Saturday, April 20, 2013

අපේ අම්මා



මගේ මේ බ්ලොග් එක අටවගත්ත දවසේ ඉදලා ලියන්න තටමන පොස්ට් එකක් අද ලියන්න හදන්නේ මේක මෙච්චර ලියන්න අමරුවුනේ "අපේ අම්මා" ගැන ලියන්න වචන හොයා ගන්න අමාරු වුන හින්ද වෙලාවකට ඇය ගැන ලියන්න මගේ වචන ලස්සන මදි වෙයි කියලා මට බය හිතුනා ඇය එතරම්ම අපුරු චරිතයකි සැබෙවින්ම ඇය දිරිය කාන්තාවකි විටෙක නිර්ලෝභීව තවත් විටෙක මසුරු සිටාණෝ වගේ ලොබිව තවත් විටෙක නොබියව සමහර විට ඉතා සුපරක්ශාකරිව අපේ අම්මා ලෝකයකට සමාජයට මුණ දෙන හැටි විස්තර කරන්න මේ බ්ලොග් වල මදි වෙන එක සුවර්, අපේ අම්මා මේ වචන දෙක ඇහෙද්දී මට ඕනිම දෙයක් බය නැතුව කරන්න පුළුවන් ඒ මම මොනවා කරත් අපේ අම්මා මාත් එක්ක ඉන්නවා කියලා දන්නා හින්දා. අපේ අම්මා අපි තුන්දෙනාටම(අක්කයි අයියා සහ මම) කවදාවත් ගහලා නැහැ බනිනවා විතරයි නමුත් ඒ බැනුම් ගුටි වලට වඩා ගොඩක් සැරයි වචනයක් කතා කරත් හරියටම වදින්න ඕනි තැනට වචන කතා කරන්න අපේ අම්මා හොදටම දන්නවා, අපි තුන් දෙනාට වැරදුන හුගක් තැන් වලදී අපේ පැත්තට කතා කරේ අපිව බේර ගත්තේ අපේ අම්මා මුළු ලෝකෙම විරුද්ධව කතා කරත් අම්මා ගත්තේ අපේ පැත්ත,

සමහර වෙලාවට අපිට හරි හොදට පේන පුද්ගලයන් දිහා අපේ අම්මා ඉතාමත් සැකෙන් බලන්නේ

"සුදු මහත්තයා පොඩ්ඩක් හොයල බලන්න මනුස්ස්සයා කවුද කියන්නේ අපි දන්නේ නැනේ"

"අනේ අම්මේ මේ නිකන් ඉන්න ඒ මනුස්සයා එහෙම කරන් නැ මම දන්නවනේ ඉතින්"
මම අම්මත් එක්ක රණ්ඩු වෙනවා ටික දවසකට පස්සේ අම්මා කියන දේ හරියනවා ඊට පස්සේ අම්මා කියන්නේ

"ඕකනේ මම කියන්නේ මිනිසුන්ව විස්වාස කරන්න එපා කියලා"

එත් සමහර වෙලාවට හැමෝම එපා කියද්දී අම්මා මිනිසුන්ට උදව් කරනවා හොද හා නරක තෝරා බේරා ගන්න පුදුම හැකියාවක් තියෙන්නේ අම්මට පුංචි කතාවක් මතක් වුනා මට මිට අවුරුදු කීපයකට කලින් අපේ කඩේට යෝගට් දාපු සර් කෙනෙක් හිටියා මම සර් කියලා කිව්වේ එතුමා ළමා වැඩසටහන් අධ්‍යක්ෂකයක් මම පුංචි කාලේ එයාගේ නාට්‍ය වල එහෙම හිටියා ඉතින් මෙතුමා වැඩ කරපු ආයතනයෙන් හරි හැටි ගෙවීම් නොලැබුණු හින්දා හරිම අමාරුවෙන් තමා  ජීවිකාව ගැට ගහගත්තේ කොටින්ම යෝගට් හදන්න කිරි පිටි එක පවා අපේ කඩෙන් නයට අරන් යන්නේ ඒ වුනාට මේ සර් බොහම දැන උගත් මනුස්සයෙක් නීතිය පවා හදාරලා තිබුනේ අන්තිමට මේ සර්ට නාට්‍ය කෙරුවාව එපා වෙලා පෙරකදෝරුවෙක් වෙන්න දිවුරුම දෙන්න යන්න සල්ලි නැතුව අපේ අම්මගෙන් ඉල්ලුවාම අපේ අම්මා දුන්නා ඊටත් අවුරුදු කීපයකට පස්සේ එයා බොහම සාර්ථක වුනා කොටින්ම එයාගේ ළමයි දෙන්නව රුසියාවට යැව්වා දොස්තරලා කරන්න අදටත් මේ සර් අපිට හම්බ වුනාම බොහොම ස්තුතිවන්තව කරපු උදව් ගැන මතක් කරනවා, අම්මා කියන්නේ මිනිසුන්ට බැරි වෙලාවට උදව් කරන්න කියලා.

