Tuesday, March 16, 2010

නොගැලෙපන කතාව



ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හින හෙන්නකෝ අනේ
ඔර වන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගීයේ..................

ගෙදර සෙටප් එකේ රොශාන් ගෙ සින්දුව මහ හයියෙන් යද්දි මාත් ගෙදෙරින් එලියට බැස්සා ගැන්සියට සෙට් වෙන්න.....මගේ වෙලාව කියන්නේ මගෙ අලුත දා ගත්ත මගේ කුලුදුල් කෑලි පොඩ්ඩ අපෙ ගේ ඉස්සරහින් කඩේ යනවා මට ඇහකුත් ගහ ගෙන... අම්මෝ නලවන නැලවිල්ල ආසවේ බෑ මාත් පියාබන හාදුවක් දීලා ගැන්සිය පැත්තට ගියා.........
එයාගේ නම පබා එයාගේ දිග නම කෙටි කරලා මම ආදරේට කියන්නෙ පබා කියලා....... පබා ගහෙන් වැටිලා ටික දවසක් යනකොට ගමේ කොල්ලෝ ඔක්කොම දපනේ දාන්න ගත්තා.
අපෙ අයියත් හෙන ලයින් කොහම හරි උත්සහවන්තයාට ජය ලැබේ කියලා කිව්වට උත්සහයක් නැතුවම මට වැඩ කරා... මාත් ඉතින් හෙන බොක්කෙන් ලව්.......සුපුරුදු පරිදි අපේ කතාවටත් දුශ්ටයෙක් ආවා!!!! ඒ කෙල්ලගේ තාත්තා...... මාස තුනක් විතර යද්දි එක දවසක් බන්ට් එක ගාව තාප්පෙට හෙත්තූ වෙලා මගේ අතත් අල්ලන් කෙල්ල කියනවා අයියේ අදින් පස්සේ අපි හම්බූනේ නැතත් අපේ ආදරේ හැම දාම තියනවා කියලා පොරොන්දු වෙන්නලු.. මාත් පොරොන්දු වුනා මොකෝ අතින් පයින් යනවයැ, 10 වසරේ හින්දා වැඩි තෙරුමකතු නෑ.........
එදා හවස වැඩේ පත්තූ වුනා, ඉරිදා දවසක් අයියලගේ යාලුවෝ සෙට් එක ගෙදර බොනවා අපේ ගෙදර දවල්ට කවුරුත් නෑනේ ඉතින්......
මගේ මාමන්ඩි එ කිව්වේ කෙල්ලගේ පියාගේ වැන් එක අපේ ගෙදර ඉස්සරහ නතරවුනා වාහනේ ඇතුලේ පස් දෙනක් විතර හිටියා, මට කතා කරා.......
කවුද KK කියන්නේ?
මට KK තමයි කියන්නේ....... මමත් චන්ඩියා වගේ උත්තර දෙනවා මොකටද බය වෙන්නේ අපේ ගමනේ
ඇයි අපේ දුවට කරදර කරනේ?.............
හුටා අහපියකෝ ප්‍රශ්නේ කොහමද මන් උත්තර දෙන්නේ කකුල් දෙකත් ගැහෙනවා වගේ
කමක් නෑ බය වෙන්න එපා හිතට එන දෙයක් කියල දාපන්
මං එයාට කරදර කරන්නෑ අංකල් එයා තමයි මට කරදර කරනේනේ.....
එතකොට ඉස්සරහ ශිට් එකේ හිටපු නාකියා කියපි
මේ පුතා අපි හොදට හොදයි නරකට නරකයි හරිද අපිත් එක්ක සෙල්ලම් එපා.......

කවුද ඩෝ අපේ ගේ ඉස්සර සද්දෙ දානෙනේ ඇයි උබලා මොනා කරන්නද?
උබේ දුවව දැන් උස්සන් ඇවිත් මල්ලිට බංදලා දෙනවා හරිද? කිරි අප්පට බල්ලෝ පැනපි අපේ අයියා කාරය කැ ගහනවා එලියට ඇවිල්ලා......... මට තෙරූනා එන පොට හරි නෑ කියලා එතකොටත් අයියගේ යාලුවෝ සේරම වැන් එක වට කරන් වෑන් එක හොල්ලනවා...... මට හිතුනා එක මාමටත් හිතිලද කොහෙද මාමාන්ඩි ඇරලා දාල ගියා යන්න..........ඊට පස්සේ සතියකින් කෙල්ලව නුව‍රැඑලියේ ස්කොලෙකට දැම්මා අයියෝ මගේ මස් කුට්ටියට මාව දාල ගියා සැහෙන්න බොන්න හිතුනා ඒත් ඒ කාලෙ බොන්නෙත් නෑ නේ.........
මන් සැහෙන්න දුකින් ඉන්නේ මෙලෝ දෙයක් කරන්න හිතෙන් නෑ......ඔය අතරේ මං අදුරන අයියා කෙනෙක්ගේ කෑෆේ එකක කම්පුටර්ස් අලුත් වැඩියා කර කර හිටියේ එකට මන් වැඩිපුර යන්න ගත්තා ඒක හින්දා එච්චර පාලු දැනුන් නෑ, එක දවසක් මං ගෙදර ඉද්දි ලැන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ආවා
හේලෝ......
KK අයියද?...........
මන් උඩ ගියා කවුද බොලේ සෙක්සි වොයිස් එකකින් මට කතා කරන්නේ...........

5 comments:

රවා said...

ෆන් එකෙ ඉන්න කෙනෙක් වගෙ.....

Sanka Jay said...

mu fun dial eka ban . . .habai ahinsakaya
malapannoth 100 inath thaniyen gahai . . .

kkroxc said...

එල තමා දුක විදින්නේ මොටද හැමෝම ෆන් එකේ ඉමු

sharki333 said...

ela ela

p2 said...

නොගැලෙපන කතාව no ගැලෙපන කතාව

Post a Comment

කැමතිනම් විතරක්