Wednesday, April 17, 2013

මම කරපු රස්සා 2

ඔන්න දෙයියනේ කියලා මම කරපු රස්සා අංක 2 පොස්ට් එක ලියන්නයි යන්නේ මේකේ අංක 1 බැලුවේ නැත්නුම් මෙන්න මෙතනින් ගිහින් බලලා ආවනම් හරි දැන් මේ කියන්න හදන රස්සාව හම්බ වුනෙත් සිංගප්පූරු ගිය අලුත්ම තමා කලින් කතාවේ කිව්වා වගේ අපේ පාර්ට් ටයිම් ඉල්ලා කෙදිරි ගෑමේ ප්‍රතිපලයක් විදියට තමයි මේකත් හම්බ වුනේ  මම සින්ගපුරු ගියේ මගේ අතිජාත් මිත්‍ර රාජාත් එක්කනේ ඉතින් අපි ගාව ගොඩක් සල්ලි තිබ්බ හන්දා අපි දෙන්නට තිබ්බෙත් එක ෆෝන් එකයි අපි දෙන්නා කැම්පස් එකේ ඉන්න වෙලාවක අපේ ෆෝන් එක අඩන්න ගත්තා මම තමා ආන්සර් කරේ,

"හෙලෝ"

"හෙලෝ ආ මල්ලි මේ කේ කේ ද ? රාජද ?"

"මම කේ කේ "

"දෙන්න ගෙන් කවුරු වුනත් කමක් නැ උබලා දෙන්නම එකයි නේ DJ එකක් තියනවා ගහනවද ?"

"එල කිරි හැබැයි මම මිට කලින් DJ ගහලා නම් නැ"

"අවුලක් නැ මල්ලි මැනුවල් DJ එකක් තියෙන්නේ ජපන් රෙස්ටුරන්ට් එකක හවස 5 ඉදන් 10 වෙනකම් ගහන්න තියෙන්නේ පැයට ඩොලර් 6 දෙනවා කැමතිද ?"

"හරි හරි කොහම හරි මම ගේම ගහ ගන්නම්"

" හැබැයි මල්ලි වැඩි දවසක් වැඩ නැ මම ලංකාවට ගිහින් එනකම් ඇදන් පලයන් අවුලක් නැනේ ?"

"අවුලක් නැ අයියේ වෙලාවේ හැටියට ලොකු දෙයක් කවද්ද කොහෙටද එන්න ඕනි"

"අද බන් අද 5 වෙද්දී ගේ Kallang MRT ස්ටේෂන් එකට 4.20 වෙද්දී වරෙන් මම ඇවිත් ඉන්නම්"

"හරි අයියේ මම වෙලාවට ඇවිත් එන්නම් "

අදවත් බඩ කට පිරෙන්න කෑම ටිකක් කන්න පුළුවන් වෙයිනේ කියලා හිතාගෙන මම රාජයි සතුටින් ගෙදර ගියා ඉන් පස්සේ මම ඔන්න DJ එක ගහන්න ලෑස්ති වෙලා දකුණු කකුල පෙරට තියලා වෙලාවටත් කලින් අර අයියා කියපු තැනට ගියා ටික වෙලාවකින් මිනිහත් ආවා.

"ආහ කේ කේ මල්ලි වෙලාවට ඇවිල්ලා නේද ? හරි අපි යමු " මිනිහා බස් එකට නගින්න යන ගමන් රස්සාවේ හැටි කියනවා

"මට ලංකාවට යන්න බැරිව මල්ලි හිටියේ නිවාඩු දාන්න විදියක් නැ බංගලි කාරයෙක් ජොබට ඇහැ ගහගෙන ඉන්නේ උබ හරියට ගේම ගහපන් හරිද සමහර දවස් වලට ක්‍රවුඩ් එක එනවා පැලෙන්න එතකොට තමයි බන් DJ කෙරුවාවත් එපා වෙන්නේ ජපන් රෙස්ටුරන්ට් DJ තමා ගහන්න අමාරුම ඒ වුනාට මොනා කරන්නද ගහන්නම එපයි ඉතින් ජිවත් වෙන්න  එතන ඉන්නේ මැනේජර් කෙනෙක් එයා කියන විදයට වැඩ ටික කරපන් හරිද "

බස් එකෙන් බැහැලා පයින් යනගමුනුත් තොර තෝංචියක් නැතුව ජපන්  DJ එක ගහන හැටි මට කියලා දුන්න පොර ඊලග දවසේ එද්දී තැන හොයා ගන්න ලේසි වෙන්න ලෑන්ඩ් මාර්ක් ටිකකුත් පෙන්නුවා, රෙස්ටුරන්ට් එක ඇතුලට ගිහින් මැනේජර් ට මාව අදුන්වලා දීලා පොර යන්න ගියා.
                                                        පිස්සු හැදෙනවා ලස්සන චීන අක්කා කෙනෙක් තමා මැනේජර් සින්ගපුරු චීන එවුන්ගේ පෙනුමෙන් වයස කියන්න හරිම අමාරුයි එත් මැනේජර් අක්කට 30 ක් විතර ඇති එයා මාවත් එක්කගෙන DJ එක ගහන තැනට එක්කන් ගියා ඉන් පස්සේ ඒප්‍රන් එකක් දුන්නා ඇදගන්න කියලා ඔක්කොම අතින් තමයි කියන්නේ කතා කරන්නේ නෑ ඉංග්‍රීසි බැරුව ඇති

හෝව් හෝව් පිංවතුනි ඒප්‍රන් එකක් මොකටද DJ ගහන්න අනේ පිංවතුනි දන්නැත්නම් දැන ගන්න සින්ගපුරුවල ඉගනගන්න  ලංකාවේ කොල්ලෝ DJ ගහනවා කියන්නේ මෙන්න මේකට

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

මතු සම්බන්ධයි.



Wednesday, April 10, 2013

නොගැලෙපන කතාව (අවසාන කොටස (සමහර විට))

මෙතක් කතාව 
නොගැලෙපන කතාව 1
නොගැලෙපන කතාව 2
නොගැලෙපන කතා 3
නොගැලෙපන කතාව 4
නොගැලෙපන කතාව 5
නොගැලෙපන කතාව 6
නොගැලෙපන කතාව 7
නොගැලෙපන කතාව 8
නොගැලෙපන කතාව 9
නොගැලෙපන කතාව10

"මාව මෙතන තනියම දාල කොහෙවත් යන්න එපා බබෝ " එහෙම කියන ගමන් මගේ කොන්ඩේ අස්සෙන් එයාගේ ඇගිලි යවලා මාව ලගට අරන් කම්මුලට සිතල උම්මා එකක් දුන්නා. එත් එක්කම මගේ කලිසම අස්ස දෙදරන්න ගත්තා මාව හොල්මන් වෙලා ගියා මම අත දාලා බැලුවා මගේ ෆෝන් එක රිං වෙනවා මාතර ෆික්ස් නොම්මරේකින් කෝල් එකක් මම දෙපාරක් හිතන් නැතුව ආන්සර් කරා හෝල් එකේ මිනුස්සු කැ ගහන අස්සේ මට ෆෝන් එකෙන් පබාගේ යාන්තමට ඇහෙනවා

"කේ කේ අයියේ 5 ක් දාලා කෝල් එකක් ගන්නේ මම තව විනාඩි 10 කින් මාතර බෝධිය ලගට එනවා කවුරුත් දකින්න කලින් ඉක්මනට මාව ගන්න එන්න " බීප් බීප් ෆෝන් එක කට් වුනා මට වචනයක් වත් කියන්න ලැබුනේ නැ.

