Tuesday, March 16, 2010

නොගැලෙපන කතාව-2 කොටස


අයියේ මම පබා...........

මගේ බඩ බොක්ක සීතල වෙලා ගියා, මගේ අමතක වෙන්න ගිය ආදරේ මට ආපහු කතා කරනවා.....

ඇයි බබා මට මෙච්චර දවස් කතා කරේ නැත්තේ මං කොච්චර බලන් හිටියද? මං හරියට කැවෙත් නෑ කිසිම වැඩක් හරියට කරගන්න බෑ මට..........
අම්මේ මගේ කටටත් එන ප්‍රේමාන්විත බොරු.. මෙන්න කෙල්ල අඩන්න ගන්නවා ඒ පාර

ඇයි මගේ අයියේ මං හින්දා නොකා නොබී හිටියේ... මං ගොඩක් දවස් ට්‍රයි කලා කොල් එකක් දෙන්න එත් නැන්දා මගේ පස්සෙන්මයි..දැන් මේ එහා ගෙදර අක්කගේ ෆොන් එකෙන් ගන්නේ..මට නින්ද යන්නෙත් නෑ අයියේ ඔයාව ගොඩක් මතක් වෙනවා ..

මටත් ඔයාව ගොඩක් මතක් වෙනවා පබා......මේ නම්බරෙට කොල් කරොත් ඔයාට කතා කරන්න පුලුවන්ද? ඒක නෙම් මං ෆොන් එකක් ගත්තා මං එකෙන් රිංග් එකක් දෙන්නම් ඕකට හරිද? කොහමද ඔයාට ඔහෙ සීතලද?
****************************************
හැම දාම අපි දෙන්නා කතා කරන්න පුරුදු වෙන්න වුනා... ඇත්තටම හම්බ වෙලා කතා කරනවට වඩා ෆොන් එකෙන් කතා කරනකොට ගොඩක් ලං වෙනවා, ලග නැති හින්දා කිසිම ලැජ්ජාවක් නැතිව කියන්න පුලුවන්නේ.........
ඔහම ටික දවසක් ඉද්දී අපි දෙන්නටම දෙන්නව දකින්න ඕනි වෙනවා..හුටා දැන් ඉතින් පලකෝ නුවර එලි ඒ මට ඉතින් දෙයක් හිතුනොත් නොකර ඉන්නත් බෑනේ යමං බන්ඩෝ නුවර එලි කියලා සල්ලි එහෙම සෙට් කරගෙන යාලුවන්ගෙන් විස්තරත් අහගෙන යනවා කෑල්ලව බලන්න...............................කොලබ ඉදන් නුවර එලි යනවා කියනේ ලෙසී වැඩක් නෙම් එක දවසින් එන්නත් පලෑන් කරා , අපේ කඩේ තියෙන්නේ කො‍ටුවෙමයි
ඒක හින්දා වැඩේ තවත් ලේසීයි ගියා උදේ 6ට කො‍ටුවෙ ප්‍රයිවට් බස්ටැන්ඩ් එකට ගියා.. ඔය තියෙන්නේ නුවර එලි යන AC බස් එකක්..... නැගලා ගිහින් අන්තිම ශිට් එකේ වාඩි වුනා, බස් එකත් දැන් ඇරලා දාලා යනවා මං මනෝ ලොකේ අතරමන් වෙලා මොකද්ද මං මේ කරන ගොං වැඩේ කියලා හිතනවා, කොන්දා අයියා අවා ටිකට් ගත්තා.. මං මිනිහගෙන් අහුවා කීය වෙද්දී යන්න පුලුවන්ද කියලා 2 වෙද්දී යනවලු හරි එහෙනම් වැඩේ ගොඩ, මායි පබායි කලින් කතා කර ගත්ත විදියට මං 2.30 වෙද්දි එයාලගේ ස්කොලේ ලග ඉන්න ඕනී ඒ පැත්තේ ස්කොලේ ඇරෙන්නේ 2.30 මොකද පරක්කූ වෙලා පටන් ගන්නේ උදේට සීතල හින්දා. කොහම හරි මං නුවර එලියෙන් බහිද්දී 2.15 වුනා දුවලා ගියා ස්කොලේ ලගට. එතකොට මට කොල් එකක් ආවා පබාගෙන්
අයියේ කොහෙද ඉන්නේ...............
බබෝ මං ස්කොලේ ගාවට මේ දැන් ආවේ............
හරි අයියේ ඔයා ස්කොලේ පහු කරන් ඔය පාර දීගේම එන්න කන්ද උඩට...
හරි මම එන්නම් කියලා ෆොන් එක තිබ්බා මං සෑහෙන දුර ගියා ඒ හරිය පට්ට පාලුයි..මට හිතුනා කෙල්ලගේ තාත්තාට අපේ ගමේදී දාපු සද්දෙට රිට්ර්න් එක දෙන්නද දන් නෑ හදන්නේ කියලා මල කෙලියයි...........නුවර ඇවිල්ලා ගුටි කාලා පලයන්කෝ...ආපහු හැරිලා යනවද කියාලා හිතද්දීම ඇහෙනවා සූ සද්දයක්............
අයියේ මෙහෙ එන්න..........
මෙන්න කෙල්ල කැලේ ගහක් අස්සේ ඉදන් මට කතා කරනවා.........ශික් මේ මොකද්ද මේ වුනේ මං හිතුවෙ මෙච්චර කාලෙකට පස්සේ හම්බ වූනාම දුවගෙන ඇවිල්ලා මාව බදා ගනී කියලා............ හරි කමක් නෑ කියල හිත හදා ගෙන මාත් ගියා කැලේ අතුලට.....බිබිලි නගින බෙලි ක‍ටු අප්පා........අතුලේ මෙන්න තවත් ගෑනු ලමයෙක් ඉන්නවා.. මේකී මොකද යකෝ මෙතන කරන්නේ මං එයා දිහා බලං ඉද්දි.. මගේ කැල්ල ඉරිසියවටද කොහෙද කියපි....
නීමේශා ඔය පොඩ්ඩක් බලනවද කවුරු හරි එනවද කියලා..?
අනේ අර ලමයත් හා කියලා අපි ගාවින් ගියා විතරයි මෙන්න මේකී මාව බදා ගෙන අඩන්න ගත්තා..

