Wednesday, April 3, 2013

CCTV ගෙදරදීම හයි කරමු 3

ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අපි සෙට් කර ගත්ත කැමරා සිස්ටම් එක නෙට්වර්ක් කොරන්නයි යන්නේ   ඒ කිව්වේ අපි අටව ගත්ත කැමරා ටික මේ ලෝකේ ඕනිම තැනක ඉදලා බලන්න පුළුවන් විදියට හදා ගන්නයි යන්නේ මේක අමාරුයි වගේ පෙනුනට නෙට්වරක් පිලිබඳ සාමාන්‍ය දැනුමක් තියනවනම් ඇස් වහගෙන කජු කනවා වගේ කරන්න පුළුවන් වැඩක්. නෙට්වර්ක් ගැන මෙලෝ දැනුමක් නැති වුනත් වුවමනාව සහ ධෛර්යය තියනවනම් එච්චර අමාරු නැහැ. මුලින්ම DVR එකට හම්බ වෙච්ච් මැනුවල් එක හොදින් කියවන්න විශේෂයෙන් නෙට්වර්ක් පාර්ට් එක. වැඩේ කරන්න කලින් මුලික කන්ෆිග් ටික සකසා ගන්න පරිගනකකුත් අවශ්‍ය වෙනවා.

ඉතින් නෙට්වර්ක් ගැන දන්නේ නැති අය IP ඇඩ්රස් එකක් කියන්නේ මොකද්ද ADSL මොඩම් එකක් කියන්නේ මොකද්ද, රවුටර් එකකින් වෙන්නේ මොකද්ද, CAT5 කේබල් එකක් කියන්නේ මොකද්ද කියලා අන්තර්ජාලේ පොඩි සර්ච් පාරක් දාලා අවොත් හොදයි. සිංහලෙන් ලියවුනු ලිපි ඕනි තරම් තියනවා නෙට්වර්කින්ග් ගැන.

හරි දැන් වැඩේට බහිමු

මේ වෙනකොට මගේ පහුගිය පොස්ට් වල තිබ්බ විදියට සවි කර ගත්ත  සිස්ටම් එක අප් ඇන්ඩ් රනින් තියෙන්න ඕනි. නෙට්වර්ක් කරන ක්‍රම දෙක තුනක්ම තියනවා

  1. රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)  
  2. ADSL මොඩම් එක කෙලින්ම DVR එකට සවි කිරීම 
  3. 3G ඩොන්ගලය මාර්ගයෙන් කනෙක්ට් කිරීම.

මම පුළුවන් විදියට දන්න හැම එකම මෙතන සටහන් කරන්නම්.

රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)  

ගොඩක් ස්ථාන වල ADSL මොඩම් එකත් එක්කම රවුටර් එක තියනවා ඒ කිව්වේ දෙකම එක Device විදියට තියෙන්නේ මේකටනේ අපි අපේ පරිගණක එහෙමත් සම්බන්ද කරන්නේ මේ රුප සටහන බලන්නකෝ

ඔතන RJ45 ගහන්න තියන පොර්ට් එකට තමයි අපි DVR එක ගහන්න ඕනි ඉතින් රවුටර් එක තියන තැන ඉදල DVR එක ගාවට අදින්න කැට්5 කේබල් එකක් ගන්න. (තියන දුර මැනගෙන ගිහින් කොම්පුටර් පාර්ට්ස් තියන කඩේකින් ඉල්ලන්න ඕනිම දුරකට එයාලා කේබල් එක හදලා දෙනවා මතක තියා ගන්න මේ කේබල් එක උපරිම මිටර් 90 ක් විතර තමා දුර අදින්න පුළුවන් ඊට වඩා ගියොත් ඩේටා ඩ්‍රොප් වෙනවා ). දැන් රවුටර් එකට ගහපු කේබල් එක DVR එකේ සවි කරන විදිය පල ලෙහා රුපසටහනින් බලන්න 


ඔන්න ඔය පින්තුරේ NET කියලා ගහලා තියන පොර්ට් එකට තමා කේබල් එක ගහන්න ඕනි, දැන් වැඩේ හරිද ? හි හි නැ නැ තව පොඩ්ඩක් තියනවා දැන් තියෙන්නේ අපිට කොන්ෆිග් ටික හදා ගන්න මම ස්කිර්න් ෂොට්ස් ටිකක් දාන්නම් එත් සමහර DVR වල පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් එත් හොයා ගන්න ලේසි. දැන් DVR ලග පුටුවක් එහෙම දාගෙන හරි බැරි ගැහිලා වාඩි වෙන්න ඊට පස්සේ DVR එකට ගහලා තියන මවුස් එක රයිට් කිලික් කරාම DVR එකේ මෙනු එක දිග ඇරෙනවා එකෙන් Main Menu  කියන ඔප්ෂන් එක තෝරන්න එහෙම නැත්නම් DVR තියනවා Menu කියලා බට්න් එකක් එක ඔබන්න එතකොට මේ වගේ ස්කිර්න් එකක් එනවා 