අද එතැන් සිට..... 




හදිස්සියෙම හම්බ වුන ගැනු ළමයෙක් එක්ක මම වෙනම ලෝකෙක ඉද්දි මට ගොඩක් ආදරේ කරන ගැනු ළමයගෙන් ඒ වගේ කෝල් එකක් ආපුවහම මට කර ගන්න දෙයක් හිතා ගන්න බැරිව හිටියේ දෙලොවක් අතර මම තනි වෙලා ඉද්දි ඉඳුනිල්ට වෙනසක් තේරෙන්න ඇති 

"ඇයි බබෝ මොකද එක පාරටම මුණ වෙනස් වුනේ ? කවුද කෝල් කරේ ?"

මේ මේ කෝල් කරේ අපේ අම්මා මට ඉක්මනට එන්නලු හදිස්සි වැඩක් ලු මම ගොත ගහ ගහ ඒ වෙලාවේ හිතට ආපු බොරුවක් කිව්වා

දැන් ඉතින් හදිස්සියේ කොලබ යනවද ? මොකද්ද හදිසිසිය ? ඇත්තටමද බොරුවටද ? ඉදුනිල් ගෙන් ප්‍රශ්න කෝටියයි 

චුට්ටක් ඉන්නකෝ ඉදුනිල් මම ප්‍රදීපට කෝල් එකක් දීලා එන්නම් එහෙම කියලා මම එලියට ඇවිත් ප්‍රදීප්ට ඩයල් කරා 

"ප්‍රදීප් මාර වැඩේ බන් පබා දැන් එනවලු බෝධිය ලගට මම දැන් ඉඳුනිල් එක්ක SK හෝල් එකේ ඉන්නේ මොකද කරන්නේ ?"

"මොකක් ඉඳුනිල් එක්ක ? සුදු මහත්තයත් මාර වැඩනේ කරන්නේ "

"හරි හරි බන් එක දිග කතාවක් දැන් මම මෙයාව දාලා යන්නේ කොහමද ? මම බොරුවක් ගැහුවා අම්මා ඉක්මනට එන්න කිව්වා කියලා "

"හරි ඔහොම් ඉන්නකෝ අපි දැන් ඔතනට එන්නම්"

"හරි එහෙනම් ඉක්මනට එන්ඩ මම අරයවත් අරන් එලියට එන්නම්"

මම ෆෝන් එක තියලා ඇතුලට යන්න හදනකොටම ඉඳුනිල් හෝල් ඒකෙන එලියට එනවා ඇදුමත් හද හද ලගට ඇවිත් මගේ අතේ එල්ලුනා 

"මොකද්ද අනේ දැන් කරන්නේ ඔයා මාව දාලා යනවද ? "

මෙයා මේ හුරතල් වේවි මගුලක් කතා කරනවා මගේ දෙලොව රත් වෙලා ඉන්නේ 

"සොරි ඉදුනිල් මට දැන් යන්න වෙනවා මොකුත් හිතන්න එපා"

මම එහෙම කිව්වාම එයාගේ මුණ සවුත්තු වුනා හරියට නිකං අවුරුදු ගානක ලව් එකක් වගේ, මම එයාගේ අතින් ඇදගෙන හිමිට එලියට ආවා කළුවරේ ඉදන් ඉර අව්වට ආවම ටිකක් වෙලා යනකම් ඇස්  රිදෙන්න ගන්නවා ඉදුනිල් මාත් එක්ක තරහා වෙලා අහක බලාගෙනම ඉන්නවා මට යන්න ගොඩක් හදිස්සි පබා බලාගෙන ඇති ආපහු ප්‍රදීප්ට කෝල් එකක් ගන්න හදනකොටම ප්‍රදීප් ලා අවා 

"ප්‍රදීප් මට හදිස්සියේම යන්ඩ වෙලා මෙයාවත් ඔයාලා එක්ක පොඩ්ඩක් තියා ගන්නවද "

"මට කවුරුත් ඕනි නැ මට තනියම ඉන්න පුළුවන්" ඉදුනිල් එහෙං සද්දේ දානවා ප්‍රදීප් ගේ කෙල්ල ඉදුනිල් ගේ ලගට ගිහින් කුටු කුටු ගෑවා මට බනින්නවා වෙන්න ඇති 

"හරි එහෙනම් මම යනවා පරිස්සමින්" මම එහෙමම එතන පාර්ක්‌ එකේ ත්‍රිවිල් එකක නැගලා බෝධිය පැත්තට ගියා 
එතන ඉදලා බෝධිය ලගට යන්න එච්චර වෙලා ගියේ නැහැ ත්‍රිවිල් එකට සල්ලි දීලා මම වට පිට බලන ගමන් බහිනකොටම බෝධිය ලග හිටපු සෙනග අස්සෙන් පබාව දැක්කා එයා මාව දැකපු ගමන් දුවගෙන ආවා .

"අනේ කේ කේ අයියේ" කෙල්ලගේ ඇස් දෙකෙන් කදුළු බේරනවා එයාට මාව බදාගන්න ඕනි වුනත් සෙනග හිටපු නිසා මගේ අතක් තද කරලා අල්ල ගත්තා 

"අයියේ මෙතන ඉන්න බැ කවුරුහරු දකී අපි ඇතුලට යමුද ඔයාට ගොඩක් දේවල් කියන්න තියනවා  "

පබා එහෙම කියද්දී තමා මම පියවි සිහියට ආවේ මම ඔලුව වනලා පබාවත්  ඇදගෙන පන්සල ඇතුලට ගියා බුදු මැදුර ලගට ගියපු එයා පොඩි එකෙක් වගේ මගේ දිහා බලලා 

"කේ කේ අයියේ..... අපි බාරයක් වෙමුද අපි දෙන්නට හැමදාම මේ විදියට එකට ඉන්න ලැබෙන්න කියලා  ?"

දෙයියනේ.....මගේ පපුව පිච්චිලා ගියා මට මෙච්චර ආදරේ කරන කෙල්ලෙක් ඉද්දි පුංචි වෙලාවකට හරි මම වෙන කෙල්ලෙක්ට තුරුලා වෙලා හිටියේ ඇයි මට මන් ගැන හිතට ආවේ ලොකු කේන්තියක් 

" ඔයා කැමති දෙයක් කරමු පබා " එයා ඇස් දෙක වහගෙන නළලට අත් දෙක තියලා වැදගෙන මොනාද මිමුණුවා මම වැදගෙන බුදු හාමුදුරුවෝ දිහා බලලා එකම එක දෙයයි හිමිහිට මිමිණුවේ.


බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න . 

