Friday, March 19, 2010

නොගැලෙපෙන කතාව-4 කොටස

























"මංජු කොහෙද උබ?".........මං ඌ පැත්තට හැරෙද්දී ඌ මගේ ලග හිටියෙ නෑ............හිටියනම් ඕකව කම්බස් කරනවා....මං වට පිට බලද්දී ඌ පාර එහා පැත්තෙ ඉදන් මට අත වනනවා හිවලයා වගේ........මං යකාගේ වේගෙන් පාර එහා පැත්තට පැන්නත් උගේ හිවල් හිනාව දැකලා මගේ කේන්තිය අඩු වුනා......
"දැන් මොකද බං කරන්නේ කොහෙද අපි ඉන්නේ හොටෙල් එකකටවත් යමුද"...
"හා හා යමු මගේ අතේ නම් රුපියල් 500 තියෙන්නේ උබ ගාව තියනවද?".....මූ ලැජ්ජා නැතිව කියන හැටි
මලා ජෝන් කොතලාවල...මං ගාවත් තියෙන්නේ 600ක් විතර මං ගානට පැලන් කරලනේ සල්ලී ගෙනාවේ....මේ සල්ලි ටික උදේට අපිට බස් එකේ යන්න තියාගන්න ඕනී .... ශික් මේවා අපිටමනේ වෙන්නේ.දැන් ඉතින් කරන්න දෙයක් නෑ බල මාලූ කෑවනම් විදවපන්කෝ පැටියෝ.........මාත් ලව් කරන්න ඇවිත් කරගත්තූ මෝඩ කමක් මගේ රොමැන්ටික් මූඩ් එක එහෙමම ගිහින් තිබුනේ...
"මචන් KK අර බලපන් මැරු තොසේ කඩයක් තියෙන්නෙ ඒකට යමු ඕකට ගිහින් උදේ වෙනකම් ඉමු තව පැය කීයද බන් තියෙන්නේ මේවද අපී කාපූ කටූ"........
ඔව් ඒක නම් ඇත්ත ඉතින් බත් එකේ තිබ්බ චිකන් කට්ටත් ඉතුරු කරන් නැතුවම කෑවනේ මේ ක‍ටු මොනවද?..........
අපි දෙන්න ගියා තොසේ කඩේට එතන ටිකක් ගනන් තැනක් වගේ හොදට තියනවා ඕන මගුලක් කියලා අපි ඉදගෙන හිටියා.....
මහත්තයා මොනවද ඕනී....වේටර් කෙනෙක් ඇවිල්ලා අහනවා..,,ඇත්තනෙ ඉතින් අපිට නිකන් මෙතන ඉදගෙන ඉන්න දෙන් නෑ නේ..
එතකොටම මගේ ෆොන් එක රිංග් වුනා..පබා ගෙන් මිස් කෝල් එකක්....... මං දඩි බිඩි ගාලා අනිත් පැත්තට කෝල් එකක් අරන් අර මූසලයා ගාවින් නැගිටලා සෙනග අඩූ හරියට ගියා............
"හෙලෝ KK අයියේ"
අම්මෝ මගේ වස්තුව කතා කරද්දී මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා
"බබා ගෙදරද ඉන්නේ පරක්කූ වුනාට බැන්නේ නෑ නේද?"
"ඔයා කොහෙද අයියේ ඉන්නේ තාම ගෙදර ගියේ නැද්ද කොලබද ඉන්නේ"
"නෑ පබා මම තාම නුවර එලි ඉන්නේ මගේ යාලුවෙක් හම්බ වුනා..මිනිහා බිස්නස් වැඩකට ඇවිත් තියෙන්නේ හෙට උදේම මන් ඌත් එක්කම යනවා" පාරේ ඉන්නවා කියලා කියන්න බැරි හින්දා කෙබරයක් ඇද බෑවා සමාවෙන්න වස්තුව මං හිතින් කියනවා.....
"හරි අයියේ එහෙනම් පරිස්සමිට ගෙදර යන්න ආය මේ ෆෝන් එකට කෝල් කරන්න එපා මං ඔයාට වෙන කොහෙන් හරි ගන්නම්"
"ඇයි බබා මොකක් හරි ප්‍රශ්නයක්ද? මට ඇත්ත කියන්න මොකද්ද වූනේ"
"මං පරක්කූ වෙලා ආවා කියලා නැංදා බනින්න ගත්තා මං කට වහං හිටියා...ඊට පස්සේ ඔයාටත් බනින්න ගත්තා අර කාලකණ්නියා මෙහෙත් ආවද දන් නෑ කියලා කීවා...ඒක ඇහුවම මට තරහ ගියා මාත් එයාට බැන්නා..ඔයා කාලකණ්නියෙක් නෙම් හොද වැදගත් කොල්ලෙක් .....ඔව් එයා මෙහෙත් ආවා තාමා ඇයි මට මොනවා කරන්නද කියලා ඇහුවා..ර්ට පස්සේ නැංදා කට වහගත්තා තාත්තා කෝල් කරලා කීවා හෙට මෙහ එනවා කියලා"
