Tuesday, March 23, 2010

නොගැලෙපෙන කතාව-6 කොටස


"බාර් එකකට ඇවිත් නෝබී පුලුවන්ද බන්"
"දැන් අද බලපන් කාලය... දේශය....... කුලය මේවා ඔක්කම සෙට් වෙලා ඉද්දී මොකටද බන් නෝබී ඉන්නේ" මගේ අතිජාත සගයෝ ටිකත් කියද්දී..... එකේ ඉතින් මොකටද නෝබී අද මං කුලුදුල් වතාවට මත් වතුර බොන්ට යන්නේ.......අම්මේ මට සමා වෙන්න මං අම්මගෙන් එහෙම සමාව අරගෙන වැඩෙට එක කකුලෙන් කැමති වුනා.......එතකොට වේටර් අය්යා කෙනෙක් අපි ඉන්න තැනට සැපත් වුනා
"මල්ලී මොනාද ඕනී..............."
"අපිට ගේන්න අයියා හොද සුදු ලේබල් බොතලයයි........බියර් හතරකුයි..කොක් 4යි......"
"බයිට් එකට මොනාද?"
"චිකන් ඩෙවල් එකක් ගේන්නකෝ" මං කියවගෙන යද්දී අරුන් හතර දේනා කටවල් ඇරන් බලන් ඉන්නවා
"මොනාද යකෝ බලන්නේ වන මෝහිනිවත් දැක්කද?"
"මෝහිනිව දැක්කනම් මෙහෙම ඉන්නවද බන්............පස්සෙන් ගිහින් දාගන්න ට්‍රයි කරනවනෙ අපි මේ වේලි වේලි ඉන්නවා උබ කොහමද යකෝ මෙච්චර දේවල් දන්නේ".......
"අඩෝ දන්නවනෙ ඉතින් KK ගෙ වැඩ.........මේක තමයි බන් අපේ අයියලාගේ මෙනු එක මන් අහන් ඉදලා මතක් තියා ගත්තා"
බඩු ටික එනකම්.........කයියක් දාගෙන හිටපු......... අපි දිහා පොරක් කන්න වගේ බලන් ඉන්නවා......
"අඩෝ අර බලපන් අර මුස්පේන්තූවා අපි දිහා කන්න වගේ බලන් ඉන්නවා.මොකෙද්ද බන් ඌ......."
"මං හිතන්නෙ මෙතන මැනේජර් කාරයා වෙන්න ඇති බන්.ඔන්න බුවා අපි දිහාවට එනවා..........එන පොට හරි නෑ පුතේ ....දත කිපුනු සිංහයා වගේ එන්නේ......"
"දත කිපුනු සිංහයා නෙම් යකෝ.........මද කිපුනු කොටියා වගේ එන්නේ"..........තව එකෙක් කියපි.........
හරි හරි බන් මොකෙක් හරි වගේ එනවනෙ දැන් කට වහගනින්කෝ මං එහෙම කියලා උන්ගේ කට වහලා දැම්මා
"මල්ලිලා බොන්නද ආවේ............"
"නැ මේ මං වාහෙනට හෙඩ් ලයිට් එකක් ගන්න ආවේ..........මගේ මගේ කාර් එකට අස්සෙයෙක් පැන් නනේ " කුලයා දීපු උත්තරෙන් මැනෙජර් කාරයා හතර ගාතෙන් වැටිලා නොකවුට් වුනා ඒත් මිනිහා අතාරින් නෑ
"මල්ලීලා ගේ වයස කීයද තාම ස්කොලේ යනවා නේද.........?"
"පුත්තලම් බූරුවෙක්ගේ වයසෙන් බාගයක් මගේ වයස............ අයියා දන්නවද පුත්තලම් බුරුවෙක්ට වයස කීයද කියලා........." මිනිහා ෆුල් අන්ඩොස් වෙලා වයර් ශෝට් වෙච්ච කොම්පුටරයක් වගේ මූන
"නෑ නෙ පුත්තලම් බූරුවට වයස කීයද" මැනෙජර් කාරයත් ලැජ්ජා නැතුව ඇහුවා"
එතකොට අපේ එකා අහපි "දැන එතකොට අයියට වයස කීයද........?"
"මල්ලී මං ලෝකේ කාලා වතුර බීබු මිනිහෙක් මට දැන් 40 යි..............." පොර කීවේ උඩු ‍රැවුලත් අත ගාන ගමන් හෙන ආඩම්බරෙන්...................