Tuesday, April 9, 2013

මම කරපු රස්සා 1

දැන් වැඩ කරන කොම්පැනියේ අවුරුදු උත්සවේ සහ රගර් තරගාවලියක්  පහු ගිය දවසක තිබුනා නමුත් එදා මට වැඩ කරන්න සිද්ද වුන නිසා උත්සවයට සහබාගි වුනේ මගේ ශිෆ්ට් එක ඉවරවුනාට පස්සේ මම යනකොට ඔක්කොම අවුරුදු ක්‍රීඩා ඉවර වෙලා තිබුනේ නමුත්  බිම සහ නැටීම යන තරග පටන් අරගෙන තිබුනේ, අනේ ඉතින් අසරණ මමත් ශේප් එකේ පොඩි ෂොට් එකක් එහෙම දාගෙන එනකොට දැක්කා උදේ පොඩි එවුන්ට සෙල්ලම් කරන්න ගෙනල්ලා තිබුණු බවුන්සි කාසල් ටික වයසක අන්කල් කෙනෙක් බොහම අමාරුවෙන්  අකුලනවා ඒක දැක්කට පස්සේ මගේ මතකේ අවුරදු 3 ක් විතර පස්සට ගියා මේක ගැන කොහම හරි පොස්ට් එකක් දාන්න ඕනි කියලත් හිතුනා මුලුන්ම බවුන්සි කාසල් කියන්නේ මොකද්ද කියලා දන්නැති අය බලා ගන්නකො


                                               මම සහ මගේ අතිජාත මිත්‍රයෙක් වෙච්ච් රාජා සින්ගපුරු වලට ගියපු දවස් වල මුලින්ම කරේ පාර්ට් ටයිම් ජොබ් හොයපු එක ලංකාවේ ඩයල් එකක් හම්බ වුනොත් අනේ අයියේ මොකක් හරි ජොබ් කට්ටක් හොයලා දෙන්ඩකෝ කියලා නාහෙන් අඩන්න පුරුදු වෙලා හිටියේ අපි ගියේ ඉගන ගන්න නිසාත් ප්‍රයිවට් කැම්පස් වල ඉගන ගන්න අයට ජොබ් කරන නීතියෙන් තහනම් නිසා පාර්ට් ටයිම් එකක් හොයාගන්න එක සෑහෙන අමාරු වුනා, කොහම හරි අපේ අදෝනා වලට පින් සිද්ද වෙන්න පහු වෙද්දී ජොබ් ගොඩක් හම්බ වුනා මේ හම්බ වෙච්ච් එකක් ගැන විස්තරයක් ,

සිකුරුදා හවස් වරුවක මට කෝල් එකක් එනවා අදුරන අයියා කෙනෙක් ගෙන්   

" කේ කේ මල්ලි හෙට වැඩක් තියනවා එනවද ?"

" බුදු අයියේ කැ ගහගෙන එනවා වැලේ වැල් නැතුව ඉන්නේ "

"හරි එහෙනම් හෙට එන්ඩ පරක්කු වෙන්න බැ කලින් යන්න බැ පට්ට කට්ට පැයට ඩොලර් 6 යි හරිද ?"

"හරි හරි මොකක් හරි කමක් නැ මම එන්නම් "

වැලේ වැල් නැතුව හිටපු මට දෙයියෝ බැලුවා යන තැන ඇඩ්රස් එකත් අහගෙන දහසක් බලාපොරත්තු තියාගෙන උදේම කෝච්චියේ නැගලා මම කියපු තැනට ගියා MRT එකෙන් බැහැලා බස් එකෙත් යන්න තිබුන හින්දායි තැන හොයාගන්න අමාරු වුන හින්දයි මම යද්දී පැය බාගයක් පරක්කුයි ඔන්න ඔහොමයි මේ ජොබ් එක පටන් ගත්තේ.

සිංගප්පූරු වල හැමතැනම තියෙන්නේ තට්ටු නිවාස හොදටම සල්ලි තියන සහ මුල් පුරවැසියන්ට විතරයි අපේ වගේ තනි ඉඩම් වල නිවාස තියෙන්නේ ඔන්න මම වැඩට ගිය තැනත් එහෙම තැනක්  අයිතාකරයා චීන  මැඩම් කෙනෙක් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරනවා එයාගේ බිස්නස් එක තමා ඔය බවුන්සි කාසල් කුලියට දෙන එක  සෙනසුරාදා සහ ඉරිදා විතරක් පාර්ට් ටයිම් කරන අපි දෙන්නෙක්ට අමතරව මැලේ ජාතික රියදුරෙක් සහ තවත් මැලේ ඩයල් එකක් අපිත් එක්ක වැඩ කරා උන් දෙන්නා ෆුල් ටයිම් එතන වැඩ කරනවා සතියේ දවස් වල ඔර්ඩර් අඩු නිසා උන් දෙන්නා තනියම වැඩ කරනවා එහෙමත් දවසක සතියේ දවස් වලත් අපිට කැදවීම ලැබුනා, සෙනසුරාද උදේම ගිය ගමන් අපිට එදාට දාන්න තියන ඔර්ඩර් ටික කියනවා ඉතින් අපි අදාළ බවුන්සි කාසල් ටික වැන් එකක පටවාගෙන ගිහින් හයි කරන්න තමා තියෙන්නේ 
                               ඔය ලොකු කාසල් එකක් අඩි 4 ක් විතර උස අඩි  3 ක් විතර පළල සිලින්ඩරයක් විදියට ඔතලා තියෙනෙන් දෙන්නෙක් එකතු වෙලත් උස්සනවා කියන්නේ හොද ගණන්, කාසල් ටික සහ එව්වට අවශ්‍ය බ්ලොවර් ටික පටවාගෙන අපිත් ලොරිය පිටි පස්සෙම නැගලා යනවා ලොකු හයි වේ වලින් එහෙං මෙහං ගිහින් අදාළ තැනට ඩ්‍රයිවර් අපිව  එක්කන් යනවා අනිත් මැලේ කාරය මැනේජර් වගේ ගිහින් තැන බල්ලා අපිට බඩු අරන් එන්ඩ කියලා අතින් සන් කරනවා, 
                  අපි මුලින්ම කරන්නනේ කාසල් එක අරන් යනවා ලිෆ්ට් එකක් එහෙම තිබ්බේ නැත්නම් දෙවි පිහිටයි නමුත් ගොඩක් වෙලාවට එළිමහනක තමා  හයි කරන්න තියෙන්නේ කාසල් එක උස්සගෙන ගියාට පස්සේ එක්කෙනක් ඒක දිග අරින අතරේ අනිකා ගිහින් වාහෙනෙන් ඉතුරු බඩු ටික ගෙන්න ඕනි ඊට පස්සේ නියමිත විදියට තියාගත්ත කාසල් එකට බ්ලොවර් එකක් හයි කරනවා එකෙන් කෙරෙන්නේ කාසල් එකට හුලං සපයන එක ඔන්න බ්ලොවර් එක ගහලා ටික වෙලාවකින් කාසල් එකට ටික ටික පන එනවා ඒ වුනාට බ්ලොවර් එක ගල වන් නැ කාසල් එක පාවිව්වි කරන කම්ම එක ගහලා තියෙන්නේ ඕනි නැත්නම් කාසල් එක පන නැතිව වැටෙනවා කොහම හරි කාසල් එකට හොදට පන ආවට පස්සේ එකෙක් නැගලා උඩ පැනලා බලනවා කොහෙන් හරි හුලං යනවද කියලා එහෙම හුලං යනවනම් ගහනවා අපි එකට ටේප් ඊටත් පස්සේ පොඩි වැකුම් ක්ලිනර් එකක් අරගෙන ප්ලේ ඒරියා තියෙන පොඩි වැලි කැට එහෙම  සුද්ද කරනවා ඊට පස්සේ එතන වැඩ ඉවරයි.උදේ වරුවේදී  කාසල් පහක් හයක් හයි කරනවා  හයි කරලා ඉවර වෙද්දී අපිව දවල් කෑමට එක්ක යනවා අර මැලේ කාරයා තමා අපේ දවල් කෑමට ගෙවන්නේ කෑමත් කාලා ඉවර වුනාට පස්සේ නැවත අපිව මුලස්ථානෙට එක්ක යනවා
                                     අනේ අම්මේ ඊට පස්සේ තමා කට්ට කලින් දවස් වල රෙන්ට් කරලා ගෙනාපු කාසල් ටික ක්ලින් කරන්න තියෙන්නේ එකත් එසේ මෙසේ ක්ලින් කිරිලක් නෙමේ මුලින්ම ස්ටෝරුවේ තියන කාසල් එක මිදුලට උස්සගෙන එන්න ඕනි එක දිග ඇරලා බ්ලොවර් එකක් ගහලා හුලං ගහනවා ඊට පස්සේ හුලං එහෙම යන පොට් තියනවනම් මහන්න දාන්න ඕනි ඊට පස්සේ ඔන්න කෙමිකල් එකක් දාලා හෝදනවා හැම මුල්ලකම හොදින් අතුල්ලන්න ඕනි පුංචි හරි වැරද්දක් තිබුනොත් ඊලග දවසේ වැඩ හම්බ වෙන්නේ නැ ඉතින් අපි දාගෙන අතුල්ලනවා අන්තිමට හොදට වතුරෙනුත් හෝදලා ඉවර වුනාට පස්සේ හොදට අව්වේ දාලා වේලනවා එකක් වෙලේනකම් අපි තව එකක් හෝදනවා කොම හරි වතුර බින්දුවක්වත් නැති වෙන්නේ කාසල් ටික වියලුනාට පස්සේ ආපහු හෙන නිට් එකට ඔතන්න ඕනි මෙහම ලියනවා වගේ ලේසි නැ කාසල් මහලා තියන ප්ලාස්ටික් රෙදි පුදුම බරක් තියෙන්නේ රැල්ලක් වත් නැති වෙන්න ඔතන්න හොද ප්‍රැක්ටිස් එකක් තියෙන්නේ ඕනි බාගෙට ඔතපු එකක් දාන්න හදනවා මැඩම් දැක්කොත් ආය ඉතින් ඉදලා ඉවරයි හැම එකම ඇගිලි ගහ ගහ බලනවා.
                                    කොහම හරි ඔය වැඩ ටික ඉවර වුනාට පස්සේ අපිට හම්බ වෙන කුල් ඩ්‍රින්ක් එකක් එහෙම බිලා ලොරියේ නැගලා අපි යනවා උදේ හයි කරපු ටික ගලවාගෙන එන්න බුදු කට්ටක් කාලා ඔය ටික ගලවන්න ඕනි සමහර තැන් වල කාසල් පොඩි උන්ගේ අතින් හිල් වෙලා එහෙම තිබුනොත් ඒවා මාර්ක් කරලා පෙන්නන්න ඕනි ඒවාට චාර්ජ් කරනවා මැලේ කාරයට තමා ගනුදෙනු බෙරන්නේ හැමතැනින්ම වාගේ හොද ටිප් එකක් හම්බ වෙනවා නමුත් එක අපේ අතට හම්බ වෙන්නේ නැ අරු මාටියා ගහනවා අපිට දෙන්නේ පොඩි ගානක් ඕවා ගැන අහන්න ගියොත් තියන එකත් නැති වෙන හින්දා පාඩුවේ ඉන්නවා, අපි බඩු ටික නැවත මුලස්තානෙට ගෙනල්ලා බෑවට පස්සේ අපේ වැඩ ඉවරයි. වැඩ කරපු පැය ගානට මැඩම් අපිට ගණන් බේරනවා හම්බ වෙච්ච සොචමත් අරගෙන නැවත ගෙදර බලා යන්නේ ඊලග දවසෙත් වැඩට එන්න බලාගෙන 

