපා වෙලා තියෙන්නේ....හැම දාම කියනවා "මේ ගොන් නාම්බව ගෙදරින් එලියට දැම්මොත් හැදෙයි ලු".......කුලයටත් කට වහගෙන ඉන්න බැරුවට .......අංකල්ට 94000 මල පැනලා.....

අස්සේ එතන හිටපු වෙන පොලිස් අංකල් කෙනෙක් අපි ලගට ආවා.......

"පුතාව හොදට දැකලා පුරුදුයි.....ඔය ලමයා මේ ලගද"

හුටා කෙලවෙන්නයි යන්නේ.....අපේ කඩෙන් කැම කන්න එන පොරක් .......මාව අදුරගෙන අපේ තාත්තට එහෙම කීවොත් අද ගෙදර ගිහිල්ල ඉවරයි..........

මම නෑ කියන්න හදනකොටම

" ඔව් අංකල් අර අතන හොටලේ මුදලාලිගේ පුතානේ මේ ඉන්නේ.....බලන්නකෝ මූන තාත්තා වගේමයි නේද...."මෙන්න අපේ එකෙක් පැනපු ගමන් කියපි.............ශිකේ මේ හරක් පැටව් එක්ක මුකුත් කරන්න බැරි......හෙට ඉදලා උබලද යකෝ මට කන්න දෙන්නේ......

අපේ තාත්තා ගැන දැන ගත්ත ගමන් පොලිස් අංකල් පොඩ්ඩක් සැරෙන්ඩර් වුනා.......මොකද මම වගේ නෙමෙනේ අපේ තාත්තා නම ගම තියාගෙන.........වැදගත් විදියට ඉන්න මනුස්සයනේ......

"චිකේ මුදලාලිගේ පුතා කියලා කියන්නත් ලැජ්ජයි.........ඔහමද ලමයා හැදෙන්නේ ........" අංකල් මට නක්කලේ දානවා.........අපේ එවුන් මට හිනා වෙනවා හෝ ගාලා................මට උන්ව මරාගෙන කන තරමටම මල පැනලා......ඒත් මන් නරි මස් කන් නැති හිංදා නිකං හිටියා........

"හරි හරි දැන් එහෙනම් යනවලා ගෙවල් වලට.........මීට පස්සෙවත් තමන්ගේ වයසේ හැටියට වැඩ කරන්න ඉගනගන්නවලා........" අපි මේ ආතල් එකේ ඉන්න වෙලාවට අංකල් තව බන කියන්නත් එනවා

"අංකල් අපේ තාත්තර කියන්න එපා අංකල්.....මාව ගෙදරින් පන්නයි..."

"හරි හරි මං කියන් නෑ දැන් යනවලා............."

කොහම හරි පොලීසියවත් ගොඩින් ශේප් කරගත්ත අපි.....ගොල් ෆේස් එකට ගියා..........

ගෝල් ෆේස් එකට අපි සෙට් එක ගිහින් ඉද ගත්තා විතරයි......මගේ ෆොන් එක රිංග් වුනා.කවුද මේ මහ රෑ කොල් කරන්නේ.......මං නම්මරේ බැලුවා මාතර නොම්මරයක්....මං ඕන දෙයක් ප්‍රිතී වෙසක් කියලා හිතාගෙන ආන්සකරා

"හෙලෝ KK අයියේ"

මාව උඩ ගිහින් බිම වැටුනා හැමදාම මාව අතරමං කරන සෙක්සි වොයිස් එක පබා

"පබා නංගි මොකද වුනේ....කොහෙන්ද මේ මහ රෑ කතා කරන්නේ"

"ගොඩක් දේවල් වුනා අයියෙ......මං දැන් ඉන්නෙ මාතර ආච්චිලගේ ගෙදර බොහම අමරුවෙන් මහ රෑ නැගිටලා ඔයාට කොල් කරන්නේ..........ඔයාට කොහමද........?

"මං හොදින් පබා..ඔයාව ගොඩක් මතක් වෙනවා.....ඔයා කොයි වෙලාවේ හරි කොල් කරයි කියලා බලන් හිටියේ"

"මං දන්නවා රත්තරන්...........මටත් මතක් වෙනවා"

"ඔයාලගේ තාත්තා ඔයාව ලෝකේ වටේ කොහෙට අරන් ගියත් මං ඔයා ලගට එනවා ඇත්තමයි"

"මං ගැන හිතන්න එපා අයියේ ඔච්චර.............මාව අමතක කරන් නැතුව ඉන්නකො ඇති මට........දැන් එක්සැම් එකට පාඩම් කරන්වා නේද ඔයා..................."

" මේ ඔව් මේ දැනුත් පාඩම් කර කර හිටියේ නංගා......ඒත් ඔයාව මට මතක් වෙනවා.....පාඩම් කරන්න හිත දෙන්නෙම නෑ.........."

"එහෙම කරන්න එපා පාඩම් කරන්න අයියේ තව මාස දෙකයිනේ තියෙන්නේ......අයියේ දැන් ගෙදර කට්ටිය ඇහෙරෙයි මං තියනවා.....පස්සේ කතා කරන්නම් මං ඔයාට ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරනයි............."