"ආ එහේමද 40 න් බාගයක් 20යි........එතකොට මට වයස 20 යි............." කුලයා කීවේ ඇගට පතට නොදැනි වගේ අර මැනෙජර් කරයගේ මූන බාගේට තම්බපු බොයිලර් කුකුලෙක් වගේ වුනා.........මද කිපුනු ඇතා වගේ ආපු පොර......අපි ගාවින් ගියේ සොකට් බැහපු ගෝරිල්ලෙක් වගේ............හි හි අපේ එකාට මාර හැපි ක‍ෆිර් වලින් ගහලා යාපා ප‍ටුන අල්ලපු සාලිය කුමාරයා වගේ මූ හිනා වෙනවා........එතකොටම වේටර් අයියා බඩු ටිකත් අරන් ආවා.......... සිරියාවේ බෑ බෝතල් ටික මෙසේ උඩ තියෙද්දී
"මල්ලි බියර් ටික කඩන්නද.......?"
"පිස්සු කෙලින්න එපා අයියේ පෙරුම් පුරල පෙරුම් පුරලා බොන්න ගත්තේ බියර් කැඩුවාම බොන්නේ මොනවද......" අපේ ඉෂාරයා කියපි
''නෑ නෑ මල්ලි මූඩි ටික ගලවන්නද කියලා ඇහුවේ"
"ආ ඒ එක මිසක්......... කමක් නෑ අයියේ අපි දත් මදින්නේ සුදන්නත වලින් නේ කටින් මුඩිය ඇරගන්න පුලුවන්" අපිත් එක්ක කතා කරොත් වෙටර් අයියාගෙත් වයර් සෝට් වෙන හිංදා පොර හීමිට මාරු වුනා.....
ඔන්න එහෙනම් අපිට පටන් ගමු.............චියර්ස්........අපේ වැඩේ නැගලා යනවා දඩ බඩ ගාල බෝතෙලෙත් ඉවර වෙනවා.....අපේ එකෙක් කතාවක් පටන් ගන්නව ඌට දැන් හොද ගාන වගේ..........
"මචන් මං උබලට කතාවක් කියන්නද..............."
"හා කියහන්කෝ බලන්න කතාව"
"ඔන්න එක මත් එක කාලෙක ලංකාවේ පොරක් ගියාලු එරොප්පේ පාර්ටියකට...............මූ ඉතින් ලංකාවෙත් අමු ගොඩයලු.....දැන් සුද්දො ටික සෙට් වෙලා විස්කි ග්ලාස් ටික ගහලා චියර්ස් කියලා කියනවලු......අපේ ලංකාවේ එකාටත් දැන් මාර ඕනි කමලු මෙහෙම කරන්න ඒත් අර කියන වචනේ තේරුම දන් නෑ ලු......මිනිහා හොදට හිතලා හිතලා අර සුද්දෝ ලගට ගිහින්............වීදුරුවට වීදුරුවට තියලා ගැහුවලු ශ්‍රි ලංකා..................කියලා" අපේ පොර හිතලා තියෙනේ චිය්ර්ස් කියන්නෙ උන්ගෙ රටෙ නම කියල"
"අපි හතර දෙනා බක බක ගාල හිනා වෙනවා............ඒ අස්සේ මැච් එක පටන් අරන් ජයසූරියත් අවුට් වෙලා මලා සේකර අපි මෙතන සූර් වෙලා හිනා වෙනවා.........බාර් එකේ හිටපු වයසක අංකල් ලා ටික අපිව වලදන්න වගේ බලන් ඉන්නවා දැකලා අපි හිනාව පටස් ගලා නතර වුනා...අපි මැච් එක බලන ගමන් අපෙ බෝතෙලෙත් ඉවර වෙලා......... ඊට පස්සෙ බියර් ටිකට වැඩේ දුන්නා.........දැන් මට නම් හොදටම වැඩී කියලා මට නම් තෙරුනා..........අන්තිමට මැච් එක බලන්න ආපු අපිට එතන ඉන්න බැරි තත්වයක් උදා වුනා...........කුලයා මෙන්න නැගිටලා කියපි.......