අයියෝ සල්ලි 

Wednesday, April 3, 2013

CCTV ගෙදරදීම හයි කරමු 3

ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් අපි සෙට් කර ගත්ත කැමරා සිස්ටම් එක නෙට්වර්ක් කොරන්නයි යන්නේ   ඒ කිව්වේ අපි අටව ගත්ත කැමරා ටික මේ ලෝකේ ඕනිම තැනක ඉදලා බලන්න පුළුවන් විදියට හදා ගන්නයි යන්නේ මේක අමාරුයි වගේ පෙනුනට නෙට්වරක් පිලිබඳ සාමාන්‍ය දැනුමක් තියනවනම් ඇස් වහගෙන කජු කනවා වගේ කරන්න පුළුවන් වැඩක්. නෙට්වර්ක් ගැන මෙලෝ දැනුමක් නැති වුනත් වුවමනාව සහ ධෛර්යය තියනවනම් එච්චර අමාරු නැහැ. මුලින්ම DVR එකට හම්බ වෙච්ච් මැනුවල් එක හොදින් කියවන්න විශේෂයෙන් නෙට්වර්ක් පාර්ට් එක. වැඩේ කරන්න කලින් මුලික කන්ෆිග් ටික සකසා ගන්න පරිගනකකුත් අවශ්‍ය වෙනවා.

ඉතින් නෙට්වර්ක් ගැන දන්නේ නැති අය IP ඇඩ්රස් එකක් කියන්නේ මොකද්ද ADSL මොඩම් එකක් කියන්නේ මොකද්ද, රවුටර් එකකින් වෙන්නේ මොකද්ද, CAT5 කේබල් එකක් කියන්නේ මොකද්ද කියලා අන්තර්ජාලේ පොඩි සර්ච් පාරක් දාලා අවොත් හොදයි. සිංහලෙන් ලියවුනු ලිපි ඕනි තරම් තියනවා නෙට්වර්කින්ග් ගැන.

හරි දැන් වැඩේට බහිමු

මේ වෙනකොට මගේ පහුගිය පොස්ට් වල තිබ්බ විදියට සවි කර ගත්ත  සිස්ටම් එක අප් ඇන්ඩ් රනින් තියෙන්න ඕනි. නෙට්වර්ක් කරන ක්‍රම දෙක තුනක්ම තියනවා

  1. රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)  
  2. ADSL මොඩම් එක කෙලින්ම DVR එකට සවි කිරීම 
  3. 3G ඩොන්ගලය මාර්ගයෙන් කනෙක්ට් කිරීම.

මම පුළුවන් විදියට දන්න හැම එකම මෙතන සටහන් කරන්නම්.

රවුටර් එකක් මාර්ගයෙන් කනෙක්ට කිරීම (බහුවල බාවිතා වෙන ක්‍රමය)  

ගොඩක් ස්ථාන වල ADSL මොඩම් එකත් එක්කම රවුටර් එක තියනවා ඒ කිව්වේ දෙකම එක Device විදියට තියෙන්නේ මේකටනේ අපි අපේ පරිගණක එහෙමත් සම්බන්ද කරන්නේ මේ රුප සටහන බලන්නකෝ

ඔතන RJ45 ගහන්න තියන පොර්ට් එකට තමයි අපි DVR එක ගහන්න ඕනි ඉතින් රවුටර් එක තියන තැන ඉදල DVR එක ගාවට අදින්න කැට්5 කේබල් එකක් ගන්න. (තියන දුර මැනගෙන ගිහින් කොම්පුටර් පාර්ට්ස් තියන කඩේකින් ඉල්ලන්න ඕනිම දුරකට එයාලා කේබල් එක හදලා දෙනවා මතක තියා ගන්න මේ කේබල් එක උපරිම මිටර් 90 ක් විතර තමා දුර අදින්න පුළුවන් ඊට වඩා ගියොත් ඩේටා ඩ්‍රොප් වෙනවා ). දැන් රවුටර් එකට ගහපු කේබල් එක DVR එකේ සවි කරන විදිය පල ලෙහා රුපසටහනින් බලන්න 