ඕකෙන් ADVANCED බට්න් එක උඩ ක්ලික් කරලා එකෙන් නෙට්වර්ක් කියන එක තෝරන්න එත කොට පල්ලෙහා ස්කිර්න් එක එනවා 


  • ඔතන TCP/IP කියන මෙනු එකේ STATIC කියන එක සෙලෙක්ට් කරන්ඩ 
  • මීඩියා පොර්ට් එක සහ වෙබ් පොර්ට් තියන විදියටම තියන්න පුළුවන් ඔයාලගේ නෙට්වර්ක් එකේ ඒ පොර්ට් දෙක වෙන Device එක කින් යුස්‌ කරන්නේ නැත්නම් 
  • IP එකට දැනට නෙට්වර්ක් එකේ පාවිච්චි කරන් නැති ඇඩ්රස් එකක් දෙන්න.
  • Subnet Mask & Gateway එක නෙට්වර්ක් එකේ පාවිචිචි කරන විදියටම දෙන්න ( මේ නෙට්වර්ක් එකේ තියන කොම්පුටර් එකක command prompt එකේ  ipconfig කියලා ගැහුවාම එන විස්තර ටික )
හරි දැනට මෙතන වැඩ ටික ඉවරයි අපි දාපු පොර්ට් ටිකයි IP එකයි කොහේ හරි ලියාගන්න  දැන් නෙට්වර්ක් එකට ගහලා තියන කොම්පුටර් එකකින් රවුටර් එකට ලොග් වෙන්න,

රවුටර් එකට ලොග් වෙන්නේ කොහමද ? අපේ ඉන්ටෙර්නෙට් බ්‍රව්සර් ඇඩ්රස් බාර් එකට රවුටර් එකේ IP ඇඩ්රස් එක ගැහුවාම රවුටර් එකට යන්න පුළුවන් මෙතන තියනවා පුංචි ගයිඩ් එකක් එකෙන් බලාගන්න පුළුවන් රවුටර් එකට ලොග් වෙන විදිය , බහුලව බාවිතා වෙන ZTE රවුටර් එකේ ස්ක්‍රීන් ෂොට් ටික මම දාන්නම් අනිත් එව්වත් පොඩ්ඩයි වෙනස් වෙන්නේ මෙන්න මේ සයිට් එකේ තියනවා හැම රවුටර් එකක්ම කොන්ෆිග් කරන්න ගයිඩ් , ඔය විදියටම අපි DVR එකට දීපු IP එකට ගියාම කොම්පුටර් එකේ ඉදගෙනම DVR එක access කරන්නත් පුළුවන්.

හරි යුසර් නේම් පාස්වර්ඩ් දීලා ලොග් වුනාම එන වින්ඩොව් එකෙන් advanced tab කියන එකට යන්න


ඊට පස්සේ ඔතන තියන virtual server කියන තැන ක්ලික් කරන්න 


ඔන්න ඔතනට මේ එන්ට්‍රි දෙක දාලා සේව් කරන්න 



හරි දැන් අපි සැහෙන දුරට වැඩ ඉවරයි දැන් අපි ටෙස්ට් කරලා බලමු දැන් ඉන්ටෙර්නෙට් කනෙක්ට් වෙලා ඔයාලගේ public IP එක (මේ සයිට් එකට ගියාම ඔයාගේ public IP එක බලාගන්න පුළුවන්) ඉන්ටෙර්නෙට් ඇඩ්රස් බාර් එකේ ටයිප් කරන්ඩ අපි දාපු වෙබ් පොර්ට් එකත එක්ක 
මෙන්න මෙහෙම 
ex 203.94.71.230:80