මෙන්න පබා කියවගෙන ගියා.........මගේ කටේ කෙල හිදුනා ඒක ඇහුවම මල කෙලියයි දැන් මට මේකීව බදින්න වෙයිද දන් නෑ හුටා මටමනේ ඔක්කොම වෙන්නේ මං ගිය ආත්මේ පව් හොන්ඩරයක් විතර කරලද කොහෙද...මෙච්චර කරුම කරගහන්න
"හෙලෝ ඇයි අයියේ කතා කරන් නැත්තේ"
"නෑ මේ මේ දැන් බබා හෙට තාත්තා ඇවිල්ලා මොනවා කියයිද?"
"මං දන් නෑ අයියේ ඇවිල්ලා මොන තොවිලයක් නටයිද කියලා...මොන දෙයක් වුනත් ඔයා මට ආදරෙයිනේ ඒ මට ඇති"
"ඔව් බබා මං ඔයාට ගොඩක් ආදරෙයි... ඔයාට ගහයිද රත්තරන්"
"කමක් නෑ අයියේ මට ඔයා වෙනුවෙන් ඕන දෙයක් ඉවසන්න පුලුවන් මාව ඉක්මනට ඔයා ලගට ගන්න රත්තරන් එත කොට මේ හැම දේම ඉවරනේ"
මෙයා මගුලක් කතා කරනවා හදිස්සීයට මැගී එකක් කන්නත් අක්කගේ පර්ස් එකට බහින එකාට පුලුවංද මේ වගේ සෙමි ලක්සරි වාහනයක් බලාගන්න........එතකොටම ෆොන් එකේ බැට්ටිය ලව් කරනවා කියලා සද්දයක් ආවා.....
''බබා මගේ ෆොන් එක ඕෆ් වෙන්න යන්නේ...මොන දේ වුනත් පරිස්සමින්..මට කොහම හරි කතා කරන්න හරිද? මං ඔයාට ගොඩාක් ආදෙරෙයි"
"මාත් ඔයාට ගොඩක් ආදරෙයි අයියේ ඒකනේ මං ඔයා වෙනුවෙන් මෙච්චර දේවල් කරන්නේ..පරිස්සමට ගෙදර යන්න බායි.........."
මගේ අම්මේ ඔයා මට කරපු හරිය හින්දනේ මං මේ සුපිරි කට්ට වලදන්නේ.. මොන වෙඩින් එකක් වෙයිද කියලා මට හිතා ගන්න බැරි වුනා.....මං කල්පනා කර කරම අපි හිටපු මේසේ ලගට ගියා...අම්මපා මූට මෙච්චර දෙයක් වෙලත් මූගේ චූන් එක බැහලා නෑනේ මේ බඩ ජාරියා ‍තෝසෙයි වඩෙයි ගෙන්නගෙන කනවා මොකෙද්දෙ එකෙක් වගෙ..
"ඈ බොල ගස් බල්ලේ තොට තියෙන්නේ රබර් බඩක්ද?"
"මොකා වුනත් කා කා ඉන්නකොට ඔය විදියට බනින්න එපා අනේ..ඔයා ලබන ආත්මේ තන කොල කන හරකෙක් වෙලා ඉපදෙයි"
''අවුලක් නෑ බන් අපේ අම්මා නිතරම කියන්නේ මං වෙනුවට හරක් පැටියෙක් හැදුවනම් ලොකු වුනාම කරත්තයක් වත් දක්කගන්න තිබ්බා කියලා........මේ සිරවාට මං කියන්නේ මෙකට බිල ගෙව්වාම හෙට අපි ගෙදර යන්නේ උබේ අහවල් එක දීලද යකෝ"
බය වෙන්නේ එපා බං උබත් කාපන් එච්චර ගන්න නැතුව ඇති...........................
*********************************************
අන්තිමට 350 ගානක බිලක් ගෙවලා කඩෙන් එලවනකම්ම ඒක ඇතුලට වෙලා හිටියා...කඩේ 1.30 විතර වැහුව හිංදා අපි කඩෙන් එලියට ඇවිත් ආතක් පාතක් නැතුව කැරකුනා...දත් කුට්ටම සට සට ගාලා ගැහෙනවා මාර සීතලයි අපි දෙන්නම ඇදන් හිටියේ නිකන් ටී ෂර්ට් එකක් විතරයි...ටවුන් එකේ කවුරුත් පේන්න හිටියේ නෑ බස් ටැන්ඩ් එකේ ලයිට් දාලා තිබ්බ හින්දා අපි පැත්තට ගිහින් බංකුවක ඇලට් එකක් දාන්න ට්‍රයි කාලා මොන ඇලට්ද සිමෙන්ති බංකුවත් නිකන් අයිස් කුට්ටියක් වගේ.....ඒ අස්සේ අරූ කියනවා
"KK මට මොකද්ද වෙනවා බං මගේ අතපය ඔක්කම හිරි වැටිලා"