ඔන්න ඔය පින්තුරේ NET කියලා ගහලා තියන පොර්ට් එකට තමා කේබල් එක ගහන්න ඕනි, දැන් වැඩේ හරිද ? හි හි නැ නැ තව පොඩ්ඩක් තියනවා දැන් තියෙන්නේ අපිට කොන්ෆිග් ටික හදා ගන්න මම ස්කිර්න් ෂොට්ස් ටිකක් දාන්නම් එත් සමහර DVR වල පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් එත් හොයා ගන්න ලේසි. දැන් DVR ලග පුටුවක් එහෙම දාගෙන හරි බැරි ගැහිලා වාඩි වෙන්න ඊට පස්සේ DVR එකට ගහලා තියන මවුස් එක රයිට් කිලික් කරාම DVR එකේ මෙනු එක දිග ඇරෙනවා එකෙන් Main Menu  කියන ඔප්ෂන් එක තෝරන්න එහෙම නැත්නම් DVR තියනවා Menu කියලා බට්න් එකක් එක ඔබන්න එතකොට මේ වගේ ස්කිර්න් එකක් එනවා 



ඕකෙන් ADVANCED බට්න් එක උඩ ක්ලික් කරලා එකෙන් නෙට්වර්ක් කියන එක තෝරන්න එත කොට පල්ලෙහා ස්කිර්න් එක එනවා 


  • ඔතන TCP/IP කියන මෙනු එකේ STATIC කියන එක සෙලෙක්ට් කරන්ඩ 
  • මීඩියා පොර්ට් එක සහ වෙබ් පොර්ට් තියන විදියටම තියන්න පුළුවන් ඔයාලගේ නෙට්වර්ක් එකේ ඒ පොර්ට් දෙක වෙන Device එක කින් යුස්‌ කරන්නේ නැත්නම් 
  • IP එකට දැනට නෙට්වර්ක් එකේ පාවිච්චි කරන් නැති ඇඩ්රස් එකක් දෙන්න.
  • Subnet Mask & Gateway එක නෙට්වර්ක් එකේ පාවිචිචි කරන විදියටම දෙන්න ( මේ නෙට්වර්ක් එකේ තියන කොම්පුටර් එකක command prompt එකේ  ipconfig කියලා ගැහුවාම එන විස්තර ටික )
හරි දැනට මෙතන වැඩ ටික ඉවරයි අපි දාපු පොර්ට් ටිකයි IP එකයි කොහේ හරි ලියාගන්න  දැන් නෙට්වර්ක් එකට ගහලා තියන කොම්පුටර් එකකින් රවුටර් එකට ලොග් වෙන්න,

රවුටර් එකට ලොග් වෙන්නේ කොහමද ? අපේ ඉන්ටෙර්නෙට් බ්‍රව්සර් ඇඩ්රස් බාර් එකට රවුටර් එකේ IP ඇඩ්රස් එක ගැහුවාම රවුටර් එකට යන්න පුළුවන් මෙතන තියනවා පුංචි ගයිඩ් එකක් එකෙන් බලාගන්න පුළුවන් රවුටර් එකට ලොග් වෙන විදිය , බහුලව බාවිතා වෙන ZTE රවුටර් එකේ ස්ක්‍රීන් ෂොට් ටික මම දාන්නම් අනිත් එව්වත් පොඩ්ඩයි වෙනස් වෙන්නේ මෙන්න මේ සයිට් එකේ තියනවා හැම රවුටර් එකක්ම කොන්ෆිග් කරන්න ගයිඩ් , ඔය විදියටම අපි DVR එකට දීපු IP එකට ගියාම කොම්පුටර් එකේ ඉදගෙනම DVR එක access කරන්නත් පුළුවන්.

හරි යුසර් නේම් පාස්වර්ඩ් දීලා ලොග් වුනාම එන වින්ඩොව් එකෙන් advanced tab කියන එකට යන්න


ඊට පස්සේ ඔතන තියන virtual server කියන තැන ක්ලික් කරන්න 


ඔන්න ඔතනට මේ එන්ට්‍රි දෙක දාලා සේව් කරන්න 



හරි දැන් අපි සැහෙන දුරට වැඩ ඉවරයි දැන් අපි ටෙස්ට් කරලා බලමු දැන් ඉන්ටෙර්නෙට් කනෙක්ට් වෙලා ඔයාලගේ public IP එක (මේ සයිට් එකට ගියාම ඔයාගේ public IP එක බලාගන්න පුළුවන්) ඉන්ටෙර්නෙට් ඇඩ්රස් බාර් එකේ ටයිප් කරන්ඩ අපි දාපු වෙබ් පොර්ට් එකත එක්ක 
මෙන්න මෙහෙම 
ex 203.94.71.230:80

එතකොට දෙයියනේ කියලා DVR සම්බන්ධ වෙලා පුංචි add-on එකක්  install වෙන්න අහනවා 




ඕකත් ඔකේ කරාට පස්සේ DVR එකේ ෆීඩ් එක ඒ කිව්වේ කැමරා වලට අවුට්පුට් එක පෙන්න ගන්නවා, ඔන්‍න‍ ඕක තමා මුලිකම දේවල් ටික පොස්ට් එක හුගක් දිග හන්දා මෙතනින් නවත්තනවා, ඊලග පොස්ට් ඒකෙන කතා කරමු මේ දේවල් ටික
  1. DVR පාස්වර්ඩ් එකක් දාගන්න හැටි
  2. IP එක චේන්ජ් වෙනකොට මොකද කරන්නේ 
  3. මොබයිල් ඒකෙන බලන්නේ කොහමද
වේලාව කලාව මැනේජ් කරන් බොහම අමාරුවෙන් ලිව්වේ වැරදි අඩු පාඩුත් ඇති සිස්ටම් එක හයි කරද්දී නෙට්වර්ක් කරද්දී එන ප්‍රශ්න අන්තිමට කතාකරමු  රැදිලා ඉන්න 





Wednesday, March 27, 2013

CCTV ගෙදරදීම හයි කරමු 2


ගිය වර පාඩමේදී CCTV කියන්නේ මොකද්ද ඒ වගේම ඒ වගේ මිල ගණන හදුන්වා දුන්නනේ දැන් අපි සිස්ටම් එකක් හයි කරන විදිය බලමු  මේකේ පල වෙනි පාඩම බැලුවේ නැත්නුම් ඒක මෙතනින් ගිහිල්ලා බලලා එන්න 

CCTV ගෙදරදීම හයි කරමු 1

පලවෙනි පාඩමට සහයෝගය දුන් හැමෝටම ස්තුති කරලා මම දෙවැනි ඒක පටන් ගන්නම් පටන් ගන්න කලින් කලිං පුංචි දෙයක් කියන්න තියනවා සිස්ටම් හයි කරන රස්සාවක් විදියට කරන අයට මේකෙන් පාඩුවක් වුනානම්  ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා , මගේ දැනුම මට පුලවන් විදියට හැමොත් එක්කම බෙදා ගන්නයි මම උත්සහ කරන්නේ හරි එහෙනම් වැඩේට බහිමු.