ඔය වගේ සිද්දි ගොඩක් හින්දා තමා අපේ අම්මා හරිම පුදුමයි කියන්නේ සමහර හිඟන්නෝ දැක්කාම අහක බලාගන්න අපේ අම්මා වයසක ආච්චි කෙනෙක් හරි සියා කෙනෙක් හරි දැක්කම තියන තැනකින් බත් එකයි වතුර බෝතෙල්යි අරන් දෙනවා දීලා කියනවා අපේ අච්චිටයි සියටයි පිං දෙන්න කියලා,

අම්මා අපිව ඇදුම් ගන්න එහෙම එක්ක ගියාම අපිට ඕනි දේවල් ඕනි ඕනි විදියට අරන් දෙනවා අන්තිමට බිල ගෙවද්දී ඕනි දේවල්  ඔක්කොම ගත්තා නේද කියලත් අහනවා දහස් ගණන් අපිට වියදම් කරනවා ලෝබ නැතුව   අපි අම්මට මොනාහරි ගන්න කිව්වාම අපෝ මට හරි යන එව්වා මේකේ නැහැ කියනවා අම්මා සෙරප්පු දෙකක් ගත්තත් ගන්නේ සෙල් එකක අඩුවට තිබ්බොත් විතරයි, මේ ලෝකේ තියන හැම සැපතක්ම අපිට දෙන්න උත්සහ කරන අම්මා එයාගේ සැපත ගැන කවදාවත් හිතන්නේ නැහැ එයා කියන්නේ අපිත් සැප විදින්න හැදුවනම් ඔයාලට මෙව්වා දෙන්න වෙන්නේ නැහැ කියලා

ත්‍රිවිල් ඩ්‍රයිවර්ලත් එක්ක රුපියල් දහයට විස්සට කේවල් කරන ඇය අපි කොහේ හරි යන්න සල්ලි ඉල්ලුවාම ඉල්ලන ගානට අමතරව තව රුපියල් පන්සියක් දාහක් පර්ස් එකට දානවා හදිස්සියක් වුනොත් ගන්න කියලා එහෙමයි අපේ අම්මා

අපේ අම්මා කියන්නේ පුළුවන් තරම් මිනිසුන්ට උදව් කරන්න කවදා හරි ආපහු අපිට හම්බ වෙයි කියලා අපේ අම්මයි තාත්තයි කාටවත් අතනොපා ජිවත් වෙන්න සල්ලි හම්බ කරනවා එහෙම හම්බ කරන්නේ ගොඩක් දුක් විදලා සමහර අපිට දරා ගන්න අමාරු දුක් විදලා එහෙව් එකේ තියෙද්දිත් අම්මා පුළුවන් හැමෝටම උදව් කරනවා අපිට නැති කාලේදී අපි දිහා නොබලපු අයට පවා අම්මා උදව් කරනවා අපේ නෑදෑයෝ ඕනිම දේකදී මුලින්ම හොයාගෙන එන්නේ අපේ අම්මව එයා තමයි හැම තැනදීම මුල් තැන එත් අපේ අම්මා ඉස්සරහට දාන්නේ තාත්තව "මහත්තගෙන් අහලා බලමු" "මම නම් දන්නේ නැහැ මහතත්යා මොනවා කියයිද දන්නේ නැහැ " කියලා තමා ඕනිම කෙනෙක්ට කියන්නේ කියන්නේ

අපි කොච්චර ඉගනගත්තත් අම්මට මදි වෙලාවකට වෙන ළමයි ගැන කියලා අපිට බනිනවා අරයා මෙහෙමයි මෙයා මෙහමයි කියලා එත් අපේ අම්මා අපි ගැන කතා කරන්නේ බොහම ආඩම්බරෙන් අපි කරන පුංචි පුංචි දේවල් පවා හරි ලොකු කමකින් මිනුස්සුන්ට කියන්නේ "අපේ පුතා අහවල් කම්පනියේ වැඩ" "ලොකු පුතා රට" "දුව උපාධිදාරීනියක්" මේ දේවල් වලින් පුදුම සතුටක් ලබන්නේ  අම්මා ලබන්නේ. කොහම හරි පොස්ට් එක දික් වුනා සමහර කියාගන්න ඕනි වුන දේවල් කියා ගන්න උන් නැ කොච්චර ලිව්වත් අම්මා ගැන ලියලා ඉවර වෙන්නේ නැ, මගේ ලොකුම බලාපොරොත්තුවක් තමයි අම්මවයි තාත්තවයි ගොඩක් ආදරෙන් බලාගන්න එක කිසිම අඩුවක් නොකර එයාලා අවශ්‍ය හැමදේම දීලා හැමදාම සතුටින් තියන්නයි බලාපොරොත්තුව ඒක ඉතින් ලොවෙත් කරනවා, අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි

අම්මේ අම්මා නැත්නම් අපි (මම අයියා අක්කා තාත්තා සහ බොහෝ අය) මැරිච්ච තැන්වල ගසුත් නැහැ අම්මගේ ආදරේ හින්දා අපි හැමෝම ගොඩ ගියා, මතු හැම ආත්මෙක්දීම අම්මා අපේම අම්මා වෙන්න කියලා මම ඉල්ලනවා

මිට එවර් ලවින්
සුදු මහත්තයා

10 comments:

අටම්පහුර said...

ලස්සනට ලියවිච්ච ලියවිල්ලක් , කියවනකොට තේරෙනවා අම අමාරුවෙන් වචන ගැට ගහගත්ත බව

ප්‍රබුද්ධ said...

aunty අපිටත් ඉතින් ගොඩාක් ආදරෙයිනේ බන් පී .......

priyan said...

අම්මා අපිව ඇදුම් ගන්න එහෙම එක්ක ගියාම අපිට ඕනි දේවල් ඕනි ඕනි විදියට අරන් දෙනවා අන්තිමට බිල ගෙවද්දී ඕනි දේවල් ඔක්කොම ගත්තා නේද කියලත් අහනවා දහස් ගණන් අපිට වියදම් කරනවා ලෝබ නැතුව අපි අම්මට මොනාහරි ගන්න කිව්වාම අපෝ මට හරි යන එව්වා මේකේ නැහැ කියනවා අම්මා සෙරප්පු දෙකක් ගත්තත් ගන්නේ සෙල් එකක අඩුවට තිබ්බොත් විතරයි, මේ ලෝකේ තියන හැම සැපතක්ම අපිට දෙන්න උත්සහ කරන අම්මා එයාගේ සැපත ගැන කවදාවත් හිතන්නේ නැහැ එයා කියන්නේ අපිත් සැප විදින්න හැදුවනම් ඔයාලට මෙව්වා දෙන්න වෙන්නේ නැහැ කියලා

ත්‍රිවිල් ඩ්‍රයිවර්ලත් එක්ක රුපියල් දහයට විස්සට කේවල් කරන ඇය අපි කොහේ හරි යන්න සල්ලි ඉල්ලුවාම ඉල්ලන ගානට අමතරව තව රුපියල් පන්සියක් දාහක් පර්ස් එකට දානවා හදිස්සියක් වුනොත් ගන්න කියලා එහෙමයි අපේ අම්මා

itnishantha said...

අම්මා ගැන කියන්න ලෝකේ තියන ඔක්කොම භාෂා වල වචන ගත්තත් මදි කියලයි මටත් හිතෙන්නේ. අම්ම කියන වචනෙට සමාන වෙන වචනයක් නැ.

wmk said...

අපේ පවුලේ 8ක් ඉන්නවා.දැන් ඔක්කොම වැඩුන උදවිය. මමයි,නංගිලා දෙන්නයි,මල්ලිලා පස් දෙනයි.අම්මා ජිවතුන් අතර නැහැ.එත් අපි එකතු උනාම අම්මා ගැන මතක් කරනකොට ඔක්කොම හිතාගෙන ඉඳල තියෙන්නේ එයාට තමයි අම්ම වැඩියෙන්ම ආදරය කරලා තියෙන්නෙ කියල. තම සියලුම දරුවන්ට පැ එහෙම ආදරයක් තමයි අපේ අම්ම ළඟ තිබුනෙ.

Sarath Gunawardhana said...

I Appreciate.
http://ifgood.blogspot.com

kkroxc said...

හැමෝටම ස්තුතියි මේ පැත්තේ ආවට

Anonymous said...

I'm praying her to have a long , healthy life !

kkroxc said...

thanks ano

කතන්දර කාරයා said...

දුකකුත් දැනුණු බව නොකියාම බෑ!

Post a Comment

කැමතිනම් විතරක්