එන පොට හරි යන් නෑ කියලා මට හිතුනා හරකට වගේ පොඩ්ඩක් මොලෙ තියන හිංදා
මෙහේ වර කියලා අරූවත් ඇදගෙන මං බස් ටැන්ඩ් එක වටේ රවුමක් දිව්වා............එක රවුමක් දුවලා අපි දෙන්න හොදටම හති දානවා...ආපහු සීතල එද්දී ආපහු දුවනවා........ ඔහම ඔහම බස් එක එන වෙලාව ලං වුන හිංදා අපි ගියා පාරට......ටික වෙලාවක් යද්දී බස් එක එනවා අරූ පාර මැද්දටම පැනලා බස් එක නැවත්තුවා...
"එන්න එන්න කොලබ යන අය නගින්න ශිට් තියනවා" කොන්දා අයියා කෑ ගහගෙන අපි දෙන්නව බස් එකට නග්ග ගත්තා ඈ බොල ශීට් තියනව කීවට ශීට් නෑ නේ. AC බස් එකේ අපි දෙන්නා විතරක් හිටගෙන යනවා......මං හීමීට අරූ දිහා බැලුවා මං දන්නවා ඕකා මොකක් හරි වාචාල කතාවක් කියනවා කියලා............
"මේකේ උඩ තට්‍ටුවෙද දන් නෑ ශිට් තියෙන්නේ...හුංඩුවක් වගේ කබලක් තියගෙන කෑ ගහන්නේ නිකං ගමකට ශිට් තියනවා වගේ"
මල්ලී ඔය ඔතන ඉන්න කපල් එක ඉස්සරහින් බහිනවා ඒකයි ශිට් තියනවා කීවෙ එතනින් ඉද ගන්න"
ඒත් එක්කම අර කපල් එක නැගිටලා දොර ලගට ගියා........අපි නිකන් පර්සියන් පුස් පැටව් දෙන්නක් වගේ ගිහින් වාඩී වුනා......අනේ අම්මපා මේ ගොන් නාම්බට මෙච්චර දෙවල් වෙලත් ලැජ්ජාව කියලා කීලෝ බයිට් එකක් වත් නෑනේ...ශික් වස ලැජ්ජාව..
"මල්ලි ටිකට් ගන්න" කොන්දා අයියා කියද්දීම මං ප්ර්ස් එක අරන් සල්ලී ගැන්නා
මල කෙලියයි ජූලී 187යි "අඩෝ මාර වැඩේ ඔක්කොම සල්ලී 750නෙ තියෙන්නේ 800ක් ඕනී බන් ටිකට් වලට... ‍තෝ මොකෙද්ද එකෙක් වගේ අරකෙන් කෑවනේ දැන් තොගේ අහවල් එක ගලවලා දීපන් කොන්දට "
"මොකද බන් කරන්නේ දැන් කොන්දාට ඇත්තම කියලා ශේප් එකක් දාමුද"
"කලිසමක් ඇදගෙන තියා නැතුව වත් කරන්න පුලුවන් වැඩක්ද ‍තෝ කියන්නේ.....දැන් ටිකකට කලින් උබ මෙතන රගපාපු ගෝන් පාට් එක අමතකද?"
"මං කියන්නද අපි නුවරට ටිකට් ගමු එතන ඉදන් නොරමල් බස් එකක් ගමු නැත්නම් කෝච්චියෙ නගිමු"
මූ මේච්චර වෙලා කරපු ගෝන් වැඩ වලට මුගේ පරම්පරාවෙ ඔක්කොටම යහමින් පින් අනුමොදනා කරලා ඉවර හිංදා මේ පාර මන් නිකං හිටියා....
"අයියේ නුවරට ටිකට් දෙන්න"
"මල්ලීලා නුවර යන්නද මෙච්චර කෑගහුවේ....කොලබට යන අයට විතරයි ශීට් දෙන්නේ.....තව කවුරු හරි නැග්ගොත් ඔය ශිට් දෙක දෙන්න"
අපේ පෙර භවයක කරපු සුවිසල් පුන්‍ය කර්ම වල බලයෙන් ටික දුරක් යන්න කලින්ම කොලබ යන දෙන්නෙක් නැග්ගා..මුලු බස් එකම අපි දිහා බල බල හිනා වෙනවා..........අප්පා මෙහෙම දෙයක් හතුරෙක්ටවත් වෙන්ඩ ඒපා කිය කිය මං බිම බලාගෙන ආවා..ඒකට මාත් එක්ක ආපු ලැජ්ජා less ගෝතයා බස් එකේ ඉන්න හැමොත් එක්කම හිනා වෙනවා තවත් බයිට් වෙන්න හදනවා...................පේරාදෙනියෙන් බැස්ස අපි කොච්චියේ කොලබ ආවා..................කොච්චියේ එන ටිකට මං අරුත් එක්ක කතා කරේම නෑ...මගේ ඔලුවෙ වැඩ කරේ පබාට මොකක් වෙන්න ඇතිද කියලා....තාත්තා ඇවිල්ලා මොකක් කරයිද?