වැඩේ කරන්න කලින් පටන් ගත්ත දෙයක් ඉවර කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියාගෙන වැඩේට බහිමු. මුලින්ම සිස්ටම් ඒක හයි කරන්න ඕනි ස්ථානය හොදින් විමර්ශනය කරන්න කොතනටද වැඩි පුර ආවරණයක් අවශ්‍ය වන්නේ කොතන කැමරා හයි කරෝත්ද වැඩිම ප්රශදේශයක් ආවරණය වෙන්නේ කියලා තීරණය කරන්න, ඊට පස්සේ DVR ඒක සහ මොනිටර් ඒක සවි කරන්නේ කොතනටද කියලා තීරණය කරන්න . අපි පාවිච්චි කරන කැමරා වල ලෙන්ස් රේන්ජ් දෙකක් එනවා එකක් 3.6mm මෙක්දී මේකට කවර් වෙන ඒරියා ඒක වැඩි ඒ කිව්වේ පුළුල් ප්‍රදේශයක් ආවරණය වෙනවා අනික 6mm මේකෙදි ආවරණ වෙන ප්‍රදේශයක් අඩුයි ඒ වුනාට සූම් ඒක වැඩි ඒ කිව්වේ ටිකක් ලං වෙලා පේනවා, හයි කරන තැන තෝරද්දී මේ ගැනත් සැලකිලීමත් වෙන්න.

හරි මෙතනින් එහාට වෙන වැඩ ටික එක එක අය එක එක විදියට කරනවා ඉතින් මම කරන විදිය ලියන්නම් කියවලා බලලා ඔයාලාට ලේසි විදියකට වැඩේ කරන්න කොහම කරත් එකයි, මෙන්න සිම්පල් ඩයග්‍රේම් එක 



මුලින්ම මම කරන්නේ කැමරා හයි කරන තැන් වලට කැමරා එකේ ස්ටෑන්ඩ් එක හයි කරගන්නවා . හරි විදියට කරනවානම් බිත්තිය ඩ්රිල් කරලා වෝල් ප්ලග් දාලා බෝල්ට් වලින් ස්ටෑන්ඩ් එක හයි කරන්න ඕනි, ඒ වුනාට තමන්ගේ ගෙදර ඩ්රිල් එකක් නැත්නම් එච්ච‍ර හිතන්න එපා හරියට තැන බලලා කොන්ක්රීට් ඇන වලින් හයි කරන්න අවුලක් වෙන්නේ නැ ආපහු ගලවාගන්න ඕනි වෙලා ගලවා ගන්න බැරි වුනත් අලුත් කැමරා ස්ටෑන්ඩ් එකක් රුපියල් 150 ක් විතරයි වෙන්නේ, 




හරි ඊට පස්සේ ස්ටෑන්ඩ් එක හයි කරාට පස්සේ වයරින් එක. කැමරාව ලගට වයර් දෙකක් එනවා එකක් වීඩියෝ වයර්(coaxial cable) එක අනිත එක පවර් එක මෙකිදී වීඩියෝ වයර් එක කෙලින්ම කැමරා එක ලග ඉදන් DVR එක ලගටම යන්නම ඕනි එත් පවර් යන වයර් එක ෂෙයාර් කරන්න පුළුවන් ඒ කිව්වේ වයර් එක යන අතර මගදී වෙන කැමරා එකකට යන පවර් වයර් එකකට මේක සම්බන්ද කරන්න පුළුවන්.

දැන් වයරින් එක පටන් ගමු වීඩියෝ වයර් එකේ කැමරාව පැත්තට දාන කොනට BNC ජැක් එක හයි කර ගන්න(ඇන්ටෙනා ජැක් එක හයි කරනවා වගේ වැඩක් ) TT වයර් එකටත් DC ජැක් එක හයි කරගන්න



ඊට පස්සේ එතන ඉදන් DVR එක තියන තැනට වයර් දෙකම බිත්තිය දිගේ වයරින් ක්ලිප් බාවිතා කරලා සුදුසු විදියට අදින්න, වයර් එක බිත්තිය දිගේ නිකම්ම ගෙනියනවා වෙනුවට කේබල් හවුසින් එකක් දිගේ ගෙනිච්චනම් වැඩේ තවත් පිළිවෙලයි ආරක්ෂාවත් හොදයි හැබැයි එකට අමතර වියදමක් යනවා , මම පැහැදිලි කර විදියට කැමරා හයි කරන තැන ඉදලා DVR එක ලගට වයර් ඇද ගත්තට පස්සේ රෝලෙන් වයර් එක වෙන් කරන්න 

ඊට පස්සේ අනිත් කැමරා එක ලග ඉදලා ආපහු ඒ විදියටම අදින්න, මම කියපු විදියට වයර් ටික ඇදලා ඉවර කර ගත්තට පස්සේ DVR එක පැත්තට ආපු වීඩියෝ වයර් වලටත් BNC jack හයි කර ගන්න TT වයර් වලට මොකුත් කරන්න ඕනි නැ දැන් සැහෙන වැඩ කොටසක් ඉවරයි,

දැන් අපි DVR එකට හාර්ඩ් ඩිස්ක් එක හයි කරමු මේක නිකම් කජු කනවා වගේ වැඩක් DVR වටේ තියන ඇන ටික ගලවලා DVR එකේ හවුසින් එක ගලවන්න ඊට පස්සේ ඔයාලට සාටා කේබල් එක දකින්න පුළුවන් ලේසියෙන්ම සාටා කේබල් එක ගහලා එතන තියන බේ එකට හර්ඩ් ඩිස්ක් එක හයි කරන්න DVR එකත් එක්කම හාර්ඩ් එක හයි කරන්න ඇන හම්බ වෙනවා හරි දැන් කෙසින් එකත් වහගන්න ඔන්න එකත් හරි .



ඊට පස්සේ අර කැමරා වල ඉදන් ආපු BNC ජැක් හයි කරගත්ත වීඩියෝ කේබල් ටික DVR එකේ පිටි පස්සට හයි කර ගන්න එක නිකන් ටීවී එකේ ඇන්ටනා ජැක් එක ගහනවා වගේ, ඊට පස්සේ මොනිටර් එකත් DVR එකට ප්ලග් කරගන්න ඔයාලා ටීවී එකට නම් DVR සෙට් කරන්නේ BNC to AV කේබල් එකක් ගන්න වෙනවා හරි දැන් ඒ ටික හරිනේ හැබැයි තවම කිසිම දෙකට පවර් දෙන්න එපා නිකන් වයර් හයි කර ගන්නවා විතරයි හරිද ,

ඊට පස්සේ කැමරා ටිකත් ස්ටෑන්ඩ් එකට හයි කරලා එකේ එන වයර් ජැක් වලට අපි හයි කරපු ජැක් ටික ෆිට් කරන්න 

දැන් අපි කැමරා වලට පවර් දෙන්න හදන්නේ ඔය කැමරා වලට වෙනම පවර් පැක් පාවිචිචි කරලා පවර් දෙන්නත් පුළුවන් නමුත් අපි පාවිචිචි කරන්නේ තනි පවර් පැක් එකක්, හරි දැන් අපේ පවර් පැක් එක ගත්තාම එකේ වයර් හයි කරන්න ස්ලොට් 5ක් තියනවා දෙකක් 230 v පවර් ඉන් එක ඒ කිව්වේ අපි කරන්ට් එක දෙන්නේ මෙතනින් මේකට වයර් එකක් දෙකක් හයි කරලා අනිත් පැත්තට ප්ලග් එකක් හයි කර ගන්න අනිත් ස්ලොට් දෙක DC අවුට් එක මේකට අර කැමරා වලින් ගෙනාපු TT වයර් ටික සම්බන්ද කරන්න අනිත් ස්ලොට් එක earth එක .