මගේ රත්තරං අයියේ මං ඔයා නැතුව ගොඩක් පාලුවෙන හිටියේ ඇයි අයියේ අපි දෙන්නට මෙහෙම වුනේ
ඇයි?....ඔයාගෙ බූරූ තාත්ගේ වැඩ හින්දා තමයි කියල කියන්න හැදුවත් මං කියන් නැතුව කටවහගෙන පාඩුවේ හිටියා........
මට ඔය නැතුව ඉන්න බෑ අයියේ...
මටත් බෑ බබා ඒත් මොනවා කරන්නද මං තාම 10 වසරෙනේ ඔයා තාම 9 වසර අපි කොහමද බදින්නේ .......අප්පා මාත් ලැජ්ජා නැතුව මේව කියනවනේ දැන් මතක් වෙද්දී ඔලුව කලු ගලක ගහගන්න හිතෙනවා.....ටික වෙලාවක් ඔහම හිටියා එක පාරටම වෙලාව බැලුවා කෙල්ල............
අයියේ මට පරක්කු වෙනවා මට යන්න ඕනී නැත්නම් නැන්දා හොයගෙන ස්කොලෙට එයි...
හරි එහෙනම් ඔයා යන්න බබෝ මං අපහු එන්නම් ඔයාව බලන්න..........
මං යන්නම් අයියේ..ඔය නොකා නොබී ඉන්න එපා..හරිද මං ඔයාට ගොඩක් ආදරෙයි..පරිස්සමට යන්න හොදද මගේ රත්තරන්...... උම්මා කියාල දුන්නා මගේ කම්මුලට කිස් එකක්...මාව සීතල වෙලා ගියා මට හම්බ වුන පලවෙනි කිස් එක
මොනාද අනේ ගල් හැහිලා වගේ බලන් ඉන්නේ මටත් එකක් දෙන්නකෝ.....
පට්ට නෝන්ඩිය මාත් දඩි බිඩි ගාලා වැඩ කරු වගේ එකක් දුන්නා ඊට පස්සේ කෙල්ල යන්න ගියා මොක්ද්ද මහා දුකකින් හිත අසරන වුනා උගුරේ මොකද්ද හිර වෙලා වගේ...මෙච්චර වෙලා හොදට හිටපු මට මොකද වූනේ..................ගෑනු ලමයෙක් අවංක හදවතකින් දෙන ඒ වගේ අහිංසක කිස් එකකට ගොඩක් දෙවල් වෙනස් කරන්න පුලුවන් කියලා මට ඒ වෙලාවේ තේරුනා.......මෙච්චර කල් සැහුල්ලුවෙන් තිබ්බ හිත ලොකු බරකින් පිරිල ගියා............මෙච්චර කල් පබා ගැන හිතේ තිබ්බ නැති ලොකු ආදරයක් මගේ හිතට දැනෙන්න ගත්තා...................................

මතු සම්න්ධයි.

5 comments:

himashi said...

හරිම ලස්සනයි ....kk
දිගටම ලියන්න..ඔයා ලස්සනට ලියනවා...

මගේ සුභ පැතුම් !

kkroxc said...

ස්තූතියි කවි බබෝ

බිඟූ said...

ela ela.
kiyawana kastiya innawa mehe...

kkroxc said...

සං‍තෝශයි සං‍තෝශයි බිගුවා

sharki333 said...

pattaaaaaaaaazzzz

Post a Comment

කැමතිනම් විතරක්