"බුදු සරනයි ඔයත් පරිස්සමින් ඉන්න...............මාත් ඔයාට ආදෙරෙයි"

පබා ෆොන් එක කට් කරේ බොහොම හිමින් සද්දයක් වත් නැති වෙන්න......... වුනාට මගේ වෙරි ඔක්කම බැහලා..........මං හිටපු සුරංගනා ලොකෙන් බිමට වැටුනා O/L ගැන මතක් කරාම………….එ අස්සේ අපේ එවුන් දෙන්නා රන්ඩු වෙනවා උන්ගේ සෙරෙප්පු වලට.....බිම පෙරලගෙන ගහ ගන්නවා මට දැන් වෙරි බැහලා හිංදා......මං ගිහින් වලිය බේරූවා........විසදුමේ වුනේ.........සෙරෙප්පු කුට්ටම් දෙකෙන් එක ගානේ දෙන්නම දා ගත්තු එක..............කොහම හරි අයිස් ක්රිම කලා..........වෙරි බස්සගෙන අපි ගෙවල් වලට ගියා.......උදේ නැගිටලා බලනකොට අපි මැච් එකත් දිනලා..............ලාවට වගේ මතකයි ඊයේ රෑ කරපු විකාර ටික........ඒත් අන්තිමට හිත නතර වුනේ O/L Exam ලග දැන් පිස්සු කෙල කෙල ඉදලා හරි යන් නෑ කියලා තේරුනා..........පාඩම් කරන්න පටන් ගන්න ඕනී ඒත් කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන් නෑ...කිසිම නොට් එකක් නෑ මං ලග අඩු ගානේ අච්චූ පොත් ටිකවත් මං අරගෙන නෑ....10 වසරෙ ඉදලාම පිස්සූ කෙලියා මිසක...........කිසිම දෙයක් කරේ නෑ නේ.......... මං ගැනම ලොකු කේන්තියකින් හිත පිරුනා මොනවා කරන්නද මේකට විසදුමක් තියෙන්නත් එපයි.........මේ වගේ වෙලාවට මගේ පිහිටට ඉන්න මගේ බොක්කෙම ෆිට් එක ප්‍රබුද්ධධයි උගේ නිවුන් සහෝදරයා ප්‍රබොදවයි මතක් වුනා.........උන් දෙන්නට අඩලා අඩලා...........අපේ ගෙදර ගෙන්න ගත්තා පාඩම් කරන්න.......උන් දෙන්නා දන්න හැම දේම මට කියලා දුන්න..........මං පාඩම් කරෙත් උන්ගේ පොත් වලින්..........උන් දෙන්නා හොදට පාඩම් කරලා තිබ්බේ හිංදා අවුලක් වුන් නෑ..........විභාගේ ටික ටික ලං වුනා.................ඔය අතරින් පතර දවස් වල පබා මට කතා කරා......ඒකී නම් මට පැලෙන්න ආදෙරෙයි වගේ......ඒකිට මං හිංදා පොඩි කාලේ ඉදන් ගිය ස්කොලෙ නැති වුනා.......යාලුවො නැති වුනා.................එත් තාමත් මේකී මට ආදරෙයි............මට හිතා ගන්න බැ ඇයි කියලා.........

OL හොදට ඉවර වුනා.........යන්තමින් හරි පාස් වෙයි කියලා හිතුන හිංදා හිත හදා ගත්තා............Exam ඉවර වුන හිංදා මාත් අපේ කඩේ ගිහින් නතර වෙලා අම්මටයි තාත්තටයි උදව් කරා.....කඩේ වැඩ කර කර ඉන්නකොට අපේ කඩේ වැඩකරපු කොල්ලෙක්ෆිට් වුනෙ... මාතර පොරක් නම ප්‍රදීප්.....මිනිහා සැහෙන තාත්තගේ හිත දිනා ගෙන හිටියේ.............මං විස්තර හොයලා බලද්දී පබා දැන් ඉන්න පැත්තෙමයි ප්‍රදීප් ලගේ ගෙවල් තියෙන්නේත්.......මටත් ඉටිත් ඉහටත් උඩින් මගුල් මිනිහා මාසේ අන්තිමට ගමේ යන්න හදනකොට මාත් ඌත් එක්ක මාතර යන්න සෙට් වුනා පබාව බලන්න යන්න...........කඩේ හිටපු හිංදා මාටියා ගහපු සල්ලීත් තිබ්බා ඇති වෙන්න.....ඒත් යන්න හදන ගමන ගොඩක් දුර දිග යයි කියලා මං හීනෙකින් වත් හිතුවේ නෑ.

මතු සම්න්ධයි

3 comments:

Aliya said...

එල එල
මටත් මතකයි කඩෙන් රු.500ක් මාටිය ගහලා මගේ සාක්කුවට දැම්මා.

sharki333 said...

ela ela maxxa keep posting bro

Praසන්ன said...

දුර උනත් කමක් නෑ ගමන යමුකො.

Post a Comment

කැමතිනම් විතරක්