ඔන්න දැන් අපේ වැඩ ටික ඉවරයි දැන් ඉතින් සුබ මොහිතින් මේ ටික ඕන කරන්න තියන්නේ ඊට කලින් අපහු සේරම හරියට සවි කරලද කියලා ඩබල් චෙක් කරන්න දැන් DVR එකට මවුස් එකක් හම්බ වෙනවා එකත් ගහගෙන මොනිටර් එකයි පවර් පැක් එකයි ප්ලග් කරලා ඔන් කරන්න සේරම ටික හරියට හයි කාරානම් බීප් එකක් හෝ දෙකක් එක්ක DVR වැඩ කරන්න පටන් අරන් මොනිටර් එකට අවුට්පුට් එක එයි

හරි මෙතනින් එහාට DVR එකේ වැඩ කැලි ටිකයි නෙට්වර්ක් කර ගන්න හැටියි පාඩම මම ඊලග පොස්ට් එකෙන් දාන්නම් මොනා හරි ප්‍රශ්න තියනවනම් ත්‍රෙඩ් එකෙන්ම අහන්න මම පුළුවන් විදියට උත්තර දෙන්නම් සහයෝගය දුන්න හැමෝටම ජය වේවා 

ප ලි .
මේක මම මුලින්ම ලියන්නේ එළකිරි එකට ඊට පස්සේ මගේම බ්ලොග් එකට දානවා, කවුරු හරි උපුට ගන්නවානම් පොඩ්ඩක් දැනුම දෙන්න ප්ලීස් ගොඩක් මහන්සි වුනා

Wednesday, March 20, 2013

CCTV ගෙදරදීම හයි කරමු

අද මම කියලා දෙන්න යන්නේ හරියට වැඩේ අල්ල ගත්තොත් නියමෙට හම්බ කරන්න පුළුවන් වැඩ කැල්ලක් ගැන, මම කිසිම ගුරු මුෂ්ටියක් නැතිව දන්නා හැම දේම කියලා දෙන්නම් වැරදි අඩු පාඩු තියනවනම් පෙන්නලා දෙන්න.
හරි හැමෝම දන්නවනේ ලංකාවේ මේ දවස් වල හොර හතුරු කරදර තියනවා ව්‍යාපාරයක් එහෙම කරන අයට සැහෙන වෙලාවක් වෙන් කරන්න වෙනවා තමන්ගේ ව්‍යාපාරය පරිස්සම් කරන්නම ඉතින් ඒ වගේ වෙලාවට තමා අපි නවීන තාක්ෂනය බාවිතා කරලා අපේ කාලයත් මුදලුත් ඉතුරු කරගන්න ඕනි. මේ වගේ දෙයක් කරන්න යම් මුදලක් ආරම්භයේදී වැය වුනත් මෙයින් වෙන ප්‍රයෝජන ඊට වඩා බොහම වැඩි. 


මොකද්ද මේ CCTV කියන්නේ 

විකි එකේ තියන විදියට නම් Closed-circuit television (CCTV) is the use of video cameras to transmit a signal to a specific place, on a limited set of monitor ඔන්න ඕක තමයි තේරුම.



CCTV පද්ධතියක අඩංගු මොනවාද



• කැමරාවක් හෝ කිහිපයක්,

• DVR (Digital Video Recorder) මේකට සිංහලෙන් කියන නම නම් දන්නේ නැ මේ ගැජට් එකට තමා සිස්ටම් එකේ සියලුම කැමරා සම්බන්ද වෙලා රෙකොර්ඩ් වෙන්නේ ඒ වගේම මොනිටර් ඒක සම්බන්ද වෙන්නෙත් මේකට.


CCTV පද්ධතියක තිබීමේ වාසි කවරේද.

• සොර සතුරන්ගෙන් ආරක්ෂාව.

• සවි කරන ස්ථානයේ සිදුවන සියලුම දේවල් පටිගත වීම.

• දුරස්ථ ස්ථානයක සිට වුවද තම දේපල විමර්ශනය කිරීමේ හැකියාව (Remote monitoring)

කොච්චර වියදමක් යයිද

මේකනේ ඉතින් හැමෝම අහන පලවෙනි ප්‍රශ්නේ , මම දැනට පිට කොටුවේ යන මිල ගණන් දාන්නම් මේවා ඉතින් පොඩ්ඩක් එහේ මෙහෙ වෙන්න පුළුවන් . මුලින්ම ප්‍රධාන ගැජට් ඒක වන DVR එකේ ගාන බලමු. DVR එන්නේ පොර්ට් 4 එව්වා පොර්ට් 8 එව්වා පොර්ට් 16 ඔය වගේ නම්බර්ස් වලින් මේකේ තේරුම තමයි කැමරා කීයක්‌ හයි කරන්න පුලුවන්ද කියන ඒක පොර්ට් 4 එකට කැමරා 4 යි. සාමාන්‍ය තැනකටම නම් කැමරා 4 තමා හයි කරන්නේ උපරිම ගන්නේ පොර්ට් 8 ඒක , ලොකු බිල්ඩින් වලට තමා ඊට වඩා ලොකු එව්වා යන්නේ. ඊලගට DVR එ කේරෙකොර්ඩ් වෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකක් උඩනේ ඒ හාර්ඩ් ඒක අපි වෙනම ගන්න ඕනි සාමන්යෙන් 500 GB හාර්ඩ් එකකින් කැමරා 4 ක් මාස තුනක් රෙකොර්ඩ් කරන්න පුළුවන්. පල්ලෙහින් දාල තියෙන්නේ DVR ගාන විතරයි හාර්ඩ් එකට වෙනම සල්ලි යනවා.


DVR

ගණන් අඩුම DVR ඒක රුපියල් 8000 මේකට කැමරා 4 ක් වෙනකම් හයි කරන්න පුළුවන්, නෙට්වර්ක් කරන්නත් පුළුවන්, හැබැයි මේක ටිකක් බේසික් DVR එකක් කොලිටි එකත් එච්ච්චර හොද නැහැ, ඔයාලා පිට කාට හරි කියලා කර ගත්තොත් මේක තමා දාන්නේ, මම මේකට එච්චර කැමති නැහැ,
මම සාමන්යෙන් පාවිච්චි කරන්නේ 12000 ට තියනවා පොර්ට් 4 ටිකක් හොද DVR එකක් මේකේ විශේෂාංගය තමා මේකට ඩොන්ගල් ගහන්න පුළුවන් ඒ කියන්නේ SLT නැති තැනක වුනත් ඩොන්ගල් එකෙන් මේක නෙට්වර්ක් කරන්න පුළුවන්. ඒ වගේම ටිකක් මේකේ ඇඩ්වාන්ස් වැඩ කෑලි ටිකක් තියනවා ඒ ටික ඉස්සරහට කියලා දෙන්නම් 


කැමරා 

කැමරා කොලිටි කිහිපයකින් කැමරා වර්ග කිහිපයක් තියනවා ඒවා ගැන දීර්ඝ විස්තරයක් කරන්න මට වෙලාව මදි පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බැලුවනම් පැහැදිලි විස්තරයක් ගන්න පුළුවන්, රුපියල් 3000 ඉදලා උඩට කැමරා වර්ග තියනවා, මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සෝනි චිප්සෙට් තියන 6mm බුලට් කැමරා ඒක ඒක රුපියල් 4500 ට විතර ගන්න පුළුවන් මේක අවුට්ඩොර් හයි කරන්නත් පුළුවන් , කැමරා කඩේකට ගියාම එයාලා ලග තියනවා එව්වා ගහලා පෙන්නවා දෙක තුනක් බැලුවාම මොකද්ද හොද කියලා ඔයාලට තේරෙනවා මම කැමරා වල මිල ගණන ටිකක් සදහන් කරන්නම් 

1. CMOS CAM 3000-4000/= up

2. VGA CAM Sharp chip set with night vision 4000/= up

3. VGA CAM SONY chip set with night vision 4500/= up

4. 720 CAM 8000/= up ( මෙන්න මේවා තමා දැනට පෙටා වල තියන හොදම කැමරා කොලිටි ඒක හොදයි)
අමතර උපාංග

ඕනි වෙන දේවල් වල මිල ලැයිස්තුවක් මෙන්න මෙන්න කැමරා ක සිස්ටම් එකකට යන දල වියදම අදහසක් ගන්න විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්.