මතු සම්බන්ධයි.

12 comments:

චතුරංග රූපසිංහ said...

සිරාවටම එල හිනාකාලා මැරෙනවා මේක දැක්කම

Anonymous said...

මරැ කතාව දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්

Anonymous said...

හෆෝයි.... හිනා කාල මැරෙනවා නේන්නම්. කොල්ලෝ උඹ K. K. V. ටාසන් බාප්පාගේ පරම්පරාවේ එකෙක්ද? හිකිස් හිකිස්....

Unknown said...

තැන්කූ තැන්කූ හැමෝටම දිරි ගැන්වීමට බොහම ස්තූතීයි

~ChAnDiKa~ said...

මේකතම් මාර ඩයල් එකක් තමයි....එල එල කතාව...

Rajith said...

heee gud keep on bro

Kasun Perera said...
This comment has been removed by the author.
prabuddha said...

පට්ට කතාව බන්............පබාගෙ කතාව විතරක් නෙවෙයි අනිත් අපිට උන හෑම කට්ටක්ම ආතල් එකක්ම ලියපන්.....සුබ!!!!!!!!!!!!!!!!!!!!!!

prabuddha said...

පට්ට කතාව බන්............පබාගෙ කතාව විතරක් නෙවෙයි අනිත් අපිට උන හෑම කට්ටක්ම ආතල් එකක්ම ලියපන්.....සුබ!!!!!!!!!!!!!!!!!!!!!!

kkroxc said...

අනිවා උබලත් එක්ක තමා බන් මගේ ජීවිතේ ගෙවුනේ හැම එකක්ම ලියන්නම්

තිස්ස දොඩන්ගොඩ said...

he he he bloody nautral....මේක ඇත්තම සීන් එකක්ද මලේ...? උමට නියමෙට ලියන්න පුලුවන්... ඔන්න මාත් උඹේ ගෙදර හාන්සියක් දැම්මා... නියම නම ඒ මදිවට "අහක බලන් ගහපු කොත්තුව"... යමු යමු ඔහොම්මම...

Anonymous said...

mmmm paba???/

Post a Comment

කැමතිනම් විතරක්