"අඩෝ මේ උබලට වෙරි වුනාට මට වෙරි නෑ අරීරි........බලපන් දැන් මන් තනි කකුලෙන් හිට ගෙන ඉන්නවා" එතකොටම ඉෂරයත් නැගිටලා "උබට විතරක් නෙම් ඩෝ මටත් ඉන්න පුලුවන් කියලා" මූ කකුල් දෙකම ඉස්සුවා..............හෙන කදයා පොලෙවේ ගැහුවා වගේ මූ බාර් එක මැද වැ‍ටුනෙ මේස පු‍ටු පෙරලගෙන........අහල පහල මිනුස්සු ඇවිල්ලා අරුව උස්සලා දුන් නැත්තනම් තාමා ඌ එතන වැටිලා ඉන්නවා.........අම්මපා අපිටත් නිකං ඉන්න බැරිවට කරන වැඩ..................
"මෙතන ඉන්න බෑ කුලේ දැන් නම් අපි ගුටි කනවා..........අපි හතර දෙනා බාර් එකේ හතර මායිම මැනලා බොහම අමරුවෙන් දොර හොයගෙන එලියට ආවා.....
"අපි ගොල් ෆේස් යං බන් මට වැල්ලේ පෙරලි පෙරලි ‍රැල්ල පා ගන්න ඕනී" හරි එක විතරයිනේ අඩු ත්‍රි විල් එකක් නවතන්න කියලා මං පාරට පැන්නා.........අහ්හ් ඔය එන්නේ ත්‍රිවිල් එකට තුනක්ම.......මං ශේප් එකේ අත පොඩ්ඩක් පාරට දැම්මා........ඒ වුනාට අතේ බරට මං පාර මැදටම ඇදිලා......අම්මට සිරි මෙන්න එක පාරට.........ත්‍රිවිල් තුනම එක ත්‍රි විල් එකක් වුනා...........ඒත් එක්කම බරාස් ගාල බ්‍රේක් සද්දයක් ඇහුනා.................
"කොහෙද ඕයි යන්නේ අපායට යනවද" ත්‍රිවීල් එකේ අයියා මගෙන් අහපි.........
"අනේ නෑ අයියේ මං හරි හොද එකා ගැනු ලමයන්ට විතරයි බොරු කියනෙනේ............අපි මේ ගොල් ෆෙස් යන්නේ...." මං එහෙම කියද්දීත් අපෙ එවුන් ත්‍රීවිල් එකට නැගලා.............එ අස්සේ එකෙක් ත්‍රීවිල් එකේ ඉස්සරහ සීට් එකේ අයිනෙන් වාඩී වෙලා අහනවා
"අයියේ මේකෙ සීට් බෙල්ට් එක හිර වෙලා එන් නෑ නෙ කිය කියා ......ඩ්‍රයිවර් අයියගේ ඉනේ බෙල්ට් එක අදිනවා......................
මල්ලි මේ රොද තුනට මොන සීට් බෙල්ට් ද මල්ලී......වද දෙන් නෑතුව ගිහින් පිටි පස්සෙන් වාඩි වෙනවද.............
කොහම හරි වදෙන් පොරෙන්..........කට්ටියව අතුලට දා ගෙන අපි ගෝල් ෆෙස් එක පැත්තට ගියා...........අපි සිල් ගන්න ගියත් වදුරෝ ගල් ගහන්න පටන් ගන්නවා වගේ.........අපිව මගදී පොලිස් චෙක් පොයින්ට් එක කින් නතර කරා........කරුමෙක මහත අගල් 20යි කියලා කතවක් තියනවා ඒ වුනාට මගේ කරුමේ මහත අගල් 60 වෙන්න ඇති........ඒ පොලිස් චෙක් පොයින්ට් එක තිබුනෙත් අපේ තාත්තගේ හොටලේ ඉස්සරමයි..........
"ආ පුතාලා බැහලා අයිඩින්ටි ගන්න බලන්න......................."

මතු සම්බන්ධයි.

8 comments:

sharki333 said...

maxxxaaaaaaaaaaa

kkroxc said...
This comment has been removed by the author.
kkroxc said...

thanku thanku

Unknown said...

ඔන්න මමත් ඔළුව දැම්මා... එළකිරි මචන් දිගටම ලියපන්...

Dimith Jayasinghe said...
This comment has been removed by the author.
Dimith Jayasinghe said...

Niyama kathawa.
Thawa liyapan

Beetle said...

Niyamai... :)

P2 said...

lassana kathawak

Post a Comment

කැමතිනම් විතරක්