එතකොට දෙයියනේ කියලා DVR සම්බන්ධ වෙලා පුංචි add-on එකක්  install වෙන්න අහනවා 




ඕකත් ඔකේ කරාට පස්සේ DVR එකේ ෆීඩ් එක ඒ කිව්වේ කැමරා වලට අවුට්පුට් එක පෙන්න ගන්නවා, ඔන්‍න‍ ඕක තමා මුලිකම දේවල් ටික පොස්ට් එක හුගක් දිග හන්දා මෙතනින් නවත්තනවා, ඊලග පොස්ට් ඒකෙන කතා කරමු මේ දේවල් ටික
  1. DVR පාස්වර්ඩ් එකක් දාගන්න හැටි
  2. IP එක චේන්ජ් වෙනකොට මොකද කරන්නේ 
  3. මොබයිල් ඒකෙන බලන්නේ කොහමද
වේලාව කලාව මැනේජ් කරන් බොහම අමාරුවෙන් ලිව්වේ වැරදි අඩු පාඩුත් ඇති සිස්ටම් එක හයි කරද්දී නෙට්වර්ක් කරද්දී එන ප්‍රශ්න අන්තිමට කතාකරමු  රැදිලා ඉන්න 





18 comments:

Anonymous said...

machan mage blog ekata daanna meka copy kara gaththata kamak naada?

kkroxc said...

මොකද්ද බ්ලොග් එක දවස් ගානක් ටයිප් කරලා අද බන් දැම්මේ දුක හිතෙන් නැද්ද ඔහොම අහන්න :(

Anonymous said...

ඊලඟ පෝස්ට් එකත් ඉක්මනට දාපන් මචෝ.වයරිං එකයි,හයි කර ගන්න එකයි,ජැක් ටික ගහ ගන්නයි ගේමක් නෑ.මෙන්න මේ ස්ටැටික් ip එක හදා ගන්න එක තමා බැරි.මචං free දෙන ෂුවර් host එකක් දීපන්.මම දැනට කඩවල් හතරකට විතර මේ ජිල්බුට් හයි කරා.net viewing තමා බැරි.වෙන එකෙකුට දෙන්නත් බෑ,මේටික කරල දියන් කියල.එකෙක් cam 8ක DVR එකක් network කරල දෙන්න 5000ක් ඉල්ලුවා.නිකන් මේ setting ටික හදන්න විතරක්.ආයෙ order එකක් ඇවිත් තියනව pharmcy එකක.ඒකෙ බොසා අමාරු කාරය.අන්දන්නත් අමාරුයි.නෙට් link කරල පෙන්නන්නම වෙනව. ඒක හින්ද අනිත් පෝස්ට් එකේ ඔක්කොම විස්තර ටික දාපන් මචං.
thanks උබේ කැපවීමට.

Anonymous said...

ela wadak jayawewa digatama liyanna.

Anonymous said...

brother, mamaa dawasak dekka web cam walin system ekak. e_k agena mokuth wedi wistharayak danne nedda.

kkroxc said...

web cam walin system ekak hadanna baha cam 1 - 2 aragena eke feed eka ganna puluwan namuth dan aluthma kramaya thama IP camera use karana eka. man hithanne oya kiyanne IP camera gana issrata mama post ekak dannam e gana

Anonymous said...

Good work sana,is it possible this to connect with SLT Pure Tv Router?

Anonymous said...

If there's a power failure how to arrest that type of a situation ?

kkroxc said...

every item we use in this system is 12v powered so we can easily use UPS to face power failure's

Anonymous said...

ow umbe mahansiya gana hithala ehenam onna mama copy karaganne na, umba kivvath age eka hari yana vadak neveyi...jayaweva sri lanka ;)

Anonymous said...

සුපිරිම සුපිරි මචන්,කියන්න වචන නෑ...ගොඩාක් ස්තූතුයි මචන්,ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...ඉතුරු පෝස්ට් ටිකත් දාපන් ඉක්මනට...
උබ මේ කරන හොද දේවල වලින් වරද්න්නෙ නෑ කවදාවත්..
ජය වේවා උබට
බුදුසරණයි!!!

SilentSahan said...

niyamai machan..digatama liyapan..

Anonymous said...

අයියේ, කෝ ඉතිරි කොටස?

niroshan dhammika said...

machan job eakak natuwa hitiye meka dakkama puduma satutak danuna ituru tika kawadada liyanne

Anonymous said...

ela machan patta. ube uthsahayata magen mal mitak machan.

/ said...

නියමයි.දිගටම ලියන්න පහුවෙලා හරි අපු එක ගැන ගොඩක් සථුතුඉ.බුදු සරණයි.

kavindu sankalpa said...

ane plz itiriya dannakooo

Chamodh Madusanka said...

net connection eke ganan kohomda wetenne internet haraha balanawa nam.slt eke mekatama wenama connection ekak thiyanwada

Post a Comment

කැමතිනම් විතරක්