4 Ports DVR 12000
Hard Disk 500GB 8000
4 Cameras 4500*4 18000
8 BNC jacks 60*8 480(කැමරාවට වීඩියෝ කේබල් හයි කරන්නේ මේ ජැක් එකෙන්)
4 DC jacks 30*4 120 කැමරා වලට යන පවර් කේබල් එකට හයි කරන්න )
5amp Power pack 1100
Video Wire 1800 වයර් රෝලක්ම යන්නේ නැ ඒ වුනාට ගන්න වෙනවනේ )
TT wire 1800 

Total 43300

හරි ඕක තමයි දෙන්න පුළුවන් කෙටි හැදින් වීම දැන් අපි වැඩේ කරන්න යමු කොමෙන්ට් වැටෙන විදියට ඊලග පොස්ට් ඒක දාන්නම්, 
ප ලි .
මේක මම මුලින්ම ලියන්නේ එළකිරි එකට ඊට පස්සේ මගේම බ්ලොග් එකට දානවා, කවුරු හරි උපුට ගන්නවානම් පොඩ්ඩක් දැනුම දෙන්න ප්ලීස් ගොඩක් මහන්සි වුනා

Monday, February 25, 2013

රංජිත් සහ ඩිංකි

හිත පිරුණු රාතී‍්‍ර සාදයකින් පසු හන්දිය පැත්තට ඇවිද්දේ ගෙදර යන්ඩ ටුක් ටුක් එකක් ගන්න වට පිට බලලා මිටර් එකක් හයි කරපු වාහෙන්කට අපි නැග්ගා ඩයිවර් වුනේ  තරමක් වයස අංකල් කෙනෙක් මෙතන ඉදන් මම එයාට රංජිත් අංකල් කියලා කියන්නම්

"කොහෙටද පුතා යන්න ඕනි ?"

"හෝකන්දර පැත්තට යමු අංකල්" 

රංජිත් අංකල් දඩස් ගාලා ලිවර් එක ඇදලා ස්ටාර්ට් කරා මෙන්න බොලේ ස්ටාර්ට් කරපු ගමන් තවත් අමුත්තෙක් ඇවිල්ලා  ත්‍රිවිල් එකට නැග්ගා.



අපි පුදුමයෙන් බලන් හිටිය මේ කවුද කියලා එත් රංජිත් අංකල්ට නම් මේක පුද්මයක්‌ නෙමේ එයා මීටරේ ඔබන ගමන්ම පාරට වාහනේ දාගත්තා මට නම් මේක ගැන අහන් නැතුව ඉන්න බැ කුතුහලය වැඩි ඒ තරමට 

"අංකල් කවුද මේ බලු පැටියා ?"

"මෙයාගේ නම ඩිංකි මාත් එක්ක තමා නිතරම ඉන්නේ  මම කොහේ ගියත් වාහෙනට නගිනවා " අංකල් බොහම සිනා මුසු මුහුණෙන් කියනවා 

"ශෝක් බලු පැටියා නේ අංකල් කොහෙන්ද හොයා ගත්තේ" 

අංකල් වාහනේ වේගේ අඩු කරලා උගුර පෑදුවේ ලස්සන දිග කතාවක් කියන්ඩ කියලා මට ඉවෙන් වගේ තේරුනා 

"පුතා ඔය අහල පහලම ඉන්න මනුස්සයෙක් මේ බල්ලව පැටියා කාලේදීම පන්සලට ගිහින් දාලා ගෙදර හැමතැනම ජරා කරනවා කියලා පන්සලේ ටික දවසක් ඉද්දි කවුරු හරි දාපු රතිඤ්ඤා සද්දෙකට බය වෙලා දුව ගෙන ඇවිල්ලා දවස් ගානක් කන්න නැතුව එහේ මෙහෙ ඇවිදලා  කොහම හරි අපේ කඩේ අස්සේ ඇවිල්ල හැංගිලා හිටියා, මම උදේ කඩේ අරිනකොට මුව දැක්ක බඩ පොත්ත පිටට ඇලිලා කැහුටු වෙලා හිටියේ ඊට පස්සේ මම කන්න බොන්න දීලා එදාම ගිහින් බෙහෙත් විද ගෙන ආවා කොහම හිටපු එකෙක්ද දන්නේ නෑනේ එදා ඉදලා ඉතින් මම ගාව තමයි "

"ඉතින් අංකල් මෙහෙම වාහනේ නගින්න පුරුදු වුනේ කොහමද "

"දවසක් මට හදිස්සි මල ගෙදරක යන්ඩ වුනා වත්තල මම මල ගෙදර ගිහින් එනකොට ඩිංකි හිටියේ නැහැ මම හැම තැනම හෙව්වා ඊට පස්සේ මෙතන හිටපු කොල්ලෙක් කිව්වා බල්ලා මුලින්ම හිටපු ගෙදර අයිති කාරයා බල්ලව අරන් ගියා කියලා මට කේන්තියකුත් ගියා පුතා පස්සේ මම ඒ ගෙදර හොයා ගෙන ගියා එත් පෙන්න හිටියේ නැහැ ඉස්සර මුගේ පුරුද්දක් තිබ්බා මම කඩේ ගාවට ඇවිත් වාහනේ හෝන් එක ගැහුවම දුවගෙන එනවා ඉතින් මම ඒ පුරුද්දට හෝන් කර කර අර ගේ ඉස්සරහින් ගියා එතකොටම මු දොර අස්සෙන් දුවගෙන ඇවිත් ත්‍රි විල එකට නැග්ගනේ එදා ඉදන් මම කොහේ ගියත් මාත් එක්ක එනවා දෙපාරක් විතර මෙයාව හොරකම් කරලා අරන් ගියා ඒ වුනාට ආය මාව හොයා ගෙන එනවා"

අංකල් ගේ කතාව ඉවර වෙද්දීම අපි ගේ ගාවට ඇවිත් අපේ හයිර් එක 160 යි ඒ වුනාට මම ගාව තිබ්බේ රු 500 නෝට්ටුවක් අංකල් ගාව මාරු තිබ්බේ නැහැ මම දෙපාරක් හිතන් නැතුවම කිව්වා අංකල් මන පස්සේ හන්දිය පැත්තේ අවම ඉතුරු ගන්නම් කියලා දඩාවතේ යන බල්ලෙක්ට ඔච්චර කරුණාවක් දක්වන මනුස්සයෙක් රු 300 කට වංචා කරන් නැ කියලා ඕන මෝඩයෙක්ට තෙරනවනේ.